මන්ත‍්‍රී-වරප‍්‍රසාද -....

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions
    මන්ත‍්‍රී-වරප‍්‍රසාද -....

    මහජන නියෝජිතයන්ට ලැබෙන වරප්‍රසාද මෙන්න

    අපේ මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මහජන නියෝජිතයන්ට ලැබෙන වරදාන වරප්‍රසාද පිළිබදව අප ගොසිප් සී ලංකා වෙබ් අඩවිය ඔබව දැනුවත් කරන්න හිතුනා, පාර්ලිමේන්තුව සදහා තේරී පත්වූ මැති ඇමැතිවරුන්ට ලැබීමට

    නියමිත දීමනා හා වරප්‍රසාද මෙසේය.

    මන්ත‍්‍රීවරුන්ට හිමි වරප‍්‍රසාද මෙසේය.

    වෛද්‍ය රක්ෂණයත් ලක්ෂ තුන හමාර දක්වා වැඩි කරයි.
    මන්ත‍්‍රීවරයෙකුගේ මාසික වැටුප රුපියල් 54,285 කි.
    පාර්ලිමේන්තු සභා වාරය පැමිණීම වෙනුවෙන් දිනක දීමනාව රුපියල් 500.
    කොළඹින් බැහැර අයට නිල නිවාසයක්
    රාජකාරි හා පෞද්ගලික දුරකථන පහසුකම් සඳහා බිල්පත් ගෙවීම.
    තීරු බදු රහිත වාහනයක් (වසර 5 කට වරක් ගත හැකිය) බොහෝ විට මෙම වාහන බලපත‍්‍රය ලක්ෂ 30 ක 40 ක ලාභයක් ඇතිව විකිණීම සිදු වේ.
    ඉන්ධන දීමනාව (බස්නාහිර පළාතෙන් පිටත) පෙට‍්‍රල් වාහනයක් සඳහා – රුපියල් 50,000 (ඞීසල් වාහනයක් සඳහා – රුපියල් 20,000)
    කාර්යාල, නිවාස හා ජංගම දුරකතන බිල් ගෙවීම.
    දේශීය හා බටහිර වෛද්‍ය පහසුකම් නොමිලයේ.
    නිරෝගී ශරීර සෞඛ්‍ය සඳහා ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන පහසුකම්.
    විශේෂඥ වෛද්‍යවරයෙකු නියම කරන බෙහෙත් ඖෂධ වර්ග පවා නොමිලයේ ලබා ගැනීමේ පහසුකම්ි.
    වසර 5 ක පාර්ලිමේන්තු නියෝජනයෙන් පසු විශ‍්‍රාම වැටුප් හිමිකම.
    ලිපි ද්‍රව්‍ය පහසුකම් නොමිලේ.
    ලැප්ටොප් පරිගණකයක්.
    ෆැක්ස් යන්ත‍්‍රයක්.
    විදේශ සංචාර.
    කාර්ය මණ්ඩලය සඳහා දුරකථන පහසුකම්.
    ආරක්ෂක නිළධාරීන්.
    බාධක වලින් තොරව පාර්ලිමේන්තුවේ රැස්වීම් වලට සහභාගි වීමට හා ඒමට මාර්ග පහසුකම් සැපයීම.

    ඇමතිවරයෙකුට හා නියෝජ්‍ය ඇමතිවරයකුට හිමි වරප‍්‍රසාද (මාසිකව මුදල් හිමිවීම්ද ඇතුළත්ය)

    ඇමතිවරයෙකුගේ වැටුප – රුපියල් 65,000 කි.
    නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ වැටුප රුපියල් – 63,000 කි.
    පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීමේ දිනක දීමනාව – රුපියල් 500 කි.
    කොළඹ ප‍්‍රදේශයෙන් බංගලාවක්.
    නිල නිවාසයක් නොමැති නම් පෞද්ගලික නිවසක් කුලියට ගැනීමට මාසික කුළිය – 40,000 කි.

    බස්නාහිර පළාතෙන් පිටත ඇමතිවරයෙකුට.
    පෙට‍්‍රල් වාහනයක් සඳහා ඉන්ධන – රුපියල් 75,000 කි.
    ඞීසල් වාහනයක් සඳහා ඉන්ධන රුපියල් – 30,000 කි.

    බස්නාහිර පළාතෙන් පිටත නියෝජ්‍ය ඇමතිවරයෙකුට.
    පෙට‍්‍රල් වාහනයක් සඳහා ඉන්ධන – රුපියල් 65,000 කි.
    ඞීසල් වාහනයක් සඳහා ඉන්ධන රුපියල් – 30,000 කි.

    බස්නාහිර පළාතේ ඇමතිවරයෙකුට.
    පෙට‍්‍රල් වාහනයක් සඳහා ඉන්ධන දීමනාව – රුපියල් 50,000 කි.
    ඞීසල් වාහනයක් සඳහා ඉන්ධන දීමනාව රුපියල් – 20,000 කි.

    නියෝජ්‍ය ඇමතිවරයෙකුට.
    බස්නාහිර පළාත ඇතුළත පෙට‍්‍රල් වාහනයක දීමනාව – රුපියල් 40,000 කි.
    ඞීසල් වාහනයක දීමනාව රුපියල් – 20,000 කි.
    ඇමතිවරයෙකුගේ කාර්යාල දුරකථන දෙකට ගාස්තුව රුපියල් 20,000 කි.
    රාජකාරි නිවාස දුරකථන දෙකට රුපියල් – 10,000 කි.
    ජංගම දුරකථනයට රුපියල් 4,000 කි.
    නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ කාර්යාල දුරකථන දෙකට රුපියල් 10,000 කි.
    නිවාස දුරකථන දෙකට රුපියල් – 5,000 කි.
    ජංගම දුරකථනයට රුපියල් 2,000 කි.

    මන්ත‍්‍රීවරුන්ට හිමි අනෙකුත් සියලූ වරප‍්‍රසාද ඇමතිවරුන්ට හිමි වේ.
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    695
    352
    63
    නිරෝගී ශරීර සෞඛ්‍ය සඳහා ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන පහසුකම්.:shocked::rofl: