වත්සුණූ…

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
සුගන්ධකාරක සුවඳ ගැන මෙන්න අමිහිරි ඇත්ත...

3213-660x330.jpg




සුවඳ විලවුන් වල ඉතිහාසය පටන් ගන්නේ පුරාණ ඊජිප්තුවෙනි. ක්ලියෝපැට්රා රැජින මාර්ක් ඇන්ටනි වසඟ කර ගැනීම සඳහා එක්තරා සුවඳ විලවුන් වර්ගයක් භාවිත කළ බව පැවසෙනවා. ග‍්‍රීසියේ ප්ලීනි, වසර 3,000 කටත් පෙර සුවඳ විලවුන් නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳ සටහන් කර තිබෙනවා.


18 වන සියවසේ ප‍්‍රංශයේ xv වන ලූවී රජු, තම අධිකරණය දිනපතාම සුවඳ විලවුන් වලින් සුගන්ධවත් කළ බව පැවසෙනවා. (The perfumed court)


ලොව විශිෂ්ටතම වශීකාරක සුවඳ විලවුන් වර්ගය තැනීම සඳහා තරුණ කාන්තාවන් සිය ගණනක් ඝාතනය කරන ජින් බැප්ටිස්ටි නැමති මනස විකාර වූ පුද්ගලයෙකු පිළිබඳව 2006 වර්ෂයේ දී තිරගත කෙරුණු ”පර්ෆියුම්” නැමති චිත‍්‍රපටයෙන් කියැවෙනවා.:yes::yes:

එදා ප‍්‍රංශයේ පහළොස්වන ලූවී රජුගේ පාලන සමය ලෝක ඉතිහාසය තුළ සුගන්ධවත් මතකයන් ඉතිරි කර නොමැත. ඔහුගේ කුප‍්‍රකට අධිකරණයෙන් ලැබුණු තීන්දු තීරණ ප‍්‍රකාරව, අසරණ අහිංසක මිනිසුන් ලක්ෂ ගණනකට බැස්ටීලය (හිරගෙදර) හෝ ගිලටීනය උරුම විය. චාල්ස් ඩිකන්ස් ගේ A Tale of Two Cities (දෙනුවර අන්දරය) නැමති ප‍්‍රකට නවකථාවෙන් ලූවී රජුගේ සුගන්ධවත් අධිකරණයේ පැටිකිරිය අපට දැනගන්නට පිළිවන.

එකල ස්වභාවික මූලාශ‍්‍ර පදනම් කර ගත් සුවඳ විලවුන් නිෂ්පාදනය, අද වන විට වැඩි වශයෙන් විවිධ කෘත‍්‍රිම රසායනික සංයෝග භාවිත කරන (එවැනි සංයෝග 6,000 ක් පමණ භාවිත කෙරෙතැයි හඳුනාගෙන ඇත) වෙළෙන්ඳන් හට දැවැන්ත ලාභ උල්පත් පාදා දෙන මහ දැවන්ත කර්මාන්තයක් වී තිබේ.


මව ගල්වන සුවඳ විලවුන් නිසාවෙන්, පිරිමි දරුවන්ට වඳභාවය

ගර්භණී මවගේ කුස තුළ වර්ධනය වන පිරිමි කළලයේ වෘෂණකෝෂ වලට, සුවඳ විලවුන් හා ෂැම්පෝ වල තිබෙන ඇතැම් හානිකර රසායනික ද්‍රව්‍යයන් නිසාවෙන්, ස්ථිර ලෙසම හානි සිදු වන බවත්, එම හානිය නිසාවෙන්, මෙළොව එළිය දකින පිරිමි දරුවන් වඳභාවයට හෝ මඳ සරුභාවයට හෝ අඩු වයසින් පිළිකා රෝග වලට ගොදුරු විය හැකි බවත්, මහා බි‍්‍රතාන්‍යයේ එඩින්බරෝ සරසවියට අනුබද්ධ වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ මානව විද්‍යා ඒකකයේ මහාචාර්ය රිචර්ඞ් ෂාප් විසින් එළි දක්වා තිබෙන පර්යේෂණ වාර්තාවක දැක්වෙනවා.



වර්ෂ 2010 දී ඇමරිකා එක්සත් ජනපදයේ මහජන සෞඛ්‍යය පිළිබඳ ප‍්‍රමඛ සංවිධානයක් වන ”පාරිසරික වැඩ සාමූහිකය” (EWG)නැමති ආයතනය සහ ”සුරක්ෂිත විලවුන් සඳහා වන ව්‍යාපාරය” (Campaign for Safe Cosmetics) නැමති ස්වෙච්චා සංවිධානය සමග ඒකාබද්ධව සිදුකළ සමීක්ෂණයක දී, එරට වෙළෙඳසැල් තුළ විකිණීමට තිබුණු ලොව ප‍්‍රචලිත සුවඳ විලවුන් වර්ග 17 ක් තුළම ලේබලය මත සඳහන් නොකළ හානිකර, රහස් රසායනික ද්‍රව්‍යයන් අන්තර්ගතව තිබුණු බවට හෙළි වී තිබෙන අතර, ඒවායින් ඇතැම් රසායනික ද්‍රව්‍යයන් ප‍්‍රජනන පද්ධතියට, මොළයට, පෙනහැල්ලට අතිශයින්ම හානිකර… පිළිකාකාරක ඒවා බවත් ඔවුන්ගේ සමීක්ෂණ වාර්තාවේ දැක්වෙනවා.


(http://safecosmetics.org/article.php?id=64)
1986 වසරේ දී ඇමෙරිකානු විද්‍යා ඇකඩමිය විසින් ඇතැම් කෘත‍්‍රිම සුගන්ධකාරක වර්ග මොළයේ ෙසෙල වලට හානි කිරීමට හේතු වන ප‍්‍රධාන රසායනික සංයෝග කාණ්ඩ 6 න් එකක් ලෙස නම් කර තිබෙනවා.

ඇමෙරිකානු පාරිසරික ආරක්ෂණ අධිකාරියේ (EPA) වාර්තාවකින් අනතුරු අඟවා ඇත්තේද, එරට භයානකම විෂ වර්ග ඇත්තේ බාහිර පරිසරය තුළ නොව, නිවෙස් තුළ භාවිත කෙරෙන ෂැම්පෝ, නිය ආලේපන, තොල් ආලේපන, බොඩි ලෝෂන්ස්, හෙයා ඩයි වර්ග, විලවුන්, සේදුම්කාරක ද්‍රව්‍යයන්, මදුරු විකර්ශක, එයාර් ෆ්‍රෙස්නර්ස්, ගෘහස්ථ කෘමි නාශක, වැනි ගෘහස්ත රසායනික ද්‍රව්‍යයන් ආශ‍්‍රිත පාරිභෝගික නිෂ්පාදන තුළ බවය.


වස සැඟවීමේ අයිතිය

තම සුවඳ විලවුන් වලට අනන්‍ය වූ සුවඳට හේතු වන රසායනික සංයෝගය කුමක්දැයි ලේබලයේ සඳහන් නොකිරීමට ”වෙළෙඳ රහස් සඟවා ගැනීමේ ඊනියා අයිතිය”ට මුවා වී නිෂ්පාදකයින්ට කළ හැකිය. ඇමෙරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය (FDA)ඇතුලූ ලොව බොහොමයක් රටවල් මෙම ඊනියා අයිතිය පිළිගෙන ඇත. මේ අනුව, සුවඳ විලවුන් වර්ග වල පමණක් නොව, සිසිල් බීම ඇතුලූ ආහාර නිෂ්පාදන බොහෝමයකම අඩංගු ද්‍රව්‍යයන් පාරිභෝගිකයින්ගෙන් සැඟවීමේ අයිතිය නිෂ්පාදකයින්ට හිමිව ඇත.

සුවඳ විලවුන් තුළ එළිපිට හෝ සැඟවී තිබිය හැකි, සුළබ රසායනික ද්‍රව්‍යයන් කිහිපයක පැටිකිරිය මෙසේය.
තැලේට් (Phthalate)
මෙය අතිශයින්ම හානිකර රසායනික සංයෝගයකි. ප‍්‍රබල හෝමෝන ක‍්‍රියාකාරිත්ව වියවුල් කාරකයක්, :ෑබාදජරසබැ ාසිරමචඑැර* වන්ධ්‍යාකාරකයක්, සහ පිළිකාකාරකයක් ලෙස හැඳින්වෙනවා. තැලේට් අඩංගු බොහොමයක් සුවඳ විලවුන් සහ එයාර් ප්‍රෙශ්නර්ස්, ෂැම්පෝ වර්ග, නිය ආලේපන, ප්ලාස්ටික් ළදරු නිෂ්පාදන යුරෝපා කොමිසමේ රටවල් වල සපුරා තහනම් කර ඇත.
තවද, පිළිකාකාරකයක් මෙන්ම, පුරුෂ ශුක‍්‍රාණු විනාශ කිරීමට ද හේතුකාරකයක් වන, ඩයිඑතිල් තැලේට් නැමති සුගන්ධකාරකය, අපේ රටේ අළෙවි කෙරෙන ඇතැම් සුවඳ විලවුන් වර්ග වල ලේබලය මත සඳහන් කර තිබෙණු ද දැක ගත හැකිය.
ඇතැම් අධ්‍යයනවලට අනුව ෘෑඡු රසායනිකය අඩංගු සුවඳ විලවුන් වර්ග සුලබව භාවිත කළ ගර්භණී මවුවරුන්ගේ පිරිමි දරුවන් තුළින් ස්ත‍්‍රී ලක්ෂණ පෙන්නුම් කෙරේ.


අතිශයින්ම විෂ කස්තුරි සුවඳ (Musk)

ඇමෙරිකාවේ Environmental Working Group ආයතනය EWG විසින් කර ඇති පර්යේෂණයක දී හෙළි වී ඇති ආකාරයට කෘත‍්‍රිම කස්තුරි සුවඳට හේතු වන Galaxolide සහ Tonalide වැනි රසායනික සංයෝග, වැදෑමහ හරහා මවු කුස සිටින කළලයට ද සංක‍්‍රමණය වේ.

මෙම රසායනික සංයෝග හෝර්මෝන ක‍්‍රියාකාරිත්වය වියවුල් කර දමන බවත්, පියයුරු පිළිකා අවදානම ඉහළ දමන බවත්, ශරීරයේ ස්වභාවික විෂහරණ යාන්ත‍්‍රණය Detoxification බිඳ දමන බවත් හෙළි වී තිබෙනවා. http://safecosmetics.org


සෝඩියම් බෙන්සොඒට්
මෙය ජෑම්, කෝඩියල් වැනි ආහාර නිෂ්පාදන මෙන්ම සුවඳ විලවුන්, ෂැම්පෝ, ක‍්‍රීම් වර්ග, බොඩි ලෝෂන්ස්, ලිප් බාම් වර්ග කල්තබා ගැනීම සඳහා සුළබව භාවිත කරන රසායනික ද්‍රව්‍යයක් වෙයි. මෙම රසායනිකය ආහාර ජීර්ණ මාර්ගය ඔස්සේ මෙන්ම සම හරහාද ක්ෂණිකව ශරීරගත වී අපගේ ෙසෙල වලට ඔක්සිජන් සැපයුම අඩාල කරයි.



කෘත‍්‍රිම ඇල්කොහොල් වර්ග

මේවා පෙට්ට්‍රෝලියම් පාදක කර ගත් ඇල්කොහොල් වර්ගයන් වෙයි. මෙම කාණ්ඩයේ ඇල්කොහොල් වර්ග බොහෝමයක්ම අසාත්මිකතා වලට හේතු කාරක වෙයි. එමෙන්ම හෝමෝන පද්ධතිය අවුල් කරන, මඳ සරුභාවයට හේතු වන, සම හරහා ලෙහෙසියෙන්ම ශරීර ගත වන රසායනිකයන් වෙයි. ඇස් හා පෙනහැලි වල දැවිල්ල ඇති කරයි. සුලබව යෙදෙන මෙවැනි ඇල්කොහොල් වර්ගයක් වන බෙන්සිල් ඇල්කොහොල් Benzyl alcohol සමේ අසාත්මිකතා, විශේෂයෙන් Systemic eczematous නැමති චර්ම රෝගයටද හේතු විය හැකියි. යුරෝපා සංගමයේ රටවල ලේබල් රෙගුලාසි ප‍්‍රකාරව බෙන්සිල් ඇල්කොහොල් තිබෙන බව සඳහන් කිරීම අනිවාර්ය වෙයි.

ඞී.එම්.ඞී.එම්. හයිඬේසන් සහ බ්රෝනොපෝල් (DMDM hydaton / Bronopol)

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුයුක්ත, පිළිකා පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ ඒජන්සියේ International Agency for Research on Cancer (IARC) වාර්තා වලට අනුව මෙය ප‍්‍රබල පිළිකාකාරකයක් වෙයි.



බියුටේන්, අයිසො බියුටේන්, ප්‍රොපේන්

එංගලන්තයේ විසූ 16 හැවිරිදි ජොනතන් කේප්වෙල් නැමති නව යෞවනයෙකු, එක්තරා ඩි ඕඩරන්ට් වර්ගයක් අධික ලෙස කාලයක් තිස්සේ ඇඟ ගැල්වීම නිසාවෙන්, 1998 වසරේදී හදිසියේ හෘදයාබාධයක් වැළඳීමෙන් මිය ගියේය. මරණ පරීක්ෂණයේ දී හෙළි වූයේ ඔහුගේ සිරුරේ ඩි ඕඩරන්ට් වල තිබෙන බියුටේන් සහ ප්‍රොපේන් නැමති රසායනික සංයෝග අධිකව තිබුණු බවය.

අනෙක් අතට මෙම සංයෝග චර්මාබාධ, ඇඳුම වැනි අසාත්මික රෝග උත්සන්න කරවීමට සමත් රසායනික ද්‍රව්‍යයන් ද වෙයි.


පැරබීන්

පැරබීන් වර්ග රාශියක් වෙයි. සුවඳ විලවුන්, ෂැම්පො, බොඩි ලෝෂන්ස්, දහදිය ගඳ වළක්වන ආලේපන වර්ග Deodorants වැනි විලවුන් නිෂ්පාදන කල් තබා ගැනීම සඳහා භාවිත කරයි.

පියයුරු පිළිකා රෝගීන්ගේ පියයුරු පටක තුළ, පැරබීන් සංයෝග සුලබව දැකිය හැකි බව සොයා ගෙන තිබේ. වන්ධ්‍යාකාරකයක්, මඳ සරුභාවයට හේතු වන රසායනික කාණ්ඩයක් ලෙසත් හැඳින්වෙයි. බොහෝ රටවල තහනම් කර ඇත. මෙරට වෙළෙඳසැල් තුළ අළෙවි කෙරෙන බොහෝමයක් නිෂ්පාදන තුළ අන්තර්ගත වෙයි. (බියුටිල් පැරබීන්)


සෞඛ්‍යයට හිතකර සුවඳ විලවුන් භාවිතයකට
යුරෝපා කොමිසම සහ වෙනත් පිළිගත් ආයතන විසින් තම රටවල ජනතාවට ලබා දී ඇති මඟ පෙන්වීම් හා උපදෙස් විමසා බැලීමේ දී ඒවා අප විසින් ද පිළිපැදීම වරදක් නැති බව හැඟී යයි.

  • විලවුන් හා සුවඳ විලවුන් භාවිතයේ දී පිළිපැදිය යුතු මූලිකම පූර්වාරක්ෂක උපදෙස වන්නේ ඒවා හැකිතාක් භාවිතයෙන් වැළකීම හෝ අවම ලෙස භාවිත කිරීමයි. ස්වල්පය කඳිමයි. නොදා සිටීම අනර්ගයි.
  • සුවඳ වලිවුන් වර්ග භාවිත කරනවා නම් සමට නොව, ඇඳුමේ ගල්වා ගන්න. සම, සියුම් සිදුරු මිලියන ගණනක් තිබෙන සිරුරේ විශාලම ඉන්ද්‍රයයයි. අපගේ සම මත ගැටෙන, තැවරෙන, බොහෝමයක් රසායනික ද්‍රව්‍යයන් සම මතින් ශරීර ගත වෙනවා. ඉතින් කටේ දමා ගන්න බැරි යමක් සමේ ගා ගන්න එපා.
  • සැර සුවඳක් වහනය වන නිෂ්පාදන භාවිත නොකරන්න. සාමාන්‍යයෙන් ඔබ ගල්වන සුවඳ විලවුන් වර්ගයේ සුවඳ වහනය විය යුත්තේ ඔබේ අතේ දුරට පමණි.
  • පොදු ස්ථාන වල එයාර් ප්‍රෙෂ්නර්ස් වැනි සුවඳකාරක වර්ග භාවිත නොකරන්න.
    කෘත‍්‍රිම සුගන්ධකාරක වර්ග අඩංගු නිෂ්පාදන වලින් වළකින්න
    (”ස්වභාවික” ලේබලයට මුවා වී, මෙරට අලෙවි කෙරෙන නිෂ්පාදන වල අන්තර්ගත ද්‍රව්‍යයන් සහතික ලෙසම ස්වභාවිකදැයි තහවුරු කර ගැනීමට ක‍්‍රමවේදයක් නොමැති වීම අවාසනාවකි.)
  • කෘත‍්‍රිම ඇල්කොහොල් වෙනුවට, Alcohol denat එතිල් ඇල්කොහොල් අඩංගු නිෂ්පාදන මිල දී ගන්න.
    ශරීරයේ සංවේදී ස්ථාන වන, කන පිටුපස, බෙල්ල, මුහුණ, ඇස්, අත්ල, ප‍්‍රජනන ඉන්ද්‍රිය ආශ‍්‍රිතව සුවඳ විලවුන් වර්ග ගැල්වීමෙන් වළකින්න.
  • සුවඳකාරකයේ නම name of fragrance සඳහන් නොවේ නම් මිල දී නොගන්න.
  • බෙන්සීන් කාණ්ඩය ඇති සියලූම නිෂ්පාදන වලින් වළකින්න.
  • ඇඳුම, හතිය වැනි අසාත්මිකතා ඇති උදවිය කුඩා ළමුන්, ගර්භණී කාන්තාවන් සිටින නිවෙස් වල, ස්ථාන වල සුවඳ විලවුන් හෝ වෙනත් සුගන්ධකාරක (කාමර සුවඳකාරකයන් වැනි) භාවිත නොකරන්න.
  • ගිලෙන්නට, හානිකර ලෙස සම මත තැවරීමට, ඇසට වැටෙන්නට, ආඝ‍්‍රාණය වීමට ඉඩ ඇති බැවින්, කිසිදු විටෙක කුඩා ළමුන්ට සුවඳ විලවුන් වර්ග භාවිත කරන්නට ඉඩ දෙන්න එපා.
  • ඔබේ ළමුන් ඉදිරියේ කිසිදු විටෙක සුවඳ විලවුන් වර්ග භාවිත නොකරන්න (ඇතැම් විට මේවායේ උග‍්‍ර අසාත්මිකතා ඇති විය හැකි, රසායනික ද්‍රව්‍යයන් අන්තර්ගතව තිබෙන්නට පිළිවන)
  • සුවඳ විලවුන් හා විලවුන් වර්ග වල තිබෙන සැක කටයුතු හෝ හානිකර රසායනික ද්‍රව්‍යයන් වල පැටිකිරිය ගැන දැන ගැනීම සඳහා EWG වෙබ් අඩවියේ http://www.ewg.org/skindeep/faq/ වෙත පිවිසෙන්න.
  • ජාත්‍යන්තර සුගන්ධකාරක සංඝටක සංගමය The International Fragrance Association – IFRA) විසින්, විෂභාවය සනාථ කෙරෙන සුගන්ධකාරක සංඝටක, කලින් කලට නියාමනය කෙරෙන අතර, යුරෝපා කොමිසම විසින් අන්තරායදායක රසායනික ද්‍රව්‍යයන් ලෙස නම් කර සුගන්ධකාරක වර්ග 1,328 ක් දැනටමත් තහනම් කර ඇත. On 11 July 2013 the new EU Regulation 1223/2009) මෙම ලැයිස්තුව දැන ගැනීමට http://ec.europa.eu/consumers/cosmetics/cosing/index.cfm?fuseaction=search.results වෙත පිවිසෙන්න.
    සුද්දන් විසින් භාවිතය තහනම් කර ඇති, ඉදිරියේදී තහනම් කෙරෙන රසායනික ද්‍රව්‍යයන් අත්හදා බලන පර්යේෂණාගාර මීයන් බවට ඔබව… ඔබේ දරුවාව පත් කර ගන්නට ඉඩ දෙන්න එපා.
අපේ රටේ තත්ත්වය
මෙරට නිෂ්පාදනය කෙරෙන විලවුන්, සුවඳ විලවුන් වර්ග බොහොමයකම පාහේ ලේබල් මත අඩංගු රසායනික ද්‍රව්‍යයන් සඳහන් නොවේ. එමෙන්ම මේවා පිළිබඳ මෙරට තුළ සිදු කළ විධිමත් පර්යේෂණ වල තොරතුරු ද අල්පය. එබැවින් ඒවා පිළිබඳ හරි යමක් පැවසීම ද අපහසුය.

එහෙත් මේවා ආනයනය කරන්නන්, නිෂ්පාදනය කරන්නන් අති බහුතරයක් මෙරට වැසියන් වන නිසාවෙන්, ඔවුන්ගේ අනාගත පරම්පරාවද අනතුරේ හෙළන හානිකර රසායනික ද්‍රව්‍යයන් වලින් තොර, නිෂ්පාදනයන් අළෙවි කිරීම, නිෂ්පාදනය කිරීම ඉලක්ක කර ගත් සදාචාරාත්මක වෙළෙදාමක් උදෙසා ඔවුන්ව බල ගැන්වීම පාරිභෝගිකයින් වන අපගේද වගකීමකි.
මේවා නියාමනය කිරීම සඳහා නීති රෙගුලාසි අනාගතයේ දී අපේ රටේත් සම්පාදනය කෙරෙණු ඇත.
එහෙත් නීති රීති වලින් සියල්ල සිදු කෙරෙන කල් නොසිට තම ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම අප කාගේ කාගෙත් සෞඛ්‍යයට හිතකර වනු ඇති බව මෙහි අවසන අවධාරණය කොට ලියා තබමි.


විශේෂ ස්තුතිය

බණ්ඩාරවෙල, ඇල්ලේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ගැමුණූ සාලිය පෙරේරා
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හැම සුන්දර දෙකම අසුන්දර පැත්ත තම්යි ඔය
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    Do I imagine it, or do I see your stare
    Is there still longing there?
    Oh I hate myself, and I feel crazy
    Such a classic tale
    Current girl friend, ex girlfriend, I'm trying to be cool
    Am I being paranoid, am I seeing things?
    Am I just insecure?
    I want to believe
    It's just you and me
    Sometimes it feels like there's three
    of us in here baby

    CHORUS
    So I, wait for you to call
    And I try to act natural
    have you been thinking 'bout her or about me
    And while I wait I put on my perfume, yeah I want it all over you
    I gotta mark my territory
    I'll never tell, tell on myself but I hope she smells my perfume
    I'll never tell, tell on myself but I hope she smells your perfume
    I hide it well, hope you can't tell but I hope she smells my perfume
    I hide it well, hope you can't tell but I hope she smells my perfume
    I wanna fill the room, when she's in it with you
    Please don't forget me
    Do I imagine it, or catch these moments
    I know you got history
    But I'm your girlfriend, now I'm your girlfriend trying to be cool
    I hope I'm paranoid, that I'm just seeing things
    That I'm just insecure
    I want to believe
    It's just you and me
    Sometimes it feels like there's three
    of us in here baby

    CHORUS
    So I, wait for you to call
    And I try to act natural
    have you been thinking 'bout her or about me
    And while I wait I put on my perfume, yeah I want it all over you
    I gotta mark my territory
    I'll never tell, tell on myself but I hope she smells my perfume
    I'll never tell, tell on myself but I hope she smells your perfume
    I hide it well, hope you can't tell but I hope she smells my perfume
    I hide it well, hope you can't tell but I hope she smells my perfume



    +9 :yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :ෑබාදජරසබැ ාසිරමචඑැර* වන්ධ්‍යාකාරකයක් :oo: :eek:

    නොතේරෙන භාෂාවෙන් ලියල තියෙන්නේ රහස් වට්ටෝරුවක් වෙන්න ඇති බං. නැත්නම් අනිවා කුණු හරුපයක්...:D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    නොතේරෙන භාෂාවෙන් ලියල තියෙන්නේ රහස් වට්ටෝරුවක් වෙන්න ඇති බං. නැත්නම් අනිවා කුණු හරුපයක්...:D

    :nerd: මොකක් හරි එවන් හරුපයක් නම් තමා. :baffled: මට එක පාරම හයිලයිට් වුනේ ඒක. :oo: දිව්‍ය අප්සරාවො ගාන ඒව වෙන්ටැ. :yes: අර ඇඩ් එකක "මට ඡවි කල්‍යාණය දුන මැනවි" කියල ඉල්ලන්නෙ ":ෑබාදජරසබැ ාසිරමචඑැර* වන්ධ්‍යාකාරකය" වෙන්ට ඕන. :confused:

    සිරාවට? :O

    :yes: ":ෑබාදජරසබැ ාසිරමචඑැර* වන්ධ්‍යාකාරකය" තැවරූ ගත මට අගේ නොවෙන්නා..
    :love: වනෙහ් පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා..
    :oo: ඔමරි බැලුම් හෙලාවී, :( මුහුණ බිමට නැවේවී..

    ටුරුරු රූ.. රු රූ.. රු රූ..

    d6f.jpg


    :confused: :confused: :confused: :confused: :confused: