ලිං කපනවා කක්කුස්සියෙ වල කපනා.......
උගුරේ ලේ රහට බඩගින්දර මැකුනා.....
ඇවිදින මාවතේ කවුරුත් නොම අසනා.......
නොකැපූ වලක් යම් දවසක කපනු මැනා......
ඉස්කෝලයේ බැල් එක දුර වදිනකොට....
සෙල්ලක්කාරකම තව දුර දුවනකොට...
පොත් ටික තබා පිම්මේ ලදු කැලෑවට.....
කොහොමද යන්නෙ එතනින් කන්තෝරුවට....
අප්පච්චියේ මයෙ අම්මේ උඹ කොතැනා.........
කර දඩු හදා නිදුකින් මා හැදු පෙමිනා.......
උඹලා දුටුව මා නොම දුටු දෙය කොතැනා...
එතනය අනාගතයේ අද මා සිටිනා............
පොල් අතු පැලට අවරින් ඉර බැස යද්දී...
කොයි කොයි දෙයත් අවසන් වී මා එද්දී...
කට රතු ගෑනු කියනා මහ ලොකු සිද්දී....
උඹලත් හූල්ලයි අපි මගුලක් කද්දී..........
කඩමන්ඩියේ හන්දියෙ කැරකී යනවා.....
ඉදහිට උඹේ රූපය ඇහැ පිනවනවා........
හයියක්කාර කොල්ලන් වට දගදෙනවා....
මයෙ පැන්චියේ හිටපං මම හෙට එනවා.....
රැස් ගිනි විදින මැදියම් දහවල වියැකී...
හකුරට තේ වතුර උතුරන විටදි සකී...
නිතරම ඇසෙන පාරට්ටුව මහ මෙරකී....
ඒ බර නුඹෙයි මාගෙයි හිරයට තිතකි...
කතරට උරුම වැලි කැට මත වැහි රන්දා..
සයුරට උරුම දිය බර පොලොවට කැන්දා...
බැබලෙන පුර හදින් අමවක දින හංගා...
නොනැසෙන සෙනේහය හිත අස්සෙන් වින්දා...
උගුරේ ලේ රහට බඩගින්දර මැකුනා.....
ඇවිදින මාවතේ කවුරුත් නොම අසනා.......
නොකැපූ වලක් යම් දවසක කපනු මැනා......
ඉස්කෝලයේ බැල් එක දුර වදිනකොට....
සෙල්ලක්කාරකම තව දුර දුවනකොට...
පොත් ටික තබා පිම්මේ ලදු කැලෑවට.....
කොහොමද යන්නෙ එතනින් කන්තෝරුවට....
අප්පච්චියේ මයෙ අම්මේ උඹ කොතැනා.........
කර දඩු හදා නිදුකින් මා හැදු පෙමිනා.......
උඹලා දුටුව මා නොම දුටු දෙය කොතැනා...
එතනය අනාගතයේ අද මා සිටිනා............
පොල් අතු පැලට අවරින් ඉර බැස යද්දී...
කොයි කොයි දෙයත් අවසන් වී මා එද්දී...
කට රතු ගෑනු කියනා මහ ලොකු සිද්දී....
උඹලත් හූල්ලයි අපි මගුලක් කද්දී..........
කඩමන්ඩියේ හන්දියෙ කැරකී යනවා.....
ඉදහිට උඹේ රූපය ඇහැ පිනවනවා........
හයියක්කාර කොල්ලන් වට දගදෙනවා....
මයෙ පැන්චියේ හිටපං මම හෙට එනවා.....
රැස් ගිනි විදින මැදියම් දහවල වියැකී...
හකුරට තේ වතුර උතුරන විටදි සකී...
නිතරම ඇසෙන පාරට්ටුව මහ මෙරකී....
ඒ බර නුඹෙයි මාගෙයි හිරයට තිතකි...
කතරට උරුම වැලි කැට මත වැහි රන්දා..
සයුරට උරුම දිය බර පොලොවට කැන්දා...
බැබලෙන පුර හදින් අමවක දින හංගා...
නොනැසෙන සෙනේහය හිත අස්සෙන් වින්දා...

Last edited:






