මහබැංකු හොරකම පිළිබද විශ්ලේෂණයක්
භාණ්ඩාගාර බැදුම්කර යනු මොනවාද? භාණ්ඩාගාර වංචාවෙ ඇත්ත නැත්ත ගැන ලියවුණු ලිපියක්. මම ලියපු එකක් නෙමේ. බ්ලොග් එකක තිබිලා හම්බුනේ.
2011 වසරේදී, 2018 පොදු රාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා පැවැති වෙන්දෙසියේදී ඊට සහභාගි වූ එවකට හිටපු මහ බැංකු අධිපතිවරයා වූ අජිත් නිවාඩ් කබ්රාල්, 2011 අප්‍රේල් මස 5 වන දින ලන්ඩන් මැරියට් හෝටලයේදීඑක රාත්‍රී කෑම වේලක් වෙනුවෙන් පමණක් රුපියල් 674,842.69 ක් මහ බැංකු අධිපතිවරයා ලෙස ඔහුට මහ බැංකුවෙන් නිකුත් කොට තිබුණු අංක 4862 9600 0000 0509 නිල ක්‍රෙඩිට් කාඩ්පතෙන් ගෙවා තිබේ.
2015 පෙබරවාරි 27දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් රටට දැවැන්ත හානියක් සිදු වී ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය දිනෙක පැවසුවේ ය.
අජිත් නිවාඩ් කබ්රාල් යනු පසුගිය ආණ්ඩුව සමයේ මහබැංකුව හරහා සිදු වූ දැවැන්ත මුල්‍ය අපහරණ රැසකට වගකිව යුත්තෙකි. ඔහු තමන් සමග විවාදයකට එන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහට අභියෝගයක් ද කළේ ය. භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය ගැන විවාදයක් සිදු වීම හොඳ දෙයකි. එහෙත්, එය සිදු විය යුත්තේ පාර්ලිමේන්තුව වැනි නිල තැනක මිස මාධ්‍ය පිළිකණුවල වැරදිකරුවන් සමග නො වේ.
මේ භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය රටේ සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැත. සාමාන්‍ය ජනතාව සූක්ෂ්ම ආර්ථික විද්‍යාව දන්නේ නැත. එබැවින් වංචාවක් සිදු වී ඇති බවට චෝදනා කිරීම හා එම චෝදනා ප්‍රතික්ෂේප කිරීම හැර මෙම ගනුදෙනුව ගැන ජනතාවට තේරෙන බසින් කියා දීමට කිසිවෙක් උත්සාහ ගන්නේ නැත.
භාණ්ඩාගාර බැඳුම්කර කියන්නේ මොනවා ද?
2015 මාර්තු 16 දින දිනමිණ පුවත්පතට සංජේ මිගාර විසින් ලියන ලද ලිපියක භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳ මෙසේ හඳුන්වා දී තිබේ.
සාමාන්‍යයෙන් වසර දෙකක් හෝ ඊට වඩා වැඩි කාලයක් සඳහා ණය මුදලක් රජයට ලබාගැනීමට අවශ්‍ය වූ විට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කෙරේ. මේවා වෙන්දේසි ක්‍රමයට ප්‍රාථමික වෙළඳුන් හරහා නිකුත් කොට ද්විතියික වෙළෙඳපොළේ වෙළෙඳාම් කෙරේ.
මෙමඟින් ආර්ථිකයේ පොලී අනුපාතිකය හසුරුවමින් මුදල් සැපයුම පාලනය කළ හැකිය. එය ආර්ථිකයේ උද්ධමනය පාලනය කිරීමට පිටිවහලකි.
භාණ්ඩාගාර බැඳුම්කර විවිධ කාලසීමාවන්ගෙන් කල් පිරෙයි. ඒවා වසර 2, 3, 4 ...........30 ආදී වශයෙන් විවිධ කාලසීමාවන්ගෙන් කල් පිරෙන විට ඒවා මිලදී ගත් ගැනුම්කරුවන්ට වට්ටම් සහිතව, කල් පිරීමේදී පරිණත මුදල් (මුහුණත වටිනාකම) ගෙවනු ලබයි.
රාජ්‍යයන් මඟින් නිකුත් කරන නිසා භාණ්ඩාගාර බැඳුම්කර අවදානමින් තොර විශ්වාසනීය ආයෝජනයකි. මූල්‍ය වෙළෙඳපළ තුළ තිබෙන අනෙකුත් බොහෝ ආයෝජනවලට සාපේක්ෂව සලකා බලන විට ඉහළ පොලී අනුපාතිකයක් ලබාගත හැකිය. පොලී මුදල් අර්ධ වාර්ෂිකව ගැනුම්කරුවන්ට ලබාගත හැකිවීම ද මෙහි ඇති වාසියකි.
භාණ්ඩාගාර බැඳුම්කර ද්වීතියික වෙළෙඳපළේ අලෙවි කළ හැකි බැවින් කෙටි කාලයකින් මුදල් බවට පත්කර ගැනීමේ හැකියාව පවතී. මැදි කාලීනව හෝ දිගු කාලීනව භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ආයෝජනයක් කළ හැකිය. වෙනත් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් සමඟ සම්බන්ධ වෙමින් හවුල් ආයෝජනයක් ලෙස බැඳුම්කර මිලදී ගත හැකිය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත්කරන ලද ප්‍රධාන කළමනාකරුවකු හරහා ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයින්ට ද භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජනයන්ට ප්‍රවේශවීමේ අවස්ථාව ඇත. වර්තමානයේ විදේශ රටවල පවතින අඩු පොලී අනුපාතිකවලට වඩා ඉහළ පොලී අනුපාතිකයක් ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමෙන් ලැබේ. ඇතැම් විදේශ බැංකු ඉහළ ගාස්තු අයකරයි. එම ගාස්තු ඉන් ලැබෙන පොලී අනුපාතිකයටත් වඩා වැඩිය. බොහෝ විට විදේශයන්හි මුදල් තබාගැනීමෙන් ඒවාට නිසි ආරක්ෂිත බවක් නොලැබෙනු ඇත. එහෙත් ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් එවැනි අවදානමක් නොලැබෙනු ඇත.
මීට අමතරව බදු සහන, අන්තර්ජාලය මඟින් ආයෝජන පරීක්ෂා කිරීමේ හැකියාව, හවුල් ආයෝජන සිදුකළ හැකිවීම, කල්පිරීමේදී මුළු මුදලම යළි විදේශයන්ට යැවිය හැකිවීම සහ ආයෝජකයන් වෙත වාචිකව ඔවුන්ගේ ගනුදෙනු සහ තැන්පතු සහතික කරමින් වාර්තා නිකුත් කරනු ලබන Lanka Secure හි ස්වයංක්‍රීය මධ්‍ය තැන්පතු පද්ධතිය (CDS) සේවය ලබා ගැනීම ආදී වාසි රාශියක් ගැනුම්කරුවන්ට හිමිවේ.
රටක සංවර්ධන මාවතේ සේවා අංශය පුළුල්ම අංශය බවට පත්වීම කැපී පෙනෙන විශේෂිත ලක්ෂණයකි. ඒ සඳහා මුල්‍ය වෙළඳපොළ තුළ භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ආයෝජන තවදුරටත් පුළුල්වීම අවශ්‍යව ඇත. ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බැඳුම්කර ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම දේශීය සංවර්ධනය අපේක්ෂා කරන කාහටත් දායක විය හැකි මහඟු අවස්ථාවකි.
භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි කරන්නේ කොහොම ද?
‘භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි පිළිබඳ විස්තර වෙන්දේසි දිනයට දින දෙකකටවත් පෙර පුවත්පත්වල පල කරනු ලැබේ' යි ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියේ දැක්වේ. එහි වැඩිදුරටත් මෙසේ ද දැක්වේ.
භාණ්ඩාගාර බිල්පත් සඳහා, සාමාන්‍යයෙන් වෙන්දේසිය පිළිබඳ වූ පුවත්පත් වෙළෙඳ දැන්වීම සඳුදා දිනවල පල කරන අතර වෙන්දේසි බදාදා දිනවල පැවැත්වේ (එය රජයේ නිවාඩු දිනයක් නොවේ නම්). පූර්ණ ස්වයංකී‍්‍රය ඉලෙක්ට්‍රොනික ලංසු තැබීමේ පහසුකම හරහා ලංසු පිළිගනු ලැබේ.
රජයේ මුදල් අවශ්‍යතාවයන් පදනම් කරගෙන සෑම මසකම භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි 3ක් 4 ක් පවත්වන අතර භාණ්ඩාගාර බිල්පත් සතිපතා නිකුත් කරනු ලැබේ.
වෙන්දේසි දිනයේ පෙ.ව. 11.00 දක්වා කාලයේදී ප‍්‍රාථමික අලෙවිකරුවන්ට වෙන්දේසි සඳහා ලංසු ඉදිරිපත් කළ හැක. ලංසු ඉදිරිපත් කිරීමට වෙන් කර ඇති කාලය අවසන් වී පැය 2 ක් ඇතුලත පිළිගත් ලංසු ඉදිරිපත් කළ ලංසු තබන්නන් පිලිබඳව දැනුම් දෙනු ලැබේ. වෙන්දේසියේ ප‍්‍රතිඑල වෙළෙඳපොලට නිකුත් කිරීම සහ ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකු වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් කිරීම සිදු කරනු ලැබේ.
ප‍්‍රාථමික වෙළෙඳපොලේ පිළිගන්නා ලද ලංසු පියවීම වෙන්දේසිය පවත්වනු ලැබූ දිනයේ සිට ව්‍යාපාරික කටයුතු සිදු කරන දින 2 කට පසුව සිදු කරනු ලැබේ.
මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය
සිදු වූයේ කුමක් ද?
2015 පෙබරවාරි 27දා බැඳුම්කර නිකුතුවෙහිදී සිදු වී තිබෙන්නේ මෙවැනි දෙයකි. රුපියල් බිලියනයක (රු.කෝටි සියයක) ණය මුදලක් ලබාගැනීම සඳහා මෙම බැඳුම්කර නිකුතුව සිදුකර තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගිනි. රු. බිලියනයක ණය මුදල, වසර 30කින් කල් පිරෙන 9.35% සිට 9.75% දක්වා වන පොලියක් සමඟ ආපසු ගෙවන කොන්දේසිය මත ලබාගන්නා බව මහ බැංකුව කලින් නිවේදනය කර තිබී ඇත.
මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ ගේ බෑණා වන අර්ජුන ඇලෝසියස්ට කොටස් හිමිකාරිත්වය ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ඉහළ පොලී අනුපාතයක් අදාළ බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබූ අතර පසුව මහ බැංකුව විසින් ද ඊට අනුරූප ඉහළ පොලී බර තැබීමක් නිකුත් කර ලබාගන්නා ණය ප්‍රමාණය ද රු. බිලියන 10 ක් දක්‌වා වැඩි කර ඇති බවත් ඒ නිසා මේ ගනුදෙනුව සැකයට තුඩුදෙන්නක් බවටත් චෝදනා එල්ල වී තිබේ.
රජයේ සුරැකුම්පත්වල පොළී පිළිබඳ ශ්‍රී ලංකා මහබැංකුවේ වෙබ් අඩවියේ පොළී අනුපාතික දැක්වෙන පිටුවේ මාර්තු 02දාට අදාළව දැක්වෙන පරිදි මෙම ගනුදෙනුවේදී පොළිය ලෙස සටහන් වන්නේ 11.73%කි.
මෙම වෙබ් අඩවියේ පොළී අනුපාතික නිරීක්ෂණය කරන විට පැහැදිලිව දැකිය හැකි කරුණක් වන්නේ වැඩි කලකින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කරවල පොළී අනුපාතික හැම විට ම ඉහළ අගයක් ගෙන ඇති බවයි. වසර 30කින් කල් පිරෙන බැඳුම්කර වෙනුවෙන් කිසිදු කලෙක 11.73%ට අඩු පොළී අනුපාතික ගෙවීමේ හැකියාවක් ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබී නැත.
මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණාට කොටස් හිමි සමාගමට මෙම බැඳුම්කර ලබා දී තිබෙන්නේ ඒ වන විට වෙළඳපොළේ පැවති පොළී අනුපාතිකයට වඩා ඉහළ අගයකට බවට චෝදනා එල්ල වේ. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට නම් කිසිදු කලෙක ‘9.35% සිට 9.75% දක්‌වා' පොළියකට තිස් අවුරුද්දකින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර නැත.
අජිත් නිවාඩ් කබ්රාල්
මහින්ද රාජපක්ෂ පාලන සමයේදී අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ අධිපති ලෙස සිටියදී 2013 මැයි 30දා ද, 2013 ජුනි 13දා ද, 2013 ජුලි 30දා ද නිකුත් කර තිබෙන තිස් අවුරුදු භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවෙන් 12.50%ක් පොළී ගෙවා තිබේ. එම බැඳුම්කර නිකුත් කිරීම් තුනෙන් ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය රු. බිලියන 18.5කි.
වසර 30කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කරවලට ගෙවූ පොළිය ඉහළ බව කියන අජිත් නිවාඩ් කබ්රාල්ගේ කාලයේ දින 91න්, 182න් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත්වලට පවා 12%ක පමණ පොළී ගෙවා තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ පහත සඳහන් වෙබ් පිටු නිදසුන් ය.
http://www.cbsl.gov.lk/htm/english/_cei/ir/i_3.asp?date=&Mode=2&Page=6
http://www.cbsl.gov.lk/htm/english/_cei/ir/i_3.asp?date=&Mode=2&Page=7
2012 ජුලි 07 දින මහ බැංකුවේ වසර 10කින් කල් පිරෙන රු. බිලියන 10ක භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවෙන් 12.50%ක් පොළී ගෙවා ඇත.
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් දැන් පවසන්නේ 2015 පෙබරවාරි 27 දින භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් රටට සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි 6480ක් බවයි.
ඔහු ගණනය කරන ක්‍රමවේදය අනුව ගණන් බැලුවහොත්, ඔහු මහ බැංකු අධිපති ධුරය හෙබවූ කාලය තුළ වැඩි පොළියට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම නිසා සිදු වී තිබෙන පාඩුව ගණනය කළ නො හැකි තරම් සුවිසල් එකකි.
ඇත්ත ප්‍රශ්න
2015 පෙබරවාරි 27දා වෙන්දේසි කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් නිවේදනය කර තිබුණේ වසර 30කින් ‘9.35% සිට 9.75% දක්වා වන පොලියක් සමඟ ආපසු ගෙවන කොන්දේසිය මත' රු. බිලියනයක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන බවයි. පසුව මෙය රු. බිලියන 10 දක්වා වැඩි කර තිබේ.
මෙහි තිබෙන මූලික ගැටලු වන්නේ මේවායි:
දිගු කාලීන භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ඇත්තෙන් ම දූරදර්ශී ක්‍රියාවක් නො වේ. එමගින් සංවර්ධනය වෙමින් පවතින ලංකාව වැනි රටකට අනාගතයේදී පාඩු සිදු වේ. අනාගතයේදී පොළී අනුපාතික පහළ ගිය ද, මෙවැනි ඉහළ පොළියක් වසර තිහක් වැනි කාලයක් තිස්සේ ගෙවන්නට ලංකාවට සිදු වේ. මෙවැනි ණය ලබා ගැනීම් කරන්නේ අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතුවලදී පමණි. එම සංවර්ධන කාර්යයෙන් ලැබෙන ප්‍රතිලාභවලින් මේ පොළී ගෙවන්නට හැකි විය යුතු ය. එහෙත් කලක් තිස්සේ ම ලංකාවේ ආණ්ඩුව මෙවැනි ගිනි පොළී ණය ලබාගෙන කර තිබෙන්නේ එවැනි ඵලදායී ආයෝජන නො වේ. එදිනෙදා වියදම් පියවන්නට පවා විවෘත මුල්‍ය වෙළඳපොළෙන් ගිනි පොළියට ණය ගැනීම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සුලබ විය.
ලංකාවේ ආණ්ඩුව මෙතරම් ණය ගන්නේ කුමට ද? 2015 වසරේ අයවැය පරතරය රු. බිලියන 499කි. එය සමස්ත වියදමෙන් 23.5%කි. මෙම අයවැය පරතරය පියවා ගන්නට සැලසුම් කර තිබෙන්නේ දේශීය හා විදේශීය ණයවලිනි.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මෙසේ දේශීයව ණය ලබා ගන්නා ප්‍රධාන මාර්ගයකි. 2013 මැයි 30දා සිට මහින්ද රාජපක්ෂ පාලනය යටතේ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ මෙහෙයවීමෙන් වසර 30කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් පහක් සිදු වී තිබේ.
කලින් ඉදිරිපත් කරන ලද වටිනාකමට වඩා බැඳුම්කර නිකුත් කළ අවස්ථා දෙකක් ද තිබේ. ඉන් එක් අවස්ථාවකදී කලින් දැනුම් දෙන ලද ප්‍රමාණයට වඩා 50%ක් වැඩිපුර බැඳුම්කර නිකුත් කරන ලදී. ඒ 2013 මැයි 30දා ය. රු. බිලියන දෙකක් වෙනුවෙන් මිළ ගණන් කැඳවා බිලියන තුනක් ණයට ගෙන තිබේ. 2015 පෙබරවාරි 27 බැඳුම්කර නිකුතුවේදී රු. බිලියනයක් හෝ 1.5ක් ඉදිරිපත් කර බිලියන 10ක් ම අලෙවි කිරීම සුවිශේෂ තත්වයකි. එහෙත් මෙවැනි සිදුවීම් කලින් ද වාර්තා වී තිබේ. ඒවා ගැන ද විමර්ශන කළ යුතු ය.
මුලින් ඉදිරිපත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් නිකුත් කිරීමට තීරණය කර තිබෙන්නේ පෙබරවාරි 26 දින මුදල් ඇමති, මහාමාර්ග ඇමති, භාණ්ඩාගාර ලේකම්, මහ බැංකු අධිපති ඇතුළ පිරිසක් සහභාගි වූ සාකච්ඡාවකදී බවට වාර්තා පළ වී තිබේ. කලින් නිවේදනය කළ ප්‍රමාණය මෙන් දහගුණයකින් වැඩි භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් නිකුත් කිරීම ආචාරධාර්මික ක්‍රියාවක් නො වේ. එකවර එතරම් විශාල මුදල් ප්‍රමාණයක් ඉහළ පොළියකට ලබා ගන්නවා වෙනුවට අඩු පොළියට කෙටි කාලීන භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් මෙම මුල්‍ය සම්පාදනය කර ගත හැකිව තිබුණු බව මේ පිළිබඳ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට ලිපියක් ලියමින් සෑම් සමරසිංහ සහ දුෂ්‍යන්ත මෙන්ඩිස් පවසනවා. එසේම, මෙම භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සිදු වන විට ඉන්දියාව ලංකාවේ මුල්‍ය අර්බුදය මගහරවා ගන්නට රුපියල් බිලියන 198ක මුදල් හුවමාරුවක් කරන්නට සැරසෙමින් සිටියදී බව ද ඔවුහු පෙන්වා දෙති.
ණය හිමියන් වසර 8.5 කාලයකින් රු. බිලියන දහය පොළියෙන් පමණක් අය කර ගන්නා බව ද, ශ්‍රී ලංකාව රු. බිලියන 30ක් පමණ පොළිය ලෙස පමණක් ගෙවනු ඇති බව ද ඔවුහු වැඩි දුරටත් පෙන්වා දුන් හ. එසේම, ශ්‍රී ලංකා මහ බැංකුව පොළී අනුපාතික පහළ දැමීම සඳහා කටයුතු කරමින් සිටින අතරතුර මෙවැනි ඉහළ පොළියකට ණය ලබා ගැනීමෙන් රජයට දැවැන්ත පාඩුවක් හා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට දැවැන්ත ලාභයක් ලැබී ඇති බව ඔවුහු පෙන්වා දෙති. තරගකාරී වෙළඳපොළකදී ලැබෙන මෙවන් අවස්ථාවකින් උපරිම වාසි ලබා ගැනීමට පෞද්ගලික අංශයේ සමාගමක් කටයුතු කිරීම පුදුම විය යුතු තත්වයක් නො වේ.
මතභේදයට තුඩු දුන් භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම එතරම් විශාල මුදල් ප්‍රමාණයක් ණයට දීමට සූදානම් කර ගත්තේ ඇයි ද යන ප්‍රශ්නය මතු වී තිබේ. රජය ණයට ගැනීමට අපේක්ෂා කළ මුදල මෙන් දහගුණයක් ණයට ගන්නට යන බව ඔවුන් දැන සිටියා ද? එසේ දැන සිටියා නම්, ඔවුන්ට එම අභ්‍යන්තර තොරතුර සැපයුවේ කවුරු ද?
මහ බැංකුව යනු අති පාරිශුද්ධ තැනක් නො වේ. පසුගිය දර්ඝ කාලයක් තිස්සේ මෙහි මුල්‍ය ගනුදෙනු සිදු වුණේ අන්ධකාරයේ ය. අභ්‍යන්තර තොරතුරු සැපයීම පිළිබඳ විශේෂඥයන් මෙහි සිටිය හැකි ය. ඇතැම් විට ඔවුන්ට අර්ජුන මහේන්ද්‍රන් කරදරයක් වී තිබෙනවා වෙන්නටත් පුළුවන. ඔහුව පන්නා ගැනීමට මෙතරම් අවශ්‍යතාවක් තිබෙන්නේ ඒ නිසා වන්නට ද පුළුවන.
මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පසුගිය දිනෙක සිලෝන් ටුඩේ පුවත්පතට පැවසුවේ අජිත් නිවාඩ් කබ්රාල් බැඳුම්කර නිකුත් කිරීම්වලදී ආචාරධර්ම විරෝධී ලෙස තමන් විසින් ම පාලනය කරන ලද සේවක අර්ථසාධක අරමුදල ඔස්සේ 9.75% වැනි අඩු අගයකට බැඳුම්කර වෙනුවෙන් මිළ ගණන් ඉදිරිපත් කර පොළී අනුපාතික පහළ මට්ටමේ තබා ගනිමින් සේවක අර්ථසාධක අරමුදලට පාඩු සිදු කළ බව පැවසී ය. ඔහු පවසන්නේ තමන් කළේ තරගකාරී මිළ ගණන් කැඳවීමක් බවයි.
අජිත් නිවාඩ් කබ්රාල් භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුව ගැන කතා කරන්නේ සිය හාම්පුතා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍රචාරණයේ කොටසක් ලෙස බව පැහැදිලි ය. ඒ දේශපාලන ප්‍රචාරණයේ තවත් ලක්ෂණයක් වන ජාතිවාදයෙන් ද කබ්රාල් තමන්ගේ විවේචනය තෙම්පරාදු කරයි. ඒ අර්ජුන මහේන්ද්‍රන් ලාංකික පුරවැසියකු නො වන බව කියමිනි. පසුගිය කාලයේ ලංකාවේ ආර්ථිකය අනියමින් හැසිරවූ බැසිල් හා ගෝඨාභය රාජපක්ෂ දෙබෑයන් ඇමරිකාවේ පුරවැසියන් බව ඔහුට අමතක වී තිබේ.
එසේම, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හා අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් අතර සම්බන්ධය ගැන කතා කරන විට, එකී සමාගම හා අජිත් නිවාඩ් කබ්රාල්ගේ සොයුරිය අතර තිබුණු සම්බන්ධය ගැන කතා නො කිරීම අඩුවකි. ඇය එහි අධ්‍යක්ෂිකාවක වූ අතර එම සමාගමට ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස බලපත්‍රය ලැබුණේ අජිත් නිවාඩ් කබ්රාල්ගේ කාලයේ ය.
භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය විසින් අවසානයේදී ලංකාවේ ආර්ථිකයේ මෙතෙක් සාමාන්‍ය ජනතාවගෙන් වසන් කර තිබුණු අඳුරු කලාපයක් විවෘත කර තිබේ. එහි ඇති සාධනීය තත්වයක් වන්නේ මින් ඉදිරියට මාධ්‍ය හා සිවිල් සමාජය මුල්‍ය වෙළඳපොළ හා රජයේ ණය ගැනීම් ගැන වඩා අවධානයකින් කටයුතු කිරීමයි. ඉදිරියේදී මෙහි සෙල්ලම් දාන්නටත් රටේ අනාගතය උගසට තබා තම තමන්ගේ අනාගතයන් පමණක් සුරක්ෂිත කර ගන්නටත් කිසිවෙකුට ඉඩ දිය යුතු නැත.
ශ්‍රී ලංකා මහ බැංකුව ගැන පුළුල් විමර්ශනයක් කළ යුතුව තිබේ. එය අර්ජුන මහේන්ද්‍රන් යුගයට පමණක් සීමා කළ යුතු නැත. අජිත් නිවාඩ් කබ්රාල් යුගය යනු ඉතා ගැඹුරින් විමර්ශනය කළ යුතු අවධියකි. ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග අගෝස්තු 17 මහමැතිවරණයෙන් පත් වන ආණ්ඩුව විසින් ගනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙති.
Source:- http://www.w3lanka.com/2015/08/blog-post_2.html

- කෙටි කාලීනව භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමක් වෙනුවට මෙතරම් දිගු කාලීන බැඳුම්කර නිකුතුවක් කිරීමට තිබුණු අවශ්‍යතාව කුමක් ද?
- මුලින් නිකුත් කිරීමට අපේක්ෂා කළ රු. බිලියන 1.5 වෙනුවට රු. බිලියන 10ක බැඳුම්කර නිකුත් කළේ ඇයි?
- එම බැඳුම්කර මිළ දී ගත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට මෙම ගනුදෙනුව හා සම්බන්ධ අභ්‍යන්තර තොරතුරු ලැබුණා ද?

Last edited:

. නීති විරෝදී විදිහට අගවිනිසුරු ඉවත් කරල එයාව මේ රටේ අග විනිසුරු කරද්දි ඔය කිසි ප්‍රශ්නයක් තිබ්බෙ නෑනෙ.