මියැදුණු පෙම

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කලක් සිටියා
    ළතැවුල් සඟවා
    යටපත් කරන්

    සිව් වසක් දැනුණා
    කල්පයක් ලෙසම
    සත්තයි...........
    නුඹ එනතුරා
    මං පියමං කළ
    මාවතක

    මං බලං හිටියා
    නුඹ එතැයි කියලා
    මගේම වූ....නැත, අපේම වූ
    සිතුවිල්ලක්ම වූ
    පොරොත්තුවක් සිත දරා
    නුඹ නෑ ආවේ
    පැතු පැතුමන් ඉටුකරන්නට.............

    නුඹ සිටියා
    නුඹේම වූ,මගෙත් නොවූ
    නුඹේම ලොවක
    කිරුළු දරා
    සමු දෙන්ට සිදුවුණා
    සමුගන්නට සිතක් නැති මුත්
    නුඹේම ලොවක්, මගේම ලොවක්
    අපේම යලි නොවෙනා
    යලි නොඑනා දවසක

    පහන් නිවුණා...........
    නුඹත් නොසිතූ
    මමද නොපැතූ
    නොපැමිණුන ඒ
    වසන්තය මියැදුනා
    අපටත් හොරෙන්
    දිවි තුරා
    යලි නොඑන්නම
    නික්මුණා...............................................
    ...........
    මලිත්තා​