සම්මුඛ පරීක්ෂණයකදී රැකියාවක් අහිමි.. (පිළ&#353

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සම්මුඛ පරීක්ෂණයකදී රැකියාවක් අහිමි.. (පිළ&#353

    ftthushara සහෝදරයගෙ "සම්මුඛ පරීක්ෂණයකදී රැකියාවක් අහිමි වීමට හේතු 25ක්"
    http://www.elakiri.com/forum/showthread.php?t=1635517

    මේ ත්‍රෙඩ් එක දැකලයි මට හිතුනෙ මේකට පිළිතුරක් එකතු කරන්න මගේ අත්දැකීම් වලින්.
    (දැන් උඹල බලයි මූ මොකෙක්ද අපිට මේවා කියන්න කියල. මම එහෙම ලොකු පොරක් නෙමෙයි:rofl::rofl: හැබැයි මේ වෙද්දි ඉන්ටර්වීව් 15 කට විතර ගිහින් තියන නිසා පොඩි හරි දැනුමක් තියනවා. IT field එකට අලුතෙන් එන්න ඉන්න එවුන්ට පොඩ්ඩක් හරි වැදගත් වේවි කියල හිතුන නිසා කියන්න හිතුවෙ. ඉන්ටර්වීව් බෝඩ් වල ඉන්න එවුන් මේකෙ ඇති. එහෙම උන් මේකෙ මම කියල තියන ඒවා වැරදි නම් හරිගස්සන්න :yes::yes:)

    1) ප්‍රිය මනාප පෙනුමකින් යුක්ත නොවීම.

    * First impression එක ගොඩක් වැදගත්. ප්‍රියමනාප කියන්නෙ ඉතින් උඹලා හැන්ඩි වෙන්නම ඕන නැහැ ලස්සනට පිළිවෙලකට ඇඳල යන්න ඕන. IT field එකේ නම් ටයි එකක් දාන්න අවශ්‍යම නැහැ.(දැම්මත් අවුලක් නැහැ.) ශර්ට් එක කලිසම අයන් කරල ලස්සනට යට කරල ඇඳපන්. අත් දිග (long sleeve) එකක් තමයි අඳින්න ඕන. රෝස පාට වගේ ශර්ට් අඳින්න එපා කොල්ලෙක්ගෙ personality එක අවුල් යනවා.

    2) රැකියාව කෙරෙහි උනන්දුවක් හෝ ආශාවක් නැති බව පෙනීම.

    * ඉන්ටර්වීව් එකට යන්න කලින් කම්පැනි එක ගැන විස්තර හොයලා දැනගෙන යන්න ඕන. අදුරන කෙනෙක් ඉන්නවනම් ගොඩක් විස්තර දැනගන්න පුලුවන්. නැත්නම් වෙබ් සයිට් එකෙන් හරි පුලුවන් තරම් විස්තර දැනගන්න. තමන්ට කරන්න තියෙන්නෙ මොන වගේ ජොබ් එකක්ද කියල හොද අවබෝධයක් තිබීම ලොකු වාසියක්. SE වගේ නම් පාවිච්චි කරන Technologies, languages, frameworks වගේ ඒවා හොයලා දැනගන්න. සාමාන්‍යෙන් අහන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ කම්පැනි එක ගැන දන්නෙ කියල (topjobs එකේ දාලා නැත්නම් :rofl::rofl:) ඒකට උත්තරයක් හදාගෙන පලයන්:yes:

    3) වැටුප හෝ මුදල් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම.

    * ගොඩක් කම්පනි වල දැන් first interview එකේදිම අහනවා salary expectation එක. ඒක ගැන අවබෝධයෙන් යන්න ඕන. ඇහුවෙ නැත්නම් ඒ ගැන කතා කරන්න එපා දැන්ම. සමහර ඉන්ටවීව් වල ෆයිනල් එකේදි තමයි සැලරි අහන්නෙ. අහනකම් ඉදපන්. ඇහුවෙම නැත්නම් විතරක් අහපන් :rofl: මොකද ඕනම ඉන්ටවිව් එකකදු අන්තිමට අහනව ප්‍රශ්න මොනවද තියෙන්නෙ කියල:yes:
    උබ සල්ලි මත්තෙ නැහෙන එකෙක් කියල දැනගත්තොත් ඉවරයි :confused:

    4) පෙර සේවය කළ ආයතන හෝ ආයතන ප්‍රධානීන් විවේචනය කිරීම.

    * හැම ඉන්ටවීව් එකකදිම අහන ප්‍රශ්නයක් තමයි ඇයි ඉන්න එකෙන් අයින් වෙන්නෙ කියල( ෆ්‍රෙශ් එකෙක් නෙමෙයි නම් ) ඒකට සාධාරණ උත්තරයක් ලෑස්ති කරගෙන යන්න ඕන. එතනට ගිහින් ම්.. ම්.. මේ.. මේ.. ගගා ඇඹරෙන්න ලෑස්ති වෙන්න එපා. :rofl::rofl::rofl: හැබැයි මේ
    4) කියල
    තියන එකට මම පෞද්ගලිකව 100%ක් එකඟ නැහැ. උඹට දැන් ඉන්න තැන management එකත් එක්ක සාධාරණ හේතුවකට ප්‍රශ්නයක් තියනම් ඒක කිව්වට අවුලක් නැහැ. හැබැයි උන්ට බනින්න යන්න එපා. :yes::yes: හේතුව කියලා "I'm unhappy....blah blah" කියපන්


    5) සම්ම්ඛ පරීක්ෂණය මෙහෙයවන්නා සමඟ ඇස් වලින් හොඳ සම්බන්ධතාවයක් පවත්වා නොගැනීම.

    * මේකනම් අනිවා ඕන කරන දෙයක්. ප්‍රශ්න අහද්දි සහ උත්තර දෙන වෙලාවට eye contact තියාගන්න ඕන. එහේ මෙහේ බලන්න එපා. ඒක personality එකට අන්තිම නරකයි.:no::no: හැමතිස්සෙම හොඳට හිනාවෙලා ඉදපන්. බය වෙලා වගේ පෙන්නන්න එපා.

    6) ප්‍රමාදවී සම්මුඛ පරීක්ෂණයට පැමිණිම.

    * ඉන්ටවීව් එකට යන්න කලින් දවසෙම තමන්ට කොච්චර දුරක් යන්න තියනවද කියල දැනගෙන යන්න අවශ්‍ය කාලය ගනනය කරගන්න ඕන. කොළඹ නම් කොහොම ට්‍රැෆික් සෙට් වෙයිද කියන්න බැහැ. ඒවට කල්තියා ලෑස්ති වෙන්න ඕන.
    හිතපන් උබට දෙමටගොඩ ඔරායන් සිටි එකේ කම්පැනියක ඉන්ටවීව් තියනව 10 ට. උඹ බොරැල්ල හරහා යනවනම් 9.20 ටවත් බොරැල්ලට වරෙන්. එතනින් 3 විල් එකක් අරන් පලයන් ඉතුරු ටික. බස් වල යන්න ගියාම දන්නවනේ.;)
    9.45 වෙද්දි කම්පැනි එක ඇතුලට පලයන් ගිහින් රිසෙප්ශන් එක්කට කියපන් මුලින්ම නම. ඊට පස්සෙ ඉන්ටවීව් එකට අවෙ කියපන්.(ලස්සන රිසෙප්ශන් කෑල්ලක් දැක්කම වචන පටලවා ගන්න එපා :P) එතකොට කියාවි වාඩි වෙලා ඉන්න කියල. කලින් යන එකේ වාසියක් තියනවා. මොකද ඒ පරිසරයට අපි ටිකක් හුරු වෙනවා. :yes:

    7) අනවශ්‍ය පරිදි වේලාව ඉක්මවා කතා කිරීම.

    * අහනදේට පැහැදිලිව උත්තර දීපන්. අහපු නැති ඒව ගැන කියවන්න යන්න එපා. ප්‍රශ්නෙ තේරුනේ නැත්නම් ආයෙ අහපන්. තේරුනා වගේ ඉඳල වල්පල් කියවන්න එපා.:P

    8) රැකියාව පිළිබඳව ප්‍රශ්ණ නොඇසීම.

    * අනිවාර්යෙන් උඹට ජොබ් එක ගැන ප්‍රශ්න තියෙන්නෙම ඕන. ප්‍රශ්න තියද කියල ඇහුවම අහපන්. අඩු ගානෙ තමන්ට ලැබෙන පොසිෂන් එක වගකීම් මොනවද ? කොච්චර කාලයක් ඇතුලත ජොයින් වෙන්න ඕනද ? ඔයවගේ ප්‍රශ්න අහපන්

    9) රැකියාව පිළිබඳව අධ්‍යයනයකින් තොරව පැමිණිම.

    * මේ ගැන 2) යටතෙ කිව්වනේ :rolleyes:

    10)සීමාවකින් තොරව ප්‍රශ්ණ වලට පිළිතුරු සැපයීම.

    * මේ ගැන 7) යටතෙ කිව්වනේ :rolleyes:

    11)සියල්ල දන්නා බව පෙන්වීමට යාම.

    * සමහර එවුන් ගිහිල්ලා මං පොර දේශනය දෙනවා බෝඩ් එකේ එවුන්ට.ඉතින් උන්ට හිනා යන්නෙ කටින් නෙමෙයි උඹලට පේන්නෙ නැති තැනකින් :rofl:. ඒක නිසා නොදන්න දේවල් දන්නවා කියන්න ගිහින් අමාරුවෙ වැටෙන්න එපා. අඩු ගානෙ කියපන් මම දැනට දන්නෙ නැහැ ඒත් මම ඒ ගැන ඉගෙන ගන්න ඕන කියල.:nerd:

    12)පැහැදිලිව තමන් පිළිබඳව හැඳින්වීමට නොහැකිවීම, කටහඩ දුබල වීම, ව්‍යවහාර විලාශය ප්‍රසන්න නොවීම.

    * සාමාන්යේන් ඕනම ඉන්ටවීව් එකකදි මුලින්ම කියනව "Tell us about yourself" කියලා. ඕකට ඉතින් උඹ ඉපදුන තැන ඉදන් කියන්න යන්න එපා. ඒක උන්ට වැදගත් නැහැ. පටන් ගනින් AL කරපු අවුරුද්ද කියපන් ඊට පස්සෙ කැම්පස් ගියා අහවල් අවුරුද්දෙ ඊට පස්සෙ අහවල් කම්පැනියට ජොයින් උනා ඒකෙදි මම අහවල් පොසිෂන් එකේ හිටියෙ. දැන් ඉන්නෙ අහවල් කම්පැනි එකේ අහවල් පොසිෂන් එකේ. professional courses එහෙම කලා නම් ඒ ගැනත් කෙටියෙන් කියපන්. උපරිම විනාඩි 3ක් 4ක් වගේ. හොදට ඇහෙන්න කියන්න ඕන වාක්‍ය ඉවරවෙද්දි මුමුනන්න එපා :rofl: facial expressions පාවිච්චි කරපන්
    :yes:

    13)වෘත්තිය පිළිබඳව සැලැස්මක් හා ඉලක්ක අරමුණු නොමැති වීම.

    * අනිවා අහන ප්‍රශ්නයක් තමයි තමන්ගෙ ඉදිරි සැලැස්ම. සමහරු අහනව ගහෙන් ගෙඩි එන්න වගේ what is your ambition කියල. සමහරු අහනව තව අවුරුදු 5 කින් ඔයා ඉන්න බලාපොරොත්තු වෙන තැන. අන්න ඒවට හොඳ උත්තර ලෑස්ති කරන් යන්න ඕන. එතන ගිහින් අනාගතේ ගැන තීරණ ගන්න එපා.
    :rofl:

    14)තමා පිළිබඳ විශ්වාසය නොමැති වීම, බිය වීම හෝ අසනීප තත්වයේ පසු වීම.

    * self confidence කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕන. බය වෙන්න දෙයක් නෑ. හිතපන් කෙල උනා කියල. හැබැයි උඹට නඩු දාන්නෙ නෑ නේ. :rofl:උපරිම වෙන්නෙ ජොබ් ඔෆර් එක නැති වෙන එක නේ. මොකද ඉතින් ආයෙ පස්සෙ කාලෙක උනත් දාන්න පුලුවන්.:yes: අසනීපයක් තියනම් කලින්ම කතා කරල කියන එක තමයි හොඳ. කියල වෙන දවසක් දාගනින්. ලෙඩ වෙලා යන්න එපා :no:

    15)ක්‍රියාශීලී ලෙස ක්‍රියාකරකම් වලට දායක නොවීම.

    * දැනට වැඩ කරන එකෙක්ගෙන නම් අහනවා දැනට play කරන role එක. එතනදි project management skills වගේ තියනම් ඒවා මාකට් කරපන්. ටීම් එකේ තමන්ගෙ වගකීම් මොනවද කියල හොදට විස්තර කරල කියපන්. ක්ලයන්ට්ස්ලා එක්ක communicate කරනවනම් ඒව කියපන්. ඒවට ගොඩක් ලකුණු ලැබෙනවා. :yes::yes:

    16)ඉතා ඉක්මනින් ඕනෑවට වඩා දේ බලාපොරොත්තු වීම.

    * තමන්ගෙ ඉදිරි ප්ලෑන් එක කියල ඒකට ලඟා වෙනෙ කොහොමද කියල පැහැදිලිව කිව්වනම් හරි.


    17)කපටි වීම.

    * මේක ගැන නම් කියන්න දන්නෙ නැහැ. බොරු කියන්නෙ නැතුව ඇත්තම කිව්වනම් හරි. බොරුවට ආයුෂ නැහැ :yes::yes:


    18)ආයතන ප්‍රධානීන් පිළිබඳ නොදැනුවත්කම.

    * යන්න කලින් කම්පැනි එක ගැන හොයන්න ඕන නේ. එතනදි මැනේජ්මන්ට් එක ගැනත් හොයන්න ඕන. overseas company එකක් නම් මොන රටේද අනන්මනන් හොයල යන්න.

    19)ආචාරශීලී නොවීම.

    * මුලින්ම කිව්ව වගේ කලින් ගිහින් වාඩි වෙලා ඉන්නකොට උඹට ඇවිත් කතා කරයි. එයා තමන්ගෙ නම කියල අඳුන්වල දුන්නම පොර handshake කරයි. එතකොට දෙකට තුනට නැවෙන්නෙ නැතුව කෙලින් ඉඳගෙන ඇස් දෙක දිහා බලල හිනාවෙලා nice to meet you කියපන්. ඌ උඹේ නම දන්නෙ නැත්නම් උඹේ නම කියපන්. මීටින් රූම් එකට ගියාම පොර හෝ පොරවල් ටික ඇතුලට යනවනේ. උඹ ගියාට පස්සෙ තව කවුරුවත් එන්න නෑ වගේ නම් හෙමීට දොරවහපන්. වාඩි වෙන්න කිව්වම තැන්ක්යූ කියල වාඩි වෙයන්. ඉවරවෙලා යද්දි
    ආයෙ
    handshake කරයි. එතකොට තැන්ක්යු සර් කියල පොඩ්ඩක් හිනාවෙලා කියපන්. (සාමාන්යේන් IT field එකේ නම් සර් කියන්නෙ නැහැ. අනිත් ෆීල්ඩ් වල කොහොමද දන්නෙ නෑ. සර් කියන්නෙ ඉතින් අපේ තියන මනුස්සකමට:P අමතර ලකුනු ටිකක් ලැබෙනවා;))

    20)උද්යෝගීමත් නොවීම.

    * ජොබ් එක ගන්න උනන්දුයි කියල පෙන්නන්න ඕන.
    :yes:

    21)CV එකෙහි පිටපතක් රැගෙන නොයාම.

    * මේක නම් අනිවා කරන්න ඕන දෙයක්. IT field එකේ නම් අනිත් සහතික මුකුත් බලන්නෙ නෑ 99% ක්ම ඒවයෙ :no: ඒක නිසා CV එකේ hard copy එකක් ලස්සනට අරන් යන්න හොඳ ෆයිල් කවරෙක දාගෙන. ගොඩක් වෙලාවට බෝඩ් එකේ එවුන් ගේනව අපේ CV එකක්. නැත්නම් ලැපක් අරගෙන එනව ඒකෙන් බලනව. ඒත් අපිත් අරන් යන එක හොඳයි. එකපාරක් පොර අරන් ආපු ලැප අවුල් ගියා ඒ පාර මගේ ලඟ තිබ්බ CV එක අරන් බැලුවෙ. මම ගෙනිච්චෙ නැත්නම් එතනින්ම ලකුණු කැපෙනව :dull::dull:

    22)පිළිවෙලක් නැති අයදුම් පත්‍ර හෝ CV රැගෙනයාම/ ඉදිරිපත් කිරීම.

    * ආහ් මුලින්ම කියන්න ඕන එකක් මේක අන්තිමට ආවට. ගොඩක් වෙලාවට CV එක හොඳ නැත්නම් ඉන්ටවිව් එකට කෝල් කරන්නෙත් නෑ.
    CV එක හදනකොට shot gun approach එක පාවිච්චි කරන්න එපා. Rifle approach එක පාවිච්චි කරන්න.
    shot gun approach කියන්නෙ හැම රෙද්දටම හරියන්න හදන CV එකක්. ඒක එක කම්පැනියක් ඉලක්ක කරගෙන නෙමෙයි හදන්නෙ. ඒ ක්‍රමේ අවාසියි. ඒක හොඳයි ඔන්න උඹ career day එකක් වගේ එකක්දි එකපාර කම්පැනි ගොඩකට CV දෙනවනම්.:rofl::rofl:

    Rifle approach කියන්නෙ යන්න ඉන්න කම්පැනි එක ඉලක්ක කරගෙන හදන CV එකක්. එතනදි ඉලක්ක වෙන්නෙ අදාල කම්පැනි එකේ පාවිච්චි කරන technologies, project management approaches වගේ ඒවා. අදාල දේවල් highlight වෙන්න තමන්ගෙ CV එක හදාගන්න ඕන.:yes::yes::yes:

    23)ආයතනය හෝ ක්ෂේත්‍රයට ඇල්මක් නොමැති වීම.

    * තවත් අහන ප්‍රශ්නයක් තමයි ඇයි මේ ෆීල්ඩ් එක තෝරගත්තෙ කියල. ඒකට සාධාරණ උත්තරයක් හදාගෙන යන්න. ෆීල්ඩ් එකට අකමැතිනම් ජොබ් එපා වෙනව
    :dull::dull:

    24)නුරුස්නා ස්වභාවය.

    * ඒක ගැනනම් කියන්න දෙයක් නෑ. මල පනින එකෙක් ගන්න කැමති කවුද
    :dull::dull:

    25)ප්‍රබල පූර්ව නිගමන වලට එලඹීම.

    * සොරි වෙන්න ඕන. මේ ගැන මට අදහසක් නෑ. දන්න එකෙක් කියපන් :confused::confused::confused:



    තව කියන්න දේවල් නම් එමටයි. සිංහලෙන් කොටන්න ගියාම එපා වෙනව බොලව්.
    :nerd::nerd::dull:

    එකෙක්ට හරි වැදගත් උනා නම් බම්ප් එකක් දාගෙනම පල :P:P

    Good Luck:yes:

     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Thanks machan....
    11.gif

    +10
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Thanks machan....
    11.gif

    +10


    valuable info.. thanks machan
    +7

    wadagath thread ekak.....

    godak wadagat una machan.
    rep 6+

    ela good post

    matanam me thread 1ken ganna godak dewal tiyenawa :D
    added ++

    Thanks for Share machan
    rep denna belu

    Thanks bro!

    You must spread some Reputation around before giving it to Jolly_Roger again.

    You must spread some Reputation around before giving it to Jolly_Roger again.

    සුපිරි....

    ela ela +++


    :cool::cool::cool::cool:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    most useful thread machan.Thank you. rep++

    e wagema thmai mata me deth dana ganna one.:D:dull::nerd:

    mama next year eke wage intern/trainee SE ekakata yanna inne.:yes::yes:(Java)

    e wagema mama danatath project 2k 3k withara karala thiyenawa.(final year project eka nemei.)

    trinee ekakata CV eka danakota apita kalin experience nane machan.:rolleyes:(first job ekane)

    ithin ape skills prove karannath puluwan wenna onanane.:yes::yes::yes::D:D


    01) CV eka email karanokota api karapu project wala user interface wala screen shot keepayak attch kalata awulak nadda.(project wala confidential details blur karala) ?

    02) Cv ekath send karala,interview ekatath call kara kiyamuko.ita passe interview ekedi ape lap eke karapu project open karala pennuwata kamak nadda ?


    03) real client kenek nathuwa specific requirements list ekakata karapu dummy project CV ekata dammata kamak nadda? :dull::nerd:

    (ex- hospital ekak nathuwa hospital ekakata ona karana requirement list ekakata hhadapu project ekak.bla bla bla)



    Senior software engineers lagen advice ekak pathami.:nerd::yes: