කමක් නෑ මචන්, උඹ මහින්දට ඡන්දේ දාපන්

gmbsdilan

Member
Mar 26, 2013
340
51
0
මයිත්‍රි කාලකන්නියා ආවොත් තොපිට යන එන මං නෑ. කෑපතේ රෙන පාහර බල්ලො...තොපි අද නිදහසේ පාරෙ බැහැල යන්නෙ මහින්ද නිසා...‍ඒක අමතක කරන්න එපා..මේක ලියපු එකා මොකා උනත්...
 

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    උස්සපු තැනත් දැම්මනම් නේද හොඳ? සිරා වගේ අනුන්ගේ පානෙන්ම එලිය බලන්නෙ නැතුව :lol:
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මයිත්‍රි කාලකන්නියා ආවොත් තොපිට යන එන මං නෑ. කෑපතේ රෙන පාහර බල්ලො...තොපි අද නිදහසේ පාරෙ බැහැල යන්නෙ මහින්ද නිසා...‍ඒක අමතක කරන්න එපා..මේක ලියපු එකා මොකා උනත්...
    රටකට ඕනෑ අපමණ අගයක්.. හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්...
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    උස්සපු තැනත් දැම්මනම් නේද හොඳ? සිරා වගේ අනුන්ගේ පානෙන්ම එලිය බලන්නෙ නැතුව :lol:

    උස්සපු තැන හොයලා දීපන්කො පුලුවන්නම් :rofl:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මයිත්‍රි කාලකන්නියා ආවොත් තොපිට යන එන මං නෑ. කෑපතේ රෙන පාහර බල්ලො...තොපි අද නිදහසේ පාරෙ බැහැල යන්නෙ මහින්ද නිසා...‍ඒක අමතක කරන්න එපා..මේක ලියපු එකා මොකා උනත්...

    මහින්ද තුවක්කු අරන් යුද්ධ කරන්න ගියාටද? :rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    මේක නම් අන්තිම කුජීතයි බං........
    මම හිතුවේ උඹ යථාවාදී තථාකාරී මනුස්සයෙක් කියලා.......:dull::dull:
    ඉතිං ඒකනෙ නම අයින් කලේ. :rofl: මටත් පොඩ්ඩක් අවුල් ගියා. ඡන්දෙ දෙන්නෙ නැත්නම් නෑ කියන්න. නමුත් වැනෙන උත්තර දාන්න එපා. රෙපියුටඩ් මෙම්බර් කෙනෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්න එයයි. පරන පෝස්ට් ටික බලපුවාම තමා තේරුනේ ඔයා හීන් නූලෙන් MRගෙ ගුණ වයන බවයි MY3ගේ අගුණ වයන බවයි.. ගයිය වගේ කෙලින් කියන්න. දිය යට ගේම් ගහන්න එපා. අපිටත් අවුල් යන එක සාදාරණයි නෙ. :D
    ------------------------------------------------------------------------------
    ඕනෙ නම් RDA එක ගහන විදිය කියන්නම්, ඔය ඉන්ජත් හොදට ගහන එකෙක් ඒකයි ඔය සාදාරනීය කරන්න හදන්නෙ. අපේ පවුලෙත් ඉන්ජිනේරුවො ඉන්නව. එයාල කෙලින්ම කියන්නෙ MRට දෙන්නෙ කියල. ඒකට හේතුව කියන්නෙත් එයාල හම්බකරන්නෙ මේ ආන්ඩුවේ දූශන වැඩ පිලිවෙල නිසාම තමයි කියල. :rofl:
    ------------------------------------------------------------------------------
    1.පෞද්ගලික වාසි තියෙන හැමෝටම

    • i.තමන්
    • ii.රට
    2.පෞද්ගලික වාසි නැති හැමෝටම

    • එකක් ඇත්තෙ නෑ ඒ නිසා
    • ii.රට
    ඕක තමා යතාර්තය. කිරියෙ ගොඩක් අය ඕකෙ දෙවෙනි එකට අයිති. :yes:
    අමනාපයක් නැතුව ඇති කියල හිතනව.:rolleyes:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මේක නම් අන්තිම කුජීතයි බං........
    මම හිතුවේ උඹ යථාවාදී තථාකාරී මනුස්සයෙක් කියලා.......:dull::dull:

    දැන් උබ ඔය කතා කරන යථාවාදී තථාකාරී මනුස්සයෙක් වෙන්න නම් මහින්දට ජන්දේ දන්න ඕනද ?
    මහින්දගේ ධනවත් පනතින් අතර පමණක් සුරැ සැප විදින අහිංසක මිනිහාට බඩේ පාර වදින මේ විගඩම් නැටුම් ප්‍රතික්ෂේප කරන මිනිස්සු ඔය උබ කියන යථාවාදී තථාකාරී මිනිස්සු නෙවේ ?
    උන් ගේ අදහස් නිකන් උඩින් පහත වෙලා තියෙන ඒවා කියලද උබ කියන්නේ ?
    මහින්දට විරුද්දව නැගෙන චෝදනා බොරුද ?
    මහින්ද හොරා,
    කොමිස් කාරයා,
    පවුල්වාදියා,
    ඒකාධිපතියා,
    රටේ ප්‍රජාත්‍රන්තවාදය කඩකරන්නෙක්,
    රටේ යහපාලනයට කෙලින්නෙක්,
    රටේ ජිවනබර වැඩි කරන්නෙක්,
    ජනතාවගේ ආදායම් මට්ටම් ඉහල දැමීමට අසමත් නායකයෙක්,
    පවුල් පාලනය ව්යාප්තකරන්නෙක්,
    වර්තමාන කොටි නායකයා KP ආරක්ෂා කරන්නෙක් ,
    රට චිනාට විකුනන්නෙක්,
    අධ්‍යාපනයට කෙලින්නෙක්,

    මට කියපං මේවා බොරුද ඇත්තද ? හිතට අවංකව උත්තර දෙන්න මචං:yes::yes: ,

    මහින්ද මහ ලොකුවට කතාකරනවා රටේ ඒකීයභාවට ගැන , බෙදුම්වාදී ත්‍රස්තවාදී කල්ලියේ නායකයා එක්ක උතුරේ ජන්ද ව්‍යාපාරය කරන ගමන් මහින්ද විපක්‍ෂයට අත දික් කරනවා කොටි කොටි කියලා එත් එක්කම මෙහෙ ඉන්න මහින්දගේ අනිත් බයියලා සේටර් එකම මාධ්‍ය වැඩසටහන් වලට ඇවිත් පිලි අරගන්නවා රනිල් විසින් එලියට ඇදලා ගනිපු කරුණා,පිල්ලෙයාන් නිසා තමයි යුද්දේ දිනුවේ කියලා ඒවගේම ප්‍රභාකරන් 2005 විරු කතාවේදී කියලා තියෙනවා , රනිල් කපටියෙක් රනිල් අපගේ සංවිදානයේ සාමාජිකයන් අතර ගැටුම් නිර්මාණය කරමින් අපව විදේශ ත්‍රස්තවාදී මර්දන දැලකට අසුකර අපගේ ආයුද රාජ්‍යට බාරගෙන අපගේ සටන අඩපන කරන්න තමයි හැදුවේ කියලා "
    ප්‍රභාකරන් කොටි නායකයා එහෙම තේරුම් අරගන්න කොට අපේම සිංහල යක්කු ටික වයින් කරපු බෝනොක්කෝ වගේ කොට් කොටි මන්ත්‍රරය මතුරනවා පදනමක් නැතුව.
    රනිල්ට ජන්දේ දෙන්න ඒපා කියලා එදා කොටි ජන්දය වර්ජනය කරලා තිබුනා ඒවා අපේ උන්ට මතක නැ .. මේ බොරුවට කොට් කොට් කියනවා එත් කොටි ඉන්නේ මහින්ද එක්ක , එකත් දන්නවා අපේ ගොන්නු ටික එත් මහින්ද කොටි එක්ක ඉන්න එක හොදයි . මෙතන තියෙන්නේ පාට බේදයක් කියලා තමයි මට වැටහෙන්නේ ,, පාට බේදවලින් තොරව ජන්දය බාවිතා කරන්න සමහර අවස්ථාවල අපිට තීරණ වෙනස්කරන්න වෙනවා එහෙම වෙනස් කරන එක තමන්ගේ තත්වයට හානියක් වෙන්නේ නැ ඇත්ත දන්නා නිසා තීරණය වෙනස් කරා එක තමයි නිහතමානි කම එහෙම නැතුව පාට ,ජාති ,ආගම් බේද වලින් අන්ද වෙලා නිවට තීරණ තීන්දු අරගෙන ජන්දේ බාවිතාකරන එක නෙවේ ,, කවුද හරි කවුද වැරදි කියන එකයි හිතන්න ඕන , මේ යන ක්‍රමය වැරදි නම් එක වෙනස් කරන්න ඕන.



    මහින්දගේ පාලනය තුල 21වෙනි සියවසේ රටක් වෙලා ගෝලීයකරණය වෙලා තියෙන මිලිජ්ජත්වයෙන් ඇත් වෙලා කියලා අපි හිතන රටක් වෙලත් , මොනවාද අපි දැක්කේ ?

    රතු පස්සවල සිදුවිම මේවා තමයි ඒකාධිපති රෝල් එකේ මුලින් එන ගති ලක්ෂණ ,
    මේ ලගකදී ජන්දේ ප්‍රකාශ කරාටත් පසුව මම හිතන්නේ , කෙල්ලොන්ට ,කොල්ලොන්ට නිදහස් අධ්‍යාපනය වෙනුවට බල්ලොන්ට ගහන්නෙත් නැති ආකාරයට ඉතාම මිලිජ්ජ ලෙස පොලිස් ප්‍රහාර වතුර ,කදුළු ගැස් එල්ල කරනවා , මේකද අවමබලය යොදවනවා කියන්නේ බැටම් පොලුවලින් එලව එලව ගහලා අහසට වෙඩි තියලා රබර් උණ්ඩ වලින් 18 ,21 කෙල්ලෝ කොල්ලොන්ට ගහලා මොනවා ලබා ගන්නද ?
    මේවා කරන්නේ පොලිසියේ ඕනෑකමට නෙවේ ඉහලින් එන ඕඩර් , මහින්දගෙන් ,ගොටාබයගෙන් ,එස් බිගෙන් ,


    කාන්තා විමුත්තියේ දොන් කාරය පිළිබද රෙද්ද උස්ස උස්ස කතාකරන සෙට් එකක් මහින්දගේ ආණ්ඩුවේ ඉන්නවා ඒවගේම කැබිනට් එකෙත් ඉන්නවා ,
    ඔන්න SB කියනවා චන්දිකා පාරේ හෙළුවෙන් දුවන්න ගහන්න ඕනලු ,
    වෙන පිළිගත් රටක මෙම ප්‍රකාශයක් කරා නම් විනාධි කිහිපයක් ඇතුලත නිතිය ක්‍රියාත්මක වෙලා ,
    උසාවිගින් දඩුවම් ලබලා තමයි ආයේ එලියට එන්නේ එතරම් ප්‍රබලයි ස්වාධින නිතිය එතරම් ප්‍රබල කාන්තා නියෝජනයක් කාන්තා බලයක් තියෙනවා . එත් අද ලංකාවේ නිතිය බල්ලාට ගිහින් මහින්දට ඕන විදිහට නටන රූකඩයක් වෙලා ,අද බලන්න මහින්දගේ බංකොලොත් කැබිනට් එකේ ඉන්න වැස්සියෝ ටික කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටිනවාද නැ ? එවෙනුවට කරන්නේ කාන්තාවන්ට අපහසකරන නින්දා කරන ,හිරි හැර දුෂණ කරන මැති ඇමති වරුන්ට එන චෝදනා යටගහන්න සුදු හුණු ගාන එක විතරයි , මෑතදි පොදු වේ --- බවට පත් වුන සමන්මාලි ගැන අපිකාටත් මතකයිනේ
    ..
    වංචා ගැන කතා කලොත් මහින්දට සෘජුව එල්ල වෙන චෝදනා රාශියක් තියෙනවා ,
    හෙල්පින් හම්බන්තොට මහා මුදල් මංකොල්ලය
    මෑතකදී පටන්න colombo පොට් සිටි කොමිස් ගැසිල්ල සහා චීන සමාගමකට නොමිලේ හෙට්ටියාර් 20ක් දෙන්නේ පචස් 20ක් නෙවේ හෙට්ටියාර් 20ක් නොමිලේ මේවා සහාගහන අපරාධ ජනතාව දැනුවත් කරන්නේ නැතුව තමන්ගේ අප්පාගේ අම්මාගේ බුදලය වගේ කොලබ අවට තියෙන ඉඩම් මංකොල්ලා කනවා විකුනනවා නොමිලේ දෙනවා, තෑගි දෙනවා ,


    අල්ලස, දුෂණය ,වංචාව,මැරකම් පිරිලා ඉතිරෙන ආණ්ඩුවක් තමයි මහින්ද ආණ්ඩුව එක කිසිම කෙනෙක්ට නැ කියන්න බැ රෙදි ඇදගෙන පිළිගන්න වෙනවා ඇත්ත.

    තවදෙයක් ඔය බොහෝ පිරිසකට ගැටළුවක් තියෙනවා විදායක ක්‍රමය නැතිකිරීම මගින් රටේ පළාත් ආණ්ඩු බිහිවෙනවා කියලා ,
    ෆ්ඩරල් ක්‍රමයක් ගැන කතාවෙන්නෙත් නැ ඒවගේම ,පළාත් ආණ්ඩු බිහිවෙනවාට එරෙහිව හඩක් නගපු චම්පිර,රතන වගේ පිරිසක් එකතු වෙලා තියෙන්නේ , ඒවගේම පොදු අපේක්ෂකයා පැහැදිලිවම කියලා තියෙනවා පාලත් සභා සම්බන්ද විදායක බලතල ඔහු සතුව තබාගන්නා බවත් එක ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් පැහැදිලිවම කියලා තියෙනවා , ආරක්ෂක ,යුද්ද ප්‍රකාශකිරිම වැනි කරුණු ජනාධිපති සතුව තබාගෙන අසීමිත බලතල එනම් , නීති පති, පොලිස් පති , ඇමති මණ්ඩලයේ තනතුරු ලබාදීම ඇමති මණ්ඩලයේ ලේකම්වරු පත්කිරීම , උසස් රාජ්‍ය ආයතන වලට බලපෑම් කරහැකි බලතල ,රේගුව ,සහ අනෙකුත් මෙවැනි රාජ්‍ය ආයතන වලට ඇගිලි ගැසීමට ඇති බලතල අහෝසි කිරීමත් තමයි සිදුවෙන්නේ . එක නිසා මේක වැරදියට තේරුම් ගන්න එපා , 19වෙනි සංශෝදනයක් අරගෙන ඇවිත් මෙම බලතල සුවාධින කොමිසම් සභාවලට ලබාදීමත් එම හරහා ස්වාධින පොලිසියක් ,ස්වාධින නීතියක් ,ස්වාධින රාජ්‍ය සේවයක් ,ස්වාදීන රේගු අධිකාරිය ,ස්වාධින මැතිවරණ කොමිසමක් ,
    මේ හරහා සුදුස්සාට සුදුසු තැන ලැබීමත් , රටේ යහපාලනය නිතිය පොදුවේ ක්‍රියාත්මක වෙන තත්වයක් ඇතිකරගැනීම මෙය හුදෙක් ඔලු ගෙඩි මාරුවක් නෙවේ කිව්වේ අන්න එකයි මේ වෙනස හරහා අපිටත් සෙතක් වෙනවා වගේම අනාගතය සදහා කරන ආයෝජනයක්..


    රටේ ඒකීයබාවය ගැන වචනයක් හොයන අපේ අයියලාට මොහොතකට අමතක උනාද පාට ,බේදය නිසා අමතක කරාද , සොබිත ස්වාමින් වහන්සේ උපවාස කරා ඒකීයබාවය ඇති කරගන්න ,සටන් කරා රත්න හිමි ,චම්පිලා පාර්ලිමේන්තුව ඇතුලෙත් පිටත් මහා හඩක් නැගුවා සටන් කලේ ඒකීයබාවය ගැන කතා කල ,සොබිත හිමි ,රතනහිමි ,චම්පික , වැනි අය අද ඉන්නේ කොහෙද පොදු අපේක්ෂකයා එක්ක එතකොට ඔය කියන ඒකීයභාවය අද තියෙන්නේ කොතනද පොදුඅපෙක්ෂකයා එක්ක , මහින්දගේ කුබ්බවමේ අද ඉතුරු වෙලා ඉන්නේ ෆයිල් වලට බයේ ඉන්නේ හොරුයි , 8ට පාස් නැති හෙන්චයියලා ,බයියලා ටිකයි ,කුඩු මුදලාලිලා ,එතනෝල් මුදලාලිලා විතරයි ,,
    අපිට ඕන කරන සියළුවම නායකයන් ඉන්නේ පොදු අපේක්ෂකයා එක්ක ,
    අන්න ඒ නිසා මෙතන කිසිම විශ්වාසය පිළිබද ගැටළුවක් නැ පුර්ණ විශ්වාසයක් තියෙනවා නමුත් මම දන්නේ නැ තවමත් පාට බේද වලින් අන්දවෙලා පිස්සු කෙලින මහින්දගේ මන්තර ජපකරන බයියලා ඉන්නවාද කියලා , මම හිතනවා එළකිරියේ ඉන්නේ බුද්දිමත් පිරිසක් නිසා මහින්දගේ බාල මන්තරය බංකොලොත් තර්ක ඉදිරිපත් කරන පිරිසක් නැතුව ඇති කියලා ,


    මම දන්නවා කිබුලා උබ මේ අවස්ථාවේ ඉතාම අසරණයි තරක කරන්න කරුණු නැති තරම් ,බොහෝ විට අතීත කතා පමණයි නඩුවට පක්ෂව කතා කරන්නට ඉතුරු වෙලා තියෙන්නේ , මම දැක්ක දෙයක් තමයි ආණ්ඩුවට බරව කතා කරන බොහෝදෙනෙක්ට ඉතුරු වෙලා තිබුනේ බංකොලොත් පරණ කතා සහ මහින්දගේ මන්තර විතරයි .


    ඉතින් ඔබ තර්ක කරන්න බැරි තැනට ඇදලා දාලා තියෙන මෙම මහින්ද ආණ්ඩුවෙන් මිදෙන්න ඕන නේද ?


    අපිට ඕන මෛත්‍රීග යුගයක් ................ නව වෙනසක් , නව දේශපාලන සංකෘතියක් ,ජිවනබර හදුනන නායකයන් .. :yes::yes:

     
    Last edited:
    • Like
    Reactions: Banned!

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිං ඒකනෙ නම අයින් කලේ. :rofl: මටත් පොඩ්ඩක් අවුල් ගියා. ඡන්දෙ දෙන්නෙ නැත්නම් නෑ කියන්න. නමුත් වැනෙන උත්තර දාන්න එපා. රෙපියුටඩ් මෙම්බර් කෙනෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්න එයයි. පරන පෝස්ට් ටික බලපුවාම තමා තේරුනේ ඔයා හීන් නූලෙන් MRගෙ ගුණ වයන බවයි MY3ගේ අගුණ වයන බවයි.. ගයිය වගේ කෙලින් කියන්න. දිය යට ගේම් ගහන්න එපා. අපිටත් අවුල් යන එක සාදාරණයි නෙ. :D
    ------------------------------------------------------------------------------
    ඕනෙ නම් RDA එක ගහන විදිය කියන්නම්, ඔය ඉන්ජත් හොදට ගහන එකෙක් ඒකයි ඔය සාදාරනීය කරන්න හදන්නෙ. අපේ පවුලෙත් ඉන්ජිනේරුවො ඉන්නව. එයාල කෙලින්ම කියන්නෙ MRට දෙන්නෙ කියල. ඒකට හේතුව කියන්නෙත් එයාල හම්බකරන්නෙ මේ ආන්ඩුවේ දූශන වැඩ පිලිවෙල නිසාම තමයි කියල. :rofl:
    ------------------------------------------------------------------------------
    1.පෞද්ගලික වාසි තියෙන හැමෝටම

    • i.තමන්
    • ii.රට
    2.පෞද්ගලික වාසි නැති හැමෝටම

    • එකක් ඇත්තෙ නෑ ඒ නිසා
    • ii.රට
    ඕක තමා යතාර්තය. කිරියෙ ගොඩක් අය ඕකෙ දෙවෙනි එකට අයිති. :yes:
    අමනාපයක් නැතුව ඇති කියල හිතනව.:rolleyes:
    පොර සල්ලි තියන එකෙක් නෙවෙයි මචං.....
    පරණ කැබ් එකක් තියෙන්නේ, සරල, සෙරෙප්පු දෙක දාගෙන එන කෙනෙක්......පොර ගසා ගන්නෙක් නෙවෙයි. මේ රටට හොද සේවයක් කරපු කෙනෙක්. මම වැඩි විස්තර දාන්න කැමති නෑ මොකද නම පබ්ලික් වෙන නිසා....

    මට දෙපැත්තෙන් ම පුද්ගලික වාසි නෑ. මට ඕනෙත් නෑ. ගිය ඉරිදා උදේ මට ආරාධනාවක් තිබුණා මහින්ද ගේ වෘත්තිකයන් ගේ මොකක්ද රෙද්දකට එන්න කියලා. මම ආරාධනාව කරපු මගේ මිත්‍රයට කෙළින්ම කිව්වා මට හෘදය සාක්ෂියට එකගව මහින්දට සහයෝගේ දෙන්න හෝ ඔහුව අනුමත කරන්න බෑ කියලා.

    මෙත්‍රී පිරිසිදු මහත්මයෙක් බව ඇත්ත. මට තියෙන්නේ වටේ ඉන්න උන් ගැන ප්‍රහ්නයක්. අනික ඔය කියන දේවල් ඔවුන් ගේ දේශපාලන අතීතය එක්ක අරගත්තා ම විශ්වාස කරන්න බෑ.......අවංකව මේ කියන්නේ....

    මම කියන දේ තේරුම් ගන්න....ජඩ කමට විරුද්ධව නැගෙන්නේ ජඩ කම නම් අවසන දි ඉතිරි වන්නේ කලින් වගේම ජඩ කම....
    බොරුවට රැහැණිව නැගෙන්නේ බොරුව නම් ශේෂ පතුය අවසන දි බොරුවමයි......

    මම පතන්නේ අති පිරිසිදු අරගලයක් මේ පවතින් ජඩ ක්‍රමයට විරුද්ධව.......
    නමුත් තාම එහෙම කියල ඔප්පු වෙලා තියෙන්නේ අතිශය ටිකයි.....
    මට විශ්වාස ගරු රතන ස්වාමීන්වහන්සේ සහ චම්පික අයියල විතරයි.....
    නමුත් ඒ විශ්වාසයත් පලුදු වුණා ටිකක් අර රාජිත කියල තියන කතාවෙන්.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් උබ ඔය කතා කරන යථාවාදී තථාකාරී මනුස්සයෙක් වෙන්න නම් මහින්දට ජන්දේ දන්න ඕනද ?
    මහින්දගේ ධනවත් පනතින් අතර පමණක් සුරැ සැප විදින අහිංසක මිනිහාට බඩේ පාර වදින මේ විගඩම් නැටුම් ප්‍රතික්ෂේප කරන මිනිස්සු ඔය උබ කියන යථාවාදී තථාකාරී මිනිස්සු නෙවේ ?
    :yes::yes:

    නෑ......
    මහින්ද දිනවිය යුතුයි කියල මං කොහේවත් කියල නෑ.......
    හොදට බලපං.....

    මම කියන්නේ මෛත්‍රී කරන්න යන දෙය අතිශය විස්තරාත්මකව පැහැදිලිව කිව යුතුයි කියල මගේ ඡන්දය ගන්න නම්.....
    විධායක ජනාධිපති කම අහෝසි කරනව ද නැද්ද?
    නැත්තං ඒකේ බලය අඩු කරනව ද නැද්ද? කරනව නම් කොච්චරකින් ද?
    එහෙම කරන ක්‍රමවේදය මොකක්ද?
    නව ආණුඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවද නැද්ද? ගේනව නම් මොනව ද ඒකේ මූලික අංග
    නැත්තං මේ හුචක්කුව වෙනස් කරනවද?
    කරනව නම් මූලික කරුණු මොනවද සහ කරන්නේ කොහොමද?

    අනිත් ඒව සරලයි මචං....
    පැට්‍රල් ගනන් බස්සන ඒව සරලයි නේ......

    මගේ ප්‍රධාන ප්‍රහ්නය ඇති කරන වෙනස ගැන......
    ඡන්දය දීමට තරම් ඒ ගැන පැහැදිලි ප්‍රකාශයක් නෑ.....

    අනික චන්ද්‍රිකා.....
    අනෙ අම්මෝ ය ගෑණිව නං ගාව ගන්න එපා......
    කුජීත චොර කේස් එකක්........
    ඇති බලයකුත් නෑ....
    කරපු රෙද්දකුත් නෑ......
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නෑ......
    මහින්ද දිනවිය යුතුයි කියල මං කොහේවත් කියල නෑ.......
    හොදට බලපං.....

    මම කියන්නේ මෛත්‍රී කරන්න යන දෙය අතිශය විස්තරාත්මකව පැහැදිලිව කිව යුතුයි කියල මගේ ඡන්දය ගන්න නම්.....
    විධායක ජනාධිපති කම අහෝසි කරනව ද නැද්ද?
    නැත්තං ඒකේ බලය අඩු කරනව ද නැද්ද? කරනව නම් කොච්චරකින් ද?
    එහෙම කරන ක්‍රමවේදය මොකක්ද?
    නව ආණුඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවද නැද්ද? ගේනව නම් මොනව ද ඒකේ මූලික අංග
    නැත්තං මේ හුචක්කුව වෙනස් කරනවද?
    කරනව නම් මූලික කරුණු මොනවද සහ කරන්නේ කොහොමද?

    1)විධායක ක්‍රමය අහෝසි කරනවා එක පැහැදිලිවම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සහ ඔහු ප්‍රකාශ වල තිබුනා විදායක ක්‍රමය අහෝසි කරන්න තමයි දෙයියනේ ,සොබිත හිමි ,රතන හිමි ,චම්පික,රනිල් ,සජිත් ප්‍රමුක UNP එක , සරත් ෆොන්සේකා මේ හැමොම එකතු වෙලා ඉන්නේ මේ රටට වින කරන ම විදායක ක්‍රමය අහෝසි කරන්න තමයි එක අංක එක ,
    මචං ඕනෑම කෙනෙක්ට එක හොදට පැහදිලි වෙන්න ඕන මේ වෙනකොට ඒ ගැන ගැටලුවක් තවමත් තියෙනවා නම් ඔහු බත් කන කකුල් දෙකේ හරකෙක් වෙනවා මචං පිරිසිදුව පැහැදිලිවම පෙනෙන සහ කියලා තියෙන දේ තමයි රට වින කරන විදායක ක්‍රමය අහෝසි කරනවා දින 100කින් නමුත් පාලත් සභා සම්බන්ද බලතල ලග තබාගෙන නැත්නම් වෙන්නේ පාලත් ආණ්ඩු බිහිවිමක්නේ ..


    2)අහෝසි කරනවා දින 100කින් ඇයි බන් මේ මුළු සන්ධානෙම මුලික පොදු අපේක්ෂාවන් තමයි විධායක ක්‍රමය අහෝසි කිරීම , ස්වාධින කොමිසම් පත් කිරීම ,රටේ යහපාලන ඇති කිරීම එමගින් ජනතාවට සහන ලබා දීම . මේක හරිම සරලයි බන් කරන්නත් පුළුවන් කිසිම අපැහැදිලි තත්වයක් නැ .

    3)ක්‍රමවේදය මොකද්ද ? විදයකය අහෝසි කරගැනීම පිලිබදද?
    ඔව් ඉතාම පැහදිලි තුනෙන් දෙකේ බලයක් ගන්න පුළුවන් විදයකය අහෝසි කරන්න , කවුද අකැමැති වෙන්නේ විධායකය අහෝසි කරන්න , ආණ්ඩුවේ බලයේ ඉන්න කම් කැගනහන පිරිස විපක්‍ෂය බවට පත් උනාම උන් අකැමැති වෙනවද බන් ආණ්ඩුවේ ජනාධිපතිගේ විධායක බලතල අහෝසි කරන්න ජන්දේ නොදෙන්න. එකෙක්වත් එහෙම කරන්නේ නැ එහෙම හිතනවා නම් එක ජාතික ජෝක් එකක් වෙනවා ..
    තුනෙන් දෙකේ බලය මේ වෙනකොට ආණ්ඩුවට නැති වෙලා තියෙන්නේ තවත් ආණ්ඩුව ඇතුලේ ඉන්නවා පොදුඅපෙක්ෂකයාට සහය දෙන පිරිසක් ඒවාගේම ආණ්ඩුවේ ඇතුලේ ඉන්න බහුතරයක් විදායක ක්‍රමය අහෝසිකරන්න කතාකරපු අය මහින්ද රාජපක්ෂත් ඇතුලුවම , තුනෙන් දෙක ගන්න එක ගේමක් නැ බන් ,,
    25ක් ,30 මේ වෙනකොටත් පන්නගන්න පුළුවන් උනා නම් බන් තුනෙන් දෙක ගන්න එක ක්ජ්ජාක්ද ?? :D:D

    4) ඔව් එක පැහැදිලිවම කියලා තියෙනවා 19වෙනි සංශෝදනයක් ගෙනාවා එකේ මුලික අරමුණ ස්වාධින කොමිසම් සභා පත් කරගැනීම.

    සාමය නිතිය ,යහපාලනය , රජකරන .. දුෂණ වංචා හොර මැරකම් වලින් තොර රටක් ඇතිකරගන්න දොරටු විවර්ත කරගන්න 8 වෙනිදාට පාට,ජාති,ආගම් බේද , තොරව පොදුඅපෙක්ෂකයාට ජන්දේ දෙන්න ... ඊටපස්සේ එන ඒවාට මුහුණ දෙන්න මහා පිරිසක් ඉන්නවා ඒ ගැන නැති බිය ඇති කරගන්න එපා , රට කන යාකා එලවා දැමීමයි අංක එක බව අමතක කරන්න එපා :yes::yes:
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    kimbula මහත්තයා , මම හිතනවා අමාරුවෙන් හරි උබ ඔය ඇලි ගැලී ඉන්න පුහු මතයෙන් මිදෙන්න ඇති කියලා එහෙම නොවේද ??