ජනපතිගේ මස්සිනා බිලියන ගණන් පාඩු කරලා මා&#3495

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
ජනපතිගේ මස්සිනා බිලියන ගණන් පාඩු කරලා මා&#3495

හිටපු ජනපතිගේ මස්සිනා ශ්‍රී ලංකන් ගුවන් සේවය බිලියන ගණන් පාඩු කරලා - අමාත්‍ය පාඨලී චම්පික රණවක

මේ රාජ්‍ය සේවය පිරිසිදු කරනවා වගේම ඒකට ස්වාධීන කොමිසම් පත් කරනවා වගේම රටේ උපායමාර්ගික ආයතනවලට පුද්ගලයින් පත් කිරීමේදී අනිවාර්යයෙන්ම වෘත්තීය සුදුසුකම් ඇති කරන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට වරාය එහෙම නැත්නම් ගුවන් සේවාව එහෙම නැත්නම් ලංකා විදුලිබල මණ්ඩලය, එහෙම නැත්නම් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව. මේවා රටේ උපාය මාර්ගික ස්ථාන. මේවාට වැරදි පුද්ගලයින් සුදුසුකම් නැති වෘත්තීය මට්ටෙම් නැති පුද්ගලයින් පැමිණියාම ඒවා සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙනවා. දැන් උදාහරණයක් විදිහට හිටපු ජනාධිපතිතුමාගේ ඥාතී, ඔහුගේ මස්සිනා ශ්‍රී ලංකන් ගුවන් සේවට පත් කරන්නට කලින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සමුච්ඡිත ලාභය රුපියල් බිලියන 12යි. ඒ කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය අපිට භාර දෙන අවස්ථාවේ තිබුනේ එවැනි ලාභ ලබන තත්ත්වයක. නමුත් ඉන් පස්සේ සෑම අවුරුද්දකම බිලියන් 27, 28, 30 ආදි වශයෙන් ණය වෙනවා. මම කියන්නේ මේ රටේ මිනිස්සුන්ට ලයිට් දෙන්න ගිහිල්ලා, මේ රටේ මිනිස්සුන්ට කන්න දෙන්න ගිහිල්ලා ආණ්ඩුවක් පාඩු වුනාට කමක් නැහැ. බිලියන් 27ක් කියන්නේ පොඩි ගාණක් නෙවෙයි. මත්තල ගුවන් තොටුපලට වියදම් කළ මුදල එතකොට හැම අවුරුද්දකම ගුවන් තොටුපලක් අළුතෙන් හදන්න පුළුවන් ප්‍රමාණයක් මේ එක පුද්ගලයෙක්ගේ අකාර්යක්ෂමතාවය මත වැනසෙනවා. ඒ නිසා අපි මේ උපාය මාර්ගික ආයතනවලට පුද්ගලයින් පත් කරද්දී අනිවාර්යයෙන්ම වෘත්තීය සුදුසුකම සහ ඒවයේ කළමණාකාරී හැකියාව පිළිබඳ මාර්ගෝපදේශයන් ඕනේ. ඒ වගේම ලේකම්වරු පත් කරද්දීත් එවැනිම මාර්ගෝපදේශයන් අවශ්‍යයයි. මම හිතන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය ඇතුළේ අපි මේ වාගේ කාරණා පිළිබඳවත් අනිවාර්ය අවධානය යොමු කරන්න ඕනේ.

මාධ්‍යවේදියා - ඇමතිතුමා දැන් සමෘද්ධියට යන්නේ බිලියන 7යි. ඔබතුමා කියනවා දැන් එයා ලංකා එකෙන් ඔච්චර පාඩුවක් වෙලා තියනෙවා කියලා. ඒ කියන්නේ අපිට තුන් ගුණයක් දෙන්න තිබ්බා සමෘද්ධිය අර ජනතාවට.

දැන් උදාහරණයක් හැටියට දැන් ශ්‍රී ලංකන් සේවය ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට මිහින් ලංකා සේවයේ ණය බර ප්‍රමාණය රුපියල් බිලියන 22යි. තෙල් ගහපුවාට සල්ලි ගෙවලා නැහැ. මේ බිලියන් 22 පොළිය අවුරුද්දකට බිලියන 2.2යි. මිලියන් 2200යි. කවුද මේවා ගෙවන්නේ. මේවා ගෙවන්නේ සජින් වාස් ගුණවර්ධන ද? නිශාන්ත වික්‍රමසිංහ ද? නෑ මේවා ගෙවන්නේ පෙට්‍රල් පාරිභෝගිකයා, ඩීසල් පාරිභෝගිකයා, භූමිතෙල් පාරිභෝගිකයා. ඉතින් ඒක අවසාන වශයෙන් මේ රටේ අපේ සාමාන්‍ය ජනතාව මත තමයි යන්නේ.

මාධ්‍යවේදියා - සජින් වාස්ගේ නම ආපු නිසා මම අහන්නේ දැන් එතුමා තෙල් අරගෙන හෙලිකොප්ටරවලට සල්ලි ගෙවලා තිබුණේ නැහැ. නමුත් ඇමතිතුමා භාරගන්න ඉස්සරවෙලා ගිහිල්ලා සල්ලි ගෙවලා තිබ්බා. නමුත් ඔහුට එසේ ගෙවීමට මිලියන ගණන් මුදල් ලැබුනේ කොහොමද කියලා පරීක්ෂණ කෙරෙනවා මම දුටුවේ නැහැ.

ඒ අය සම්බන්ධයෙන් ඉන්කම් ටැක්ස් දෙපාර්තමේන්තුව ඇත්තටම ක්‍රියා කරන්න ඕනේ කොහොමද මේ මුදල් එන්නේ කියලා. මොකද සජින් දන්නවා මම ඇමති වුණාට පස්සේ එයාට තවත් ඕවා නොගෙව ඉන්න අමාරුයි කියලා. හැබැයි කොහොමද ඒ මුදල එන්නේ කියන එක පිළිබඳව අපේ ආදායම් බදු දෙපාර්තමේන්තුව ඒ අය පමණක් නෙවෙයි තවත් අය සම්බන්ධයෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුව පැහැදිලි විමර්ශණයක් කරන්න ඕනේ.

ඔහුට පමණක් නොවෙයි තවත් විශාල පිරිසක් සම්බන්ධයෙන් කොහොමද ඒ අය මේ යෝධ ධනය උපදවාගෙන තියෙන්නනේ, කොහොමද ඒ අය මේ ධනය ගෙනිච්චේ කියන එක පිළිබඳව වාර්තා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට අපිට ලබා දීලා තියෙනවා ඇතැම් ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු පිරිස් කොහොමද මේ සල්ලි පෙට්ටි, සල්ලි තොග ගෙනිච්චේ කියලා. ලෑන්ඩ්රෝවර්වල දාගෙන පෙට්ටි පිටින්, තොග පිටින්. ඒ පිළිබඳ සමස්ථ විස්තර අපි ලබා දීලා තිබෙනවා. ඒ පිළිබඳ පර්යේෂණ කළ යුතුයි. ඇත්තටම මේවා අනාගතයේ මේ පිළිබඳව නිශ්චිත තත්ත්වයන් නොපැමිණියොත් අපට සිද්ධවෙනවා මේවා ජනතාවට කියන්න.

අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ පසුගිය 14 වන දා සිරස රූපවාහිනියේ පැවැති සටන දේශපාලන සංවාදයට සහභාගී වෙමිනි.
 
  • Like
Reactions: Shadow.Walker

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
පැටියා;17942449 said:
Okun okkoma horu

මූණෙ හැටි බලපන් සොන්නයාගෙ.
ශිරන්ති වගේම නිකන් තම්බපු ඉස්සෙක් වගෙ.
 

neonz

Member
Mar 31, 2008
1,349
55
0
10437349_1381608925488839_749303260474899685_n.jpg
 
  • Like
Reactions: arsehole-froce

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    dan palanayath wenas una nisaa rajaye depala kala kiyaala pahadili eke daduwam denna ona owayen hoyanna puluwanne aniwaa daduwam denna ona chodana vitharak kara kara idalaa therumk naha
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    dan palanayath wenas una nisaa rajaye depala kala kiyaala pahadili eke daduwam denna ona owayen hoyanna puluwanne aniwaa daduwam denna ona chodana vitharak kara kara idalaa therumk naha

    මේවට දඩුවම් දෙන්න බැහැ.
    ජනාධිපතියා නිත්‍යානුකූල පත්වීමක් දිල තියෙන්නෙ.
    උගෙ නූගත් කම නිසයි මේක වල පල්ලට ගිහින් තියෙන්නේ.