2015 Detroit Auto Show වාහන පිස්සන්ට

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    2015 Detroit Auto Show වාහන පිස්සන්ට

    2015 Detroit Auto Show - උතුරු අමෙරිකාවේ ප්‍රමුඛතම මෝටර් රථ ප්‍රදර්ශණය



    උතුරු අමෙරිකාවේ ප්‍රමුඛතම මෝටර් රථ ප්‍රදර්ශණය පසුගිය ජනවාරි 12වැනිදා අමෙරිකාවේ මෝටර් රථ කර්මාන්තයේ අගනගරය ලෙස සැලකෙන මිචිගන් ප්‍රාන්තයේ ඩෙට්‍රොයිට් නුවරදී ඇරඹුනා. තවමත් ලෝකයේ විශාලතම හා ලාභදායිම වාහන අපනයන වෙළඳපොල වන අමෙරිකානු වෙළඳපොලෙහි ගැනුම් කරුවන් ඇදබැඳ තබාගැනීම සඳහා සිය මෝටර් රථවල නවතම මාදිලි ඩෙට්‍රොයිට් ප්‍රදර්ශණයේදී ඉදිරිපත් කිරීමට ලොව පුරා මෝටර් රථ නිශ්පාදකයින් පුල පුලා සිටිනවා.

    මේ එලෙස ඉදිරිපත් කරන ලද නවතම මෝටර් රථ කිහිපයක තොරතුරුයි.




    2016 Sonata PHEV - Hyundai plug-in hybrid



    2016_hyundai_sonata_plug_in_hybrid_electric_vehicle_phev_front_exterior.jpg


    කොරියාවේ හුන්ඩායි සමාගම සිය ප්‍රථම ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් රථය ලොවට හඳුන්වාදීම සඳහා ඩෙට්‍රොයිට් මෝටර් රථ ප්‍රදර්ශණය තෝරා ගත්තා. සොනාටා PHEV ලෙස නම් කොට ඇති මෙය පෙට්‍රෝල්-ඉලෙක්ට්‍රික් හයිබ්‍රිඩ් රථයක් වන අතර, අවශ්‍ය නම් රථයේ බැටරිය විදුලි පේනුවකට සම්බන්ධ කොට චාර්ජ් කරගැනීමෙන් පූර්ණ ලෙසම ඉලෙක්ට්‍රික් කාරයක් ලෙස ධාවනය කල හැකි. මෙවැනි රථවලට ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් ලෙස හඳුන්වන්නේ මෙලෙස විදුලි පේනුවකට කාරය ප්ලග් කොට බැටරිය චාජ් කරගත හැකි බැවිනුයි.



    Volkswagen Cross Coupe GTE


    cross_coupe_gte_front.jpg


    ක්‍රොස් මාදිලියේ මෝටර් රථ කාරයක හා ජීප් රියක දෙමුහුමක් හෙවත් ක්‍රොස්-බ්‍රෙඩ් ලෙස නිර්මාණය කොට තිබෙනවා. සාමාන්‍ය කාරයක ඇති සියලුම සුවපහසුකම් ඇති ක්‍රොස් වාහන, ජීප් රියක් මෙන් 4X4 හැකියාව, නැතහොත් Full Time 4X4 හෝ All Wheel Drive හැකියාවෙන් යුක්තයි. සාමාන්‍ය කාරයකට වඩා ශක්තිමත් ලෙස නිමවා ඇති මෙම වාහන පෙනුමෙන්ද සාමාන්‍ය කාර් රථවලට වඩා හැඩිදැඩි පෙනුමක් එන ලෙස නිර්මාණය කොට තිබෙනවා.

    V6 පෙට්‍රෝල් එන්ජිමකින් බලගැන්වෙන මෙයට බැටරි බලයෙන් ක්‍රියාත්මක මෝටර් දෙකක්ද අනුගත කොට තිබෙන නිසා හයිබ්‍රිඩ් රථයක් ලෙස ක්‍රියාත්මක වනවා. මෙය ගැලුමට සැතපුම් 70ක් එනම් ලීටරයට කිලෝමීටර් 29ක ඉන්ධන කාර්යක්ශමතාවයෙක්න් යුතු බව වොක්ස්වාගන් සමාගම පවසනවා



    Honda FCV Hydrogen Fuel Cell Car

    honda_fcv-concept.jpg


    මගීන් 5දෙනෙකුට සුවපහසුව ගමන්කල හැකි මෙම රථය බලගැන්වෙන්නේ හයිඩ්‍රජන් එන්ජිමකින්. ෆියුල්-සෙල් තාක්ශණය ලෙස හැඳින්වෙන මෙම තාක්ශණය පරිසරයට ඉතාම හිතකර තාක්ශණයක්. එක්වරක් හයිඩ්‍රජන් පුරවාගත් විට කිලෝමීටර් 480ක් ගමන් කල හැකිය.

    2016 වසරේදී ඉතා දැඩි පරිසර නීතිවලින් යුතු කැලිෆෝනියා ප්‍රාන්තයෙන් මෙම කාරය වෙළඳපොලට හඳුන්වාදීම ඇරඹීමට හොන්ඩා සමාගම සූදානම් වන අතර මෙම රථවලට අවශ්‍ය හයිඩ්‍රන්ජ් ඉන්ධන හල් ආරම්භ කිරීම සඳහා හොන්ඩා සමාගම අමෙරිකානු හයිඩ්‍රජන් වායු නිශ්පාදන සමාගමක් සමග ගිවිසුමක් අත්සන් කොට තිබෙනවා.




    Ford F-150 Raptor

    ford-raptor-truck.jpg



    Range Rover HSE TD6 and Range Rover Sport HSE TD6

    range-rover-diesel.jpg



    Audi Q7



    audi-q7.jpg



    Honda Aura NSX



    acura-nsx-front.jpg



    Nissan Infiniti Q60



    infinity-q60.jpg


    උපුටා ගැණිමකි

    Code:
    http://vidya-gaweshana.blogspot.com/...blog-post.html
    හොදනම් රේප් දිලා ගියාට කමක් නැ

    අනික් අයට බලන්නත් ඒකක්ලා බම්ප් කර්න්න දිගටම :yes: