භාණ්ඩාගාර බැදුම්කර පිළිබද විශ්ලේෂණයක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    මහබැංකු හොරකම පිළිබද විශ්ලේෂණයක්

    භාණ්ඩාගාර බැදුම්කර යනු මොනවාද? භාණ්ඩාගාර වංචාවෙ ඇත්ත නැත්ත ගැන ලියවුණු ලිපියක්. මම ලියපු එකක් නෙමේ. බ්ලොග් එකක තිබිලා හම්බුනේ.

    2011 වසරේදී, 2018 පොදු රාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා පැවැති වෙන්දෙසියේදී ඊට සහභාගි වූ එවකට හිටපු මහ බැංකු අධිපතිවරයා වූ අජිත් නිවාඩ් කබ්රාල්, 2011 අප්‍රේල් මස 5 වන දින ලන්ඩන් මැරියට් හෝටලයේදීඑක ‍රාත්‍රී කෑම වේලක් වෙනුවෙන් පමණක් රුපියල් 674,842.69 ක් මහ බැංකු අධිපතිවරයා ලෙස ඔහුට මහ බැංකුවෙන් නිකුත් කොට තිබුණු අංක 4862 9600 0000 0509 නිල ක්‍රෙඩිට් කාඩ්පතෙන් ගෙවා තිබේ.

    2015 පෙබරවාරි 27දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් රටට දැවැන්ත හානියක් සිදු වී ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය දිනෙක පැවසුවේ ය.

    අජිත් නිවාඩ් කබ්රාල් යනු පසුගිය ආණ්ඩුව සමයේ මහබැංකුව හරහා සිදු වූ දැවැන්ත මුල්‍ය අපහරණ රැසකට වගකිව යුත්තෙකි. ඔහු තමන් සමග විවාදයකට එන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහට අභියෝගයක් ද කළේ ය. භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය ගැන විවාදයක් සිදු වීම හොඳ දෙයකි. එහෙත්, එය සිදු විය යුත්තේ පාර්ලිමේන්තුව වැනි නිල තැනක මිස මාධ්‍ය පිළිකණුවල වැරදිකරුවන් සමග නො වේ.

    මේ භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය රටේ සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැත. සාමාන්‍ය ජනතාව සූක්ෂ්ම ආර්ථික විද්‍යාව දන්නේ නැත. එබැවින් වංචාවක් සිදු වී ඇති බවට චෝදනා කිරීම හා එම චෝදනා ප්‍රතික්ෂේප කිරීම හැර මෙම ගනුදෙනුව ගැන ජනතාවට තේරෙන බසින් කියා දීමට කිසිවෙක් උත්සාහ ගන්නේ නැත.

    භාණ්ඩාගාර බැඳුම්කර කියන්නේ මොනවා ද?

    2015 මාර්තු 16 දින දිනමිණ පුවත්පතට සංජේ මිගාර විසින් ලියන ලද ලිපියක භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳ මෙසේ හඳුන්වා දී තිබේ.

    සාමාන්‍යයෙන් වසර දෙකක් හෝ ඊට වඩා වැඩි කාලයක් සඳහා ණය මුදලක් රජයට ලබාගැනීමට අවශ්‍ය වූ විට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කෙරේ. මේවා වෙන්දේසි ක්‍රමයට ප්‍රාථමික වෙළඳුන් හරහා නිකුත් කොට ද්විතියික වෙළෙඳපොළේ වෙළෙඳාම් කෙරේ.

    මෙමඟින් ආර්ථිකයේ පොලී අනුපාතිකය හසුරුවමින් මුදල් සැපයුම පාලනය කළ හැකිය. එය ආර්ථිකයේ උද්ධමනය පාලනය කිරීමට පිටිවහලකි.

    භාණ්ඩාගාර බැඳුම්කර විවිධ කාලසීමාවන්ගෙන් කල් පිරෙයි. ඒවා වසර 2, 3, 4 ...........30 ආදී වශයෙන් විවිධ කාලසීමාවන්ගෙන් කල් පිරෙන විට ඒවා මිලදී ගත් ගැනුම්කරුවන්ට වට්ටම් සහිතව, කල් පිරීමේදී පරිණත මුදල් (මුහුණත වටිනාකම) ගෙවනු ලබයි.

    රාජ්‍යයන් මඟින් නිකුත් කරන නිසා භාණ්ඩාගාර බැඳුම්කර අවදානමින් තොර විශ්වාසනීය ආයෝජනයකි. මූල්‍ය වෙළෙඳපළ තුළ තිබෙන අනෙකුත් බොහෝ ආයෝජනවලට සාපේක්ෂව සලකා බලන විට ඉහළ පොලී අනුපාතිකයක් ලබාගත හැකිය. පොලී මුදල් අර්ධ වාර්ෂිකව ගැනුම්කරුවන්ට ලබාගත හැකිවීම ද මෙහි ඇති වාසියකි.

    භාණ්ඩාගාර බැඳුම්කර ද්වීතියික වෙළෙඳපළේ අලෙවි කළ හැකි බැවින් කෙටි කාලයකින් මුදල් බවට පත්කර ගැනීමේ හැකියාව පවතී. මැදි කාලීනව හෝ දිගු කාලීනව භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ආයෝජනයක් කළ හැකිය. වෙනත් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් සමඟ සම්බන්ධ වෙමින් හවුල් ආයෝජනයක් ලෙස බැඳුම්කර මිලදී ගත හැකිය.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත්කරන ලද ප්‍රධාන කළමනාකරුවකු හරහා ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයින්ට ද භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජනයන්ට ප්‍රවේශවීමේ අවස්ථාව ඇත. වර්තමානයේ විදේශ රටවල පවතින අඩු පොලී අනුපාතිකවලට වඩා ඉහළ පොලී අනුපාතිකයක් ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමෙන් ලැබේ. ඇතැම් විදේශ බැංකු ඉහළ ගාස්තු අයකරයි. එම ගාස්තු ඉන් ලැබෙන පොලී අනුපාතිකයටත් වඩා වැඩිය. බොහෝ විට විදේශයන්හි මුදල් තබාගැනීමෙන් ඒවාට නිසි ආරක්ෂිත බවක් නොලැබෙනු ඇත. එහෙත් ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් එවැනි අවදානමක් නොලැබෙනු ඇත.

    මීට අමතරව බදු සහන, අන්තර්ජාලය මඟින් ආයෝජන පරීක්ෂා කිරීමේ හැකියාව, හවුල් ආයෝජන සිදුකළ හැකිවීම, කල්පිරීමේදී මුළු මුදලම යළි විදේශයන්ට යැවිය හැකිවීම සහ ආයෝජකයන් වෙත වාචිකව ඔවුන්ගේ ගනුදෙනු සහ තැන්පතු සහතික කරමින් වාර්තා නිකුත් කරනු ලබන Lanka Secure හි ස්වයංක්‍රීය මධ්‍ය තැන්පතු පද්ධතිය (CDS) සේවය ලබා ගැනීම ආදී වාසි රාශියක් ගැනුම්කරුවන්ට හිමිවේ.

    රටක සංවර්ධන මාවතේ සේවා අංශය පුළුල්ම අංශය බවට පත්වීම කැපී පෙනෙන විශේෂිත ලක්ෂණයකි. ඒ සඳහා මුල්‍ය වෙළඳපොළ තුළ භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ආයෝජන තවදුරටත් පුළුල්වීම අවශ්‍යව ඇත. ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බැඳුම්කර ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම දේශීය සංවර්ධනය අපේක්ෂා කරන කාහටත් දායක විය හැකි මහඟු අවස්ථාවකි.

    භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි කරන්නේ කොහොම ද?

    ‘භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි පිළිබඳ විස්තර වෙන්දේසි දිනයට දින දෙකකටවත් පෙර පුවත්පත්වල පල කරනු ලැබේ' යි ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියේ දැක්වේ. එහි වැඩිදුරටත් මෙසේ ද දැක්වේ.

    භාණ්ඩාගාර බිල්පත් සඳහා, සාමාන්‍යයෙන් වෙන්දේසිය පිළිබඳ වූ පුවත්පත් වෙළෙඳ දැන්වීම සඳුදා දිනවල පල කරන අතර වෙන්දේසි බදාදා දිනවල පැවැත්වේ (එය රජයේ නිවාඩු දිනයක් නොවේ නම්). පූර්ණ ස්වයංකී‍්‍රය ඉලෙක්ට්‍රොනික ලංසු තැබීමේ පහසුකම හරහා ලංසු පිළිගනු ලැබේ.

    රජයේ මුදල් අවශ්‍යතාවයන් පදනම් කරගෙන සෑම මසකම භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි 3ක් 4 ක් පවත්වන අතර භාණ්ඩාගාර බිල්පත් සතිපතා නිකුත් කරනු ලැබේ.

    වෙන්දේසි දිනයේ පෙ.ව. 11.00 දක්වා කාලයේදී ප‍්‍රාථමික අලෙවිකරුවන්ට වෙන්දේසි සඳහා ලංසු ඉදිරිපත් කළ හැක. ලංසු ඉදිරිපත් කිරීමට වෙන් කර ඇති කාලය අවසන් වී පැය 2 ක් ඇතුලත පිළිගත් ලංසු ඉදිරිපත් කළ ලංසු තබන්නන් පිලිබඳව දැනුම් දෙනු ලැබේ. වෙන්දේසියේ ප‍්‍රතිඑල වෙළෙඳපොලට නිකුත් කිරීම සහ ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකු වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් කිරීම සිදු කරනු ලැබේ.

    ප‍්‍රාථමික වෙළෙඳපොලේ පිළිගන්නා ලද ලංසු පියවීම වෙන්දේසිය පවත්වනු ලැබූ දිනයේ සිට ව්‍යාපාරික කටයුතු සිදු කරන දින 2 කට පසුව සිදු කරනු ලැබේ.

    මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවිය

    සිදු වූයේ කුමක් ද?

    2015 පෙබරවාරි 27දා බැඳුම්කර නිකුතුවෙහිදී සිදු වී තිබෙන්නේ මෙවැනි දෙයකි. රුපියල් බිලියනයක (රු.කෝටි සියයක) ණය මුදලක්‌ ලබාගැනීම සඳහා මෙම බැඳුම්කර නිකුතුව සිදුකර තිබෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගිනි. රු. බිලියනයක ණය මුදල, වසර 30කින් කල් පිරෙන 9.35% සිට 9.75% දක්‌වා වන පොලියක්‌ සමඟ ආපසු ගෙවන කොන්දේසිය මත ලබාගන්නා බව මහ බැංකුව කලින් නිවේදනය කර තිබී ඇත.

    මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ ගේ බෑණා වන අර්ජුන ඇලෝසියස්ට කොටස් හිමිකාරිත්වය ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ඉහළ පොලී අනුපාතයක්‌ අදාළ බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබූ අතර පසුව මහ බැංකුව විසින් ද ඊට අනුරූප ඉහළ පොලී බර තැබීමක්‌ නිකුත් කර ලබාගන්නා ණය ප්‍රමාණය ද රු. බිලියන 10 ක්‌ දක්‌වා වැඩි කර ඇති බවත් ඒ නිසා මේ ගනුදෙනුව සැකයට තුඩුදෙන්නක්‌ බවටත් චෝදනා එල්ල වී තිබේ.

    රජයේ සුරැකුම්පත්වල පොළී පිළිබඳ ශ්‍රී ලංකා මහබැංකුවේ වෙබ් අඩවියේ පොළී අනුපාතික දැක්වෙන පිටුවේ මාර්තු 02දාට අදාළව දැක්වෙන පරිදි මෙම ගනුදෙනුවේදී පොළිය ලෙස සටහන් වන්නේ 11.73%කි.

    මෙම වෙබ් අඩවියේ පොළී අනුපාතික නිරීක්ෂණය කරන විට පැහැදිලිව දැකිය හැකි කරුණක් වන්නේ වැඩි කලකින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කරවල පොළී අනුපාතික හැම විට ම ඉහළ අගයක් ගෙන ඇති බවයි. වසර 30කින් කල් පිරෙන බැඳුම්කර වෙනුවෙන් කිසිදු කලෙක 11.73%ට අඩු පොළී අනුපාතික ගෙවීමේ හැකියාවක් ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබී නැත.

    මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණාට කොටස් හිමි සමාගමට මෙම බැඳුම්කර ලබා දී තිබෙන්නේ ඒ වන විට වෙළඳපොළේ පැවති පොළී අනුපාතිකයට වඩා ඉහළ අගයකට බවට චෝදනා එල්ල වේ. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට නම් කිසිදු කලෙක ‘9.35% සිට 9.75% දක්‌වා' පොළියකට තිස් අවුරුද්දකින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර නැත.

    අජිත් නිවාඩ් කබ්රාල්

    treasury%2Bbonds.jpg


    මහින්ද රාජපක්ෂ පාලන සමයේදී අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ අධිපති ලෙස සිටියදී 2013 මැයි 30දා ද, 2013 ජුනි 13දා ද, 2013 ජුලි 30දා ද නිකුත් කර තිබෙන තිස් අවුරුදු භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවෙන් 12.50%ක් පොළී ගෙවා තිබේ. එම බැඳුම්කර නිකුත් කිරීම් තුනෙන් ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය රු. බිලියන 18.5කි.

    වසර 30කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කරවලට ගෙවූ පොළිය ඉහළ බව කියන අජිත් නිවාඩ් කබ්රාල්ගේ කාලයේ දින 91න්, 182න් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත්වලට පවා 12%ක පමණ පොළී ගෙවා තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ පහත සඳහන් වෙබ් පිටු නිදසුන් ය.
    http://www.cbsl.gov.lk/htm/english/_cei/ir/i_3.asp?date=&Mode=2&Page=6
    http://www.cbsl.gov.lk/htm/english/_cei/ir/i_3.asp?date=&Mode=2&Page=7

    2012 ජුලි 07 දින මහ බැංකුවේ වසර 10කින් කල් පිරෙන රු. බිලියන 10ක භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවෙන් 12.50%ක් පොළී ගෙවා ඇත.

    හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් දැන් පවසන්නේ 2015 පෙබරවාරි 27 දින භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් රටට සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි 6480ක් බවයි.

    ඔහු ගණනය කරන ක්‍රමවේදය අනුව ගණන් බැලුවහොත්, ඔහු මහ බැංකු අධිපති ධුරය හෙබවූ කාලය තුළ වැඩි පොළියට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම නිසා සිදු වී තිබෙන පාඩුව ගණනය කළ නො හැකි තරම් සුවිසල් එකකි.

    ඇත්ත ප්‍රශ්න

    2015 පෙබරවාරි 27දා වෙන්දේසි කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් නිවේදනය කර තිබුණේ වසර 30කින් ‘9.35% සිට 9.75% දක්වා වන පොලියක්‌ සමඟ ආපසු ගෙවන කොන්දේසිය මත' රු. බිලියනයක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන බවයි. පසුව මෙය රු. බිලියන 10 දක්වා වැඩි කර තිබේ.

    මෙහි තිබෙන මූලික ගැටලු වන්නේ මේවායි:

    • කෙටි කාලීනව භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමක් වෙනුවට මෙතරම් දිගු කාලීන බැඳුම්කර නිකුතුවක් කිරීමට තිබුණු අවශ්‍යතාව කුමක් ද?
    • මුලින් නිකුත් කිරීමට අපේක්ෂා කළ රු. බිලියන 1.5 වෙනුවට රු. බිලියන 10ක බැඳුම්කර නිකුත් කළේ ඇයි?
    • එම බැඳුම්කර මිළ දී ගත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට මෙම ගනුදෙනුව හා සම්බන්ධ අභ්‍යන්තර තොරතුරු ලැබුණා ද?

    දිගු කාලීන භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම ඇත්තෙන් ම දූරදර්ශී ක්‍රියාවක් නො වේ. එමගින් සංවර්ධනය වෙමින් පවතින ලංකාව වැනි රටකට අනාගතයේදී පාඩු සිදු වේ. අනාගතයේදී පොළී අනුපාතික පහළ ගිය ද, මෙවැනි ඉහළ පොළියක් වසර තිහක් වැනි කාලයක් තිස්සේ ගෙවන්නට ලංකාවට සිදු වේ. මෙවැනි ණය ලබා ගැනීම් කරන්නේ අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතුවලදී පමණි. එම සංවර්ධන කාර්යයෙන් ලැබෙන ප්‍රතිලාභවලින් මේ පොළී ගෙවන්නට හැකි විය යුතු ය. එහෙත් කලක් තිස්සේ ම ලංකාවේ ආණ්ඩුව මෙවැනි ගිනි පොළී ණය ලබාගෙන කර තිබෙන්නේ එවැනි ඵලදායී ආයෝජන නො වේ. එදිනෙදා වියදම් පියවන්නට පවා විවෘත මුල්‍ය වෙළඳපොළෙන් ගිනි පොළියට ණය ගැනීම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සුලබ විය.

    ලංකාවේ ආණ්ඩුව මෙතරම් ණය ගන්නේ කුමට ද? 2015 වසරේ අයවැය පරතරය රු. බිලියන 499කි. එය සමස්ත වියදමෙන් 23.5%කි. මෙම අයවැය පරතරය පියවා ගන්නට සැලසුම් කර තිබෙන්නේ දේශීය හා විදේශීය ණයවලිනි.

    භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මෙසේ දේශීයව ණය ලබා ගන්නා ප්‍රධාන මාර්ගයකි. 2013 මැයි 30දා සිට මහින්ද රාජපක්ෂ පාලනය යටතේ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ මෙහෙයවීමෙන් වසර 30කින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් පහක් සිදු වී තිබේ.

    කලින් ඉදිරිපත් කරන ලද වටිනාකමට වඩා බැඳුම්කර නිකුත් කළ අවස්ථා දෙකක් ද තිබේ. ඉන් එක් අවස්ථාවකදී කලින් දැනුම් දෙන ලද ප්‍රමාණයට වඩා 50%ක් වැඩිපුර බැඳුම්කර නිකුත් කරන ලදී. ඒ 2013 මැයි 30දා ය. රු. බිලියන දෙකක් වෙනුවෙන් මිළ ගණන් කැඳවා බිලියන තුනක් ණයට ගෙන තිබේ. 2015 පෙබරවාරි 27 බැඳුම්කර නිකුතුවේදී රු. බිලියනයක් හෝ 1.5ක් ඉදිරිපත් කර බිලියන 10ක් ම අලෙවි කිරීම සුවිශේෂ තත්වයකි. එහෙත් මෙවැනි සිදුවීම් කලින් ද වාර්තා වී තිබේ. ඒවා ගැන ද විමර්ශන කළ යුතු ය.

    මුලින් ඉදිරිපත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් නිකුත් කිරීමට තීරණය කර තිබෙන්නේ පෙබරවාරි 26 දින මුදල් ඇමති, මහාමාර්ග ඇමති, භාණ්ඩාගාර ලේකම්, මහ බැංකු අධිපති ඇතුළ පිරිසක් සහභාගි වූ සාකච්ඡාවකදී බවට වාර්තා පළ වී තිබේ. කලින් නිවේදනය කළ ප්‍රමාණය මෙන් දහගුණයකින් වැඩි භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් නිකුත් කිරීම ආචාරධාර්මික ක්‍රියාවක් නො වේ. එකවර එතරම් විශාල මුදල් ප්‍රමාණයක් ඉහළ පොළියකට ලබා ගන්නවා වෙනුවට අඩු පොළියට කෙටි කාලීන භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් මෙම මුල්‍ය සම්පාදනය කර ගත හැකිව තිබුණු බව මේ පිළිබඳ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට ලිපියක් ලියමින් සෑම් සමරසිංහ සහ දුෂ්‍යන්ත මෙන්ඩිස් පවසනවා. එසේම, මෙම භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සිදු වන විට ඉන්දියාව ලංකාවේ මුල්‍ය අර්බුදය මගහරවා ගන්නට රුපියල් බිලියන 198ක මුදල් හුවමාරුවක් කරන්නට සැරසෙමින් සිටියදී බව ද ඔවුහු පෙන්වා දෙති.

    ණය හිමියන් වසර 8.5 කාලයකින් රු. බිලියන දහය පොළියෙන් පමණක් අය කර ගන්නා බව ද, ශ්‍රී ලංකාව රු. බිලියන 30ක් පමණ පොළිය ලෙස පමණක් ගෙවනු ඇති බව ද ඔවුහු වැඩි දුරටත් පෙන්වා දුන් හ. එසේම, ශ්‍රී ලංකා මහ බැංකුව පොළී අනුපාතික පහළ දැමීම සඳහා කටයුතු කරමින් සිටින අතරතුර මෙවැනි ඉහළ පොළියකට ණය ලබා ගැනීමෙන් රජයට දැවැන්ත පාඩුවක් හා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට දැවැන්ත ලාභයක් ලැබී ඇති බව ඔවුහු පෙන්වා දෙති. තරගකාරී වෙළඳපොළකදී ලැබෙන මෙවන් අවස්ථාවකින් උපරිම වාසි ලබා ගැනීමට පෞද්ගලික අංශයේ සමාගමක් කටයුතු කිරීම පුදුම විය යුතු තත්වයක් නො වේ.

    මතභේදයට තුඩු දුන් භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම එතරම් විශාල මුදල් ප්‍රමාණයක් ණයට දීමට සූදානම් කර ගත්තේ ඇයි ද යන ප්‍රශ්නය මතු වී තිබේ. රජය ණයට ගැනීමට අපේක්ෂා කළ මුදල මෙන් දහගුණයක් ණයට ගන්නට යන බව ඔවුන් දැන සිටියා ද? එසේ දැන සිටියා නම්, ඔවුන්ට එම අභ්‍යන්තර තොරතුර සැපයුවේ කවුරු ද?

    මහ බැංකුව යනු අති පාරිශුද්ධ තැනක් නො වේ. පසුගිය දර්ඝ කාලයක් තිස්සේ මෙහි මුල්‍ය ගනුදෙනු සිදු වුණේ අන්ධකාරයේ ය. අභ්‍යන්තර තොරතුරු සැපයීම පිළිබඳ විශේෂඥයන් මෙහි සිටිය හැකි ය. ඇතැම් විට ඔවුන්ට අර්ජුන මහේන්ද්‍රන් කරදරයක් වී තිබෙනවා වෙන්නටත් පුළුවන. ඔහුව පන්නා ගැනීමට මෙතරම් අවශ්‍යතාවක් තිබෙන්නේ ඒ නිසා වන්නට ද පුළුවන.

    මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පසුගිය දිනෙක සිලෝන් ටුඩේ පුවත්පතට පැවසුවේ අජිත් නිවාඩ් කබ්රාල් බැඳුම්කර නිකුත් කිරීම්වලදී ආචාරධර්ම විරෝධී ලෙස තමන් විසින් ම පාලනය කරන ලද සේවක අර්ථසාධක අරමුදල ඔස්සේ 9.75% වැනි අඩු අගයකට බැඳුම්කර වෙනුවෙන් මිළ ගණන් ඉදිරිපත් කර පොළී අනුපාතික පහළ මට්ටමේ තබා ගනිමින් සේවක අර්ථසාධක අරමුදලට පාඩු සිදු කළ බව පැවසී ය. ඔහු පවසන්නේ තමන් කළේ තරගකාරී මිළ ගණන් කැඳවීමක් බවයි.

    අජිත් නිවාඩ් කබ්රාල් භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුව ගැන කතා කරන්නේ සිය හාම්පුතා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍රචාරණයේ කොටසක් ලෙස බව පැහැදිලි ය. ඒ දේශපාලන ප්‍රචාරණයේ තවත් ලක්ෂණයක් වන ජාතිවාදයෙන් ද කබ්රාල් තමන්ගේ විවේචනය තෙම්පරාදු කරයි. ඒ අර්ජුන මහේන්ද්‍රන් ලාංකික පුරවැසියකු නො වන බව කියමිනි. පසුගිය කාලයේ ලංකාවේ ආර්ථිකය අනියමින් හැසිරවූ බැසිල් හා ගෝඨාභය රාජපක්ෂ දෙබෑයන් ඇමරිකාවේ පුරවැසියන් බව ඔහුට අමතක වී තිබේ.


    එසේම, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හා අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් අතර සම්බන්ධය ගැන කතා කරන විට, එකී සමාගම හා අජිත් නිවාඩ් කබ්රාල්ගේ සොයුරිය අතර තිබුණු සම්බන්ධය ගැන කතා නො කිරීම අඩුවකි. ඇය එහි අධ්‍යක්ෂිකාවක වූ අතර එම සමාගමට ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස බලපත්‍රය ලැබුණේ අජිත් නිවාඩ් කබ්රාල්ගේ කාලයේ ය.

    භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය විසින් අවසානයේදී ලංකාවේ ආර්ථිකයේ මෙතෙක් සාමාන්‍ය ජනතාවගෙන් වසන් කර තිබුණු අඳුරු කලාපයක් විවෘත කර තිබේ. එහි ඇති සාධනීය තත්වයක් වන්නේ මින් ඉදිරියට මාධ්‍ය හා සිවිල් සමාජය මුල්‍ය වෙළඳපොළ හා රජයේ ණය ගැනීම් ගැන වඩා අවධානයකින් කටයුතු කිරීමයි. ඉදිරියේදී මෙහි සෙල්ලම් දාන්නටත් රටේ අනාගතය උගසට තබා තම තමන්ගේ අනාගතයන් පමණක් සුරක්ෂිත කර ගන්නටත් කිසිවෙකුට ඉඩ දිය යුතු නැත.

    ශ්‍රී ලංකා මහ බැංකුව ගැන පුළුල් විමර්ශනයක් කළ යුතුව තිබේ. එය අර්ජුන මහේන්ද්‍රන් යුගයට පමණක් සීමා කළ යුතු නැත. අජිත් නිවාඩ් කබ්රාල් යුගය යනු ඉතා ගැඹුරින් විමර්ශනය කළ යුතු අවධියකි. ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග අගෝස්තු 17 මහමැතිවරණයෙන් පත් වන ආණ්ඩුව විසින් ගනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙති.

    Source:- http://www.w3lanka.com/2015/08/blog-post_2.html
     
    Last edited:
    • Like
    Reactions: keerthi.mac

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Oya deshapalana magul bota wedakuth na mata wedakuth na. Study karanawa nan study karapan. Nethnam Job ekak karapan
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    Oya deshapalana magul bota wedakuth na mata wedakuth na. Study karanawa nan study karapan. Nethnam Job ekak karapan

    මමත් දේශපාලන මගුල් වලට දගලන එකෙක් නෙමේ. නමුත් මේක ඇත්තටම කියවන්න වටින ලිපියක්. ලොකු දැනුමකුත් ලැබෙනවා.:)
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    bump

    මම සන්ධාන වේදිකාවට නැග්ගේ
    ජාතික අවශ්‍යතාවක්‌ සපුරාලන්නයි
    - හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා

    sarat77.jpg
    මෙම මැතිවරණයෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජය ගත්තොත් අගමැතිකම දිය යුත්තේ එහි මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන මහින්ද රාජපක්‍ෂ මහතාට බවත් එසේ නොකළහොත් සිදුවන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ජනාධිපතිවරයා විසින් උල්ලංඝනය කිරීමක්‌ බවත්, 'දිවයින' සමඟ සාකච්ඡාවකට එක්‌වෙමින් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පැවැසීය. ඒ මහතා එහිදී දැක්‌වූ අදහස්‌ මෙසේය.

    අගවිනිසුරුවරයකු වශයෙන් කටයුතු කොට ඇති ඔබතුමා මේ මැතිවරණයේදී සන්ධානයේ වේදිකාවට ආවේ ඇයි?

    මම අගවිනිසුරු වශයෙන් පමණක්‌ නොවෙයි මේ රටේ නීතිපති වශයෙනුත් කටයුතු කරල තියෙනවා. අගවිනිසුරු ධුරයෙන් ඉවත් වුණේ 2009 දී. දැන් අවුරුදු හයක්‌ පමණ වෙනවා විශ්‍රාම ගිහින්. මා දැන් ස්‌වාධීන පුද්ගලයෙක්‌. මේ අවස්‌ථාවේ මා ජාතික අවශ්‍යතාවක්‌ වශයෙන් සළකලයි සන්ධාන වේදිකාවට ආවේ.

    ස්‌වාධීන පුද්ගලයකු වශයෙන් සිටිමින් දේශපාලනයට සම්බන්ධ වීමෙන් ඔබතුමාගේ ප්‍රතිරූපයට හානියක්‌ වෙනවා නේද?

    නැහැ. මං ස්‌වාධීන පුද්ගලයෙක්‌ හැටියට තමයි ඉන්නේ. මොකද මං සන්ධානයෙන් කිසිම ලැයිස්‌තුවකින් නාමයෝජනා ලබාගෙන නැහැ. මහින්ද රාජපක්‍ෂ මහත්තයත් මට යෝජනා කළා ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුරයකට නම් කිරීමට. මම ප්‍රතිපත්තියක්‌ වශයෙන් මහින්ද රාජපක්‍ෂට සහාය දෙනවා. හැබැයි මා සෘජු දේශපාලනයට සම්බන්ධ වෙලා ඒකෙන් තනතුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඒක මගේ ප්‍රතිරූපයට හානියක්‌.

    මහින්ද රාජපක්‍ෂ මහත්තයා යළි මේ රටේ පාලනය බාරගත යුතු යයි ඔබතුමා කියන්නේ ඇයි?

    ඔව්. ඒක වැදගත් ප්‍රශ්නයක්‌. දැන් මේ අවස්‌ථාවේ මා මහින්ද රාජපක්‍ෂට සහාය දුන්නත් පසුගිය ජනාධිපතිවරණයේදී මා ඡන්දය දුන්නේ මෛත්‍රීපාල සිරිසේනට. මොකද ඒක ප්‍රතිපත්තියක්‌ අනුවයි කළේ. මම තමයි මහින්ද රාජපක්‍ෂට ජනාධිපති ධුරයේ තුන්වරක්‌ කටයුතු කිරීමට බැරිය යන තර්කය ඉදිරිපත් කළේ. මහින්ද රාජපක්‍ෂ මහත්තයා තුන්වැනි වරටත් ජනාධිපති ධුරයට තරග කරන විට ප්‍රතිපත්තියක්‌ වශයෙන් මා තීරණය කළා එයාට සහාය නොදෙන්නට. ඒ නිසා කනගාටුවෙන් වුවත් මෛත්‍රීපාල මහත්තයට ඡන්දෙ දෙන්න සිද්ධ වුණා.

    මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ එතුමා පිහිට වූ ජාතික ආණ්‌ඩුවට සහාය දීමට ඉන්පසු මා ඉදිරිපත් වුණේ නෑ. මම හිතුවේ එයට සහභාගි වීම මට සුදුසු නැහැයි කියලා. ඉතින් දැන් බලාගෙන ගියාම අපි බලාපොරොත්තු වුණේ සිරිසේන මහත්තයාගෙන් ඔහුට සියලු කොටස්‌ එක්‌කරගෙන රජයක්‌ ගෙන යැමට පුළුවන් කියලා. රනිල් වික්‍රමසිංහ ගැන මගේ කිසිම විශ්වාසයක්‌ නැහැ. දැන් යහපාලනය ඇති කළා කියනවානේ. යහපාලනයේ මූලික ගුණාංගය තමයි රටේ නීතිය පවත්වාගෙන යැම. ඒ අපේක්‍ෂාව උඩ තමයි මා මේකට යොමුවුණේ. ඒත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනවාරි 9 දා ජනාධිපති ධුරයේ වැඩ බාර ගනිද්දීම සිදු වූ දේවල් ව්‍යවස්‌ථාවට පටහැනියි. ජනාධිපති දිවුරුම් දෙන විට ඒකට සහභාගි විය යුත්තේ අගවිනිසුරු, ජනාධිපති හා ජනාධිපති ලේකම් පමණයි. එදා නිදහස්‌ චතුරශ්‍රයේ තිබුණු උත්සවයේදී විශාල පිරිසක්‌ පොදි ගැසෙමින් කිසිම පිළිවෙළක්‌ නැතිව හැසුරුණා. එතෙන්දි මට පෙනුනා එතැන අග්‍රවිනිශ්චයකාරතුමා හිටියේ නැහැ. සාම්ප්‍රදායිකව ඒ අවස්‌ථාවේ අග්‍රවිනිශ්චයකාරතුමා ඉන්න ඕනෑ. හිටියේ වෙනත් විනිශ්චයකාරතුමෙක්‌. ඡේ. ආර්. ජයවර්ධන මහත්තයා දිවුරුම් දුන්නේ අග්‍රවිනිශ්චයකාර නෙවිල් සමරකෝන් ඉදිරිපිට. ඡේ. ආර්. නෙවිල් සමරකෝන් අග්‍රවිනිශ්චයකාරවරයාට කැමැති නැති වුණත්, සාම්ප්‍රදායිකව ඔහු ගෙන්නුවා. නමුත් මෙතැන හිටියේ වෙනත් විනිශ්චයකාරවරයෙක්‌. ඒක නීතියට එකඟයි. නමුත් සම්ප්‍රදායට විරුද්ධයි.

    නමුත් ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පස්‌සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වශයෙන් දිවුරුම් දුන්නා. ඒකත් සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ක්‍රියාවක්‌. මොකද අගමැතිවරයෙක්‌ ඒ වන විටත් සිටියා. මේ රටේ ජනවාරි 8 දා පැවැත්වුණේ ජනාධිපතිවරණයක්‌ මිස පාර්ලිමේන්තු මැතිවරණයක්‌ නොවෙයි. අගමැතිවරයෙක්‌ පත්වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකින්. මෙතන රනිල් වික්‍රමසිංහ විපක්‍ෂ නායක. එයාට හිටියේ මන්ත්‍රීවරු 46 යි. 46 කියන්නේ 225 න් භාගයක්‌ නෙවෙයිනේ. ඒක නිසා අගමැති හැටියට රනිල් වික්‍රමසිංහ පත් කරන්න බැහැ. අගමැතිවරයෙක්‌ ඒ වන විට ඉන්නවා. ඉතින් මම හොයල බැලුවා. මොකද්ද මේ වුණේ කියලා. මං ලලිත් වීරතුංග මහත්තයගෙන් ඇහුවා. ඔහු කියල තියෙනවා අගමැති කෙනෙක්‌ ඉන්න නිසා අලුතින් අගමැතිවරයෙක්‌ පත් කරන්න බැහැ කියලා. ඒ සැරේ ඔහුට කියලා තියෙනවා අගමැති අස්‌ කිරීමට ලියුමක්‌ සකස්‌ කරන්න කියලා. ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ගමන් පහත්වෙලා මෛත්‍රීපාල සිරිසේන මහතා එතැනදී අත්සන් කළේ ඒ අගමැති අස්‌ කිරීමේ ලියුමයි. මේක බොහොම ද්වේශ සහගත ක්‍රියාවක්‌. තමන් සමඟ එකම කැබිනට්‌ මණ්‌ඩලයේ සිටි, අගමැති අස්‌ කළේ කිසිම විමසීමකින් නොවෙයි. කාර්යාලෙක පියන් කෙනෙක්‌ අස්‌ කරද්දී වුණත් කරුණු විමසීමක්‌ තිබිය යුතුයි. එසේ අගමැති අස්‌කළේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 47 වැනි වගන්තිය යටතේ. එහෙම අස්‌ කරන්න පුළුවන් වන්නේ අගමැතිට ඒ පාර්ලිමේන්තුවේ බහුතරය නැතිනම් පමණයි. මෙහි බරපතළම දේ අගමැති අස්‌ කිරීමත් සමඟ මුළු කැබිනට්‌ මණ්‌ඩලයම අහෝසි වීමයි. ඒක වරදක්‌. ඊට පස්‌සෙ කෙළින්ම රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් කළා.

    දැන් මේ පසුගිය මාස ගණන තුළ තිබුණෙ ඇත්තෙන්ම අවිචාරවත් තත්ත්වයක්‌. මේකෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයටත් යහ පැවැත්මටත් විශාල හානියක්‌ සිදුවෙලා තියෙනවා. ඒක දැනට මිනිස්‌සුන්ට තේරෙන්නෙ නෑ. දැන් බැලුවහම පේන්නෙ මේ ගත වූ මාස 4 තුළ දී අපි ණයට අරන් තියෙන මුදල් ප්‍රමාණය 2014 මුළු අවුරුද්දේම ණයට ගත්ත ප්‍රමාණයට වැඩියි. ඒකෙන් තේරෙන්නෙ මේ මිනිස්‌සු මේ අවිචාර පාලනය මුළුමනින් ම ණය මත ගෙනියන එකක්‌ බවයි. අර බැඳුම්කර ප්‍රශ්නයත් විශාල අර්බුදයක්‌.

    දැන් ඊළඟට සිදුවුණේ මහ බැංකු අධිපති පත් කිරීම. මං බැඳුම්කර සිද්ධියට එන්නේ නැහැ. ඒක වෙනම ප්‍රශ්නයක්‌. මහ බැංකුව කියන්නේ ලංකාවේ බලවත්ම ආර්ථික ආයතනයයි. රටේ මුළු ආර්ථිකයම මෙහෙයවන්නේ මහ බැංකුවෙන්. මෙහි අධිපති තමයි ආර්ථිකයේ බලවත්ම තැනැත්තා.

    නමුත් මහ බැංකු අධිපති වශයෙන් පත් කළ අර්ජුන් මහේද්‍රන් මේ රටේ පුරවැසියෙකුත් නෙමෙයි. 2004 දී මේ රටෙන් පලාගිය ඔහු 2006 දී සිංගප්පූරුවේ පුරවැසිකම ලබා ගෙන තියෙනවා. සිංගප්පූරුවේ පුරවැසිභාවය ගත්තාම ඔහුගේ ශ්‍රී ලංකා පුරවැසි භාවය ඉබේම අහෝසි වෙනවා. සිංගප්පූරුවේ පුරවැසිභාවය ගන්නා විට ඔහු ප්‍රතිඥාවක්‌ දෙන්න ඕන වෙන කිසිම රටකට අවනත වෙන්නෙ නැහැ කියා. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ රජයට කිසිසේත්ම පක්‍ෂපාතී පුද්ගලයකු නෙවෙයි.

    ඉතින් මේ පුද්ගලයා කවුද පත්කළේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියන විදියට මෙහිදී එතුමත් අසරණයි. මූල්‍ය නීති පනතේ 12 (1) වගන්තිය යටතේ මහ බැංකු අධිපති පත් කරන්නේ ජනාධිපති විසින් මුදල් ඇමැතිගේ නිර්දේශය මත. එතකොට අර්ජුන් මහේද්‍රන් පත් කරල තියෙන්නේ ජනාධිපති. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මොහු මේ රටේ පුරවැසියකු නොවන බව දැන හිටියා නම් පත් කරන එකක්‌ නැහැ. ඉතින් මොහු නිර්දේශ කෙරුවෙ කවුද? තාම අපි දන්නේ නැහැ.

    ඒත් ඔහු නිර්දේශ කරල තියෙන්නෙ අගමැති රනිල් වික්‍රමසිංහ. මොකද මෙතෙක්‌ කල් මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ මහ බැංකුව රනිල් වික්‍රමසිංහ යටතට ගත්තා. මුදල් ඇමැති කළ යුතු නිර්දේශයන් අගමැති විසින් කිරීම වැරදියි.

    අපේ ව්‍යවස්‌ථාව යටතේ මහ බැංකුව රාජ්‍ය සංස්‌ථාවක්‌. මහ බැංකුව පිහිටුවල තියෙන්නේ සම්පූර්ණයෙන් ම රජයේ මුදල්වලින්. රාජ්‍ය සංස්‌ථාවක ඕනෑම සේවකයකු හෝ නිලධාරියෙක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 165 වන වගන්තිය අනුව ධුරය බාර ගන්නා අවස්‌ථාවේ 6 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ 4 වැනි උපලේඛනය යටතේ ප්‍රතිඥාවක්‌ දිය යුතුයි. ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සුරකින බවටත්, එයට පක්‍ෂපාත වන බවටත්. ඒ දිවුරුම ඒ ප්‍රතිඥාව අර්ජුන් මහේන්ද්‍රන් දීල නැහැ. එයා ඒ බව කෝප් කමිටුවේදීත් පිළිඅරන් තිබෙනවා.

    ඊට අමතරව රාජ්‍ය නිලධාරියකු 6 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ 7 වැනි උප ලේඛනය අනුව රට නොබෙදන බවට, ඒකීය රාජ්‍යයක්‌ පිළිගන්නා බවට ප්‍රතිඥාවක්‌ දිය යුතුයි. ඔහු ඒ ප්‍රතිඥාව දීලත් නැහැ. එවැනි ප්‍රතිඥාවක්‌ නොදුන් කෙනෙක්‌ ධුරයෙන් පහව ගියා සේ සලකන බව 165 වැනි වගන්තියේ දැක්‌වෙනවා. ඒ අනුව දැන් මහ බැංකුව මෙහෙයවන්නේ ධුරයෙන් පහ වූ පුද්ගලයෙක්‌.

    මහ බැංකුවේ ප්‍රථම අධිපතිත් විදේශිකයකු බවට ආණ්‌ඩුව පැත්තෙන් තර්ක කරනවා.?

    එතකොට 1947 කාලේ. මේ ව්‍යවස්‌ථාව තිබුණේ නැහැනේ. ඒ කාලෙ තිබුණෙ වෙනින් එකක්‌. රජයේ මැති ඇමැතිවරුන්ගේ සිට කාර්යාලයේ රියෑදුරා දක්‌වා වූ සියලුම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය සේවකයන් මේ ප්‍රතිඥාව දිය යුතුයි. එහෙත් රටේ ආර්ථිකය මෙහෙයවන පුද්ගලයා දිවුරුම් දීල නැහැ. මේක බරපතළ වරදක්‌. ඒ අනුව ඔහු ගෙන ඇති තීරණ ඔක්‌කොම නීති විරෝධියි. බල ශූන්‍යයි. මේකෙන් ශ්‍රී ලංකාවෙ ආර්ථිකය ප්‍රශ්න සහගත තත්ත්වයකට ගෙනැත් තිබෙනවා.

    මහ බැංකු අධිපති මේ විදියට පත් කරල තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වුණත් ඒ සඳහා නිර්දේශ කරල තියෙන්නේ අගමැති රනිල් වික්‍රමසිංහයි.

    පසුව ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රකාශයකදී කියල තිබුණා මහ බැංකු අධිපතිට අස්‌වන ලෙස දැනුම් දෙන්නැයි තමා අගමැතිගෙන් ඉල්ලා සිටි බව?

    අස්‌වෙන්න දෙයක්‌ නැහැ. ව්‍යවස්‌ථාව අනුව දිවුරුම් නොදීමෙන් ඔහු තනතුරෙන් ඉබේම පහවෙලා. ඔහුගේ බලය ශූන්‍ය වෙලා. මහ බැංකු අධිපතිගේ බැඳුම්කර මගඩියෙන් මේ වන විට රුපියල් බිලියන 70 ක්‌ පමණ පාඩු වෙලා තියෙනවා. අවුරුදු 30 ක්‌ යනතුරු මේ පාඩුව දිගටම සිදුවෙනවා. මේක රටට බරපතළ හානියක්‌.

    මේ තත්ත්වය වෙනස්‌ කරන්නද ඔබතුමා මහින්ද රාජපක්‍ෂ මහත්තයා නැවත ගේන්න හදන්නෙ?

    මේව බල බල අපට නිශ්ශබ්දව ඉන්න බැහැ. මහින්ද රාජපක්‍ෂ මහත්තයාට තුන්වැනි වතාවට ඉල්ලන්න බැහැ කියල මා කියන විට ඒකට වේදිකාවක්‌ තිබුණේ නැහැ. අනුර කුමාර දිසානායක ඇවිත් මට කිව්වා ඕක කියන්න අපි වේදිකාවක්‌ හදා දෙන්නම් කියලා. මං කිව්වා මං දේශපාලන වේදිකාවලට එන්නේ නැහැ. මේ කරුණ ගැන විතරක්‌ කියන්නම් කියලා. අනුර කුමාර තමයි දේශපාලන කරුණු ගැන කතා කළේ. අනුර කුමාර කිව්වා මහින්ද රාජපක්‍ෂ පරාජය වුණත් එයා මේ බලය අතහැරල යන්නෙ නෑ. එයාට දිගටම මේ බලය, වරප්‍රසාද, වරදාන තියාගන්න ඕන. ඒ නිසා එයාව පරාජය කළාට පසු ගෙදර යෑවීමට පාරට බැහැල අරගල කරන්න ඕන කියලා. ඔය කතාව අහල මාත් හිතුව පැරදුනාට පසු මහින්ද රාජපක්‍ෂ යන එකක්‌ නැහැ කියලා.

    ඉතින් මහින්ද රාජපක්‍ෂ මහත්තයා පැරදුන ගමන් වහාම ධුරයෙන් ඉවත් වී ගෙදර ගියානෙ.

    ඔව්. ජනවාරි 8 දා ජනාධිපතිවරණය පැවැති දින රාත්‍රියේ සිදු වූ දේවල් මට ලලිත් වීරතුංග මහත්තයා කිව්වා. එදා රෑ 3.30 ට විතර මහින්ද රාජපක්‍ෂ කාමරෙන් ඇවිත් ඇහුවලු ලලිත් මොකද්ද වෙන්නේ කියලා. ලලිත් කියලා තියෙනවා අපි ලක්‍ෂ 3 කින් 4 කින් පමණ පරදිනවා කියලා. එහෙනම් අපි වහාම මෙතනින් පිටවෙමු. උදේ 6 වන විට මා යනවා. ශිරන්තිටත් කියන්න මොනව හරි තියෙන එකක්‌ අරගෙන යන්න කියලා මහින්ද රාජපක්‍ෂ ලලිත් වීරතුංගට කියලා තිබුණා. එයා ඡන්දය පැරදුනාම ඉක්‌මනින් ම අරලියගහ මන්දිරයෙන් විතරක්‌ නෙවෙයි කොළඹිනුත් ගියා.
    ඒකෙන් පේන්නේ එයා තුළ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ස්‌වභාවයක්‌ තියෙනවා නීතියට ගරු කරන ස්‌වභාවයක්‌ තියෙනවා. ඒක අනුර කුමාර කියපු තත්ත්වයට හාත්පසින්ම වෙනස්‌. දැන් මෛත්‍රීපාල සිරිසේන මහතා එයාගෙන් පක්‍ෂ නායකත්වය ඉල්ලුවා. ඒකත් දුන්නා. එත් මහින්ද රාජපක්‍ෂ ඒ වෙලාවේ කල්පනා කළේ නැහැ එයා මැදමුලනට ගියාට පස්‌සෙ එයා හොයාගෙන මිනිස්‌සු ඒවි කියලා. මිනිස්‌සු එනවැයි කියල හිතුව නම් ඔහු කොළඹ ආශ්‍රිතව ඉඳීවි. මෙයාගෙ නීතිගරුක ස්‌වභාවයට අපි ගරු කරන්න ඕන.

    එතකොට ජනවාරි 8 දා රාත්‍රියේ කුමන්ත්‍රණයක්‌ කරන්න ගියා කියලා චෝදනාවක්‌ තිබෙනවා නේද?

    ඒක විහිළු කතාවක්‌. මංගල සමරවීර පැමිණිල්ලක්‌ කරල තිබුණා එවැනි කුමන්ත්‍රණයක්‌ තිබුණාය කියලා. මංගල සමරවීරට ඒ තොරතුරු දීලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ. මහින්ද රාජපක්‍ෂ තනතුර අතහැරල යනකොට නිකම් අතහැරල යන්න බැහැනේ. මහින්ද රනිල් එක්‌ක කියලා මෛත්‍රීටත් කතා කරලා කියල තියෙනවා. මං යනවා. දැන් රට බාරගන්න කියලා. මේ අතරෙ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂෙ අය කියලා තියෙනවා ඡන්දෙන් පස්‌සෙ අපේ ගෙවල්වලට ගහයි. අපට පහරදේවි ඒවායින් අපව බේරාගන්න අඩුම තරමෙන් ඇඳිරි නීතියවත් පනවන්න කියලා.

    ඒ අනුව නීතිපති ගෙන්නලා අහල තියෙනවා ඇඳිරි නීතිය පනවන්න පුළුවන්ද කියලා. ඔහු කියලා තියෙනවා එහෙම කරන්න බැහැ කියලා. එහෙම අහල තියෙන්නේ ඡන්දෙන් පස්‌සෙ සිදුවිය හැකි ප්‍රචණ්‌ඩ ක්‍රියා වැළැක්‌වීමටයි. රනිල් වික්‍රමසිංහත් ඒ බව දන්නවා. ඇඳිරි නීතිය පනවලා තවදුරටත් බලයේ ඉන්න මහින්ද රාජපක්‍ෂට ඕනකමක්‌ තිබුණා නම් ඒ වෙලාවෙ රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයට ගෙන්වාවිද?. මාධ්‍ය වලින් විශාල ප්‍රචාරයක්‌ දුන්නා මේ කුමන්ත්‍රණ කතාවට.
    මංගල සමරවීර සී.අයි.ඩී. එකට පැමිණිලි කිරීමට යන හැටි පෙන්නුව. නමුත් අන්තිමේ කිසිම කුමන්ත්‍රණයක්‌ තිබුණේ නැහැ කියල ඔප්පු වුණා.

    ඇයි ඔවුන් එහෙම කළේ?

    මහින්ද රාජපක්‍ෂගෙ ප්‍රතිරූපය විනාශ කිරීමටයි. අනික ඡන්ද කාලෙදි ඔහුට හොරා හොරා කියල චෝදනා කළා. ඒවායින් අපිත් නොමඟ ගියා. හැමතැනම කිව්වා මේ හෝටලය අරන් තියෙනවා. අර පැක්‌ටරිය අරගෙන තියෙනවා. කියලා. නොයෙක්‌ බොරු ප්‍රචාර සෑහෙන කලක්‌ ගෙනගියා. මේ ගොල්ලො හොරා හොරා කියල ලේබල් අලවලා පස්‌සෙ හොරකම් සොයනවා. ඒක හරිම අසාධාරණ ක්‍රියාවක්‌. දැන් මහ බැංකු මගඩිය ගැන අපි කෙළින්ම කියනවා. නමුත් මේගොල්ලො හොරා කියමින් මහින්දට බොරු ලේබල් අලවනවා.

    සාකච්ඡා කළේ - දයා ලංකාපුර
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඇත්තටම හොඳ ලිපියක්.
    මේක ගැන කතා කරන සමහර උන් හොරකමක්ද වන්චාවක්ද නැත්තම් දෙකමද කියල පැහැදිලි කර ගන්න බැහැ ප්‍රශ්නයක් අහපුවහම.
    දවස් දෙක තුනකට කලින් ඇවිත් බන්දුල ගුණවර්ධනයි විජේදාස රාජපක්ෂයි දෙන්න විවාදයක් තිබ්බ. උන් දෙන්න කොළ උස්සගෙන කියන දෙයක් ඔප්පු කරගන්න හැදුවට අවසන් තීරණයකට අවේ නැහැ. එත් බන්දුලයට වැඩ විජේදාස බලාගෙන ඉන්න මිනිස්සුන්ට තේරෙන්න පැහැදිලි කලා. එතැනදී බන්දුලයා කලේ අර මසුස්සයට කතා කරන්න බැරි වෙන්න බාද කරපු එක විතරයි. එච්චර මොලේ තියන මනුස්සයෙක් උනත් එතැනදී මෝඩයෙක් වගේ හැසිරුනා කියල තමා පේන්න තිබ්බේ. අනික බන්දුලය තව කිච කතාවක් කිවුවා. මම ආර්ථික විසේෂච්චයෙක්. ඔබ තුමා එහෙම නැහැ කියලා. ඒ කියන්නේ තර්කෙ ගොඩ ද ගන්න බැරි වෙනකොට කියපු දෙයක් වගේ.
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    "රාජ්‍යයන් මඟින් නිකුත් කරන නිසා භාණ්ඩාගාර බැඳුම්කර අවදානමින් තොර විශ්වාසනීය ආයෝජනයකි. මූල්‍ය වෙළෙඳපළ තුළ තිබෙන අනෙකුත් බොහෝ ආයෝජනවලට සාපේක්ෂව සලකා බලන විට ඉහළ පොලී අනුපාතිකයක් ලබාගත හැකිය. "

    me kiyala thiyana kathawa weradi. awadhanamen thora hinda hambena poli anupathaya adui. wedi neme.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    bump

    මම සන්ධාන වේදිකාවට නැග්ගේ
    ජාතික අවශ්‍යතාවක්‌ සපුරාලන්නයි
    - හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා

    sarat77.jpg
    මෙම මැතිවරණයෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජය ගත්තොත් අගමැතිකම දිය යුත්තේ එහි මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන මහින්ද රාජපක්‍ෂ මහතාට බවත් එසේ නොකළහොත් සිදුවන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ජනාධිපතිවරයා විසින් උල්ලංඝනය කිරීමක්‌ බවත්, 'දිවයින' සමඟ සාකච්ඡාවකට එක්‌වෙමින් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පැවැසීය. ඒ මහතා එහිදී දැක්‌වූ අදහස්‌ මෙසේය.

    අගවිනිසුරුවරයකු වශයෙන් කටයුතු කොට ඇති ඔබතුමා මේ මැතිවරණයේදී සන්ධානයේ වේදිකාවට ආවේ ඇයි?

    මම අගවිනිසුරු වශයෙන් පමණක්‌ නොවෙයි මේ රටේ නීතිපති වශයෙනුත් කටයුතු කරල තියෙනවා. අගවිනිසුරු ධුරයෙන් ඉවත් වුණේ 2009 දී. දැන් අවුරුදු හයක්‌ පමණ වෙනවා විශ්‍රාම ගිහින්. මා දැන් ස්‌වාධීන පුද්ගලයෙක්‌. මේ අවස්‌ථාවේ මා ජාතික අවශ්‍යතාවක්‌ වශයෙන් සළකලයි සන්ධාන වේදිකාවට ආවේ.

    ස්‌වාධීන පුද්ගලයකු වශයෙන් සිටිමින් දේශපාලනයට සම්බන්ධ වීමෙන් ඔබතුමාගේ ප්‍රතිරූපයට හානියක්‌ වෙනවා නේද?

    නැහැ. මං ස්‌වාධීන පුද්ගලයෙක්‌ හැටියට තමයි ඉන්නේ. මොකද මං සන්ධානයෙන් කිසිම ලැයිස්‌තුවකින් නාමයෝජනා ලබාගෙන නැහැ. මහින්ද රාජපක්‍ෂ මහත්තයත් මට යෝජනා කළා ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුරයකට නම් කිරීමට. මම ප්‍රතිපත්තියක්‌ වශයෙන් මහින්ද රාජපක්‍ෂට සහාය දෙනවා. හැබැයි මා සෘජු දේශපාලනයට සම්බන්ධ වෙලා ඒකෙන් තනතුරු බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඒක මගේ ප්‍රතිරූපයට හානියක්‌.

    මහින්ද රාජපක්‍ෂ මහත්තයා යළි මේ රටේ පාලනය බාරගත යුතු යයි ඔබතුමා කියන්නේ ඇයි?

    ඔව්. ඒක වැදගත් ප්‍රශ්නයක්‌. දැන් මේ අවස්‌ථාවේ මා මහින්ද රාජපක්‍ෂට සහාය දුන්නත් පසුගිය ජනාධිපතිවරණයේදී මා ඡන්දය දුන්නේ මෛත්‍රීපාල සිරිසේනට. මොකද ඒක ප්‍රතිපත්තියක්‌ අනුවයි කළේ. මම තමයි මහින්ද රාජපක්‍ෂට ජනාධිපති ධුරයේ තුන්වරක්‌ කටයුතු කිරීමට බැරිය යන තර්කය ඉදි.............................

    මචන් මේ ලිපියෙ මේක සම්පූර්ණයෙන්ම කියන්නෙ අර්ජුන මහේන්ද්‍රන් පත් වෙලා තියෙන්නෙ වැරදියට කියන එක. බැදුම්කර සිද්දියෙ වැරැද්දක් කියල නෑ :no: . නීති විරෝදී විදිහට අගවිනිසුරු ඉවත් කරල එයාව මේ රටේ අග විනිසුරු කරද්දි ඔය කිසි ප්‍රශ්නයක් තිබ්බෙ නෑනෙ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    "රාජ්‍යයන් මඟින් නිකුත් කරන නිසා භාණ්ඩාගාර බැඳුම්කර අවදානමින් තොර විශ්වාසනීය ආයෝජනයකි. මූල්‍ය වෙළෙඳපළ තුළ තිබෙන අනෙකුත් බොහෝ ආයෝජනවලට සාපේක්ෂව සලකා බලන විට ඉහළ පොලී අනුපාතිකයක් ලබාගත හැකිය. "

    me kiyala thiyana kathawa weradi. awadhanamen thora hinda hambena poli anupathaya adui. wedi neme.

    බැදුම්කර වල විශේශත්වය ඕක තමයි. අවදානම අඩුයි,පොලිය සාපේක්ෂව වැඩියි. 11% ක් කියන්නෙ සාමාන්‍යයෙන් හොද පොලියක්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ඇත්තටම හොඳ ලිපියක්.
    මේක ගැන කතා කරන සමහර උන් හොරකමක්ද වන්චාවක්ද නැත්තම් දෙකමද කියල පැහැදිලි කර ගන්න බැහැ ප්‍රශ්නයක් අහපුවහම.
    දවස් දෙක තුනකට කලින් ඇවිත් බන්දුල ගුණවර්ධනයි විජේදාස රාජපක්ෂයි දෙන්න විවාදයක් තිබ්බ. උන් දෙන්න කොළ උස්සගෙන කියන දෙයක් ඔප්පු කරගන්න හැදුවට අවසන් තීරණයකට අවේ නැහැ. එත් බන්දුලයට වැඩ විජේදාස බලාගෙන ඉන්න මිනිස්සුන්ට තේරෙන්න පැහැදිලි කලා. එතැනදී බන්දුලයා කලේ අර මසුස්සයට කතා කරන්න බැරි වෙන්න බාද කරපු එක විතරයි. එච්චර මොලේ තියන මනුස්සයෙක් උනත් එතැනදී මෝඩයෙක් වගේ හැසිරුනා කියල තමා පේන්න තිබ්බේ. අනික බන්දුලය තව කිච කතාවක් කිවුවා. මම ආර්ථික විසේෂච්චයෙක්. ඔබ තුමා එහෙම නැහැ කියලා. ඒ කියන්නේ තර්කෙ ගොඩ ද ගන්න බැරි වෙනකොට කියපු දෙයක් වගේ.

    ඔව් මචන්.මේකෙදි සම්පූර්ණයෙන්ම වෙන්නෙ දේශපාලන අරමුණු ඉටු කරගන්න වෙච්ච නැති දෙයක් මවා පෙන්වීම. සිදු උනත් උනේ වංචාවක් මිසක් හොරකමක් නම් නෙමෙයි. මේකෙ ඉන්න ගොඩක් උන් බැදුම්කර කියන්නෙ මොනවද කියලවත් දන්නෙ නෑ.
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    බැදුම්කර වල විශේශත්වය ඕක තමයි. අවදානම අඩුයි,පොලිය සාපේක්ෂව වැඩියි. 11% ක් කියන්නෙ සාමාන්‍යයෙන් හොද පොලියක්

    ne weradi. treasury bonds wala interest adui risk free hinda. meka risk free wenne hadisiyewath govt. ekata salli nethi unoth govt. eka salli achchu gahala hari repayment eka karanawa. eh kiyanne risk free. Risk low neme completely risk free. eka nisa interest adui.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මේක බොරු සීන් එකක්. !! සුජීව සහ විජේදාස විවාදයකට අභියෝග කොට ඇත !! යන්නේ නැත්තෙ ඇයි ???

    ඔය වංචාව "වුනා නම්" කබ්රාල් ගේ සහොදරියක් තම අධ්‍යක්ශිකා හැටියට හිටියේ මාර්තු 21 වෙනකන් !!!

    මේ විවාදය බලා සැකයන් දුරු කරගන්න !



    වැඩි විස්තර >>

    http://www.elakiri.com/forum/showthread.php?t=1692315
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මචන් මේ ලිපියෙ මේක සම්පූර්ණයෙන්ම කියන්නෙ අර්ජුන මහේන්ද්‍රන් පත් වෙලා තියෙන්නෙ වැරදියට කියන එක. බැදුම්කර සිද්දියෙ වැරැද්දක් කියල නෑ :no: . නීති විරෝදී විදිහට අගවිනිසුරු ඉවත් කරල එයාව මේ රටේ අග විනිසුරු කරද්දි ඔය කිසි ප්‍රශ්නයක් තිබ්බෙ නෑනෙ.

    ඔව් මචන්.මේකෙදි සම්පූර්ණයෙන්ම වෙන්නෙ දේශපාලන අරමුණු ඉටු කරගන්න වෙච්ච නැති දෙයක් මවා පෙන්වීම. සිදු උනත් උනේ වංචාවක් මිසක් හොරකමක් නම් නෙමෙයි. මේකෙ ඉන්න ගොඩක් උන් බැදුම්කර කියන්නෙ මොනවද කියලවත් දන්නෙ නෑ.

    :rofl::rofl::rofl::P

    uba kiye panthiyeda?
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔව් මචන්.මේකෙදි සම්පූර්ණයෙන්ම වෙන්නෙ දේශපාලන අරමුණු ඉටු කරගන්න වෙච්ච නැති දෙයක් මවා පෙන්වීම. සිදු උනත් උනේ වංචාවක් මිසක් හොරකමක් නම් නෙමෙයි. මේකෙ ඉන්න ගොඩක් උන් බැදුම්කර කියන්නෙ මොනවද කියලවත් දන්නෙ නෑ.

    චන්දයක් හින්ද පුදුම වෙන්න දෙයක් නැහැ. රජයට හරි විපක්ෂයට හරි සම්බන්ද සිද්දියක් නම් නිකම්ම ප්‍රචාරයක් ලැබෙනවා. එත් හරි දේ සමාජ ගත වෙන්නේ නැහැ මඩ වියාපාරය නිසා. මටත් අප්පිරියා වෙලා තියෙන්නේ ඕකයි. වැරදි නම් වැරදි දේ විවේචනය කරන්න ඕනේ. සුද්ද කරන්න හොද නැහැ.ලස්සන වචන දාල බොරුවක් අත්තක් කරලා කියන්න යද්දී කොහොමත් එපා වෙනවා බන්. මොකද බොරුව බොරුව කියල දන්නා නිසා. එහෙම කතා කරන උන්ගේ චරිතේ දිහා බලපුවහම ඊට වඩා අප්පිරියයි.
    මේක බොරු සීන් එකක්. !! සුජීව සහ විජේදාස විවාදයකට අභියෝග කොට ඇත !! යන්නේ නැත්තෙ ඇයි ???

    ඔය වංචාව "වුනා නම්" කබ්රාල් ගේ සහොදරියක් තම අධ්‍යක්ශිකා හැටියට හිටියේ !!!

    මේ විවාදය බලා සැකයන් දුරු කරගන්න !



    වැඩි විස්තර >>

    http://www.elakiri.com/forum/showthread.php?t=1692315

    ඕක ගැන තම මමත් කිවුවේ. :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇත්තටම හොඳ ලිපියක්.
    මේක ගැන කතා කරන සමහර උන් හොරකමක්ද වන්චාවක්ද නැත්තම් දෙකමද කියල පැහැදිලි කර ගන්න බැහැ ප්‍රශ්නයක් අහපුවහම.
    දවස් දෙක තුනකට කලින් ඇවිත් බන්දුල ගුණවර්ධනයි විජේදාස රාජපක්ෂයි දෙන්න විවාදයක් තිබ්බ. උන් දෙන්න කොළ උස්සගෙන කියන දෙයක් ඔප්පු කරගන්න හැදුවට අවසන් තීරණයකට අවේ නැහැ. එත් බන්දුලයට වැඩ විජේදාස බලාගෙන ඉන්න මිනිස්සුන්ට තේරෙන්න පැහැදිලි කලා. එතැනදී බන්දුලයා කලේ අර මසුස්සයට කතා කරන්න බැරි වෙන්න බාද කරපු එක විතරයි. එච්චර මොලේ තියන මනුස්සයෙක් උනත් එතැනදී මෝඩයෙක් වගේ හැසිරුනා කියල තමා පේන්න තිබ්බේ. අනික බන්දුලය තව කිච කතාවක් කිවුවා. මම ආර්ථික විසේෂච්චයෙක්. ඔබ තුමා එහෙම නැහැ කියලා. ඒ කියන්නේ තර්කෙ ගොඩ ද ගන්න බැරි වෙනකොට කියපු දෙයක් වගේ.
    :yes:
     

    Similar threads