කට්ටාගේ සුවිසැරිය
ඇය සළු අඳින වේලේ කට මත සිටිමී
උදයෙම සැමට කලියෙන් ඇගෙ මුව සිඹිමී
කිසිවකු නොදුටු තැන් ඇගෙ දැක සසල වෙමී
දවසම දෙතන පහසට තුරුළුව නිදමී
දෙතනක සුවය විඳ විඳ සිටි මගේ සුර
සිහිනය බොඳකළා ඇය වී මවක තර
තනයෙන් ගලවලා බිළිඳුන් අඳින අර
ඇඳුමට ඇමිණුවා මා තෙමමින් නිතර
බිළිඳුගෙ පස්ස පැත්තට යට වී සිටිය
කාලය නිම උනා ගඳ ඉවසං බැරිය
පසුදා ගෙදර සැමියට අවනත වුණි ය
සිප් එක කැඩුණ කලිසමකට ඇමිනුණි ය
ඇමිණුනු වෙලේ සිට පැයකට දෙතුන් වරේ
වැසිකිළියට දුවයි මේකා සැරින් සැරේ
ගලවයි නමයි මට වද දී චූත් කරේ
මූටයි සීනි මූ එක්කම මාත් මැරේ
හවසත් බුවා යලි වැසිකිළියට ඇදුණා
ඒ බව දැනී මම හිමිහිට කෙලින් වුණා
එලියට ගන්න යද්දිම අරකේ ඇණුනා
රිදුණා ඌට මට පවු කියලත් හිතුණා
රෑ බෝ වුණා – නිවසේ විදුලිය නිවලා
“කටුවක් ඇණුනි අද බෑ ගෑණියෙ” කියලා
සැමියා ඇයට කී කට හඬ මට ඇහිලා
හිනැහුණු සැරට දන්නෙම නෑ මං වැටිලා
වැටුණ තැනින් යළි මා අහුලා ගත්තේ
ලොකුම දුවයි ටයි පටියට ගහගත්තේ
ඇගෙ හුරුබුහුටි දෙතනට තද කර ගත්තේ
මවගේ ලැමට වැඩියෙන් මගෙ හිත ගත්තේ
උදයෙම අමුණගෙන පාසැල වෙත යන්නී
ඇගෙ යෙහෙලියන් හා කෙලියට යොමුවන්නී
ඒ අතරේ වරෙක වලියට බර වන්නී
දෙකකට නොවේ හතරකටම හිරවන්නී
දවසක් මොකද්දෝ වැඩකට මා ගලවා
ඩෙස් එක උඩින් අමතක කොට මා තැබුවා
තව කෙල්ලක පැමිණ මා අතමිට මොලවා
ඇගෙ නිවසට ගියා අරගෙන මා ඔසවා
ඇගෙ කාමරයෙ කොනකට කර මා ගැසුවා
කිරි සුදු සිරුර අඟලක හැර මා දුටුවා
පසුදින උදෑසන මගෙ කන කිති කැව්වා
ඇගෙ යට සායෙ බුරුලක ගැන ඈ දෙඩුවා
දැන් දැන් මගේ හොඳ කල එනු පෙනෙන්නේ
ඇගෙ මුදු ඇඟිලි මා සියොලඟ වෙලෙන්නේ
සියුමැලි අතින් යට සායේ ගසන්නේ
එහි ඇමිණිනිලා මුදු බඳ මා ඉඹින්නේ
සුවඳට ඇගේ මගෙ හද ඉවසුම් නැතුවා
යකඩින් කළත් මගෙ කටු හිත උණු කෙරුවා
දවසම ඇගේ පහසට මා මත් කෙරුවා
සතුටින් ඇගේ දහඩිය රසයත් බැලුවා
උස්සන ලද්දේ ~ සහන් පද්මසංඛ පීරිස් ~ ගෙනි.
ඇය සළු අඳින වේලේ කට මත සිටිමී
උදයෙම සැමට කලියෙන් ඇගෙ මුව සිඹිමී
කිසිවකු නොදුටු තැන් ඇගෙ දැක සසල වෙමී
දවසම දෙතන පහසට තුරුළුව නිදමී
දෙතනක සුවය විඳ විඳ සිටි මගේ සුර
සිහිනය බොඳකළා ඇය වී මවක තර
තනයෙන් ගලවලා බිළිඳුන් අඳින අර
ඇඳුමට ඇමිණුවා මා තෙමමින් නිතර
බිළිඳුගෙ පස්ස පැත්තට යට වී සිටිය
කාලය නිම උනා ගඳ ඉවසං බැරිය
පසුදා ගෙදර සැමියට අවනත වුණි ය
සිප් එක කැඩුණ කලිසමකට ඇමිනුණි ය
ඇමිණුනු වෙලේ සිට පැයකට දෙතුන් වරේ
වැසිකිළියට දුවයි මේකා සැරින් සැරේ
ගලවයි නමයි මට වද දී චූත් කරේ
මූටයි සීනි මූ එක්කම මාත් මැරේ
හවසත් බුවා යලි වැසිකිළියට ඇදුණා
ඒ බව දැනී මම හිමිහිට කෙලින් වුණා
එලියට ගන්න යද්දිම අරකේ ඇණුනා
රිදුණා ඌට මට පවු කියලත් හිතුණා
රෑ බෝ වුණා – නිවසේ විදුලිය නිවලා
“කටුවක් ඇණුනි අද බෑ ගෑණියෙ” කියලා
සැමියා ඇයට කී කට හඬ මට ඇහිලා
හිනැහුණු සැරට දන්නෙම නෑ මං වැටිලා
වැටුණ තැනින් යළි මා අහුලා ගත්තේ
ලොකුම දුවයි ටයි පටියට ගහගත්තේ
ඇගෙ හුරුබුහුටි දෙතනට තද කර ගත්තේ
මවගේ ලැමට වැඩියෙන් මගෙ හිත ගත්තේ
උදයෙම අමුණගෙන පාසැල වෙත යන්නී
ඇගෙ යෙහෙලියන් හා කෙලියට යොමුවන්නී
ඒ අතරේ වරෙක වලියට බර වන්නී
දෙකකට නොවේ හතරකටම හිරවන්නී
දවසක් මොකද්දෝ වැඩකට මා ගලවා
ඩෙස් එක උඩින් අමතක කොට මා තැබුවා
තව කෙල්ලක පැමිණ මා අතමිට මොලවා
ඇගෙ නිවසට ගියා අරගෙන මා ඔසවා
ඇගෙ කාමරයෙ කොනකට කර මා ගැසුවා
කිරි සුදු සිරුර අඟලක හැර මා දුටුවා
පසුදින උදෑසන මගෙ කන කිති කැව්වා
ඇගෙ යට සායෙ බුරුලක ගැන ඈ දෙඩුවා
දැන් දැන් මගේ හොඳ කල එනු පෙනෙන්නේ
ඇගෙ මුදු ඇඟිලි මා සියොලඟ වෙලෙන්නේ
සියුමැලි අතින් යට සායේ ගසන්නේ
එහි ඇමිණිනිලා මුදු බඳ මා ඉඹින්නේ
සුවඳට ඇගේ මගෙ හද ඉවසුම් නැතුවා
යකඩින් කළත් මගෙ කටු හිත උණු කෙරුවා
දවසම ඇගේ පහසට මා මත් කෙරුවා
සතුටින් ඇගේ දහඩිය රසයත් බැලුවා
උස්සන ලද්දේ ~ සහන් පද්මසංඛ පීරිස් ~ ගෙනි.


