කට්ටා ...

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
කට්ටාගේ සුවිසැරිය

ඇය සළු අඳින වේලේ කට මත සිටිමී
උදයෙම සැමට කලියෙන් ඇගෙ මුව සිඹිමී
කිසිවකු නොදුටු තැන් ඇගෙ දැක සසල වෙමී
දවසම දෙතන පහසට තුරුළුව නිදමී

දෙතනක සුවය විඳ විඳ සිටි මගේ සුර
සිහිනය බොඳකළා ඇය වී මවක තර
තනයෙන් ගලවලා බිළිඳුන් අඳින අර
ඇඳුමට ඇමිණුවා මා තෙමමින් නිතර

බිළිඳුගෙ පස්ස පැත්තට යට වී සිටිය
කාලය නිම උනා ගඳ ඉවසං බැරිය
පසුදා ගෙදර සැමියට අවනත වුණි ය
සිප් එක කැඩුණ කලිසමකට ඇමිනුණි ය

ඇමිණුනු වෙලේ සිට පැයකට දෙතුන් වරේ
වැසිකිළියට දුවයි මේකා සැරින් සැරේ
ගලවයි නමයි මට වද දී චූත් කරේ
මූටයි සීනි මූ එක්කම මාත් මැරේ

හවසත් බුවා යලි වැසිකිළියට ඇදුණා
ඒ බව දැනී මම හිමිහිට කෙලින් වුණා
එලියට ගන්න යද්දිම අරකේ ඇණුනා
රිදුණා ඌට මට පවු කියලත් හිතුණා

රෑ බෝ වුණා – නිවසේ විදුලිය නිවලා
“කටුවක් ඇණුනි අද බෑ ගෑණියෙ” කියලා
සැමියා ඇයට කී කට හඬ මට ඇහිලා
හිනැහුණු සැරට දන්නෙම නෑ මං වැටිලා

වැටුණ තැනින් යළි මා අහුලා ගත්තේ
ලොකුම දුවයි ටයි පටියට ගහගත්තේ
ඇගෙ හුරුබුහුටි දෙතනට තද කර ගත්තේ
මවගේ ලැමට වැඩියෙන් මගෙ හිත ගත්තේ

උදයෙම අමුණගෙන පාසැල වෙත යන්නී
ඇගෙ යෙහෙලියන් හා කෙලියට යොමුවන්නී
ඒ අතරේ වරෙක වලියට බර වන්නී
දෙකකට නොවේ හතරකටම හිරවන්නී

දවසක් මොකද්දෝ වැඩකට මා ගලවා
ඩෙස් එක උඩින් අමතක කොට මා තැබුවා
තව කෙල්ලක පැමිණ මා අතමිට මොලවා
ඇගෙ නිවසට ගියා අරගෙන මා ඔසවා

ඇගෙ කාමරයෙ කොනකට කර මා ගැසුවා
කිරි සුදු සිරුර අඟලක හැර මා දුටුවා
පසුදින උදෑසන මගෙ කන කිති කැව්වා
ඇගෙ යට සායෙ බුරුලක ගැන ඈ දෙඩුවා

දැන් දැන් මගේ හොඳ කල එනු පෙනෙන්නේ
ඇගෙ මුදු ඇඟිලි මා සියොලඟ වෙලෙන්නේ
සියුමැලි අතින් යට සායේ ගසන්නේ
එහි ඇමිණිනිලා මුදු බඳ මා ඉඹින්නේ

සුවඳට ඇගේ මගෙ හද ඉවසුම් නැතුවා
යකඩින් කළත් මගෙ කටු හිත උණු කෙරුවා
දවසම ඇගේ පහසට මා මත් කෙරුවා
සතුටින් ඇගේ දහඩිය රසයත් බැලුවා



උස්සන ලද්දේ ~ සහන් පද්මසංඛ පීරිස් ~ ගෙනි.
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ela

    මූටයි සීනි මූ එක්කම මාත් මැරේ :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පට්ට සංකල්පනාවක් ඈ....
    අම්මපා ඉතාම හොද නිර්මාණයක්...
    පොඩ්ඩක් කුණු වැල රහක් ආවත්........
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    තරුණියගේ සාරි කටුව බසයේදී නැතිවී ජංජාලයක්

    බස් රථය ගල්කිස්සේය. ඒ වනවිටත් කිටි කිටියේ සෙනගය. අතුරු සිදුරු නැත. ඇඟිල්ලක් ගැසිය නොහැකි තරමට පිරීතිබිණි.
    ආසන දෙකක ඇඳි දෙකක් අල්ලාගෙන සිටගෙන සිටි මැදිවියේ පිරිමියෙකි. ඔහු කවුළු අතරින් ඉවත බලාගෙන යයි. කුමක්දෝ වෙනසක් දැනී මද වෙලාවකින් ඔහු පසුපස හැරී බැලූවේය.
    තරුණියක් ඔහුගේ පිටුපසින් හිටගෙන සිටි අතර ඉගටිය ප‍්‍රදේශය එක් අතකින් අල්ලාගෙන සිටි ඇය තම ඉදිරිපසින් සිටි පුද්ගලයා අමතා මෙසේ කිව්වාය.
    අනේ කරුණා කරලා මට උදව්වක් කරන්න.
    ඔහු නැවතත් පිටුපස හැරී බැලූවේය. මගේ සාරියට
    ගහලා තිබුණු කටුව ගැලවිලා වැටුණා. මට ටිකක් වාඩි වෙන්න ඉල්ලා දෙන්න පුළුවන්ද?
    තරුණියට සිදුවී ඇති අකරතැබ්බය ඔහුට තේරුම් ගියේය.
    ඔහු ඒ අසල වාඩිවී සිටි අයෙකුට යමක් කණට කොට කීවේය.
    ඔහුද ඉද්ද ගැසුවාක් මෙන් නැගිට තරුණියට ආසනය පරිත්‍යාග කළේය. සැණින් තරුණියද සාරිය ගුලියක් සේ අතින් අල්ලාගෙන වාඩි වූවාය.
    දැන් ඔයා බහින්නේ කොහොමද? කටුව මෙතන වැටුණේ. හොයා ගත්තනම් හරි. එසේ කියූ ඇය බිමට නැමී සෙරෙප්පු සපත්තු කුඩ බෑග් අතරින් කටුව සොයන්න වුවාය.
    මේ අතර ඇයට ආසනය දුන් තරුණයා සෙනඟ අතරින් රිංගා ඉදිරියට ගියේය. රියැදුරුට යමක් කීවේය.
    යළිත් දොරටුව අසලට පැමිණියේය. මදවෙලාවකින් බසය නතර කැරිණි. හරි යං. හඬක් ඇසුනි. නැවත සෙනග අතරින් තරුණිය අසලට පැමිණියේය.
    නංගී ආ. ඔයාට අවශ්‍ය තැනකට ඔය කටුව ගහගන්න. මේ බසයේ කටුවක් තියා රේක්කයක් වැටුනත් හොයන්න පුළුවන්ද....මේ ඉන්න සෙනඟත් එක්ක.