හදේ කොතැනක හෝ හිඳී ඔබ!
හදෙ කොතැනක හෝ හිදී ඔබ
මතකයන් අපව ජිවත් කරවයි. විටක ආශ්වාදයෙන්ද විටෙක කලකිරිමකින්ද තවත්විටක විදවමින්ද මතකයන් අනේකවිද අයුරින් සිත් තුල තැන්පත්ව ඇත. එහෙව් දියෙහි ලූ රබර් බෝලයක් වන් මතකයන් වරින් වර මතුවන්නේ නිතැනිනි. එවැනි මතකයන් කෙතරම් ජිවිතයට බැදී පවතීද ?? හදවතේ කොතැනක හෝ හිඳිමින් සිතට වේදනා ගෙනදෙන ප්‍රේමණීය සිතුවිල්ලක අරුමය පිළිබඳ කියැවෙන මෙම ගීතය කුමාරදාස සපුතන්ත්‍රිගේ අපූරු පද බැදුම් හැකියාව හා එතුල සිටින සුන්දර මිනිසා පිලිබදව මානව කියාපායි. ප්‍රේමයේ විරහව ඉතා සියුම් ලෙස ගෙන හැර පායි
හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙළා හස රැහැනින්
පෙළයි මා මුදා සුව දැහැනින්
මෙමෙ ගීතය මා සිතන ආකාරයට වියෝවූ බිරිදක් ගැන කියවෙන ගීතයක් නොවේ. මෙහි රචකයා තමාගේ මතකයට නැගෙන අතීතයේවූ ආලය පිළිබද ප්‍රස්තුතයකි. අතීත ප්‍රේමයට හදෙ වෙන්වූ ඉඩ තවමත් තමාගේ සිතේ ඇති බව රචකය විටෙක් අමතක කරයි. ඒ අමතක කිරීම ඇත්තෙන්ම උඩුසිත රවටා ගැනීමක් වැන්න. මෙයින් හැඟන්නේ ඒ හදේ කොනක තම අතීත ආදරය කැටි වෙලා ඇති බව ය. නින්දක් නොනින්දත් අතරේ ඇය තාමත් හදවතේ සිටිනවාම ය. ඇය හදෙ කොතනකෝ නිදා නොනිදා හෝ ජිවත් වෙම බව ඔහු පවසන්න එබැවිනි. නින්දත් නොනින්දත් අතර සිටිනා තරුණිය ඇගේ සිනා මතකයන්ගෙන් ඔහු වෙලා වේදනාවෙන් පෙලන්නිය. ඔහුගේ සුව දැහැන බිඳින්නීය. පෙරදා සතුට ගෙනා සිනාව මෙදා රැහැනක් ලෙසින් ඔහු වටා එතී ඔහු රිදවයි. ඔහුගේ මතයක් තුලින් අයව නැවත ජීවමාන කරයි. නිරන්තරයෙන් ගැහැණු කරන්නේ හොදම වෙලාව බලා රිදෙන්නට තියන උපරිම තැන රිදවීමය. එය මෙයින් මනාව කියාපායි ඇයගේ ආලය මුවට මදහසක් නගන්න්ක් උවත් ඇගේ මතකය ඔහුගේ සන්සුන් සතුටු සිතුවිලි බිද දමන්නකි. ආලය සිතේ දැවටී එතුනාක් මෙන් අයගේ මතකයෙන් ලැබෙන වේදනාවද සිතේ එතේමීන් පවතී. ඇත්තෙන්ම මෙහි තරුණිය නොසිටි. ඇත්තේ ඔහුගේ සිත තුල තිබෙන ඇගේ මතකයන් පමණි. ඔහු මතකය පදනම් කොට පෙම්වතියව ජීවමාන කරවයි. එම ජීවමාන පෙම්වතියට පවසන්නක් මෙන් තමාටම පවසා ගනී
සයුරු ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තළා මා සිත පලා ගිය ඔබ
දවලයි මා - අද
තනි වෙනා මොහොතින්
ක්ෂිතිජයදී අහස මුහුද එක්වන්නේ සේ පෙනුනත් එය සැබෑවක් නොවේ. එවන් සැබෑවක් නොවූ අලයකට හසුව වේදනා ගෙන රිදුම් දෙන හද රත්වුණු ක්ෂිජ රේඛාවේ ළය පැලී මිය යන හිරු සේම ඔහුට සංවේදනය වේ. පියම්බිකාවගේ වියෝහයෙන් දුක් වන්නාවූ සිත මෙහි රචකයා දක්වා ඇත්තේ තලා මාසිත පලා ගිය ඔබ. ඔහුගේ සිත දැවී ගිය පඩරැලක් මෙන් ජිවය නැතිවී ගොස් අත. ඔහුගේ සිත ඈ තලා පෙළා නික්ම ගොස් ඇත. නමුදු ඇය සිත තුල ජීවත්වෙයි. තනිවෙන විටකදී මතයක් ඔස්සේ පැමිණ සිත් රිදවයි යනුවෙන් කවියා පවසයි.
උතුම් පිවිතුරු පේ‍්‍රමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුළ ද සිඳෙන්නට පෙර
යදින්නම් - ඔබ
මැකී යනු මතකින්
ප්‍රමයේ සැබෑ අයිතිකරුවෝ පිරිමිහුය. එය එසේ වන්නේ වැඩිමනක් ප්‍රේම කරන්නේ පිරිමින් නිසා යයි කිව හැකිය. එය ආලය කල ඔබ දන්නවා ඇත. මනුෂ්‍ය ප්‍රානින්ගේ හදෙ හටගන්නා සංකීර්ණ භාවාත්මක හැගීමක් වන ආදරය සිතින් නෙරපා දමන්නේ කෙසේද?? " මට ඔබ මුණ නොගසුනනම් " මෙතරම් වේදනාවක් ලැබෙන්නේ නැහැ යන අර්ථයක් ගීතයෙන් විදහා පායි. ඔහු පුදකළ ආදරය ඔහුට උතුම්ය. ඔහු ආලෙන් මුසපත් වී පැතු පැතුම් ඔහුට මහමෙරක්ය. එම සියල්ල පරදුවට තබා ඔහු ඉල්ලනේ කුමක්ද?? පිවිතුරු ප්‍රේමයේ නාමයෙන් අතීත ප්‍රාර්ථනා බල මහිමයෙන් ඔහු ඇගෙන් ඉල්ලා සිටින්නේ එකම එක දෙයකි. ඒ ඉනූ කඳුළ සිදෙන්නට පෙර වහාම මතකයෙන් නික්මී යන ලෙස ය. ජිවිත මතකයන් මැකී යන ලෙසයි. සැබවින්ම මෙහි මතකයන් මැකීයන ලෙස පැවසෙන්නේ ඔහු, ඔහුගේම මතකයෙන් කරන්නාවූ ඉල්ලීමකි. එවැනින්නක් කෙතරම් අසිරුදැයි එළකිරියේ ඉන්න අත්දැකීම් ඇත්තෝ පවසත්වා. එය රචකයා පෙම්වතියගෙන් ඉල්ලන ඉල්ලීමක්සේ ගෙනහැර පායි. එය ඔහුගේ කවිත්වයේ අපුර්වත්වයයි.
මේ සියලු විඳවීම් මනා ලෙස පෙළ සිතට සියුම්ව කාවද්දන මෙම ගීතයේ පොහොසත්කම සිතට දෙන වින්දනය නොහිම්ය. සපුතන්ත්‍රි රචකයාණන් හා සුනිල් එදිරිසිංහයන්ගේ හැදෙ විශිෂ්ටත්වයට සමානවම ගීතයේ සාර්ථකත්වයේ පදනම වී ඇත්තේ රෝහණ විරසිංහයන්ගේ සංගීතයයි. රෝහණ වීරසිංහ මේ සඳහා ඉන්දීය රාගධාරි සංගීතයේ යමන් හා කළ්‍යාණ රාගවලට ගසල් ගීත ශෛලිය උපයෝගී කරගත් බව රුපවාහිනී වැඩසටහනකදී කිවුබව මා හට මතකැ තිබේ. සමහර් විශේෂ ස්ථානවලදී වාදනය නවත්වා ගායකයාගේ හඬ වැඩත් උස වන විට මතුවන ශෝකමය රසය සිතට කාවද්දන හැගීම ආස්චර්යාත්මකය
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
මම බොහොම ආස කරන ගීතයක්. කාලෙකින් කිරියට දෙයක් දාන්න බැරිඋන නිසා ලියලා ලියලා දැම්ම. ඔයාලටත් දැනේනේ හැගීම කොමෙන්ට් එකක් දාන්න. මේක කියවල දැන් මම පට්ට බුට් එකක් කළා නහයෙන් අඩ අඩඉන්නව කියා හිතන්න එපා. බාහිරින් රසවිදින ආකාරය මගේ සිතෙන් බැදෙන ස්තුවිලි වචන කිරීමක් පමණයි

Last edited:
උ ආලය පිළිබද ප්රස්තුත්යකි.