මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද? 3වැනි කොටස
G cell එකෙන් එලියට බහිනකොටම දකින්න හම්බෙන්නේ කුස්සිය. කට්ටියම යමුකෝ ඇතුලට.
!
!
!
!
!
!
!
10 වෙනකොට කිචන් පාටි එකේ අය ගජරාමෙට වැඩ. සමාජ සම්මතයේ කියන තරම්ම අපිරිසිදුවක් මේ කුස්සියේ නෑ. එකෙන් කියන්නේ පිරිසිදුයි කියන එක නෙමෙයි. සාමාන්‍යයෙන් කොළඹ හෝටලයක කුස්සියක් දැකල තියෙනවනං ඒ වගේම තමයි මේ කුස්සියත්. මස් මාළු හෝ බිත්තර ඇතුලත්ව තවත් ව්‍යාංජන තුනකින් සමන්විත දිවා ආහාරයක් මෙතන ඉන්න සෑම හිරකරුවෙකුටම ලැබෙනවා. මෙතන බැලුවම බරට කට්ටිය වැඩ. අල කපනවා, පොල් ගානවා, කොළ ලියනවා වගේ එක එක වැඩ කාට්ටිය කුස්සියේ තැනින් තැන. ඒ ඇරුණම ලොකු හැලි ගණනාවක බත් ඉදෙනවා කුස්සියේ තැනින් තැන. අළුතෙන් බන්ධනාගාරයට ආපු සමහරු ස්වේච්චාවෙන්ම මෙතනට එනවා කිචන් පාටි අයට උදව් කරන්න. එතකොට තියෙන ලොකුම වාසිය තමයි සාමාන්යවයෙන් උයන්න පිහන්න මෙතන ඉන්න අයට උදව් කරාම පොඩි ප්ලේන්ටියක් එහෙම ලැබෙන එක. අනිත් එක කරදරයක් නැතුව ඉන්න පුළුවන් එක. මෙතැන ඉන්න ඕන කෙනෙක්ට කරදරයක් නැතුව ඇතුලට වෙලා ඉන්න පුළුවන්. එහෙම ඉන්නකොට වැලිකඩ අය හිතවත් වෙන එක තව වාසියක්. කොල මිටි එහෙමනං ඉතිං හෝදන්නේ මිටිය පිටින්මයි. සමහර කොළඹ තියෙන හෝටල්වල එහෙමවත් නෑ. ඒ අතින් නං මේ කුස්සිය හොදයි. වැඩේ තියෙන්නේ උයන අය පිරිසිදු නැතිකම. කැහැ කැහැ ඔහේ උයනවා සමහරු මූණ කටක්වත් හෝදලා නෑ. වැඩ කරන ගමන් ප්ලේන්ටියක් එහෙම ඒ කුස්සියේ හැදෙනවා. හැබැයි ඒක පිට අයට ලැබෙන්නේ නෑ. උයන පිහන අයට, උදව්වට ඉන්න අයට විතරයි මේ අවස්ථාව ලැබෙන්නේ. සාමාන්යෙයෙන් 11.30 - 11.45 වෙද්දී මෙයාල උයල ඉවරයි. දැන් එහෙනං වෙලාවත් හරි හින්ද අපිත් මෙහෙම්මම අපිට අදාළ සෙල් එක පැත්තට යමු. නැත්තං දවල්ට කෑම ලැබෙන්නේ නෑ.
උදේ විදිහටම සෙල් එක ඉස්සරහ පෝලිම් ගැහෙන සිරකරුවන්ට කෑම ලැබෙනවා. මස්, මාළු හෝ බිත්තර ලැබෙනවම තමයි. තව ජාති තුනකුත් එක්ක. හැමෝටම එකම කෑම නිසා, හැමෝටම ඔරොත්තු දෙන්නයි මේ කෑම හදන්නේ. කෑම එක ඉතිං මෙලෝ රහක් නෑ. හෙනම දිය රසයි. මිරිස් කියල එහෙම නාමයක් නෑ. නොමැරී ඉන්න ඕන නිසා ඉතිං කව්රුත් මේ දෙන බත් පත කනවා. නමුත් කලක් යනකොට මේ පිරිසට ඕක හුරු වෙනවා. ඕන ජරාවක් අනාගෙන ගිලල දාන්න එයාලම හුරුවෙලා ඉන්නවා. එහෙම නැතුව හොදට කාල පුරුදු අපිටනං මේ කෑම එක බිංදුවයි කියන්නත් බෑ. කෙලින්ම සෘණ.
දවල්ටත් කෑවනං දැන් මොකද කියන්නේ නාගන්න ලිදක් පැත්තට යන්ද? නාගන්න නං තැන් කිහිපයක ලිං තිබ්බට මොකද අපිට තව දේවල් බලන්නත් තියෙන හින්ද පල්ලි වාට්ටුවේ ලිඳ පැත්තටම යමු.
ආරච් එක තියෙන කොට තාප්පේ පහුකරලා කුස්සියයි G cell එකයි පහුකරන් ආපහු ඉස්සරහට යනකොට යම් පැත්තෙන් පොඩි ගමන් මාර්ගයක් තියෙනවා පල්ලි වාට්ටුව පැත්තට. ඒ පැත්තට ගිහිල්ලම එහෙනං ඉතුරු ටිකත් කතා කරමු.
!
!
!
!
!
!
!
ඔන්න ඔහොම තමයි පල්ලි වාට්ටුව තියෙන ප්‍රදේශය අපිට පේන්න ගන්නේ. පල්ලි වාට්ටුවේ වතගොත පොඩ්ඩක් කතාකරලා ඉවරවෙලාම නාන්න යමු.
නෝම්බි කාලයට හිරගෙදර ඉන්න සේරම මුස්ලිම් හිරකරුවන් මේ වාට්ටුවට ගෙනත් දානවා ඒ ඒ වතාවත් සදහා. ඒ ඇරුණම සාමාන්‍ය කාලයට මේකේ නිකං සිරකරුවොත් ඉන්නවා. ඔය යමක් කමක් කරගන්න පුළුවන් මට්ටමේ සිරකරුවෝ මේකේ ඇතුලේ තමා ඉන්නේ. නමුත් නෝම්බි කාලයට ඒ අයව වෙන වෙන සෙල් වලට බෙදාහැරලා මුස්ලිම් අය සේරම මේකට ගෙන්නලා දානවා. විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ සමාජයේ මුස්ලිම් ප්‍රජාව පොඩ්ඩක් කළහකාරී උනාට මොකද මේකේ කට්ටිය එහෙම නෑ. හෙන යටහත් පහත් ලීලාවෙන් තමා ඇතුලේ ඉන්නේ. මොකද සාමාන්‍ය සමාජයේ වගේ සද්ද දාල මට්ටු කරන්න පුළුවන් පිරිසක් නෙමෙයි නේ මේක ඇතුලේ ඉන්නේ. එක එයාලත් දන්නවා. නෝම්බි කාලේ උනත් සිංහල කෙනෙක් ඒ පැත්තට ගියාම ඒ පිරිස බොහොම ආචාරශීලීව ඉන්නවා. මේ පිරිස හුගක් කැමති සිංහල ප්‍රජාව සමඟ මිශ්‍රවෙලා ඉන්න. ඒගොල්ලෝ කොන් වෙනවට එයාල බයයි.
ආකෘතිය ගත්තම මේකත් වැලිකඩ වාට්ටුව වගේම තමයි. සාමාන්‍ය කාලයට කට්ටිය ඇතුලේ තම තමන්ට කොටස් වෙන් කරන් ඉන්නවා. නමුත් බෝඩර් කතාව මේක ඇතුලේ නෑ. තම තමන්ගේ කොටස නිකන් වෙන් කරන් ඉන්න එක තමා කරන්නේ. අනිත් සෙල්වලට සාපේක්ෂව ගත්තම මේක තරමක් හොදයි.මොකද ඉඩකඩයි. නිදහස්.
පල්ලි වාට්ටුව බලපු එකේ ඉස්සරහම තියෙන ළිදෙන් නාගන්නයි ඔන්න දැන් ලෑස්ති වෙන්නේ.
මුලින්ම කියන්න ඕනේ සමාජ සම්මතයේ පිළිගත්තු කතාවක් තියෙනවා හිරගෙදරකදී නාන්න දෙන්නේ වතුර බාල්දි 5යි කියල. ඇත්තටම මැගසින් එක ඇතුලේ නං එහෙම නෑ. නමුත් අර කට්ටිය කාර්යය බහුල වෙලාවක හෙන වෙලාවක් නාන්න ගියොත් නං ඉතිං අනිකුත් සිරකරුවන්ගෙන් බැනුම් අහන්න වෙනවා. ඒ කියන්නේ ඔය උදේට කට්ටිය මූණ හෝදන්න වගේ එනවෙලාවට බාල්දියක් අරන් වරු ගණන් නාන්න ගියොත් නං හොද ඒවායින් අහගන්න වෙනවා. එහෙම නැතුව පස්වරු 1-2ට විතර ආවොත් නං සිත්සේ නාගන්න පුළුවන් කිසිම ගැටළුවක් නැතුව. නාන ලිං ගාව ගැටළුවකට මතුවෙන්නේ බාල්දි සීමිතවීම. ඉක්මනට නාල අනිත් කෙනාට බාල්දිය දෙන්න ඕනේ. තදබදය නැති වෙලාවක අවොත් එහෙම ප්‍රශ්නයක් නෑ. හොදට නාගෙන, රෙදි ටිකත් හෝදගෙන යන්න පුළුවන් කිසිම ගැටළුවක් නැතුව. අළුතෙන් ඇතුලට ගියපු කට්ටියට ඉතිං රෙදි හෝදලා වැනුවට පස්සේ ඒ වනපුවා වේලෙනකන් එතෙන්ටම වෙලා බලාගෙන ඉන්න වෙනවා. මොකද රෙදි ටික දාල එතනින් ගියොත් ඉතිං ආපහු එද්දී ඒ සේරම අතුරුදහන් වෙලා තියෙන හින්ද.
රෙදි හොදන් නාල කරලා ඉවරනං දැන් ආයේ සෙල් එක පැත්තටම යමු. මොකද ආයේ හවස් 6 වෙද්දී සියළුම සිරකරුවන්ට රාත්‍රී ආහාරවේල ලැබෙනවා. උදේ, දිවා මෙන්ම රාත්‍රිද ආහාරවෙලත් පෝලිමේ ඉදන් සෙල් එක ඉස්සරහින් තමා ගන්න වෙන්නේ. ගොඩක් දවස්වලට සීනි සම්බෝල එක්ක පාන් තමා හම්බවෙන්නේ. උදේ, දවල් එක්ක සාපේක්ෂව ගත්තම මේ සීනි සම්බෝල එකනං කන්න පුළුවන් මට්ටමක තියෙනවා. ඉදල හිටලා රෑට බත් හැම්බවෙන දවසුත් තියෙනවා. මෙතන වෙනවසකට තියෙන්නේ රෑට කෑම අරගන්න සියළුම සිරකරුවෝ ඉන් අනතුරුව කෙලින්ම සෙල් එක ඇතුලට යන්න ඕනේ. ආයේ එළියේ ඉන්න බෑ. සෙල් එක ඇතුලට කට්ටියම ගියාට පස්සේ සිරකරුවන්ගේ කවුන්ට් එකක් ගන්නවා. එක වෙන්නේ මෙහෙමයි. සෙල් එකෙන් සෙල් එකට ඉන්නවා සෙල් පාටි කෙනෙක්. සෙල් කාමර ඇතුලේ ඉන්න හැමෝමත් මේ වෙලාවට සෙල් කාමරෙන් එලියට ඇවිත් සෙල් පැසේජ් එකේ හිටගන්න ඕනේ. ඊට පස්සේ එක කොනක ඉදං සෙල් පාටි, එක එක්කෙනාට ඇගිල්ල දික්කරන් එනවා. ඒ හැමෝම එක, දෙක, තුන, ගගා සද්දෙන් කියන්න ඕනේ. එක කොනකින් එක කියල පටන් ගන්නවා එයට එහාපැත්තෙ එක්කෙනා දෙක කියනවා, එයාටත් එහා පැත්තේ එක්කෙනා තුන කියනවා. ඔහොම ඔහොම අදාළ සෙල් එකේ සිටියයුතු සිරකුරුවන්ට සමාන සංඛ්‍යාව ඇත්තටම ඇතුලේ ඉන්නවද කියල බලනවා. ජේලර් ගේ රෙකොර්ඩ් එකේ තියෙන්නේ C cell එකේ 450යි කියල නං ඇතුලෙත් අංක 450 දක්වා කියවෙන්නේ ඕනේ. එහෙම හරියට කියවුණා නං ප්‍රශ්නයක් නෑ. අඩුනන් කවුරුහරි පැනලා, එක්කෝ හැංගිලා.
සවස 6 වෙද්දී මෙහෙම ජේලර් කෙනෙක් අතින් අඟුළු වැටෙන සෙල් ගේට්ටුව පහුවෙනිදා උදේ 6 වෙද්දී කවුන්ට් එකක් සමගින්ම යලි විවෘත වෙනවා. උදේ කවුන්ට් එක ගන්නේ රෑ ඇතුළට දාපු සියල්ලම උදේ ඉන්නවද බලන්න.
මැගසින් එක ඇතුලේ බලන්න තියෙන සේරම තැන් දැන් අපි බලලයි ඉන්නේ. තවත් තැන තැන වෙන සෙල් තිබ්බත් එවල බලන්න කියල විශේෂයක් නෑ. සෙල් ඔක්කොම එක වගේ. දැන් ඉතිං කට්ටිය හැමෝම මැගසින් එක ඇතුලේ ඇවිදලා කරලා බැලුවනේ. එහෙනං කට්ටියම දැන් පොඩ්ඩක් ආයේ එකතැනකින් වාඩිවෙමුද පොඩි කයියක් ගහන්න. නමුත් ඒ කයිය ගහන්නේ අපි අද නෙමෙයි. මේ ලිපි මාලාවේ හතරවෙනි සහ අවසාන ලිපියෙන්.
ඇතුළු මැගසින් බන්ධානාගාරයේ අදුරු පැත්ත ගැන සියළුම තොරතුරුත් එක්ක අපි එහෙනං මේ ලිපි මාලාවේ අවසන් ලිපියෙන් යලි හමුවෙමු. කතාවේ හොදම හරිය ඒ නූලෙන්.

- සිරගෙදර සිද්ධවෙන සමලිංගික ක්‍රියාකාරකම්,
- සිරගෙයතුළ හුවමාරු මාධ්‍යක් ලෙස බීඩි වල ඇති වැදගත්කම,
- කුඩු, බීඩි, සහ සිරගෙදරටම ආවේණික වූ “ලෝකල්” හාවිතය,
- ජේලර් වරුන් අතින් සිදුවන දූෂණ අක්‍රමිකතා සහ පගාගැනීමේ ක්‍රියාවලිය,
- ගුද මාර්ගයෙන් භාණ්ඩ ප්‍රවාහනය නොහොත් බංකර් ගැසීම,
- සල්ලි තියෙනවනං ඇතුලේ සැප කියන්නේ ඇත්තද?