ජනාධිපතිට කෙලවන්න සුමනදාසගෙන් කුමන්ත්‍රණයක්!
රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධන ජනාධිපතිවරණ දිනය ලෙස ජනවාරි 08 වනදා යොදා ගැනීම ජනාධිපතිවරයාගේ ජන්ම කේන්දරය අනුව ඉතා අසුභ එකක් බව ජනාධිපතිවරයාට හිතවත් තවත් ජේෂ්ඨ දෛවඥයෙකු වන පියසේන රතුවිතාන ජනාධිපතිවරයාට පවසා ඇත.
පියසේන රතුවිතාන මහතාගේ ජ්‍යෙතිෂ්‍ය මතයෙන් ඉතා කලබල වී ඇති ජනාධිපතිවරයා තවත් දෛවඥයන් කිහිප දෙනෙකු කැඳවා ජනවාරි 08 දිනය පිළිබඳව ඔවුන්ගේ අදහස විමසා ඇත. ඔවුන් සැමදෙනාම පාහේ ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ජනවාරි 08 දිනය අසුභ එකක් බවයි. එයින් කලබල වී ඇති ජනාධිපතිවරයා ඒ සඳහා කළයුතු ප්‍රතිකර්ම පිළිබඳව දෛවඥයන්ගෙන් විමසා තිබේ.
ඔවුන් හැමදෙනාගේම මතය වී ඇත්තේ දිනයේ පවතින දෝෂ කාරී තත්වය මගහරවා ගැනීම සඳහා හැකි ඉක්මනින් තිරුපති දේවාලයට ගොස් භාරහාර වන ලෙසයි. ඒ අනුව ජනාධිපතිවරයා ඊයේ (09) හදිස්සියේ ඉන්දියාවේ තිරුපති දේවාලය කරා පිටත්ව ගොස් ඇත්තේ කලින් යොදා ගෙන තිබූ රාජකාරී වැඩකටයුතු කීපයක් පවා අවලංගු කරමිනි.
ජනාධිපතිවරණය පිළිබඳව තම මතය ගෙනහැර දක්වන පියසේන රතුවිතාන මහතා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ කවර උපක්‍රමයකින් හෝ ජනාධිපතිවරණය ජය ගත්තද ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට ආණ්ඩුව ගෙන යාම අසීරු වන බවයි.
- lnw