හෙටත් ඔයා මගෙ මැණික....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙටත් ඔයා මගෙ මැණික....

    ඉර බැහැගෙන යන වෙලාවට ගෝල්ෆේස් එකේ තියෙන දිග බංකු වල කිටි කිටියෙ හිර වෙලා .. ආදරේ වැඩි කරගන්න අරගලයක යෙදෙන පෙම්වතුන් පෙම්වතියන් දිහා එක පාරක් වත් හොරැහින් වත් නොබැලෙන්නේ කාටද.
    අවුරුදු හතරක් තිස්සේ ජීවිතේ සුන්දරතම මතකයන් ගෙවුන තැන මෙතන. ඒ සුන්දර ජීවිතේ 50%ක් අඩු උනත්.. මං තාමත් මෙතනට එන්නෙ ආදරණීය අතීතය දිහා ආයෙත් හැරිලා බලලා හිතට බොරුවක් කරලා මූනිච්චාවට සතුටු වෙන්න. දන්නවා මං මටම කර ගන්නෙ බොරුවක් වංචාවක් කියලා.
    ඒත්...
    හැමදාම පිස්සෙක් වගේ ඔයා ගැන කිය කිය ඔයා ගැන හිත හිත මටම දුකක් දී ගන්නවට වඩා.... ඒ පුංචි බොරුව කරන්න මං ආසයි.. .

    දන්නෙ නෑ ඇයි මේ වගේ දෙයක් ලියන්න හිතුනෙ කියලා. ‍මං වෙනදට මෙතනට එන්නෙ මොබයිල් එකවත් අරගෙන නෙවෙයි. ඒත් අද මං ආවෙ ලැප් එකත් අරගෙන. වාඩි උනෙත් ඉස්සර අපි වාඩි වෙලා ඉන්න බංකුවක මයි.

    මතකද.. කොහෙන්ද ඇහිදගත්ත යකඩ කෑල්ලක් අරං අපි මේ බංකුවේ අපේ නම් වල මුලකුරු කෙටුවා.? ඒ අකුරු දෙක මේ බංකුවේ තාමත් තියෙනවා. ඒත් අද එක අකුරක් විතරයි මෙතන තියෙන්නෙ. එහා පැත්තෙ අකුර මැද තිබ්බ + ලකුණත් අරං වෙන අකුරක් ලගට ගිහිං.

    ජීවිතේ ගැන කිසිම වගකීමක් තිබුනෙ නැති කාලෙකයි ඔයා මගෙ ජීවිතේට ඉස්සෙල්ලම ආවෙ. ගෙදරින් දෙන දෙයක් කාලා...වෙන දෙයක් බලාගෙන බයික් එක අරං ඔහේ රස්තියාදු ගහ ගහ හිටිය මට, ජීවිතේට වගකීමක් දුන්නෙ ඔයා. ඒක හරිම ආදරබර වගකීමක්. මං කරන දේවල් තව කෙනෙක් වෙනුවෙන් කැප කරන්න... මම මං ගැන හිතනවට වඩා වෙන කෙනෙක් ගැන හිතන්න පුරුදු කලේ ඔයා. යෝගට් එක්ක අයිස් ක්‍රීම් එකක් දෙකට බෙදාගෙන කන තැන ඉදං ජීවිතේ මහා වෙනස්කමක් කරන්න පුලුවං තීරණ වෙනකං.. අපි අපේ ජීවිත බෙදා ගත්තා.
    සමාවෙන්න...
    අපි බෙදාගත්තා නෙවේ.. මමත් මුලින් හිතුවේ අපි බෙදා ගත්තා කියලා. ඒත්.. ආයෙ හැරිලා බලද්දි... මට තේරෙනවා... ඔයා මට පෙන්නපු හීන ලෝකෙ තරම.

    මට මතකයි අපි මේ බංකුවේම ඉදං කතා කරපු දේවල්. එක එක ආදර කතා ගැන ඔයා කතා කරද්දි මං අහං හිටියෙ හරිම ආසාවෙං. මොකද මෙච්චර කාලෙකට විදලා තිබ්බ දෙයක් නෙවෙයි මේ ආදරේ කියන්නෙ. "මචං උඹ බොක්කෙන්ම ලව් කරන්නෙ බලාගෙන. කවදා හරි ඔය කෙල්ල උමට පොල්ල තියලා ගියොත් උඹට නං අනිවා පිස්සු හැදෙයි..."
    ඔයාට මගෙ තියෙන බැදීම දැකපු සමහර අය එහෙම කියද්දි... මං කලේ ඒ අයව ඈත් කරලා ඔයාව ලං කර ගත්ත එක.
    අපි අතර නොගැලපීම් නොතිබුනා නෙවෙයි. ගොඩක් වෙලාවට එක දෙයක් ගැන ගොඩක් තරක කර ගන්න වෙන වෙලාවට කතා කරන්න ඕන තරං පොයින්ට් තිබුනත්.. මං කලේ ඔයාට තැන දීලා සද්ද නැතුව හිටිය එක. ඒත් කවදාවත් මං ඔයා එක්ක තරහා උනේ නෑ.
    කොල්ලො කෙල්ලෝ චිත්‍රපටි බලන්න යනවා, රූම්ස් යනවා, වැටකෙයියා පදුරු ගානෙ යනවා..
    ඒත් අපි ගියෙ ගෝල්ෆේස්, වෝටර් වර්ල්ඩ්, සූ වගේ තැන් වලට. යන දවස් වලට ගෙවෙනක ජීවිතේ හරිම සුන්දරයි. ඔයාගෙන් ලැබෙන පුංචි හාදුව පවා මට මහ මෙරක් වගේ දැනුනු වාර අනන්තයි. දන්නෑ ඇයි මේ තරම් ඔයාට ආදරේ කලේ කියලා. කලින් ආත්මෙක පතාගෙන ආපු කෙනා ඔයා වෙන්න ඇති කියලා මට හිතුනා.
    සාම්ප්‍රධායික ආදර කථාවක් වගේ... අපි ගෙවල් වලට කියන්න කලිං ‍ග‍මේ ඉන්න අය අපි ගැන ගෙදරට අපි දන්න දේවල් වලටත් වඩා වැඩියෙං කියලා තිබුනා. මට හොදට මතකයි ඔයාගෙ අම්මා අපේ ගෙදරට කෝල් කරලා බැනපු දවස. අපේ ගෙදරින් මං අහපු බැනුම්, අපි හොරෙන් හොරෙන් කතා කරපු කාලෙ.
    කෝල් එක්ක ගන්න ඕන නිසා පයින්ම කිලෝ මීටර් ගනං ඇවිද්ද කාලෙ. ඔයාව ගෙදරට හිර උනාට පස්සෙ ඔයාගේ ෆෝන් එකටත් මංම රීලෝඩ් දාලා අපි කතා කරපු තරං.
    අන්තිමට ඔයාගෙ ෆෝන් එක අම්මට අහු වෙලා ඒක කුඩු කරපු දවස.
    ඔයාගෙ කඩහඩ වත් අහගන්න නැතුව මං අතරමං වෙලා ගිය දවස. රස්සාව පවා කර ගන්න බැරි තරමට මං මානසිකව වැටුනා.

    කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව මං ගෙවල් වලට සාප කලා. අපේ ආදරේ ආයෙ දෙන්න කියලා දෙයියන්ට කිව්වා. නොකා නොබී හිටියා. මං හිතුවෙම ගෙවල් වල මිනිස්සු තමයි මේකට වගකියන් නඕනෙ කියලා.
    ඒත් මීට හරියටම සති දෙකකට කලිං ඔයා කැන්ඩි එකේ කාගෙද අතේ වෙලිලා ඇදුම් තෝර තෝර ඉන්නකොට....
    මට තේරුණා හැම දෙයක්ම.
    ජීවිතේ අපි හිතන තරං සුන්දර නෑ. සරළ ජීවිත සුන්දර කරන්න එන අයත් ඒ තරම් සුන්දර නෑ.
    ආදරේ කියන්නෙ මොකක්ද කියලා හරියට තේරුම් ගන්න නං ඒ ආදරේ නැති වෙලාම බලන් නඒනෙ කියලා මට තේරුණා.
    එදා ඔයා මාත් එක්ක කියපු දේවල් ඔයාගෙ හිතේ තවමත් ඇති. ඔයා මේ අළුත් කෙනා එක්ක මොන හිතකින් කොහොම ඇවිදිනවද කියලා මට තාම හිතා ගන්න බෑ.
    ඔයාගෙන් මං ගත්ත දෙයක් නෑ. හැමදෙයක්ම දුන්නෙ ඔයාට.
    මං තරහා නෑ මැණික. මේ ආදරේට දුකක් දීලා හරි ඔයා සතුටින් නම් මට ඇති.
    ආදරේ කියන්නෙ මොකක්ද කියලා ඉගැන්නුවට ඔයාට ගොඩක් ස්තූතියි . :dull:



    වෙලා ඇවිත් සුලි සුලග...
    පාරවයි සිත සුවද....
    තරහා නෑ මං තවම හෙටත් ඔයා මගෙ මැණික....

    නම් ගම් මන:කල්පිත වේ
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වෙලා ඇවිත් සුලග...
    පාරවයි සිත සුවද....
    තරහා නෑ මං තවම හෙටත් ඔයා මගෙ දියමන්ති
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අස්ථීර ලෝකය තුළ ස්ථීර ප්‍රේමයක් සෙවිය හැකිනම් පුත්තලමේද ගෝවා වගා කළ හැකිය :dull::dull:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,008
    9,595
    113
    එක තැනක නෑ
    නම් ගම් විතරයි නේද මනක්කල්පිත මචන්. උඹේ කතාවක්ද මේක. පට්ට ලස්සනයි :)
    රේප් ලඟදි දුන්න නිසා දෙන්න බැලූ.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අස්ථීර ලෝකය තුළ ස්ථීර ප්‍රේමයක් සෙවිය හැකිනම් පුත්තලමේද ගෝවා වගා කළ හැකිය
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    k03pnc.gif


    rep added machan
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඈ යකෝ උඹ යසට හිටියනේ..:dull:
    මක්කයි ඔහේ මේ දොඩවන්නෙ..:nerd:
    "මචං උඹ බොක්කෙන්ම ලව් කරන්නෙ බලාගෙන. කවදා හරි ඔය කෙල්ල උමට පොල්ල තියලා ගියොත් උඹට නං අනිවා පිස්සු හැදෙයි..."

     
    • Like
    Reactions: crazyasa

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සිටිනා කොදෙව්වක නුඹ සැප විදි නම්....
    මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්...
    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්....
    තව කුමකටද දුක් ගී කල්පනාවන්....

    :yes:
    :yes:
    :yes:

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඈ යකෝ උඹ යසට හිටියනේ..:dull:
    මක්කයි ඔහේ මේ දොඩවන්නෙ..:nerd:
    "මචං උඹ බොක්කෙන්ම ලව් කරන්නෙ බලාගෙන. කවදා හරි ඔය කෙල්ල උමට පොල්ල තියලා ගියොත් උඹට නං අනිවා පිස්සු හැදෙයි..."

    සහො කථාව හරියට කියවලා වරෙං. මට උන දෙයක් නෙවේ කියලා දාලා ඇති.
    4.gif

    ඔයාට උන දෙයක්ද සහෝ මේ ? :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිටිනා කොදෙව්වක නුඹ සැප විදි නම්....
    මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්...
    මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්....
    තව කුමකටද දුක් ගී කල්පනාවන්....

    :yes:
    :yes:
    :yes:

    අමන්දි = බඩී :rolleyes::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප හමුවුණු තැන තනියෙන් මම විතරමයි ඉන්න‍ෙ
    ඔබ හැරගිය තැන සතුටින් ඉන්නවද නෑ දන්නේ
    :nerd:

     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඈ යකෝ උඹ යසට හිටියනේ..:dull:
    මක්කයි ඔහේ මේ දොඩවන්නෙ..:nerd:
    "මචං උඹ බොක්කෙන්ම ලව් කරන්නෙ බලාගෙන. කවදා හරි ඔය කෙල්ල උමට පොල්ල තියලා ගියොත් උඹට නං අනිවා පිස්සු හැදෙයි..."

    :nerd: