මට ආසයි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කදුළු ‍වැටෙන නෙතු ගාවින්...
    ඉකිය නැගෙන රෑ යාමෙන්....
    නොනිදන ඔබෙ කුටිය සිඹින..
    පවන වෙන්න මට ආසයි.......

    මහ මෙරකට දුක් උහුලන්..
    හිත ඇතුලෙන් හෙලන සුසුම්...
    හෙමිහිට ඔබ ලගට ඇවිත්...
    දවටගන්න මට ආසයි....

    පොද වැස්සක් වහින කලට...
    තුරුලේ උනුහුමට තියන්....
    වැහි බිදු බේරෙන නලලට...
    හාදු දෙන්න මට ආසයි.....

    උදෑසනින් මේ මාවත...
    මලක් වෙලා ඔබ පිපුනම...
    බඹර තුඩින් ඔබ මුදන්න....
    දිවි හිමියෙන් මට ආසයි....

    කෙටි පණිවිඩ සිය ගණනක්...
    දවස පුරා අමුණන සද....
    පණිඩයක අකුරක් සේ...
    ලගට එන්න මට ආසයි...

    ආදරයේ අරුත මෙමට....
    සෙනේහයේ බස් ඇසුරින්...
    කියලා දුන්නු ඔය හිත ලග....
    නතර වෙන්න මට ආසයි.....

    විසි හතරක් වසර ගෙවී....
    නව වසරක් එළඹෙන සද...
    ජීවිතයම තනි රකිමින්...
    ඔබේ වෙන්න මට ආසයි......

    sms-2429.jpg

     
    Last edited:
    • Like
    Reactions: Ereshaz77

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    කංසෙ හැරෙන්නෙ කෙහෙල් පැලෙ කන්න බව හැගෙ, ආසයි බයයිද.....:rolleyes: