අපි දැන් හරි පොහොසත්.

අපි දැන් හරි පොහොසත්.






අපි දැන් හරි පොහොසත්. පලස්තීනෙටත් ඩොලර් මිලියනයක් ම දුන්නෙ සල්ලි සල්ලි කියල බලන්නැතිව



පලස්තීනයට උදව් කළ යුතු ය. උදව් කළ යුත්තේ හමාස් හා වෙනත් අන්තවාදී සංවිධානවලට උමං හාරන්න, ආයුධ මිළ දී ගන්න හා ඊශ්‍රායලය සමග යුද්ධ කරන්නට නොවේ. එසේ ම යුද්ධය මුවාවෙන් ලැබෙන සල්ලිවලින් යුද ආර්ථිකයක් ගොඩනගා ගන්නට ද නොවේ.

පලස්තීනයට උදව් කළ යුත්තේ ඊශ්‍රායලය ද පවතින සංදර්භයක් තුළ ප්‍රශ්නයට ස්ථිරසාර දේශපාලන විසඳුමක් සොයන්නට ය. ඊශ්‍රායලයට ඇමරිකාව උදව් කළත්, ඊශ්‍රායල් රජය යුද අපරාධ කළත්, එරට ජීවත් වන්නේ ද මිනිස්සු ය. ඔවුහු ජීවත් විය යුතු ය.

දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එක පාරටම නින්දෙන් ඇහැරුණා සේ ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් කරන්නේ කාගේ අප්පාගේ බූදලයෙන් ද? මේ සඳහා කැබිනට් අනුමැතියවත් ලබා ගෙන තිබේ ද?

2008, 2009 වකවානුවේදී වන්නියේ ජනතාව ද සිටියේ අද ගාසා තීරයේ පලස්තීනුවන් වගේ ම ය. ඔවුන්ගෙන් ඇතැමෙක් තවමත් අනාථ කවුරුවල ය. යළි පදිංචි කරන ලද යුද්ධයෙන් වැනසුණු ගම්බිම්වල මූලික පහසුකම් ද හිඟ ය. අන්න ඒක තමයි ආශ්චර්යය. අපි ඊශ්‍රායලය වගේ වැඩ කරමින් පලස්තීනයට අනුකම්පා කරන්න පුළුවන් මිනිස්සු, හසන්ත මහත්තයෝ. ඒක හරියට හාවුන් සමග දුවමින් බල්ලන් සමග දඩයම් කරන්නා වගේ.

මේ අතර ලංකාවේ භූමියෙන් සුවිසල් පංගුවක මහා නියඟයකි. එය ඉතිහාසයේ දරුණු ම නියඟයන්ගෙන් එකක් වුවත් රජයට කිසි ගානක් නැත. ආණ්ඩුව සිතාගෙන ඉන්නේ පිරිසිදු පානීය ජලය අවශ්‍ය නගර වැසියන්ට පමණක් ය කියා ය. නගරවලට පානීය ජලය ලබා දෙන්නට බදු ගෙවූ ගම්වල වැසියෝ අද දිය පොදක් අයදිමින් හිස් බැල්මෙන් බලා සිටිති.

මේ අතර රජය කොංක්‍රීට් කොන්ත්‍රාත් කොමිස් ජාවාරමින් නගර වැසියන්ගේ ඇස් ගිනි කණ වට්ටමින් සිටියි. ගමින් නගරයට එන පිපාසිත මිනිස්සු ඒවායේ වතුර මල් බලා සතුටු වෙති.

 
  • Like
Reactions: Troop

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    10525579_690300241051850_6544788856025621804_n.jpg
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    නිකන් කාරනා නොදැන බොරුවට කෑගහන්න එපා බන්
    ඔය ලංකාවේ අපේ සල්ලි නෙවෙයි බන් දීලා තියෙන්නේ
    එරසෝන් සහ මහින්ද ලොක්කා තම පුද්ගලික ධනයෙන් තමයි ඔය පරිත්‍යාගය කරලා තියෙන්නේ..
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ආනේ අඩම්බරකාර මාමි එයාගේ තල්ලි වලින් ඩොලර් මිලියනයක්ම දීලා. මාමිගෙ රටේ නියගයක් නිසා මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ඉන්නවා කියල අඩම්බරකාර මාමි තාම දන්නතුව ඇති (මේ දවස්වල මාමි busy ඇතිනේ..). බොරුවට කෑ ගහන ජාත්‍යන්තරයට අඩම්බරකාර මාමි කොච්චර ආදර්ශයක්ද.. අපි දැන් හරි පොහොසත් රටක්නේ කියලා නියගය තියෙන පැති වල මිනිස්සු නිතරම මාමිව සිහි කරනවා ඇති. :baffled:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නයට අරන් තෑගී දෙනව.:rofl:

    :dull: මොන ණයද? මේවා පොළියට චීනගෙන් ගත්ත සල්ලි.. සුනිමල්ගෙයි, ඉරෝෂාන්ගෙයි මහඑවුන්ව වටේ යැව්වත් මේක පියවනවා බොරු.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පලස්තීන් වලට ආධාර කරන්න ඕන තරම් මුස්ලිම් රටවල් ඉන්නවා
    ඒ රටවල් පලස්තීනේ ගැන බලා ගනියි
    ලංකාවේ වතුර නැතව මැරෙන්න යන මිනිස්සුන්ට වතුර ටිකක් දෙන්න එකෙක් නැහැ
    රටේ මිනිස්සුන්ගේ කරුමෙටම ඉපදුන රජෙක් මේ පොන්නයා
    සමහර විට උනුත් දුක් වෙනවා ඇති තමන් චන්දෙ දීල බලයට පත් කරපු හොරු ගැන
    අනික ආධාර දුන්නෙත් කන්න බොන්න විදිහක් නැතිව මැරෙන්න යන මිනිස්සු ඉන්න රටකටනන් ඉවස්සන්න පුළුවන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :oo:
    නිකන් කාරනා නොදැන බොරුවට කෑගහන්න එපා බන්
    ඔය ලංකාවේ අපේ සල්ලි නෙවෙයි බන් දීලා තියෙන්නේ
    එරසෝන් සහ මහින්ද ලොක්කා තම පුද්ගලික ධනයෙන් තමයි ඔය පරිත්‍යාගය කරලා තියෙන්නේ..
    :lol::lol::lol::lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,331
    8,457
    113
    රූකඩ රාජ්ජේ
    පලස්තීන් වලට ආධාර කරන්න ඕන තරම් මුස්ලිම් රටවල් ඉන්නවා
    ඒ රටවල් පලස්තීනේ ගැන බලා ගනියි
    ලංකාවේ වතුර නැතව මැරෙන්න යන මිනිස්සුන්ට වතුර ටිකක් දෙන්න එකෙක් නැහැ
    රටේ මිනිස්සුන්ගේ කරුමෙටම ඉපදුන රජෙක් මේ පොන්නයා
    සමහර විට උනුත් දුක් වෙනවා ඇති තමන් චන්දෙ දීල බලයට පත් කරපු හොරු ගැන
    අනික ආධාර දුන්නෙත් කන්න බොන්න විදිහක් නැතිව මැරෙන්න යන මිනිස්සු ඉන්න රටකටනන් ඉවස්සන්න පුළුවන්


    Totally Agreed...!