Refurbishing Starter Motor, Diesel Pump and Oil Pressure Sensor Wiring Harness

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    ගිය සතියෙ ඉදන් ස්ටාර්ටර් මෝටර් එක ෆ්‍රී එකේ කැරකෙනවා වෙලාවකට ඔන්න අද තමා වෙලාවක් ආවේ මේ ලෙඩේ ගැන ටිකක් බලන්න. මේ 1993 නිසාන් කැරවෑන් එකක්.

    උදේම ගැලෙව්වා බලන්න බැක් ප්ලේට් එක මොකද්ද අව්ල කියල බලන්න. පොඩි ලෙඩක් තිබ්බේ සොලෙනොයිඩ් එක ඔන් කරල දෙන ග්‍රව්න්ඩ් වයර් එකේ කම්බි කීපයක් කැඩිලා සහ ක්ලිප් එක ටිකක් බුරුල් ගතියක් තිබ්බා. ඕක න්ම් විනාඩි 5 න් හදලා ඉවර කරන්න තිබ්බා එත් තවත් පොඩි අඩුපාඩු වගයක් තිබිලා වයරින් හනස්සම අයෙත් හදන්න කියල හිතුනා.


    ඔය පල්ලෙහ තියෙන්නෙ වයරින් හනස්ස ගලවල එලියට ගත්තට පස්සෙ තියෙන විදිහ. ස්ටාර්ටර් මෝටර් එකේ සොලෙනොයිඩ් එකට එන ක්ලිප් එක, ඩීසල් පොම්පෙට යන පවර් ලයින් එක, ඔයිල් ප්‍රෙශර් සෙන්සර් එකට යන වයර්, ක්ලිප් සහ රිවර්ස් ලියිට්ස් ඔන් කරන් ස්විට්ච් එකට යන වයර් වල අඩුපාඩු තිබ්බා.

    මම මේ සෙක්ශන් එකට අත ගහන පලවෙනි පාර මේ. කලින් ගරාජ් වලින් කඩලා වයර් අමුනලා අනන් මනන් කරලා. මට වෙලාවක් නෑ හැම සර්විස් එකක්ම ගෙදර කරන්න.

    හදන එක ඔරිගිනල් වගේ හදන්නයි අයේ අව් රුදු ගානකට අව්ලක් නොවෙන්නඉ හදන්න තමා මම මේ කියලා දෙන්නෙ.


    1.jpg


    2.jpg


    පේනවනෙ තිබ්බ විදිහ. අව් රුදු 20 ක් විතර කරවෙල කරවෙලා, තෙල් ග්‍රීස් ඉහිලා දූවිලි අල්ලලා ගන්න දෙයක් නෑ.



    ඔක්කොටෝම කලින් වයරින් හනස්ස හොදට හෝදලා ඩ්‍රයර් එකකින් හරි හොදට වේලගන්න ඕනේ විශේශයෙන් ක්ලිප් එහෙම හොදටම වේලගන්න වෙනවා මලකඩ එන්නෙ නැති වෙන්න. නැත්තම් අපි පස්සෙ ගහන ටේප් එහෙම හරියට ඇලවෙන්නෙ නෑ.


    පහලින් තියෙන පොටෝස් වල තියෙන්නෙ මම තිබ්බ අඩුපාඩු ෆික්ස් කරපු හැටි.


    3.jpg


    1 - වයර් නිකන්ම ජොයින්ට් කරලා හරියන්නෙ නෑ. ජොයින්ට් එක හොදට පාස්සන්න ඕනෙ ගොඩ කාලයක් ඔරොත්තු දෙන්න නම්.

    2, 5, 9 - මම නම් මෙතනදි ටේප් වෙනුවට හීට් ශ්‍රින්ක් ටියුබ්ස් පාවිච්චි කරලා තමයි ජොයින්ට් එක සීල් කරේ. ටේප් වලින් උනත් හොදට ඔතන්න.

    7, 8 - කැඩුනු කම්බි ටික ඔක්කොම කඩලා දාල පරිස්සමෙන් ප්ලාස්ටික් කවර් එක ක්ලිප් එකෙන් ගලවල අරගෙන වයර් එකයි ක්ලිප් එකඉ හොදට සුද්ද කරලා පාස්සගන්න.



    ඊට පස්සෙ හැබැයි ටේප් කරන එක තමන්ගෙ දක්ශතාවය තමා. වයර්ස් ගොඩක් එකතුවෙන තැන් වල ඒව ජපනා කලින් කරලා තියෙන ඒවා එහෙම බලලා ඉගෙනගන්න වෙනවා ඒක කටින් කියන්න නම් බෑ.

    ඔය පල්ලෙහ තියෙන්නෙ අන්තිමට ඉවර කරපු වයරින් හනස්ස.


    4.jpg


    5.jpg



    මෙහෙම තමා අන්තිමට වාහනේට හයි කරපුහම තියෙන්නෙ. ඔන්න ඔක්කොම ටික හරි. ලෙඩෙත් හරි තව අව් රුදු ගානකට මේ හනස්සට මොකුත් වෙන්නෙ නෑ කියල්ත් ශුවර් කව් රුත් හිතල කැඩුවෙ නැත්නම්.

    6.jpg


    7.jpg

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පටට මචං හොද අවබෝදයක් ගත්තා.
    බොහෝම පැහැදිලිව ලියලා විස්තර කලාට ස්තූති.
    REP+12
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    machan, 93 kiyanne number eka keeya witharada. dig da kotada? mata caravan gena tikak idea ekak ganna oni.
    Tnx in advance.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    machan, 93 kiyanne number eka keeya witharada. dig da kotada? mata caravan gena tikak idea ekak ganna oni.
    Tnx in advance.

    වාහනේක නම්බර් එක ලැබෙන්නේ නිෂ්පාදන වර්ශය අනුව නෙවෙයි. ලියාපදිංචි කරපු වර්ශය, පලාත අනුව. වගේම වාහනේ අයිති වෙන පංතිය ඒකිව්වේ ද්විත්ව කාර්යය, ලොරි, පැට්‍රල්, ඩීසල් අනුව නම්බර් එක වෙනස් වෙනවා.
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    වාහනේක නම්බර් එක ලැබෙන්නේ නිෂ්පාදන වර්ශය අනුව නෙවෙයි. ලියාපදිංචි කරපු වර්ශය, පලාත අනුව. වගේම වාහනේ අයිති වෙන පංතිය ඒකිව්වේ ද්විත්ව කාර්යය, ලොරි, පැට්‍රල්, ඩීසල් අනුව නම්බර් එක වෙනස් වෙනවා.

    thank you Sir.