රෙදි සෝදන මාළුවෝ

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    රෙදි සෝදන මාළුවෝ

    හරි ඔන්න අදත් මම අමුතු විදියේ බාන්ඩයක් ගැන විස්තර ටිකක් හොයාගෙන අවා.

    අද මම කියන්න යන්නේ අමුතුම විදියේ රෙදි හෝදන මාළුවෝ කට්ටියක් ගැන. හරි හරි දැන් බොරු කියල හිතන්න එපා මොකද ඔයාල දන්නේ නැති උනාට එහෙම කට්ටියක් මේ ලෝකේ ඉන්නවා.

    හරි එහෙනම් දැන් විස්තරේ කියන්නම්, රෙදි හෝදන මාළු කිවුවට ඇත්තටම මෙයාල ඇවිල්ල මාළු රොබෝවරු. ඒ කියන්නේ මෙයාලව නිර්මාණය කරේ දකුණු කොරියාවේ විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන Chan Yeop Jeong කියන සිසුවා. එයා මේ මලුවන්ව නම් කරලා තියෙන්නේ ඩොෆි(Dofi) කියලා ඒ වගේම එයාට මේ මාළුවෝ නිර්මාණය කරන්න පෙලබිමක් ඇති කරලා තියෙන්නේ "Doctor fish" කියන ප්‍රතිකර්ම ක්‍රමය දිහා බලාගෙන ඉදලා.

    හරි දැන් බලමු කොහොමද මේ ඩොෆිලා රෙදි හෝදන්නේ කියලා, එක කරන්නේ මේ මලුවන්ව හදලා තියෙන්නේ ගොඩක් සංවේදක(sensors) උපයෝගී කරගෙන ඉතින් ඒ සංවේදක වලට හැකියාව තියනවා අපේ කිලිටු වුන රෙදිවල තියන කුනුපැල්ලම් අදුන ගන්න ඊට පස්සේ මේ රොබෝ මළුවට පුළුවන්කම තියනවා ඒ කුණු අංශු ඇදල ගන්න ඒ කියන්නේ අපේ රෙදි වල තියන කුණු ඉවත් කරන්න.

    ඉතින් මේයා දැන් මේ ඩොෆි මාළුවෝ යොදාගෙන අලුත්ම පන්නයේ රෙදි සෝදන යන්ත්‍රයක් නිපදවන්නයි යන්නේ, ඒක නම් කරලා තියෙන්නේ පෙසර(Pacera) කියලා. ඉතින් දැන් ඔයාලට අමතුවෙන් කියන්න ඕනේ නැහැ නේ මේ යන්ත්‍රයට ඩොෆි මාළුවන් යොදාගන්න නිසා රෙදි සෝදන කුඩු ඕනේ වෙන්නේ නැහැ මේ අලුත් රෙදි සෝදන යන්ත්‍රයෙන් රෙදි සෝදන්න ඒ වගේම ඉතාමත් අඩු වතුර ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ මේ අලුත් යන්ත්‍රයට.


    අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....
    හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....


    අපි දැන් පින්තුර ටිකක් බලමු....

    Dofi-in-Pecera-function-Soft-appearance-Growth-940x530.jpg


    Dofi-in-Pecera-function-Camera-940x530.jpg


    Dofi-in-Pecera-function-Dirt-cleaning-1-940x530.jpg


    Dofi-in-Pecera-function-Dirt-cleaning-2-940x530.jpg


    1409335656685_wps_13_http_electroluxdesignlab_.jpg


    video-undefined-20E6BBD000000578-941_636x358.jpg


    31-940x530.jpg


    Dofi-in-Pecera-function-Soft-appearance-movement-940x530.jpg


    Pecera3.jpg


    මම කලින් ලියපු නුල් කියවන්න බැරිවුන කට්ටියට මෙතනින් ඒවාට යන්න පුළුවන්.


    ජපනගේ එකේ දිග....
    බිසේෆලස් Bucephalus
    බැටරි නැති මොබයිල් ෆෝන්
    දැන් වයස අවුරුදු 20යි
    ඔබ දන්නවාද 10:10
    ඉගිලෙන සබ්මැරීනය
    කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ
    ම්රියා An-225
    මේවා අහල තියනවද?
    Chernobyl-2
    තවත් සුපිරි රුසියන් බඩුවක්....
    ගේලැන්ග් (Geylang) [20+]
    ඩෙස්කර් පාර (Desker Road) [20+]



    අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....
    හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....