මහින්ද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    මමත් දැම්මේ UNP එකට තමයි. මට දුක හිතුනා ඕකාට වෙච දේට හැබැයි ඕකා දින්නා නම් අපිට කියන්න වෙන්නේ රනිල් පව් කියලා තමයි බන්
     
    Last edited:

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    අඩෝ ඇත්තමයි බන්. මන් මුලින්ම දැක්කේ ඔය 4to එක එක දැකල දුක හිතුනට පස්සේ තමා උබ ලියල තියන ටික දැක්කේ. පව් බන්. ඇත්තටම දුකයි
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    9ktuuw.jpg



    මම චන්දේ දම්මේ UNP ඒකට ඒත්....
    මේක දකිද්දි පව් කියලා හිතෙනවා බං.... වටේ හිටපු උන් නිසා දෙවෙනි පාරටත් පාරාද උනා....
    ඇත්තටම පට්ට අවුල්....
    :(:(:(:(

    විමලා තමයි ඔක්කම කරේ....
    බොරැවට කිඹුල් කදුලු හෙලන්න එපා බන්.හොරා හොරා කියල බොරැවට කෑගහල.බලපන් මහින්දට එදා විදේශ බලපෑම් වලට පයින් ගහල රටේ දරැණු යුද්දෙ ඉවර කරන්න කොන්දක් තිබ්බා.ඒවගේම තමයි කිසිදාක නොකරපු හොරකමකට චෝදනා කරද්දි තමන්ගෙ ප්‍රතිවාදියාගෙ ජයග්‍රහනයට සුබ පතන්න ඒ උත්සවේට එන්නත් හොද නිහතමානි සවිමත් හිතක් තිබ්බා.එදා සිරිසේන දූෂිත අතින් අල්ලන්නවත් හිරිකිතයි කිව්වා.ඒත් එදා මහින්ද තමන් දික් කරපු සුහදතාවයේ දෑතම අදත් දික් කරනවා.අදනම් සිරිසේන ඒ අත්දෙක අල්ලනවා උගේ වැඩේ දැන් හරිනෙ. ඒකයි ඇත්ත.කවදහරි දවසක මහින්දට බැනපු මහින්ට දෙස් තියපු හැමෝටම දුක් වෙන්න දවසක් එනවා.එදාට ඔය හැමෝම පරක්කු වැඩි වේලා තියේවි.මේක ජාතියේම අවාසනාවක්.වතුරට වැටිල ගිලෙන්න යද්දි ජීවිතය ඉල්ලලා දගලන එහෙමත් නැත්නම් වාහනයක හැප්පිලා මරණයත් එක්ක පොරබදන කෙනෙක් ඉදිරියේ ඔහුගේ ජීවිතය බේරගන්න ඉදිරිපත් නොවී සාක්කුවෙ තියෙන ස්මාට් පෝන් එක එලියට ඇදල අරන් වීඩියෝ කරල එවලෙම ෆේස්බුක් හරි මොකේ හරි දාන පහත් මිනිස්සු ඉන්න සමාජයක එක්තරා දිගුවක් විතරයි මේ වගේ ශෝකාලායපයන් සියල්ලක්ම
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    මේ ටික මට කියන්න ඕනේ. මහින්ද පැරදිලා ගෙදරට ගිහාම, රට වටේම මිනිස්සු දහස් ගනනක් මහින්දව බලන්න ගිය. ඔහුව දිරිමත් කල. යන යන හැම තැනම මිනිස්සු දහස් ගණනක් රොක් උන.

    මේ වගේ දේවල් කවදාවත් අපි මිට කලින් දැකල නැහැ. ජනපතිදුරයෙන් අයින් වුනු කිසිම හිටපු ජනපතිවරයෙකුට මිනිස්සු මෙහෙමෙ ගවුරව කරනවා දැකල නැහැ. චන්රිකා ගෙදර ගිය, කවුරුවත් ගනම් ගන්නේ නැහැ.JR උනත් එහෙමයි. සමහරු පිළිගන්න අකමැති උනත්, යථාර්තය එක තමයි.

    අනිත් එක මහින්ද ආයිත් තරගෙට එනවට වරදක් කියන්න බැහැ. බලලොබි කම නිසා එනවා කියල කෙනෙක් තර්ක කරන්න පුවවන්. එතකොට අවුරුදු 20 තිස්සේ, රනිල් 29 වතවකටත් වැඩිය පක්ෂය පරදවෙනකොට, නායකත්වයේම එල්ලිලා මැරෙන්න හදපු හැටි අපිට මතකයි. එකපාරක් සිරිකොත පාක්ෂිකයන්ගේ ගල් පහරවලින් කුඩු නොවී බේරුනේ අනු නාමයෙන්. "බලලොබි කම" එය නැත්නම් අන් කවරක්ද?