මම මිට කලින් ත්‍රෙඩ් එකක් දැම්මා ජන්දේ දෙන්නේ කාටද කියලා කල්පනා කරමින් ඉන්නේ කියලා. මොකද මේක මගේ පළමු වෙනි ජනාධිපතිවරණය. මේකෙදි හරි තීරණයක් ගන්න ඕනි නිසයි මම ගොඩක් කල්පනා කලේ. මොකද වැරදි කෙනෙක්ට ජන්දේ දීලා අපේ ජිවිතයේ,විශේෂයෙන්ම මගේ ජිවිතයේ හොදම කාලේ රටේ ප්‍රශ්න නිසා විනාශ කරගන්න මම කැමති නෑ. මොකද ඉස්සරත් අපි අහලා තියෙනවා එක එක තරුණ නැගිටීම් නිසා ඒ අයට,රටට උන විනාශය ගැන.
අපේ ගෙදර ජන්ද දෙකක් මයිත්‍රීපාල සිරිසේන මහත්තයට. ඒ අම්මා සහ අයියගේ ජන්දය. තාත්තා මහින්ද රාජපක්ෂ මහත්තයට වැඩි කැමැත්ත. මම ඒකයි කල්පනා කරේ කොයි පැත්තටද ජන්දේ දෙන්න ඕනි කියලා. මොකද ගොඩක් වෙලාවට පළමු වතාවට ජන්දේ දෙන තරුණ අය කෙලින්ම ගන්නේ ගෙදර වැඩිහිටි අය ජන්දේ දෙන පැත්ත.
ඒත් අපේ ගෙදර දෙපැත්තටම ඉන්න නිසයි මට ගැටලුවක් ආවේ.
අද හවස ගෙදර අය කතා කර කර ඉන්නකොටත් දේශපාලනය ගැන කතාවක් ආවා. ඒ වෙලේ අයියා තදින්ම කිව්වා තාත්තට මේ පාර මහින්ද රාජපක්ෂ ජන්දේ දින්නොත් එයා(අයියා) ඊට පස්සේ ලංකාවේ ඉන්නේ නෑ කියලා. එයාගේ ඉඩකඩම් ටික විකුනලා දාලා වෙන රටකට යනවා කිව්වා. ඒකට හේතුව විදියට කිව්වේ මහින්ද මහත්තයා දිනලා අවුරුදු 8 ක් බලයට ආවම මේ රට ගන්න දෙයක් නැතිවෙලා යයි කියලා. අයියා රට දාලා යනවා කිව්වම තාත්තත් පොඩ්ඩක් කලබල උනා.
මාත් ඉතිං කල්පනා කරා මහින්ද මහත්තයට තව අවුරුදු 8 ක් බලය දෙන්න ඕනි නෑ කියලා. මම හිතාගත්තා මයිත්‍රීපාල සිරිසේන මහත්තයට ජන්දය දෙන්න. එතුමා ඔය කියලා තියෙන ගොඩක් දේවල් දවස් 100 යකින් කරනවා කියලනේ කිව්වේ. එව්වා කරේ නැත්තන් ඊළගට එනවා කියන පාර්ලිමේන්තු ජන්දෙදි නං ආයේ මේ අයට ජන්දේ දෙන්නේ නෑ.
මගේ පළමුවෙනි ජන්දය මයිත්‍රීපාල සිරිසේන මහතාට!