බටහිර සංගීතයේ(පසු රොමැන්ටික්)ලස්සන තැන් 5

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    බටහිර සංගීතයේ(පසු රොමැන්ටික්)ලස්සන තැන් 5

    බටහිර සුභාවිත සංගීතය ගැන ලියන ඊලග නූල - ටිකක් කල් ගියානම් වැඩියි :frown:
    මේ බටහිර සම්භව්‍ය සංගීතය ගැන මීට ඉස්සරවෙලා දාපු ලිපිටිකේ නූල් ටික - කාලයත් එක්ක පිලිවෙලට දාගෙන එන්නට කියලතමයි හිතුවෙ:cool:
    1.බටහිර සංගීතයේ ලස්සන තැන්

    2.බටහිර සංගීතයේ ලස්සන තැන්-2

    3.රොමැන්ටික් බටහිර සංගිත්යේ මුල් යුගය

    4.බටහිර සංගීතයේ ලස්සන තැන් 4

    අදත් රොමැන්ටික් යුගයටම අයිති හැබැහි රොමැන්ටික් යුගයේ අග "හාල්ෆ්" එකෙ කිහිපදෙනෙක්ගේ ලස්සන නිර්මාණ ටිකක ගැන ලියන්න හිතුවා:P
    මෙන්න මේ කාලේ අර යුරෝපයට සීමා වෙලා තිබුන බටහිර සංගීතය ව්‍යප්ත වෙන්න ගන්නවා. හැබැයි ඉතින් ලොකුවට නෙවෙයි. රුසියන් - ඇමරිකන් දක්ශ කම්පෝසර්ස්ලා බිහිවෙන්න ගන්නවා දහනවවෙනි ශතවර්ශයේ මැද භාගයේ පටන් - ඊට ඉස්සරත් කස්ටිය හිටියා ඔය පැතිවලින් නැතුවා නොවෙයි.:yes:
    අද මම මේ කියන්න යන ගොඩක් අය එක්තරා විදිහකට රොමැන්ටික් ඉදං මොඩර්න් මියුසික් වලට ට්‍රාන්සිෂන් වෙන්න පිටිවහල් වුන කට්ටිය. ඒ වුනාට හුගක් දන්න කියන ඈයෝ මේ ගොල්ලන්ව කැටගරයිස් කරන්නේ රොමැන්ටික් යුගයේ අයවලුන් විදිහට!:rolleyes:

    Piotr Ilyich Tchaikovsky (1840 - 1893)
    uewb_10_img0673.jpg

    නමෙන්ම තේරෙනවනේ , රශියන් කෙනෙක්. මෙයා අදටත් රශියා වල බිහි වුන හොදම සංගීත කෙරුම විදිහට තමයි සලකන්නේ!:cool:
    මෙයා අනික් ගොඩක් සංගීත ඔස්තාද්ලට වඩා වෙනස් - සංගීත පවුලකින් නෙවෙයි පැවත එන්නේ. උපන් හැකියාවෙන් (වගේම කුඩා කාලේ සංගීතේ ඉගන ගත්තත්) තමයි සංගීතඥයෙක් වෙන්න
    ඉස්සරවෙලා මෙයා රජයේ කාර්යාලයක ක්ලාර්ක් උන්නැහේ කෙනෙක්. පස්සේ තමයි (20ත් පැන්නට පස්සේ) සීරියස් පිට මියුසික් ඉගෙන ගෙන වැඩ පෙන්නන්න ගත්නේ
    නියම සිද්ධියක් තියෙනවා, මෙයා ලියපු (ඒ වෙනකොට මෙයා ෂිශුවෙක්:P) පලවෙනිම සංගීතය මහජන සංදර්ශනේදී කන්ඩක්ටර් විදිහට ඉදලා තියෙන්නේ මම ඉස්සරලා දාපු නූලේ හිටපු ජූනියර ස්ට්‍රවුස් ගොයියා - කොහොම පිලිගැනීමක් මේ කොල්ලට ලැබෙන්න ඇතිද ඒකෙන්?:)
    තව මෙයා හෝමෝ සේපියන් කෙනෙක්ලු :shocked:- ඒත් ලෝකාපවාදයෙන් මිදෙන්න මෙයාගේ ගෝල කෙල්ලෙක්ව බැදලා, මහ විනාසයක් වෙලා - පොර සුයිසයිඩ් කරගන්න ගිහින් එහෙම! මෙයාගේ මරණෙ ගැනත් එක එක කතා තියෙනවා. සමහරු කියනවා මෙයා සුයිසයිඩ් කර ගත්තා කියලා හොමෝ එක ගැන නඩුවක් වැටිලා ලජ්ජාවෙන් බේරෙන්න:oo:. අනික් අය කියනවා කොලරාවෙන්ය කියලා.
    කොයි කෙසේ වෙතත් මෙයාගේ ප්‍රසිද්ධම වැඩ තමයි Swan Lake බැලේ එක වගේම Sleeping Beauty බැලේ එක‍ සහ The Nutcracker බැලේ සුයිට් එක
    මෙයා ඉස්සෙල්ලාම උගන්නපු සංගීත පාසල දැන් හදුන්වන්නේ මෙයාගේ නමින්
    මේක ගොඩක් ලස්සනයි - March of the Toy Soldiers (from the Nutcracker Suite)


    මේකත් හරිම අපූරුයි- Waltz of the Flowers


    Waltz from Sleeping Beauty එකත්
    ලස්සනයි

    Dance of the Sugar Plum Fairy එකත්
    හරිම ලස්සනයි - ඕකේ Fast Tempo වෙර්ශන් එකකුත් තියෙනවා - මෙයාගේ ප්‍රසිද්ධම එක මේක මම හිතන්නේ


    මෙයාගේ අන්තිම අවුරුදු 12-13 පුරා (ජොබ් එකක් නැතිව සංගීත වැඩ විතරක් කරපු කාලේ) මෙයාට මාසේ ගානේ එක්තරා ආර්යාවක් සල්ලි එවලා :shocked:. හැබැයි ඇය කිසිම දිනෙක මොහුව මුණ ගැසී නහැලු, ඒ ඇග්‍රීමන්ට් එකක් අනුවලු. එකේ හැටියට කිසි දවසක දෙන්න හමු වෙන්නේ නැහැ කියලලු අර අර්යාව සල්ලි එව්වේ.


    John Philip Sousa 1854 – 1932
    61lbRe5UBgL._SL500_AA280_.jpg

    මම මෙච්චර කල් දාපු ලිපි ගොඩේ යැංකි උන්දැල හිටියේ නෑනේ. ඔන්න එනව එක්කේනෙක්. මෙයා නියම දක්ශයෙක්:yes:. මෙයාගේ එකක් නම් ඔයගොල්ල අනිවාර්යයෙන් අහලා ඇති:rofl:
    මෙයා මාර්ච් කියන සංගීත වර්ගයට (ඔව් ඔය Army මාර්චින්ග් වලට යොදා ගන්න ඒවා තමයි ) හරිම ප්‍රසිද්ධයි. ඒ හින්දම කියන්නේ The American March King කියලලු:dull:
    ඇමෙරිකන් ජාතික ගීයේ නිර්මාතෘ! - The Stars and Stripes Forever!:nerd:
    මම අර කීවේ අනිවාර්යයෙන් ඔයගොල්ල අහල ඇති කියලා ඒ ඔය එකයි තව ගොඩක් සර්කස් වල වැයෙන පහල දාලා තියෙන එකයි ගැන. (මෙයා නියම ඇම්බැට්ටයේ පොඩි කාලේ - 13දී පොර පැනලා ගිහින් සර්කස් එකකට ජොයින් වෙලා. මේක දැනගත්ත තාත්තා මූගේ කනෙන් ඇදන් ඇවිල්ල මැරයින් බෑන්ඩ් එකට දාවලා :lol:(මොකො තාත්තත් මැරයින් බෑන්ඩ් එකේ වාදකයෙක්ලු - පස්සේ මැරයන් බෑන්ඩ් එකේ ඩිරෙක්ටර මහත්තයත් වෙලා තමා නතර වෙන්නේ)
    Washington Post March - මට මෙයාගේ ලස්සනම එකත් මේක - මේක වොශින්ග්ටන් පෝස්ට් කියන පත්තරේට හදපු එකක්

    වයසෙ 5-6 ඉදන් නානප්‍රකාර ස්ංගීත භාන්ඩ වැයුව පොරක් - හොදම දේ මෙයාට තිබුනේ පර්ෆෙක්ට් පිච් එකක්ලු:confused:- එහෙම අය වැඩිය ලෝකෙ බිහි වෙන්නේ නෑ-මෝසාර්ට බීතොවන්ට එහෙම තිබුනලු (ඒ කියන්නේ ක්ලීයර් ඔනෑම පිච් එකක නෝට් එකක් ගයන්න පුලුවන් වෙන බැක් අප් නෝට් එකක උදව්ව නැතිව. එහෙම අ
    අඩුයි - ලන්කාව හරුන් ලන්ත්‍රා මහත්මයාට ටිකක් ඔය වගේ ලගින් යන හැකියාවක් තිබුනා කියලා අහලා තියෙනවා)
    මෙයාගේ වයලින් පාරකට සිංදු කියන්න ගිහින් තමයි සූසා හාමිනේට සූසා මහත්තයව මුලිච්චිවෙලා තියෙන්නේ
    අනික් විශේෂ දේ මෙයා මම දන්න තරමින් නම් Marches විතරයි කම්පෝස් කරලා තියෙන්නේ:(
    මෙයා මැරෙන්න ඉස්සරවෙලා අන්තිමට කන්ඩක්ට් කරලා තියෙන්නෙත් ඇමරික ජාතික ගීය (කොමපෝසි නෙවෙයි)

    Juventino Rosas (1868 – 1894)
    Rosas%2BJuventino_1894.jpg

    මෙක්සිකානුවෙක්.
    මෙයා ඔය චයිකොස්කිලා වගේ පතාකයෙක් නොවුනට එක මියුසික් පීස් එකක් තියෙනවා හරිම ලස්සන
    (සමහරවිට මෙයා තව කාලයක් ජීවත් වුනානම් ඒ වගේ පතාකයෙක් වෙන්න තිබුනා - හැබැයි ස්නායු අභාධයකින් කියුබාවේ සංගීත සංදර්ශනයකට ගිය අතරතුර වයස 26 දී මලේ ).
    අනික් අය වගේ නෙවෙයි මෙයා රස්තියාදුකාරයෙක් වගේ තමා මුල් කාලේ :shocked:.
    කොච්චර කීවත් හරි විදිහට සංගීතේ ඉගෙන ගන්න එතරම් උනන්දුවක් දක්වලා නෑ:baffled:
    Sobre las Olas (Over the Waves)

    මේක තමා මෙයාගේ ලස්සනම නිර්මාණය මට හිතෙන්නේ. ලෝකේ හැම තැනම මේක ප්‍රසිද්ධයි, වොල්ට්ස් නැටුම් වලට යොදා ගන්නවා.
    මෙතෙක් ලෝකෙට බිහිවු ජනප්‍රියම ලතින් ඇමරිකන් සම්භාව්‍ය සංගීත ඛණ්ඩය මෙයලු:rolleyes:
    මේක ගොඩක් ෆිල්ම් වල කාටුන් වල (Woody wood Pecker, Popeye the Sailor Man, Seasame Street!) වගේම උත්සව වලටත් යොදා ගන්නවා - කස්ටිය අහලා ඇති

    Sir Edward Elger (1857 - 1934)
    elgar.jpg

    එංගලන්තයේ මෙතෙක් බිහිවූ ග්‍රේට්ම කම්පෝසර් විදිහට සලකන්නේ මෙයා (හැන්ඩල් එන්ගලන්තේ ජීවත් වුනාට එයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නෙවෙයිනේ:no:), ඒකනේ සර් කෑල්ලකුත් ලැබිලා තියෙන්නේ:nerd:.
    පොඩිකාලෙම වැඩ දාල තිබුනට අවුරුදු හතලිහත් පැන්නා මෙයාව ජනප්‍රිය චරිතයක් වෙන්න - Enigma Variations එක හදනකන්. ආයෙත් පහු කාලිනව මෙයා කම්මැලිකමේ ඔහේ ඉන්නව වැඩිය මොකුත් නොකර:oo:!
    අදටත් මෙන්න මේක නිසා තමයි මේයා ශ්‍රේෂ්ටයෙක් වෙන්නේ
    Pomp and Circumstance, March I
    මේකේ 2වෙනි විනාඩියේ තැන ඉදන් අහන්න එතන ඉදන් තමයි ලස්සන හරිය තියෙන්නේ

    මෙයාගෙ පිලිරූ එංගලන්තේ ගොඩක් තැන්වල අටවලා තියෙනවා හිටං:P!

    Gustav Holst (1874 – 1934)
    holst_1449367f.jpg

    නම මෙහෙම වුනාට මෙයා එංගලන්ත පොරක් (හැබැයි නැගෙනහිර යුරෝපීය සම්භවයක් සහිතයි ). සංගීත පවුලක - මෙයා ආදර්ශයට ගත්තයි කියන්නේ Richard Wagnerයි Richard Straussයි දෙන්නාව.
    පහු කාලීනව මෙයා ඔය ඉන්දියන් සංස්කෘතියට පිස්සු වැටිලා ඒවා ඇසුරෙන් ඔපෙරා වගේම ඔර්කෙස්ට්‍රල් කොම්පොසිශනුත් ගොඩක් කරලා තියෙනව (Sita, Maya, Savithri opera, වගේම වේද ගායනා වලට සංගීතය පවා:baffled:)
    තව ජපන් එකකුත් කරලා තියෙනවා:oo:
    St Paul's Suite කියන එක ගොඩක් ලස්සනයි (මට නිකමට හිතෙනවා Pirates of the Carribian එකේ තීම් සොන්ග් එකට මේකෙන් පොඩි උදව්වක් වෙන්න ඇතිය කියලා) - මෙයා ඕකට ඔය නම දාලා තියෙන්නේ සාන්ත පාවුලු බාලිකා පාසලට උපහාරයක් විදිහටලු (එංගලන්තේ සන්ත පාවුලු බාලිකාව හොදේ මිලාගිරියේ නෙවෙයි:P)


    The Palnets කියන සුයිට් එකත් ප්‍රසිද්ධයි

    Scott Joplin (1868 – 1917)
    MTE5NTU2MzE2MjY3NDQ3ODE5.jpg

    මෙයා තමයි මම හිතන්නේ බටහිර සංගීතෙන් උඩට ආපු පලවෙනි කලු ජාතිකයා - ඇමරිකානුවෙක්.:yes:
    හැබෑ දක්ෂයෙක්. දන්නවනේ ඒ කාලේ හැටි. මෙයා දුප්පතෙක්. කම්කරුවෙක් විදිහට වැඩකරද්දි තමයි සංගීතේ ඉගෙනගෙන තියෙන්නේ. කරපු වැඩ කොටස ටිකයි මොකද ජීවත් වුනේ ටික කාලයයි නිසා.:(
    මෙයාට කියන්නේ King of Ragtime Writers කියලා (Ragtime music). ඒත් ටික කාලෙකින් සිපිලිස් හැදිලා ඒ නිසාම මානසික රෝගයකුත් හැදිලා මානසික රෝහලක තමයි මිය ගියේ (මතකද මේ යුගයේ මුලම කාලේ හිටපු පතාකයෙකුත් සිපිලිස් වලින් මලා Schubert! - ඉස්සල්ලා දාපූ නූලක ඇති:nerd:)
    මම හිතන්නේ ඔය කාලවල සමාජ රෝග ගැන මිනිසුන් ලොකු අවබෝධයකින් ඉන්න නැතුව ඇතී:frown:
    මෑතකදි මෙතුමට Pulitzer Prize එකත් හිමිවුනා:D
    මට හිතෙන විදිහට මෙයාගේ ලස්සනම නිර්මණය මේක (ඕකේ වර්ශන් වර්ග ගොඩක් තියෙනවා)
    The Entertainer :love::love::love:

    (තව Maple Leaf Rag කියන එකත් අම්බානකට ප්‍රසිද්ධයි ). ඔපෙර දෙකක් ලියල තියෙනවලු


    Gabriel Fauré 1845 – 1924
    faure.jpg

    ප්‍රංශුවෙක්!
    මම ආසම කරන කෙනෙක්. මෙතුමා සෙන් සේය්න් (Saint-Saëns)ගේ ගෝලයෙක්
    පියානෝ වලින් කප් ගහපු කප්පිත්තෙක්
    මෙයා පොඩි පොඩි සංගීත කෑලි වගේම සංගීත නිර්මාණ වලට පද ගලපන්න දක්ෂයෙක්ලු. හැබැයි ඔකෙස්ට්‍රල් වැඩ වලට පට්ට කම්මැලියිලු සහ විරුද්ධයිලු:growl:
    ඉතින් ලොකු ලොකු සංගීත සංදර්ශන වලදි මෙයාගේ ගෝලයන්ට තමයිලු ඔය ඔර්කෙස්ට්‍රල් ඇරේන්ජ්මන්ට් කරන්න වෙන්නේ:baffled:
    මෙයත් බීතෝවන් වගේම කන ඇහෙන එක නැතිවේගන ගිය කෙනෙක්, ගොඩක් ලස්සන වැඩ බිහිරි වුනායින් පසුවත් බිහිවුනාලු - But not complete deafness like Beethovan I guess!:rolleyes:
    මෙන්න මම කැමතිම එක අහල බලන්න මාරම ලස්සනයි
    Pavane - Op. 50

    මෙයා හරිම ලස්සනට හාමොනයිස් කරලා කන්කලු මියුසික් හදපු කෙනෙක්
    මෙන්න මේකත් මරු
    Pelléas et Mélisande


    Julius Fučík 1872 – 1916
    Julius_fucik.gif

    චෙක් ජාතිකයෙක්. මේ ගොඩේ ඉන්න අනික් අය තරම් දැවැන්තයෙක් නොවුනට මෙයාගේ Entrance of the Gladiators කියන එක නම ලෝකේ පුරාම කිරිසප්පයෝ පවා අහලා ඇති:lol:

    අදටත් වැඩිපුරම සර්කස් වල වැයෙන සංගීත කණ්ඩය මේකලු.
    මෙයා හමුදා බෑන්ඩ් එකේ තමා ජීවිතේ වැඩි කාලයක් ගෙව්වේ. ඉතින් මෙයා අර අනික් සංගීත්ඥයෝ වගේ ගොඩක් සල්ලි හම්බ කලේ නම් නෑ:)

    Mykola Leontovych 1877 -1921
    Mykola_leontovych.jpg

    යූක්‍රෙන් වලින් මෙතෙක් ආපු හොදම කෙනාලු - පූජකයෙක් වෙන්ට ගිය කෙනෙක් (සංගීත හැකියාව තිබූ පූජක පවුලක කෙනෙක්). අදටත් මෙයාට කස්ටිය කියන්නේ යූක්‍රේනීයන් බාක් (Ukranian Bach) කියලලු:D
    මෙයත් හරියට අපි වගේ (චව් චව් වගේ මයේ හිතේ) 'මට බැහැ, ඒක හරියට වුනේ නෑ, පුලුවන් වෙයිද දන්නේ නෑ, ෆේල් වේවි " ජාතියේ කෙනෙක්!
    පට්ට ලැජ්ජ කාරයෙක්ලු - මූනෙන්ම පේනවනේ!:baffled:
    පූජකයෙක් වෙන්න හිටපු නිසා මෙයාගේ ගොඩක් වැඩ අපිට පල්ලි වල ඇහෙන ගීතිකා කැරොල් වාගේ ඒවාගේ පැත්තට බරයි
    මෙන්න මේක අදටත් ලෝකේ කොහේ වුනත් ප්‍රසිද්ධ එකක් (ඇත්තටම බටහිර ලෝකය මෙයාට සලකන්නේ මේ නිර්මාණය නිසා)
    Shchedryk (Carol of the Bells නැත්නම් Ring Christmas Bells, Ukranian Bell Carol කියලත් කියනවා)


    ඕකේ පොඩි පොඩි වෙනස්කම් එක්ක දැනට ගොඩක් තැන්වලදි අහන්න පුලුවන්
    ඩුකම ඩේ තමයි මෙයා යූක්‍රෙනියන් නිදහස් අරගලයට ඍජුව දායක වුන නිසා රුසියන් ඒජන්ත කෙනෙක් මෙයාව මෙයාගේ ගෙදරාදිම මරණවා:growl::no:

    Richard Strauss 1864 - 1949
    Richard%20Strauss.jpg

    ජර්මානුවෙක්. මේත් මම ආසා කරන කෙනෙක්. වයස 6 විතර ඉදන් මැරෙනකන්ම මියුසික් ලියපු කෙනෙක්. සාමන්‍යයෙන් අනෙක් අයට නැති හැකියාවන් තිබුනයි කියලා කියනවා
    එයාගේ වැඩ වලට එයා සොප්‍රානෝ කටහඩවල් වලට කැමැත්තක් දැක්වුවාලු - ඉතින් මෙයාගේ හාමිනේත් ඇවිල්ල සුප්‍රානො වෝකලිස්ට් කෙනෙක්:baffled:
    මෙයාගේ හාර්මොනයිස් ඕර්කෙස්ට්‍රල් වැඩ ගොඩක් ලස්සනයි
    මේක (මුල ටික) ඔයගොල්ලො ගොඩක් අය අහලා ඇති.
    Also Sprach Zarathustra


    ඕක ෆිල්ම් එකක යූස් කරනවා. පරන් එකක (2001: A Space Odyssey) හැබැයි අදකාලේ ගොඩක් අයත් මේ මියුසික් එක තියෙන කෑල්ල අහලා දැකලා ඇති
    එල්විස් ප්‍රෙස්ස්ලි අයියා එයාගේ මියුසිකල් ශෝ පටන්ගත්තේ මෙක දාලලු:P. තව ගොඩක් ගායකයොත් මේක යූස් කරලා තියෙනව මම හිතන්නේ
    මෙයා මුලින් නාසි හිතවාදියෙක් (හිට්ලර ගොයියා මෙයාගේ රසිකයෙක්) - මොකද මෙයාගෙ පුතා යුදෙව් කෙල්ලෙක් බැන්ද එකට මලෙන් ඉදලා . පස්සේ හැබැයි මෙයා හිට්ලර්ලව අනුමත කරලා නෑ:dull:

    ඉවර කරන්න ඉස්සරවෙලා තව එක්කෙනෙක් ගැන කියන්නම් මිනිහගේ දක්ශතාව නිසාම
    Sergei Rachmaninoff 1873 – 1943
    9605-004-64E96EF4.jpg

    රුසියානු ජාතිකයෙක්. මෙයාටත් සංගීත පසුබිමක් තියෙනවා. මේයාව වැඩ කරන්න උනන්දුවක් නැතිව ඉද්දි උනන්දු කරලා තියෙන්නේ ඒ කාලේ රුසියානු සංගීතයේ යොධයෙක් වුනු චයිකොස්කි:).
    ඒත් මේ පොර හරිම ඔනවට එපාවට වැඩ කරලා තියෙන්නේ. ඉතින් කරපු පලවෙනි සිම්ඵනි එක මෙලෝ රහක් නැහැල්ලු:angry:.
    පස්සේ මිනිහටම හිතිලා Hypnotist කෙනෙක් ලගාට ගිහින් "නුඹ කොන්චේටො එකක් ලියන්වා.,නුඹ කොන්චේටො එකක් ලියන්වා.." කියලා කියවගේන් අන්තිමට කරපු එක කිරි ගහට ඇන්න වාගේ තිබිලා:P!
    අදටත් බොහෝ දෙනෙක් මෙතුමාව සලකන්නේ මෙතෙක් බිහි වුන හොදම පියානෝඅ වාදකයා විදිහට:love::love::love::love:
    පස්සේ මෙයා රුසියාව අත ඇරලා ඇමරිකාවට යනවා. එහෙදිත් ගොඩක් වැඩ කරන්වා. මෙයාට අහන ඔනැම සංගීත කොටසක් මතකෙන් ඊට පස්සේ විතරක් නෙවෙයි මාස ගානකට්ට පස්සේ වුනත් ගහන්න පුලුවන් තරමේ මතකයක් තිබුනලු:shocked:
    ඒත් මෙයා දන්නවනේ අපිට එහෙම මොලයක් නැති විත්තිය:baffled:. ඒ හින්ද මෙයා මෙයාගේ ගොඩක් නිර්මාණ එයාම වාදනයකරන අයුරු රෙකොර්ඩ් කරලා තියෙනවලු - ඔය රෙකොර්ඩින්ග් වැඩ දියුනුවෙන්න පටන් ගත්ට කාලෙනේ 1900 මුල කියන්නේ
    ඒ නිසා මෙයා ප්ලේ කරන ඒවා අහන්න පුලුවන් කම අද අයටත් තියෙනවලු.
    මෙන්න මේක මෙයාගේ ගොඩක් ජනප්‍රියයි
    Rhapsody on a Theme of Paganini



    මේක අද කාලේ ගොඩක් ෆිල්ම් වලට යොදාගෙන තියෙනවා

    රොමැන්ටික් ඊරා එක ඉවරයි. ඊලග එකෙන් මොඩර්න් ඊරා එකේ වැඩර්ලා ගන හොයමු:oo:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබේ ත්‍රෙඩ් ඔක්කොම පට්ට මචං. කියෙව්වා. තව පාරක් කියවන්න ඕනි නිවිහැනහිල්ලේ. බොහොම ස්තුතියි කොල්ල බෙදාගන්නවට
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,690
    2,549
    113
    නිධානයක් උඩ
    සුපිරියි වෙනද වගේම...
    පුලුවන්නම් හොඳ කොලිටි ඕඩියෝ ෆියිල් ටිකකුත් ඇඩ් කරන්න..
    දිගටම ලියන්න.....


    :love::love:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    bookmarked
    9.gif
    9.gif

    සුපිරියි වෙනද වගේම...
    පුලුවන්නම් හොඳ කොලිටි ඕඩියෝ ෆියිල් ටිකකුත් ඇඩ් කරන්න..
    දිගටම ලියන්න.....
    :love::love:
    DL කරන්න පුලුවන් ඒවද මචන්? මම හිමිහිට පුලුවන්වුනොත් හොයලා ඇඩ් කරන්නම්. මේ වාගේ ඒවගේ නියම ෆීලින්ග් එක ගන්නන්නම් ඔයා කීවත් වාගේ ඔරිජිනල් ෆුල් කොලිටි ඇල්බම් ටිකක් හොයා ගන්න ඕනෙ(සල්ලි දීලා ගන්න තියෙන ඒවා තමා ඉතින් හොදම;)). මම ගාව ඉස්ස්කෝලෙ යන කාලෙ නම් කැසට් පීස් වලට රෙකොර්ඩ් කරලා (ඉස්කෝලෙ එක්සෑම්වලට ඕන නිසා) ටීචර් දුන්න ඔරිම ඔරිජිනල් ඒවා තිබුනා හැබැයි දැන් ඒවා මෙහේ මා ගාව නෑ. ගෙදර තිබුනත් මම හිතන්නේ නෑ හොද කොලිටියට ඇති කියලා දැන් ඒවා. කැසට් පීස්නේ?:P (සමහරවිට jamiezue ගාව හරි , BINGU_PUTHA සහෝදරයා ගාව හරි හොද quality ඒවා ඇති:rolleyes:)

    සුපිරි මචන් කීප් ඉට් අප්
    11.gif
    11.gif

    :D:D
     
    Last edited:

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මට මේ ගොඩට දාන්න අමතක වුන තව ලස්සන වගේම ප්‍රසිද්ධ මියුසික් පීස් එකක් තියෙනවා.
    නම ඇවිල්ලා Orphée aux enfers (
    Orpheus in the Underworld) - Overture
    ඒකේ නිර්මාපකයා ඇවිදින්, Jacques Offenbach (
    1819 – 1880) කියලා (බාගෙට ජර්මන් බාගෙට යුදෙව් හැබැයි ජාතිකයෙන් ප්‍රංශ!) - ලොකු වැඩ කාරයෙක් (මේ හාදයා මිස් වෙච්ච එකනම් මගෙන් වෙච්ච ලොකු අවුලක්!!!:frown::no: මිනිහා ඒතරමට සංගීතයට සේවය කරපු කෙනෙක්!)
    Offenbach-Portrait-2.jpg


    මෙයාගේ
    මේක අපේ ලංකාවේ ගොඩක් අය අහලා ඇති. බොන්ශුවා කියලා ගිය නයි ටී එන:P(ITN) ප්‍රෝග්‍රෑම් එක තීම් මියුසික් එකට යොදා ගත්තේ ඕකනේ! (ඕකේ බොන්ශුවා එකේ පාවිච්චි කරන්න කොටස තියෙන්නේ අන්තිම හරියේ-විනාඩි 8 ඉදන අහන්න ඒ කොටස;)) තාම බොන්ශුවා එක ලන්කාවේ යනවද කියලා දන්නේ නම් නෑ:confused::confused: