කෙල්ල දාල ගියා.....

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කෙල්ල දාල ගියා.....

    කෙල්ල දාල ගියා... මොකක්ද දැන් කරන්නේ මම... හයියෝ මම මැරෙනවා.....
    .
    .
    .
    .
    .
    .
    .
    ඔන්න ඕක තමයි අද කාලේ ගොඩක් ෆේස්බුක් එකේ ගත්තත්, එළකිරියේ ගත්තත් දකින්න ලැබෙන්නේ...
    ඇත්තටම ඇයි කෙල්ල දාල යන්නේ....
    ඉස්සෙල්ලම හොයන්න ඇයි කෙල්ල ඔයාව දාල වෙන කෙනෙක් එක්ක යන්නේ කියලා..
    මම දන්නවා කලින් පඬි ටෝක් දුන්න නිසා, මගේ කෙල්ල මාව දාල ගිහිං කියල බලන්න කස්ටිය දුවගෙන එනවා කියලා...:D:D:D එහෙම කලේ ගෙන්නවා ගන්න තමයි....

    කෙල්ලෙක් කියල කියන්නේ ඔයාලගේ අදහසින් බලමුකෝ ඉස්සෙල්ලම...
    ලස්සනට ඇහැට පේන කෙනෙක්...
    කොන්ඩේ හැඩයි...
    ඇවිදිනකොට නලවල යද්දී ඇඟ හිරිවටෙනවා...
    අහිංසකයි...
    මෙන්න මේ වගේ හේතු ගොඩක් ඇතුලත් වෙනවා කෙල්ලෙක් දැක්කම ඉස්සෙල්ලම... හිත කියන්නේ ඒකි යාලු කරගන්නම කියලා... කොහොම හරි දන්නා ශිල්ප දක්වල ඔන්න කෙල්ල යාලු කරගත්ත කියමුකෝ... එක්කෝ ඒකි හොඳ දතක්... නැත්නම් ඔයා දතක්... කිඹුලා අයිය දත් ගලවන්නේ හිරිවට්ටල උනාට, සමහර කෙල්ලෝ ඉන්නවා දත් ගලවනවා මායම් 300ක් විතර දාල... අපිට මොකෝ ඉතිං අපෙන් යනවා නෙවිනේ....
    කොහොම හරි ඉන්න අතරේ කෙල්ල වෙනස් වෙනවා, බූට් එකක් කන්න වගේ තමයි පේන්නේ.... කිවුව වගේම බූට් එකකුත් කනවා ඔන්න...
    ඊට පස්සේ හතර විලි ලැජ්ජාවයි... යාලුවෝ සේරම සීන් එක දන්නා නිසා කොහොමද මුහුණ දෙන්නේ... එලි පිටම වෙන කොල්ලෙක් එක්ක යනවා දැක්කොතින් ඌටත් සොරිම තමයි... කේන්තියට ඌටත් ගහනවා... අන්තිම විසඳුම විදියට හොයාගන්නේ අරක්කු බෝතලේ... සිගරට් එක...
    කරුමෙටද මන්ද ඒ වෙලාවටම සෙට් වෙනවා ගෝතයෝ ටිකක්... උන් බලන් ඉන්නේ නිකන් බොන්න කියල මූට හිතෙන්නේ නැහැ.. මූ හිතන්නේ දුක බෙදාගන්න ආව යාළුවො කියලා.. අන්තිමට දුකට පුන් ගහල දවසට 1500ක් කිට්ටු වෙන්න ඉවරයි.... ඒ බිලා ඉවර වෙලා අඬනවා කෙල්ල නැතිව බෑ කියලා... මොන දේකටද මන්ද ජිවිතේ නැති කරගන්න අනාතයෝ පිරිසකුත් ලංකාවේ ඉන්නවනේ....
    කෙල්ල ගියේ ඒකිට එපා නිසානේ.... අයිත් ආවත් යනවා, ඉන්නේ නැහැ... ඒ බව තේරුම් කරන්න විදියක් නැහැ, එහෙම කියන්න ගියෝතින් එහෙම ගියපු එකා නරක මිනිහ වෙනවා.. ඒ නිසා හැමෝම ඌ කරන කියන දේවල් හොඳයි කියල බලන් ඉන්නවා....

    ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම්, ආදරේට මුල් තැන දීල ඉගෙනීම කඩාකප්පල් කරගන්න එක හරිද කියල පහල තියෙන දේවල් මගින් හිතල බලන්න...
    අපිට අපේ මෝඩකම් නිසා ගෙදර බලාපොරොත්තු ඉෂ්ට කරන්න බැරි උනත්, වෙන කෙනෙක් හරි ගොඩ යනවා නම් සතුටුයි...
    ගොඩක් පවුල් වල අග හිග කම් බහුල උනත් දරුවෝ ලොකු මහත් කරලා කන්න අඳින්න දීල බයිසිකල් අරගෙන දීල පොකට් මනි දෙන්න ඒ දෙමවුපියෝ කොච්චර නම් මහන්සි වෙනවා කියල දන්නවද... සමහර වෙලාවට ඒ අම්මල නොකා නොබී දරුවොන්ට දෙන දේවල් දෙන්නේ එයාලගෙන් යැපෙන්න නෙවි... එයාලට කරගන්න බැරි උන දේවල් දරුවෝ කරනවා දකින්න ඕන නිසා... ඒ කියන්නේ එයාල දරුවෝ වෙනුවෙන් විඳින දුක, තමන්ගේ දරුවෝ එයාලගේ දරුවෝ වෙනුවෙන් විඳිනවා බලන්න අකමැති නිසා..
    ඒත් ඒ දේ තේරුම් ගන්නේ ලංකාවේ කීයෙන් කී දෙනාද....
    කොහෙවත් නැති ජන්ගියක් නිසා අහිංසක දෙමවුපියෝන්ගේ බලාපොරොත්තු බිඳිනවා...
    මේ ත්‍රෙඩ් එක කොල්ලොන්ට, කෙල්ලොන්ට එකක් තියෙනවා ඒකත් දෙන්නම් ළඟදීම....
    අද කාලේ කොයි දේටත් ඕන වෙන්නේ සල්ලි... කතාවට කියනවා සල්ලි ගස් වල හැදෙනවා නම් කෙල්ලෝ වඳුරෝන්ටත් ලවු කරාවි කියලා... ඒත් හැම කෙල්ලම එහෙම නැහැ... හොඳ අවංක කෙල්ලෝ අනන්ත ඉන්නවා.. ඒ දේ තේරුම් ගන්න නම් ඉස්සෙල්ල ඉගෙන ගන්න ඕන... ඉගෙනීම එක්ක ලවු පටලව ගත්තොතින් තමන් ලාමක නිසා වෙන්නේ විනාසේ...
    ඕන කෙනෙක් ආසයි ලස්සනට අඳින්න... අයිශ්වර්යා රායි එක්ක යාලු උනත්, ගමේ සොපි අක්කගේ දුව එක්ක යාලු උනත්, මරිය කඩේ පැත්තේ කෙල්ලෙක් එක්ක යාලු උනත් ඇඳුම් ගැලෙවුවම සේරම එකයි... වෙනස තියෙන්නේ පාට හැඩය ප්‍රමානේ... ඒ වගේම ඇඳුම් එක්ක දකින ලස්සන ගැලෙවුවම නැහැ කියල දන්නේ අත්දැකීම් ගත්ත එවුන්... ඒත් නියම ලස්සන තියෙන්නේ පාටේ නෙවි, හදවතේ... ඒ තමයි ආත්මීය බව, අවංක බව, ප්‍රියමනාප බව, අහිංසක කම... අද කාලේ ගොඩක් කෙල්ලොන්ගේ නැත්තෙත් ඒ දේ තමයි... අන්න එතනයි කොල්ලෝ වැරැද්ද ගන්නේ....
    ඇයි අපි කෙල්ලෙක් එක්ක යාලු වෙන්නේ...
    *වැඩේ කරගන්න..
    *ලස්සන නිසා...
    *වෙන කෙනෙක් ඉස්සර වෙන්න කලින් මම කරගහන්න ඕන නිසා...
    *වෙනත් හේතු...
    මේ කොයි හේතුව උනත් අපි කෙල්ලෙක් එක්ක යාලු වෙන්න කලින් අපි නිවැරදි වෙලා ඉන්න ඕන...
    අපිට ගහනවට බනිනවට අපි කැමති නැහැ වගේමයි අනිත් අයත් කැමති නැහැ.. කවුරුවත් අපි අකමැති දේවල් කරනවට අපි අකමැති වගේම වෙන අයත් කැමති නැහැ... ඒ නිසා ඉස්සෙල්ල අපේ අඩු පාඩු හඳුනා ගන්න ඕන..
    1. උගත් කම: ජිවත් වෙන්න හම්බ කරන්න සේරටම අවශ්‍ය වෙන්නේ උගත් කම... රස්සාවල් දෙන්නේ කොලිෆිකේෂන් බලල, ඉගෙන ගත්තේ නැතිව පිස්සු කෙලලා මොකද්ද ගන්න පුළුවන් ජොබ් එක... අද කාලේ සිකුරිටි යන්නත් ඉහල සුදුසුකමක් ඕන...
    2. සල්ලි: සල්ලි කියල දේ තමයි අද ඕනෑම තැනක මුල් තැන... උගත් කම එක්ක සල්ලි එකතු වෙලා එද්දී කොච්චර වටිනවද, සල්ලි තිබුනට වියදම් කරන්න මොලේ තියෙන්න ඕන... අසනීපයක් උනොතින්, මරණයක් මගුලක් උනොතින් නය නොවී ඉන්න පුළුවන් වෙන්න ඕන....
    3. අවංක බව : ඉස්සෙල්ල තමන් තමන්ට අවංක වෙන්න ඕන... ගෙදරට අවංක වෙන්න ඕන.. එතකොට අපිට කාටවත් බය වෙන්න හේතුවක් නැහැ... මිනිස්සු බයයි අවංක කම ඉදිරියේ...
    4. මත්ද්‍රව්‍ය : අරක්කු සිගරට් නවත්වන්න... දවසක් හරි ජිවත් වෙන්න උදවු වෙයි... බාර් දාපු තැන් වල ඇඟට ගුණ දායක බෙහෙත් අවුෂධ තිබුන නම් ගන්නවද, නැහැනේ... අතින් වියදම් කරගෙන දුක් විඳිනවා...

    තව හේතු ඇති, ඒත් මට එක නංගි කෙනෙක් කියපු විදියට මේ තමයි කෙල්ලෙක් බලන ප්‍රධාන දේවල් කොල්ලෙක් එක්ක යාලු වෙන්න කලින්... කොල්ලගේ බලපෑමට යාලු වෙන එවුනුත් ඉන්නවා...
    ඉස්සෙල්ල ඉගෙන ගන්න, ඊට පස්සේ තමන්ට ගැලපෙන ජොබ් එකක් කරන්න, ඒ ඉන්න අතරෙත් තව ඉගෙන ගන්න ඉහලට ප්‍රොමෝෂන් ගන්න පිටිවහලක් වෙයි. ඊට පස්සේ ඔයාල යන්න ඕන නැහැ, කපුවෝ ගෙදරට එයි....

    කෙල්ල දාල ගියපු උන්ට කියන්න තියෙන්නෙත් ඒ දේ තමයි... අරක්කු බිලා සිගරට් බිලා බ්ලේඩ් තල වලින් කපා ගත්ත කියල ඒකිට රිදෙන්නේ නැහැ... මෝඩ &කයෙක් කියල හිනා වේවි ඉඳීවි...
    ඒකිට රිද්දවන්න කරන්න ඕන හිටියට වඩා හොඳින් ඉන්න එක... එයා නැතිවට මට ලස්සනට ඉන්න පුළුවන් කියල පෙන්වන එක... ගෙයක් හදාගෙන වාහනයක් එහෙම අරගත්තම, ඒකිට වඩා ලස්සන උගත් කෙල්ලෙක් ගෙදරින් හොයල දුන්නම, එයා එක්ක යද්දී කලින් කෙනා තවත් වෙන කෙනෙක් එක්ක තුරුළු වෙලා ඉන්නවා දකිද්දී ඔයාට පුකෙනුත් හිනා යාවි... එයාට ලජ්ජා හිතේවි....

    ගහන කෙනාට ගහන්න යන්න එපා.. එතකොට පලි ගැනීම් වැඩියි... අපි එයාලට ගහන්න ඕන මොලෙන්... එතකොට රිදෙනව වැඩියි... අපි රිද්දගන්නේ නැතිව ඉන්න තරමට වාසිය අපිටමයි... අහිංසක වටිනා ජිවිත නැති කරගන්නේ නැතිව, නැති කරන්නෙත් නැතිව ඉන්න...
    කෙල්ල දාල යනවා නම් යන්නේ එක්කෝ ඔයා කියන දේ අහන කෙනෙක් නොවෙන නිසා, නැත්නම් ඔයාට වඩා හොඳ කෙනෙක් දකින නිසා, නැත්නම් ඒ එයාගේ හැටි... ඉස්සෙල්ල තමන් හැදිලා, තමන් නීති ගරුක වෙලා කෙල්ලෙක් පස්සේ යන එක තමයි හොඳ කියල මගේ මතය...
    අද අක්කල නංගිලා ගොඩක් දෙනෙක් රිදිලා ඒවි රෙදි කරේ තියාගෙන මාව ඉස්ටු හදන්න...:P
     

    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    +7 ලබු. දැන් ඉන්න උන්ට දරාගන්ඩ බැ බන් බොයිලර් කුකුල්ලු වගේ එල්ලිලා මැරෙන්ඩ තමා බලන්නේ.
     

    Xaos

    Member
    Aug 19, 2015
    19
    2
    0
    mamath eka serayak supiri boot ekak kawa.
    edayin passe hitha gaththa aye nm sira love karanne ne kiyala
    kello kiyana jathiya thaba sathekata wishwasa karanna be..owunwa onawata wada karata gannath honda ne

    kella mta boot eka thiyanna yanne kiyala mata meter una gaman kellata kalin mama ekita boot eka thiyanawa...
    eketh amuthuma athal ekak thiyanawa..
    :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හප්පා ඇත්තම තමයි බන් කියල තියෙන්නේ... කොහෙද ඕව කිව්වට වැඩක් නැ බං... හැදෙන්නේ නැති එකා හැදෙන්නෙම නෑ තමයි... ඒ උනාට හැදෙන එකෙක්ට ගන්න මේකෙන් ගන්න ගොඩාක් දේවල් තියෙනවා

    You must spread some Reputation around before giving it to labu gediya again.