පොඩි කෙල්ලට වරද පැටෙව්වේ නෑ මම..මම කිව්වේ දෙමවුපියන්ගේ වගකීම කියලා දරුවන්ට පාරේ යන එන හැටි උගන්නන එක කියලා..දැන් අනතුරෙන් හානියක් වුනේ කාටද?පාරේ යන අනිත් මිනිස්සුන්ගේ අතට වගකීම දීලා පාරේ යනවනන් තමන් අනතුරේ වැටෙන එක වලක්වන්න බේ..අනිත් කෙනා මොන විදිහට එයිද කියන්න දන්නේ නෑ අපි..ඒ ලමයා දුවන්නේ නැතුව ගියානන් සමහරවිට ත්‍රීවීල් කාරය ලමයා දකින්න තිබ්බා..එහෙම නැත්තන් ලමයා ත්‍රී වීල් එක දකින්න් තිබ්බා..
මම හිතන්නෙ නෑ ලෝකෙ මොන අම්ම තාත්තවත් තමන්ගෙ දරුවට කියයි කියල ගිහින් පැනපන් වාහන එන වෙලාවක්ම බලල කියල. හැමෝම උපදෙස් දෙන්නේ පරිස්සමෙන් පාරෙ යන්න කියල තමයි. ඒත් ලමයි ගැන ඔයා නොදන්නව වෙන්න බෑ. ඒක නිස වැඩි වගකීමක් තියෙනව වැඩිහිටියන්ට. ඒකනෙ ලයිසන් දෙන්න වයස බලන්නේ. ඔතනදි ලමය ත්‍රීවිල් එක දැක්කත් වැඩක් නෑ අර හරක ආපු ඒමට හප්පනවාම තමයි. පේන්නෙම නැද්ද ඌ ආපු විදිය?
අනික ඉතින් ඔයා මෙහෙම ප්‍රසිද්ධියේම අර බූරුවව සුද්ද කරන්න හදන එක හරි නෑ කියලයි මම කියන්නේ. මොකද ඕකෙනුත් වක්‍රව මී හරක් වගේ වාහන එලවන උන්ට යම් පෙලබවීමක් ඇති වෙනවනේ. මොකද උන්ටත් හිතෙනවනේ ඒවත් අනුමත කරන උන් සමජයේ ඉන්නවා, ඒක නිසා ඒ වැරැද්ද බරපතල නෑ කියල.
ඔයා ඉන්නේ ඔය මතේමනම් ඒක වෙනස් කරන්න කලබල වෙන්න එපා. ඔයාගෙම පවුලෙ කෙනෙක්ට ඔහොම දෙයක් උනාම ඇස් ඇරෙයි.



