අලිබබා මෙන්ම හොරුද එළවමු - Lets Make a Change

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අලිබබා මෙන්ම හොරුද එළවමු - Lets Make a Change

    කියමනට කියන්නේ, හවුලේ කැඳත් එපා කියලාය. කේන්දර කෙප්ප සුමනයාගේ අනාවැකි කෙලවලා ගියද, බයියන්ගේ අනාවැකි සියල්ල සත්‍ය කරමින්, මෛත්‍රී, රනිල්, සෝභිත, රතන, නිර්මාල් හා තවත් හතලිහක් ඉතර එක්කාසු වී කාල් ගාමින් සිටි කැඳ හැලි ආන්ඩුවට කෙලවෙලාම ගියේය. එහෙම උනේ නිකං නෙමේය. දින 100 න් රට හදනවා කියා අම්බ පචයක් කෙලලාය. මහින්ද මහත්තයා අවුරුදු දෙකක් තියෙද්දී ඉල්ලගෙන කෑවා වගේම, මෛත්‍රී රනිල් කැඳ ආන්ඩුවට කෙලවෙලා ගියේ ඔය දින 100 කෙප්පය නිසාය. අන්තිමට ඒ පචේ වහන්න පච 100 ක් නොව, නහුතයක්ම කියන්න උනේය. අන්තීමේදි, එකාට එකෙක් නැතිව ඔක්කෝම පච් වෙලාම ගියේය.

    මේකට කෙල වෙලා ගියේ රටේ උන්ගේ වාසනාවටය. ඔය සිරි ලංකා එකේම, මහ එකා නොහොත් බන්ඩාරනායක උන්නැහේගේ ප්‍රියාදර භාර්යාව වූද, මැටි මෝල් ගොන් හරකුන්ගේ අම්මා වූද, සිරිමාවෝ අම්මන්ඩිත් හවුලක් අරගෙන 70 බලයට ආවේය. ඒකට කිව්වේ හත් හවුල කියලාය. අන්තීමේදි උන් සැට් එක මේක හිඟන රටක් කොලේය. උන්ඩුක පුඡ්චය, අක්මාව, මහ බඩ වැල්, කුඩා බඩවැල් ඔක්කෝම පිටේ ඇලුනේය. ඉතියෝපියාවේ වාගේ ඇවිදින ඇටසැකිලි හා කුණු බක්කියේ ආශ්චර්ය හොයන ජනතාවක් ඉතිරිකර, ඇපත් නැතිව 8 ට බැහැලා ගෙදර ගියේය.

    හවුල් කෙරුවාව එහෙමය. ඕනම තැනක නායකයෙක් සිටිය යුතුය. මහින්දටත් කෙල උනේ එකාධිපතියෙක්ය කිව්වාට, නියම එකාධිපතියෙක් උනේ නැති එකය. එයා කොටහලු ගෙවල් ගානේ යද්දි, රට පාළණය කලේ ඇමරිකන් බ්‍රදර්ලා දෙන්නාය. අන්තීමේදි කෙල වෙලා ගියෙත් ඒ නිසාය. ජේ ආර් පප්පා මෙන්ම ප්‍රේමදාස උන්නැහෙද නියම නායකයෝ විය. ප්‍රේමදාසගෙන් පස්සේ අලි පාටියටත් හතේ හත වැදුනේය.

    රනිල් මෛත්‍රී පච ආන්ඩුව කෙලිය තරම් කෙලියේ අම්බ පිස්සුමය. එහෙම උනේ රනිල් අගමැති වෙලා මෛත්‍රිපාල උන්නැහේ ජනාධිපති උන නිසාය. කැබිනට් එකේ හිටියේ අලි පාටියේ උන්ය. උන් කියනා විදියට වැඩ කරන්න අකමැති, රතනෙලා, චම්පිකලා, සිරිසේන ලොක්කා රනිල් එක්ක කෙටෙව්වේය. අන්තීමට ගිලිය නියමෙටම කා ජනතාවට පොරොන්දු උන 30 වෙනුවට 80 කටම හොරා කන්න සෙට් කොරලා දුන්නේය. තව ආවා නම් තවත් දෙනවාය. අන්තිමට මහින්දගෙයි මෙයාගෙයි කිසිම වෙනසක් නැති වෙලාම ගියේය. නාගෙන ගියපු ආන්ඩුව රීලා හත්පොලේ ගාගත්තේ අර්ජුන මහේන්ද්‍ර හින්දාය. අතිමේදි ඒ යකා බේරගන්න පාර්ලිමේන්තුව විසුරුවන්න කිව්වේ හොරකම් කරපු එකාට තියෙන තියෙන ආදරේ නිසා මිසක්, වෙන මළදානයකට නෙමේය.

    කොහොමින් කොහොම හරි නියම ගේමක් තියෙන්නේය. මීට පස්සේ මහින්ද ලොක්කාට ගස් අස්සේ හැංගෙමින්, සෙනග මැද්දෙන් ඇවිත් මෝඩ චූන් දෙන්න ඕනා නැතිය. පන්සල් ගානේ බූට්ස් දාගෙන ගිහින් ගොන් බයියන්ට ආතල් දෙන්න ඕනත් නැතිය. දැන් ඉතින් සංධානෙන් හරි නැත්තන් වෙන බඩකඩිත්තුවකින් හරි ඉස්ටේජ් නගින්නම වෙනවාය. ඒ වගේම, මෛත්‍රිපාල උන්නැහේ මොකාද කියලත් ඉස්සරහට නියමට හොයා ගන්න පුළුවන්ය.

    යහ පාලනේ ගේනවා කිව්වාට එයා ගෙනාපු යහ පාලනයක් නැතිය. 19 කියන්නේ අමූලික බොරුවක්ය. අන්තීමට එයාගේ සෙට් එකක් හදා ගන්න කුඩු ලන්සලා, බුකි තිලංගලා ඉතරක් නොව, ට්‍රැපික් රාළහාමි මරන්න ට්‍රයි කරපු මිනිමරු කාළකන්නිත් රෙද්ද අස්සේ දාගත්තේය. එයා නටන්නේ චම්පිකගේ පදයටය, චම්පික බලන්නේ සිරි ලංකා නිදහස් පක්ෂේ ලීඩර් වෙලා, ඊළඟ ජනාධිපති වෙන්නටය. එහෙම උනොත් රත්නේ අගමැති වෙන නිසා, උන්නාන්සෙත් චම්පික රජා කිරීමේ ගේමේ පෙරමුණේම ඉන්නවාය.

    සෝභිතලා, නිර්මාල්ලා, ජයම්පතිලා, අන්ත අසරණ වෙලාය. තැටි රත් වෙච්ච වෙලේ පුච්චන්න හිරපු රොටි අඟුරු වෙලා, කටේ පිට්ටු හිරවෙලා, පුඛ මූට්ටූ වෙලා පැෆරල් එකේ මාර්තු 12 එල්ලිලා, ඒක පස්සෙන් යනවාය. නියම සීන් එක කියන්නේ, මෛත්‍රිපාලාලාත්, රනිල්ලාත් ඒකට අත්සන් ගහනා එකය. දෙපැත්තේම කම්බ හොරු, මිණීමරුවෝ, කුඩුකාරයෝ, බඩුකාරයෝ, බඩු ඉස්පොට් කාරයෝ, බාර් කාරයෝ වැහි වැහැලාය. මාර්තු 12 ප්‍රකාශනේ තියෙන ඒවා කොරන්න ගියොත් හෙම, පක්ෂ දෙකටම කෙල වෙලාම යනවාය.

    කොහොමින් කොහොම හරි, ඒ ප්‍රකාශනයෙන් කියනවා වාගෙම මාතලන්ටත් කියන්න තියෙන්නේ අවුරුදු ගානක් රට කාපු කම්බ හොරුන්ට නම් ආයේ චෑන්ස් එකක් නම් දෙන්න එපා කියලාය. උන් අවුරුදු ගානක් හොරා කාලා, දැන් ඉන්නේ මළ පෙරේතයෝ වාගේය. හිරගෙවල් වල ඉන්න උන් තැබිය යුත්තේ හිර ගෙවල් වල මිස රටේ නීතී සම්පාදනය කොරනා තැන නෙමේය. එතන් ඉන්න ඕනා මේ රට හදන්න පුළුවන් උන් මිස, තම තමන්ගේ පරම්පරා හදන්න එන උන් නෙමේය. රට කරවන තැන්වල තියන්න ඕනා වැදගත් මහත්තුරුන්ය. එහෙම බැලුවාම, එහෙම සෙට් එකක් ඉන්නේ ජෙප්පෝ ගාව ඉතරය. උන් හොඳයි කිව්වාට එකෙක්වත් උන්ට දෙන්නේත් නැතිය.

    දෙයියන්ගේ නාමෙන් අලිබබා ගෙදර ඇරියා වාගෙම, හොර කල්ලියත් ගෙදර යවනවා නම් මේ ඡන්දයෙන් රටට වැඩක් වෙනවාය. හොරුන්ට ආදරේ කොරනා බයියෝ වගේ උන්ට කියන්න තියෙන්නේ, අනික් උන්ටත් තොපෙ උන් කෑවා වගේ කන්න චෑන්ස් එකක් දියන් කියලාය. ටොයියන්ට කියන්න තියෙන්නේ ටයි කෝට් ගැහුවත් හොරා හොරාමය කියලා විතරය. ඒ නිසා, මහ පක්ෂ දෙකේ කම්බ හොරු ටිකවත් ගෙදර යවන්නට පුළුවන් නම් ජහ මනයා කියන්නේ දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන ඉන්නා මී හරක් රැලක් නොවනා බව මේ කාළකන්නින්ට දැනෙන්නට පුළුවන්ය.

    උපුටා ගැනීම
    http://maathalan.blogspot.com/
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,640
    40,221
    113
    හොද ලිපියක්. කුඩු කාරයෝ, බඩු කාරයෝ, බාර් කාරයෝ ගැන හොද අවබෝධයක් ඇති උනා. ඒත් මිනිමරුවෝ ගැන එච්චර ලියලා නෑ වගේ නෙහ්? අමතක වෙලාද කොහේ. අපිට නම් මතකයි ඈ
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    meka dapu welawe idan kunuharapath ekka rep kapenawa ho gaala... :lol:
    kata ridilada manda :oo:
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    හොද විග්‍රහයක්,UNP කාරයොයි ,සන්දාන කාරයොයි ඔක්කොම හොරු තමා.ජෙප්පොන්ට තාම ආන්ඩුවක් කරගන්න බෑනෙ බන්.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    හොද විග්‍රහයක්,UNP කාරයොයි ,සන්දාන කාරයොයි ඔක්කොම හොරු තමා.ජෙප්පොන්ට තාම ආන්ඩුවක් කරගන්න බෑනෙ බන්.

    බැහැ කියල කියන්නෙ කොහොමද බන්. කද බඩ මහත නැති නිසාද ??
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කුහක වෙන්න ඕනි නෑ. මහින්දගෙ ආණ්ඩුව තිබ්බට වැඩිය නම් හොදයි නේ දැන්. මහ ඡන්දෙදි ජවිපෙට දෙමු
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256
    113
    කුහක වෙන්න ඕනි නෑ. මහින්දගෙ ආණ්ඩුව තිබ්බට වැඩිය නම් හොදයි නේ දැන්. මහ ඡන්දෙදි ජවිපෙට දෙමු

    LOL 😂 nigga please 😝
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    http://www.elakiri.com/forum/showthread.php?p=18558992#post18558992

    මෛත්‍රී ගේ වරදක් නං මම දකින්නේ නෑ .. මිනිහ නිකන් දෙපැත්තෙන්ම තැලෙනවා ... ඒ උනාට මෛත්‍රී ගේ අරමුණ හොඳයි .. නායකයකෙක්ට තියෙන්න ඕනේ ගුණාංග තියෙනවා .....
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    බැහැ කියල කියන්නෙ කොහොමද බන්. කද බඩ මහත නැති නිසාද ??

    මම හිතන විදිහට ජවිපෙට මිනිස්සු ඡන්දේ නොදෙන්න හේතු දෙකක් තියෙනව ..

    1. ජවිපෙ පරණ කැරැල්ලේ මතකයන් තාමත් සමහර මිනිස්සු එක්ක තිබීම
    2. ජවිපෙ දැන් ගමන් කරන්නේ වමේද ? දකුනේද කියල ජවිපෙට වත් හිතා ගන්න බැරි එක

    ඔය පලවෙනි හේතුවට අදාළ වෙන්නේ ගොඩක් ම පරණ පරම්පරාවේ අය .. දෙවැනි හේතුවට අදාළ වෙන්නේ අලුත් පරම්පරාවේ අය .. පක්ෂයක් විදිහට විනය , සමහර ප්‍රතිපත්ති අතින් අනික් හැම පක්ෂේකටම වඩා ඉස්සරහින් ජවිපෙ ඉන්නවා ..

    එත් මට තාමත් උත්තරයක් හම්බුනේ නැත්තේ , ජවිපෙ දැන් කරන්නේ වමේ දේශපාලනයක් ද දකුණේ දේශපාලනයක් ද නැත්තන් මධ්‍යමප්‍ රතිපදාවද කියල ? :dull:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    මම හිතන විදිහට ජවිපෙට මිනිස්සු ඡන්දේ නොදෙන්න හේතු දෙකක් තියෙනව ..

    1. ජවිපෙ පරණ කැරැල්ලේ මතකයන් තාමත් සමහර මිනිස්සු එක්ක තිබීම
    2. ජවිපෙ දැන් ගමන් කරන්නේ වමේද ? දකුනේද කියල ජවිපෙට වත් හිතා ගන්න බැරි එක

    ඔය පලවෙනි හේතුවට අදාළ වෙන්නේ ගොඩක් ම පරණ පරම්පරාවේ අය .. දෙවැනි හේතුවට අදාළ වෙන්නේ අලුත් පරම්පරාවේ අය .. පක්ෂයක් විදිහට විනය , සමහර ප්‍රතිපත්ති අතින් අනික් හැම පක්ෂේකටම වඩා ඉස්සරහින් ජවිපෙ ඉන්නවා ..

    එත් මට තාමත් උත්තරයක් හම්බුනේ නැත්තේ , ජවිපෙ දැන් කරන්නේ වමේ දේශපාලනයක් ද දකුණේ දේශපාලනයක් ද නැත්තන් මධ්‍යමප්‍ රතිපදාවද කියල ? :dull:

    නවීන සමාජවාදය කරන්නෙ;)
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    හොඳ ලිපියක් .මේ පාර මහ මැතිවරණේදී ජවිපෙ ට ජාතික චන්ද 10% වත් ගන්න පුළුවන් වුනොත් හොදයි.මොකද තව අවුරුදු 5කින් විතර බලද්දී UNP එකේ රනිල්ට පස්සේ පක්ෂ නායකකමට එන්න සුදුසු එකෙක් නැ.සන්ධානෙත් එහෙම්මයි.මේ පාර 10%ක් වත් ගත්තොත් රට ඇතුලේ මතයක් ගොඩනගාගන්න පුළුවන්.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    හොඳ ලිපියක් .මේ පාර මහ මැතිවරණේදී ජවිපෙ ට ජාතික චන්ද 10% වත් ගන්න පුළුවන් වුනොත් හොදයි.මොකද තව අවුරුදු 5කින් විතර බලද්දී UNP එකේ රනිල්ට පස්සේ පක්ෂ නායකකමට එන්න සුදුසු එකෙක් නැ.සන්ධානෙත් එහෙම්මයි.මේ පාර 10%ක් වත් ගත්තොත් රට ඇතුලේ මතයක් ගොඩනගාගන්න පුළුවන්.
    :yes::yes: