තොණ්ඩමාන්ගේ වාහනයේ ගැටී අයෙක් මරුට

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
තොණ්ඩමාන්ගේ වාහනයේ ගැටී අයෙක් මරුට (Video)

තොණ්ඩමාන්ගේ වාහනයේ ගැටී අයෙක් මරුට - තොණ්ඩමාන්ට තුවාල (ඡායාරූප සහිතයි)​

බණ්ඩාරවෙල සිදුවූ රිය අනතුරකින් සන්ධාන අපේක්ෂක සෙන්දිල් තොන්ඩමාන් මහතා ඇතුලු 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර එක් අයෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

ඌව පලාත් සභා මැතිවරණයේ අවසන් රැස්වීම්වලට සහභාගිවෙමින් සිටි ඌව පලාත් සභා සන්ධාන අපේක්ෂක සෙන්දිල් තොන්ඩමාන් මහතා ඇතුලු පිරිස ගමන්ගත් වාහනයක් රිය අනතුරකට ලක් වීමෙන් සෙන්දිල් තොන්ඩමාන් මහතා ඇතුලු 20 දෙනෙකු බණ්ඩාරවෙල හා දියතලාව රෝහල්වලට ඇතුලත් කළ බව ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ උප සභාපති, මධ්‍යම පලාත් සභා මන්ත‍්‍රී එස්. සත්‍යවේල් මහතා පැවසීය.

සෙන්දිල් තොන්ඩමාන් මහතාව හිතාමතා කිසියම් සන්ධානයේම වෙනත් අපේක්ෂකයෙකුගේ ආධාරකරුවෙකු විසින් සෙන්දිල් තොන්ඩමාන් මහතාට අනතුරක් සිදුකිරීමේ අරමුණ ඇතිව මෙම රිය අනතුර සිදුකිරීමට ඇති බවට ලංකා කම්කරු කොන්ග‍්‍රසය චෝදනා කරයි.

මෙම අනතුරින් මාර්ගයේ ගමන් ගත් එක්අයෙකු මියගොස් ඇති බවද බණ්ඩාරවෙල පොලිසිය පැවසී ය.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ හැමර් වර්ගයේ රථයක් වන අතර අනතුරින් පසු රියදුරා පළාගොස් ඇති බව වාර්තා වෙයි.


b4343502e24562f6ac613daaa0a0cfe5_L.jpg


හැටන් - රංජිත් රාජපක්ෂ
ප්‍රේමලාල් රත්නායක - වැලිමඩ
Asian Mirror​



Update:
 
Last edited:

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,481
    17,484
    113
    Auckland
    සෙන්දිල් තොන්ඩමාන් මහතාව හිතාමතා කිසියම් සන්ධානයේම වෙනත් අපේක්ෂකයෙකුගේ ආධාරකරුවෙකු විසින් සෙන්දිල් තොන්ඩමාන් මහතාට අනතුරක් සිදුකිරීමේ අරමුණ ඇතිව මෙම රිය අනතුර සිදුකිරීමට ඇති බවට ලංකා කම්කරු කොන්ග‍්‍රසය චෝදනා කරයි.

    hahahahahaha lol
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔය වාහන තොන්ඩගෙ නම් ඔක ඔටෝ ගිහින් කියලා හෙට වෙනකොට නිවුස් එකක් යයි, අර දුමි අයිය රඟ පාපු මට මතක නැහැ ෆිල්ම් එකේ දෙවන කොටස එන්න වගේ හදන්නේ "The Hummer" කියලා