හොන්ඩා වෙසල් උන්මාදය

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    හොන්ඩා වෙසල් උන්මාදය

    මේ දිනවල ලංකාවේ සෑම මහා මාර්ගයකම වාගේ දක්නට තිබෙන වාහනය තමයි හොන්ඩා වෙසල් (Honeda Vezel) රථය. 2013 වස‍රේ දෙසැබරයේ ජපන් වෙළඳපොලට එක් වූ මේ රථය දෙමුහුන් තාක්ෂණය (Hybrid Technology ) සහිත වාහනකි.


    හොන්ඩා වෙසල් රථය ලංකාවේ ප්‍රචලිත වෙලා තිබුනත් තාමත් එය නිල වශයෙන් හඳුන්වා දී තිබෙන්නේ ජපානයේ අභ්‍යන්තර වෙළඳපොලට (JDM- Japanese Domestic Market) පමණයි. නමුත් ජපානයේ පැවැත්වෙන වාහන වෙන්දේසි ඹස්සේ මෙම රථය බොහෝ රටවල් කරා ප්‍රචලිත වී තිබෙනවා.


    මෙම මෝටර් රථය නිපදවා තිබෙන්නේ සාමාන්‍ය මෝටර් රථයක් සහ තරඟ (SUV- Sports Utility Vehicle) සඳහා වන මෝටර් රථ වල සංයුතියක් ලෙසයි. එය ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ Compact Crossover ලෙසින්.



    මාදිලි සහ කාණ්ඩ
    හොන්ඩා වෙසල් රථය පෙට්‍රල් සහ පෙට්‍රල්/විද්‍යුත් (දෙමුහුන්) යන මාදිලි දෙකෙන්ම නිපදවා තිබෙනවා. එමෙන්ම 2WD Hybrid, 4WD Hybrid සහ 2WD Petrol යන මාදිලි ලෙසද මෙය වෙනස් වනවා. මේ අතරින් ලංකාවේ බහුලවම දක්නට ලැබෙන්නේ 2WD Hybrid (RU3 Chassis) නම් වන මාදිලියයි.


    වෙසල් හයිබ්‍රිඩ් රථය කාණ්ඩ (Grades) තුනකින් යුක්තයි. Base Grade, X Grade, Z Grade එම කාණ්ඩ තුනයි.


    අප සඳහන් කල 4WD Hybrid මාදිලියේ XL කාණ්ඩය (XL Grade) ද වෙළඳපොලේ තිබෙනවා.


    මෙහි මූලික කාණ්ඩයේ (Base Grade) හි රෝද අඟල් 16 (Steel Wheel) සහ ප්‍රධාන ලාම්පු සාමාන්‍යය හැලජන් වනවා.


    X Grade හි අඟල් 16 ඇලෝයි වීල් සහ ප්‍රධාන ලාම්පු HID සෙනෝන් වනවා. Z Grade සඳහා අඟල් 17 Sport ඇලෝයි වීල්, ලෙදර් interior සහ වරෂාවේදී ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන Wipers අඬංගු වනවා. එපමණක් නොව Roof Rails සහ පසු පසට ධාවනයේදී ස්වයංක්‍රීයව පහළට කැරකෙන පැති කණ්නාඩි ආදියද එහි අන්තර්ගතයි.


    මේ රථය නිශ්පාදනයේදී අලුතින් එන්ජින් 3ක් සහ ඒවාට එකතු කරන්නට ද්විත්ව Clutch (i-dcd) ගියර් පෙට්ටියක් නිර්මාණය කර තිබෙනවා. රථයෙහි තට්ටුව (Chassis) ලෙස මෑතදී නිපදවූ Fit GP5 රථයේ චැසී එකම භාවිත කර තිබෙනවා. මෑතකදී සොයා ගත් Earth Dreams තාක්ෂණයෙන් බල ගැන්වෙන 1.5 litre DOHC එන්ජිමකින් බල ගැන්වෙනවා. මෙහි i-dcd ගියර් පද්ධතිය සහ Hybrid System 22kw high Output විද්‍යුත් මොටර් එකක් සමග එක් කිරීමෙන් 2.0 litre එන්ජිමක තිබෙන ක්‍රියාකාරීත්වයක් ලබා ගත හැකියි.



    හොන්ඩා සමාගම පවසන්නේ මෑතකදී සොයා ගත් Earth Dreams Hybrid System තාක්ෂණය මගින් ඉන්ධනවල ඉහල ක්‍රියාකාරීත්වක් ලබා ගත හැකි බවයි.


    ජපානයේ JC08 පරීක්ෂණයට අනුව හොන්ඩා වෙසල් රථය පෙට්‍රල් ලීටරයකට කිලෝ මීටර් 27 ක් ධාවනය කල හැකියි. එම නිසාම මෙය SUV මාදිලියේ වාහාන අතර එම පරීක්ෂණයේ පළමු ස්ථානයට පත් වීමට වෙසල් රථයට හැකි වුනා.


    කෙසේ වෙතත් පරීක්ෂණ ධාවනයකදී වායු සමීකරණය අක්‍රීය කරනවා. නමුත් ලංකාවෙදී එසේ කිරීම අපහසුයි. අධික රස්නය නිසා. ඒ කෙසේ වෙතත් වාහන තදබදය නැති අවස්ථාවක කරන ලද පරීක්ෂණ ධාවනයකදී ලීටරයකට කිලෝ මීටර් 30 කට ආසන්න වෙන්න හැකි වුනා. නමුත් වාහන තදබදයේදී මෙය භාගයකින් පමණ අඩු වන්නට පුළුවන්. කෙසේ වෙතත් SUV මාදිලියේ වෙසල් රථයක් මිලදී ගෙන පෙට්‍රල් ඉතිරිය ගැන හිතන එක ඒ තරම් ගැලපීමක් නෑ.


    වාහන තදබදයක් අවස්ථාවකදී වාහනය ස්වයංක්‍රීයව විද්‍යුත් පද්ධතියට මාරු වී EV Mode ක්‍රියාත්මක වෙනවා. වායු සමීකරණයත් දිගටම ක්‍රියාත්මක වෙනවා.


    වෙසල් රථය ආකාර තුනකින් පැදවිය හැකියි. සාමාන්‍ය (Normal - Econ Off ) , Econ සහ Sport ඒ ආකාර තුනයි. හොඳ ඉන්ධන ඉතිරියක් ලබා දෙනේනේ Normal - Econ Off ආකාරයෙන් පැදවීමේදීයි. නමුත් මෙහිදී වාහනයේ ක්‍රියාකාරකම් (Performance) මදක් අඩු වෙනවා.


    සෑම වෙසල් මාදිලියකම Sports Mode ක්‍රමය තිබෙනවා. එය විද්‍යුත් අත් තිරිංග අසල තිබෙන බොත්තම තද කලාම වාහනය Manual වාහනයක් ලෙස පැදවිය හැකියි.


    හොන්ඩා වෙසල් රථයේ තිබෙන හොඳ අංගයක් වන්නේ Brake Hold Feature. මෙම අංගය ක්‍රියාත්මක කලාම වාහන තදබදයකදී හෝ රතු ආලෝක සංඥාවකදී හෝ වාහනය තිරිංග මගින් නවතා තැබීමේදී තිරිංග තදවී (Brake Hold) තිබෙනවා. දැන් කකුල තිරිංගයෙන් ඉවතට ගත්තද වාහනය ඉදිරියට ගමන් කරන් නෑ. එය පදවන්නාගේ පාදයට මහත් අස්වැසිල්ලක්. නැවතත් වාහනය ගමන් කරවීමට Accelerator එක පෑගිය යුතුයි.


    Active City Braking system ලෙස තවත් අංගයක් මෙහි අන්තර්ගතයි. එමගින් සිදු වන්නේ කිසියම් අවස්ථාවක වෙසල් රථය ඉදිරියේ ඇති රථයට භයානක ලෙස වේගයෙන් ළං වුවහොත් අනතුරු හඬක් සමග වාහනයේ තිරිංග පද්ධතිය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමයි. එය විශාල අනතුරක් වලක්වන්ට හැකියාවක් තිබෙන හොඳ තාක්ෂණයක් ලෙස හැඳින්විය හැකියි.


    හොන්ඩා වෙසල් රථය එම සමාගමෙන් නිශ්පාදිත ඉතාමත් හොඳ වාහනයක් ලෙස බොහෝ දෙනා සඳහන් කරනවා. ලංකාවේ වෙළඳපලේ රුපියල් ලක්ෂ 55 සිට ලක්ෂ 65 දක්වා විවධ මාදිලි යටතේ මෙය මිලදී ගන්නට තිබෙනවා.

    උපුටා ගැනීම
    http://ela.lk/2014-11-11-Vezel-mania.html
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,102
    113
    Gotland
    පඳුරකට පයින් ගැහැව්වත් වෙසල් 2-3 විසික් වෙනව
    මාම හරි
    ලංකාව දැන් දියණු වෙලා
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Good Post machan
    huge-thumbs-up-smiley-emoticon.gif
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    රෙප් දීපු, බම්ප් කරපු, කමෙන්ට් කරපු හැමොටම තැන්ක්ස් වේවා :rolleyes: