අප්පච්චි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    හුණු සිමෙන්ති වැලි
    වතුරත් එක්ක කලවම් වෙලා
    උසින් උසට විහිදෙනකොට
    රත්තරන් මේසන් හැන්දක්
    ගන්න හිතන අප්පච්චි

    හිතේ කුස්තුර අස්සට
    බදාම කොටලා
    මගේ පොත් මල්ල පුරවපු
    අපච්ච්චි

    අඩි ගෙවුණු සෙරෙප්පුවේ
    පැටලුනු
    සිමෙන්ති පාට කකුල්
    සුදට දිලිසෙන්නේ කවදද
    අප්පච්චි

    තෙහෙට්ටුවට
    කම්බිවැටට ලංවෙලා
    හින්සැරෙන්
    අපට මාලිගා හැදුව
    අප්පච්චි

    රිදීවතුර නාවපු දා
    මාල පොටක් කරේ දැම්මේ
    පිටට ඇලුන කුසපොත්තට
    ගින්දර දීලද
    අප්පච්චි

    දුක කරදර අස්වැසුමට
    හින් හිනාවකින්
    උත්තර බදින්න
    කොහෙන් පුරුදු උනාද
    අප්පච්චි

    පෙරුම්පුරලා
    උබ බුදුවෙනදාට
    රාහුල වෙන්න ඉඩ දීපන්
    මේ දුවට
    මයෙ අප්පච්චි



     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පෙරුම්පුරලා
    උබ බුදුවෙනදාට
    රාහුල වෙන්න ඉඩ දීපන්
    මේ දුවට
    මයෙ අප්පච්චි​

    සංවේදී නිර්මාණයක්.....නියමයි දිගටම ලියන්න:yes::yes:ජයවේවා!!!!
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හරිම රසවත් නිර්මාණයක් මල්ලි. බොහොම අපුරුවට ගලපලා තියනවා.
     
    • Like
    Reactions: maxboysl

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එල මචන්
    උබ කෙල්ලෙක් ද බන් මම මෙච්චර කල් හිතන් හිටියෙ කොල්ලෙක් කියලා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එල මචන්
    උබ කෙල්ලෙක් ද බන් මම මෙච්චර කල් හිතන් හිටියෙ කොල්ලෙක් කියලා

    මම කොල්ලෙක් යකෝ:angry::angry:

    මචං මම ලගදී දවල් කැම වෙලාවේ කඩේට ගිය වැඩකට
    මගෙන් ගින්දර පොඩ්ඩක් දියන කියලා කතාවට සෙට් උනා එකෙක්

    අවුරුදු 50 ක විතර මේසන් වැඩ කරන කෙනෙක්
    ගම බදුල්ලෙලු. දුව al කරනවලු. එතින් දුවට උගන්න පන්තියවන්න සල්ලි ගොඩක් යන නිසා. කොලබ ඇවිත් වැඩ කරනවලු. එයා දවල් කෑම වෙලාවේ ආවත් වඩේ දෙකකුයි තෙකකුයි විතරයි බිවුවේ. බීඩියක් පත්තු කර ගත්ත මගෙන් ගින්දර ඉල්ලගෙන. හවසට බියර් ටින් එකක් ගහනවලු ඇගේ මහන්සියට. තව තව විස්තර කිවුවා. එතින් ඒ ගැන ගෙදර ඇවිත් කල්පනා කරපු වෙලාවක තමයි. මේක ටයිප් කලේ