ට්‍රැෆික් පොලිස් + මිනිස් ගැටුමට විසදුමක්
ට්‍රැෆික් පොලිස් + මිනිස් ගැටුම මට හිතෙන විදිහ (කරන්න පුලුවන්නන් ගොඩක් හොදයි)
මේ දවස් වල වසංගතයක් වගේ හැම තැනම සිද්ධ වෙන මේ ට්‍රැෆික් පොලිස් + මිනිස් ගැටුමට දැන් විකාරයක් වෙලා. හැම තැනම එක්කො පොලිසියෙ අසාධාරණ වැඩ. මිනිස්සු කොච්චර නිවැරදි වුනත් පොලිසියේ බලේ සහ අනිසි බලේ පාවිච්චි කරල නිවැරදි මිනිස්සුන්ව වැරදි කාරයො කරනවා. දඩ ගහනවා..
නැත්නන් පොලිසියට කට උත්තර නැති වෙන්න මිනිස්සු බලය අතට අරන් වැඩ කරනවා.. වීඩියෝ කරල පබ්ලිෂ් කරනවා.
ඉතින් මට මෙහෙම දෙයක් ඔලුවට ආවා. මගේ ටිකිරි මොලේට. ට්‍රැෆික් පොලිස් උන්දැලාට ලක්ෂ 10-15 බයික් අරන් දෙන්න පුලුවන්නන් ඇයි මේ වගේ පොඩි තාක්ෂණික වැඩක් කරන්න බැරි..
මොකක්ද තාක්ෂණික වැඩේ.
හැම පොලිස් නිලධාරියෙක්ටම ස්පයි කැම් / සිසීටීවී කැම් වගේ ගැජට් එකක් සෙට් කරනවා. ඒක රාජකාරි වෙලාව තුල අනිවාර්යයනේ ඔන් වෙලා තියෙන්න ඕනි. ඒක පොලිස් නිලධාරියාගේ ඇස් මට්ටමට ආසන්න මට්ටමකින් තියෙන්න ඕනි. එක්කො යුනිෆෝම් එකේ සෙට් කරල හරි. ඉතින් එයාට පේන වැරදි අනිවා කැම් එකේ රෙකෝඩ් වෙනවා.
එයා වාහන නවත්තල දඩ ගහන හැටි කැම් එකේ රෙකෝඩ් වෙනවා.
එයා මිනිස්සුන්ට උපහාර කරන එක, අමතන විදිහ, ඔලුව අතගාන විදිහ, යටින් ගහන විදිහ හැම එකක්ම රෙකෝඩ් වෙනවා.
ඒ වීඩියෝ ලයිව් විදිහට වෙනම කන්ට්‍රෝර් යුනිට් එකක් හරහා මොනිටර් වෙනවා. ඉතින් කවුරු හරි දඩයක් සම්බන්ධව චෝදනාවක් කරනවනනන් රාලහාමිට පුලුවන් ඒ විඩියෝ එක ඒ වෙලාවෙම එයාට පෙන්නන්න හරි වැරැද්ද..
වැඩි දුර විස්තර ඕනිනන් අර මම කිව්ව ප්‍රධාන පාලක මැදිරිය හරහා සම්බන්ධ වෙන්න පුලුවන් සජීවී ව. පොලිසියට සහයක් ඕනිනන් (අර මාළඹේ ගෑණි සද්දෙ දාද්දි වගේ අවස්ථාවක) ඒ ස්ථානයට අර පාලක මැදිරියේ අයගෙ මැදිහත් වීමෙන් විශේෂ කන්ඩායමක් යවන්න පුලුවන්..
දවසේ ගහපු දඩ ටික දවස අවසානයේ වීඩියෝ දර්ශන සමග සන්සන්ධනය කරල දඩ වල හරි වැරැද්ද මොනිටර් කරනවා ප්‍රධාන පාලක මැදිරියෙන්.. මිනිස්සුන්ට වෙන අසාධාරණ කම් ඒ ප්‍රධාන පාලක මැදිරිය හරහා නිවැරදි කරගන්න පුලුවන්..
හැමෝම දඩ සෙල්ෆි, දඩ වීඩියෝ දාන එකේ පොලීසියත් මේ වගේ වීඩියෝ එකක් කරන එක දෙපැත්තටම යෝග්‍යයි. පොලීසියේ ජඩ වැඩ අඩු වෙයි. හරි පොලිස් නිළධාරින් සමහර ජඩ මිනිස්සුන්ගෙන් අහන කුනු බැනුම් අඩු වෙයි. ලංකාවෙ පොලීසිය ගැන මිනිස්සුන්ගෙ හිතේ පැහැදීමක් ඇති වෙයි..
දැන් උඹලගේ අදහස් කියපන් බලන්න මගේ මේ ටිකිරි අදහස සම්බන්ධව....