අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා

    අපි අසරණ වෙලා වගේ ..
    හිතට දැනෙනවා ......බුදුහාමුදුරුවනේ ......


    පිහිටක් නැති ... සරණක් නැති
    සතුටක් ඇති ... මුහුණක් නැති
    මේ සසර දනවුවේ , අපි අසරණ වෙලා වගේ ..
    හිතට දැනෙනවා ......බුදුහාමුදුරුවනේ ......

    හබලක් නැති ....ඔරුවක් ඇති
    මිනිසුන් වෙති ...වෙරළක් ඇති
    මේ සසර දනවුවේ , අපි අසරණ වෙලා වගේ ..
    හිතට දැනෙනවා ......බුදුහාමුදුරුවනේ ........

    නිවනක් ඇති ....ගෙදරක් නැති
    ගමනක් වෙති... වෙනසක් නැති
    මේ සසර දනවුවේ , අපි අසරණ වෙලා වගේ ..
    හිතට දැනෙනවා ......බුදුහාමුදුරුවනේ .......

    ගායනය හා සංගීතය - විශාරද ගුණදාස කපුගේ
    ගී පද- රබුක්කන සිද්දාර්ථ හිමි




    වෙසක් උත්සවය නිසා නිතරම පහේ බුදුගුණ ගීත අහන්නට ලැබෙනවා මෙකාලයේ. ඒවායින් අහන්න ලැබුන එක ගීයක් ගැන පොඩි වියමනක් ගොතන්න හිතුන. එහෙම හිතුනේ මිට දවස් දෙකකට විතර කලින් මගේ මිත්‍රයෙක් මට කියපු කතාවක් ඒ ගීතය අහනවත් එක්ක සිහියට ආපු නිසා. මගේ මිතුරා ඇගලුම් ක්ෂේත්‍රයේ රැකියාවක් කරන කෙනක්. තවත් මිතුරෙක් හා ඔහු මේ ලගදි මුනගැසුණු වෙලාවක කතා කලා ආගිය තොරතුරු , රැකියාවල් වල තියන ප්‍රශ්න , තව තවත් දේවල්. රැකියාව ගැන කතාකරන කොට තමයි මිත්‍රයා අනිත් මිත්‍රයාගෙන් මෙහෙම ඇසුවේ "මචං දන්නවද අපේ කට්ටියගේ සින්දුව" කියල මේ ගීතයේ මුල්පද කිබුවා.

    "පිහිටක් නැති ... සරණක් නැති
    සතුටක් ඇති ... මුහුණක් නැති"

    අපේ කට්ටිය කියල අදහස් කලේ එම රැකියවම නිරතවන අනිකුත් අයවලුන්. එතින් ඕක මතක් උනා මේ ගීතය රේඩියෝවෙන් ප්‍රචාරය උන මොහොතක


    පිහිටක් නැති ... සරණක් නැති
    සතුටක් ඇති ... මුහුණක් නැති
    මේ සසර දනවුවේ , අපි අසරණ වෙලා වගේ ..
    හිතට දැනෙනවා ......බුදුහාමුදුරුවනේ ......


    සන්සාරය නම් නොනවතින දිගු ගමනක් ලෙස තමයි අප බොහෝ දෙන හදුන්වන්නේ. ජීවිතය කියන්නේ එහි එක නවාතැන්පලක් ,විරාමයක් ලෙසට හැදින් වෙනවා. ම ජිවිතයෙන් කරගත යුත්තේ දුක්ක දොමනස්සයන් ගෙන් පිරි සංසාරය කෙටිකරගන්න මගට අවතිර්ණවිම වේ. ජිවිතයේ එලබෙන දුෂ්කර කාලයන් හා විවිද කම්කටොලු වලට අපිට පිහිටවන්නට අපට සරණ වන්නට කෙනෙක් කොහිද ?? එ සියල්ලන්ම කාර්යබහුලත්වයෙන් හා අතෘප්තියෙන් පිරි ඇති යුගයක සතුටු මුහුණක් කොයිද?? හුදෙක් අප ජිවත්වන යන්ත්‍ර පමණක් බවට පත්වෙලාද?? ඒවායින් මිදෙන්නේ කෙලෙසද?? සියල්ලටම විසදුම ලෙස මදකින්නේ බුදුන් වහන්සේ කෙනක් පහළවීමයි.
    අපි අසරණවෙලා බුදුහාමුදුරුවනේ.. නැවතත් වඩින්න යනුවෙන් ආයාචනයක් ලෙස මෙම ගීතය දැනේ

    හබලක් නැති ....ඔරුවක් ඇති
    මිනිසුන් වෙති ...වෙරළක් ඇති
    මේ සසර දනවුවේ , අපි අසරණ වෙලා වගේ ..
    හිතට දැනෙනවා ......බුදුහාමුදුරුවනේ ........


    සියල්ලන්ටම සැනසුම වන්නේ සංසාරයෙන් එහා ඇති අමාමහ නිර්වාණය වෙත් ගමන් කිරීමය. නිර්වානය නම් වෙරළට ගමන් කිරීමට සංසාරය නම් මහා කෙලෙස් මුහුද තරණය කලයුතුය. කෙලෙස් පිරි සංසාරය නම් සමුදුරින් එතර වීමට අවශ්‍ය යාත්‍රාව වන්නේ, බුදුදහමයි. බුදුදහම නැමති ඔරුවෙන් සංසාරය නම් මුහුද තරණය කල හැකි බව මෙයින් අපට හැගියයි. එහෙත් අප ඔරුව යාත්‍රාකිරීමට නිවැරැදී දිශාව හා ඔරුව පැදවීමට ක්‍රමයක් සොයාගතයුතුය. එහෙත් එයට අවශ්‍ය හබල එනම් නිවැරදි බුදුදහම කිමක්දයි තෝරාගැනීම ගැටලුවක් වන්නේ අද සමජයේ වැරැද්ද නිවැරැද්ද හදුනා ගැනීම බොහෝ අසීරු හෙයිනි. නොයෙක් වෙසින් බුදුදහම තව වාසියට හරවාගත් කුට පුද්ගලයන් ශ්‍රමණ වේශයෙන් පෙනී සිට බුදුදහම විනාශ කරයි. ඒ මග යන්න තනන මිනිසුන් වැරැදී මාර්ග කරා යොමු කරයි. මා සිතන ආකාරයට හබලක් නැත කීමෙන් ගම්‍ය වෙන්නේ නුතන බුදුදහනට ඇතිවී තිබෙන අරාජික බව හා පරිහානියයි. මේ ගැන බුදුන් වහන්සේම දෙශනා කලේ " මතු බුදුදහම විනාශ කරන්නේ සාශනයෙන් යෙන්ම බිහිවන් පුද්ගලයන් මිස පිටස්තරයන් නොවේ" එලෙසයි. ඒ සදහා උදාහරන නුතන ලංකාව තුල සුලබය. මෙහි දෙවැනි අන්තරා කොටස ගත්කල හැගියන්නේ අප සංසාරයෙන් එත්රවන්නේ කවදාද?? යනුවෙන් බලාපොරොත්තුවෙන් සිටින බවය.

    නිවනක් ඇති ....ගෙදරක් නැති
    ගමනක් වෙති... වෙනසක් නැති
    මේ සසර දනවුවේ , අපි අසරණ වෙලා වගේ ..
    හිතට දැනෙනවා ......බුදුහාමුදුරුවනේ .......



    වර්තමාන ලෝකයේ ජිවිතයනම් හැල්මේ දිවිමකි. එය ඉතා වෙහෙසකාරි වන අතර සියල්ලන්ම අතෘප්තිය, පීඩනයෙන් හෙම්බත්වි ඇත. තමන් පසු පස කවුරුන් හෝ එලවාගෙන එයි යයි සිත දුවන්නාක් මෙන් මෙන් ගමන් කරන ගමන් මග අවසානයේ සතුට සැනසීම සොය යාහැකිද ?? උදෑසන හිරු එළියේ ආස්වාදය විදීමට මල් පිපෙන සැටි බැලීමට සිහින් සුළගින් අපිට කියන පණිවිඩය දැනගැනීමට, අපෙගේ සිත් සංවේදී නැත. කලින් නිවසට ගොස් දෙමාපියන් සමග ගතකිරීමට කාලය නොමැත. නිවස නම් පුදගලයාගේ තමාගේම යයි හැගෙන ස්ථානයයි. නිවස පවා සැනසීමක් නැත්තේ රාජකාරීන් නිවසට රැගෙන එන නිසාවෙනි. මගේ මිතුරා පැවසුණු දේවල් වලින් මට හැගුනේ එයයි. ඔහු එය හාස්‍යජනක ලෙස පැවසුවත් එහි අර්ථය තරුම ගියේ මේ ලෙසය. මෙය අද සමාජයේ සියල්ලන්ටම පොදු කාරනාවකි.

    පදපෙළ රචනාකළ රබුක්කන සිද්දාර්ථ හිමියන්ගේ ලිවීමේ පරිචය හා උන්වහන්සේ නුතනය බුදුදහම මගින් විග්‍රහකිරීමද ඉතා ඉහල මට්ටමක වෙයි. කැලණිය සරසවියෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ ගෞරව උපාධියක් ලබා තිබූ හාමුදුරුවෝ මෙය රචනා කොට ඇත්තේ 1979 අවුරුද්දෙය. ඒ වන විට එයට වස්තුබිජය මම ලංකාදීප පුවත්පත් ලිපියකින් උපුටාගතිමි.

    "දහවලට වඩා වැඩියෙන් මේ සන්ධ්‍යාව විචිත‍්‍රවත්ය. ඒ විචිත‍්‍රත්වය මොනවට පෙනෙන්නේ බේරේ වැවේ නිසල ජලතලය දෙස බලා ඉන්නා විටය. රත්තරං පාට අව්රැල්ල බේරේ වැවේ නිල්පාට දියරැල්ල සමග අතිනත ගෙනය. ශ්‍රී ජිනරතන ඉංග‍්‍රීසි අධ්‍යයන ආයතනයේ කාර්යාලයෙන් නික්මුණු උන්වහන්සේ බේරේ වැව අද්දරට වැඩම කළහ.
    පසෙක බස්නැවතුමය. එහි සිටගෙන සිටින මිනිසුන්ද ගැහැණුන්ද සිටින්නේ හිස ගිනිගත් කලෙක මෙනි. කුටුම්බවල හෝ රාජකාරී ස්ථානවල හෝ ප‍්‍රශ්නවලින් ඔවුන් හෙම්බත්ය...... ජීවිතය කරදරයකි. පිටුපසින් තිබෙන බේරේ වැවේ ජලතලය මත නැගෙන දියරැල්ලක අපූරුව හෝ එම දිය සිපගෙන හමන සුළෙඟ් සුවය හෝ ඔවුනට නොදැනෙන පාටය. ඔවුන් දෙස බැලූ හාමුදුරුවෝ බේරේ වැව මධ්‍යයේ ඇති සීමා මාලකයට වැඩම කළහ."


    එහා සමානවම කපුගේ ශුරින්ගේ හඬ හා සංගීතය මුසුවූ විට හඬ සිත යථාර්තය දෙසට යොමුකන භාවනාවක් වැන්න. මෙය ඉතා විශිෂ්ට නිර්මාණයක් වන්නේ මෙහි පදරකයාණන් සංගීතඥයා ගායකයා තිදෙනාම ඉතා සංවේදී හදවත් ඇත්තවුන් වීමයයි මට සිතේ.


    මේක මම ලියපු එකක් මොනා හරි වැරැද්දක් තියනවනම් කරුණු වල එගන්ත් කියන්න. නිවැරදි කරගන්න.
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අපි අසරණ වෙලා වගේ ..
    හිතට දැනෙනවා ......බුදුහාමුදුරුවනේ .......

    :sorry::sorry::sorry::sorry::(:(:(:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා......බුදුහාමුදුරුවනේ........
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එල මචෝ.. REP 28+

    ug06nyK.jpg
    :yes::love::love:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    බෙදාගත්තට ස්තුතියි මචං

    You must spread some Reputation around before giving it to maxboysl again.

    අපි අසරණ වෙලා වගේ ..
    හිතට දැනෙනවා ......බුදුහාමුදුරුවනේ .......

    :sorry::sorry::sorry::sorry::(:(:(:(


    බෙදාගත්තට ස්තුතියි මචං :) BUMP


    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා......බුදුහාමුදුරුවනේ........

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
    ++


    තක්ස කොල්ලනේ :yes::yes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා......බුදුහාමුදුරුවනේ........
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අසරණයි වගේ දැනෙන්නේ කොහොමද බන් ධර්මය තවමත් පවතින කොට.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අසරණයි වගේ දැනෙන්නේ කොහොමද බන් ධර්මය තවමත් පවතින කොට.

    දරමය පවතිද්දී දරමයට යොමුවෙන්න බැරිකමයි මචං අසරණකම. මටත් ඕක හෙන ප්‍රශ්නයක් උන. උබ විතරයි ඇහුවේ. ම,අම හිතන්නේ නිවැරදි බ්ද්‍රම්ය කොහෙන්ද තෝරාගන්නේ කියන එකත් ප්‍රශ්නයක් තමයි
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා......බුදුහාමුදුරුවනේ..
    ++