අම්මගේ තාත්තගේ ආදරේ
ආදරේ කියන දේ හරිම පුදුම දෙයක්...
අපි උපදින්නත් කලින් ඉඳල අපිට ආදරේ ලැබෙන්නේ... අම්ම බඩ අත ගගා, කලට වෙලාවට බෙහෙත් බිබී, පරිස්සම් වේවි අපිට ආදරේ දෙනවා... තාත්ත ඕන කරන දේවල් අම්මට ගෙනත් දිදී වස විස කැවෙන්න නොදී බලා ගන්නවා... අන්තිමට හම්බ වෙන්න ගියාම අම්මට වඩා බයේ ඉන්නේ තාත්තා... හම්බ උනාම නර්ස් අරගත්තත් අම්මට බයයි උදුරාගෙන දුවයිද කියල... නිදි අවදියෙන් ඉන්නේ... පෝෂදායි කෑම කාල කිසිම ලෝභ කමක් නැතිව කිරි ටික දෙනවා අඩුවක් නැතිව... ඒ දෙන්නෙත් ආදරෙන් මුහුණ දිහා බලාගෙන... තාත්තට සතුට වැඩියි ඒත් ගොඩක් වෙලාව එයා ළඟ නැහැ... වැඩට ගිහින්.. ගෙදර එන්නේ දරුවාගේ මුහුණ බලන්න බලාගෙන.... ගොඩක් පවුල් වල අඩ දබර තිබුනට, තාත්ත බීගෙන ඇවිත් රණ්ඩු උනාට, අම්ම ඒ සේරම ඉවසන්නේ දරුවට තියෙන ආදරේ නිසා... දරුවා ආ ඔඕ ගානවා ඉස්සෙල්ලම අම්මගේ කටහඬට හුරු වෙලා... ටිකෙන් ටික අපිට පලවෙනි ආදරේ දැනෙන්න පටන් ගන්නවා....
එහෙම යනකොට තාත්ත එනවා සෙල්ලම් බඩු අරගෙන... අපිට තේරෙන්නේ නැහැනේ කොහෙන් ගේනවද කියල... අසනීපයක් උනාම අපි අඬනවා... ඒත් අපිට වඩා පිච්චි පිච්චි අඬන්නේ ඒ දෙන්න... ආච්චි ළඟ නැත්නම් අම්ම බය වෙලා ඉන්නේ... කොච්චර නෑදෑයෝ තරහ උනත් ඒ වෙලාවට එයාලගේ ආදරෙත් අපිට ලැබෙනවා... තාත්ත නය වෙලා බෙහෙත් අරගෙන දෙනවා.... අම්මට හොඳට කන්න දීල සමහර තාත්තල දවල්ට බත් කටක් විතරක් කනවා උදේ බත් එකෙන්ම ඉතුරු කරගෙන... ලෝබ කමට නෙවි... අම්මගේ බඩ පුරවල කිරි ඕන නිසා...
එහෙම ගිහින් බහ තෝරන්න ගත්තම දන ගානවා, පෙරළෙනවා, දුවනවා, වැටෙනවා, හොඳම යාළුවා අම්මා... තාත්ත සැර කරද්දී අම්ම ලඟට දුවල ගිහින් හැංගිලා අස්සෙන් හොරෙන් බලනවා... ඒත් තාත්ත සැර නැහැ... එයාගේ ලිමිට් එක තියාගන්න තමයි එහෙම සැර කරන්නේ කියල තේරෙන්නේ තමනුත් තාත්ත කෙනෙක් උනාම.... අදටත් අපි තාත්තට ගොඩක් ගරු කරනවා....
හෙමින් හෙමින් ලොකු මහත් වෙද්දී ගෙදර ආදරේ තව සහෝදරයෙක්ට හෝ සහෝදරියකට බෙදෙනවා... ඒත් අපිට ලැබෙන ආදරේ වෙනස් වෙන්නේ නැහැ... අපිට තේරුමක් නැහැ කන්න බොන්න කොහෙන්ද කියල.. තාත්ත මොන දුකක් විඳිනවද කියල හිතෙන්නේ නැහැ... නිකන් ලැබෙනවනේ... ඒ මදිවට එයා එද්දී බිස්කට් එකක් හරි ගේනවා.... බෙදාගෙන කන්න පුරුද්ද අපිට කියල දුන්න නිසා, එක බිස්කට් එක අපි 4 දෙනක් කාල තියෙනවා... හැම ගෙදරම මේ තත්වේ තමයි බොහෝ තැන් වල... අලුත් අවුරුද්දට අපි සේරටම අලුත් ඇඳුම් ගේනවා... අපි ලස්සනට ඇඳලා ඉන්නකොට පරණ සරමක් ඇඳගෙන තාත්ත අපි එක්කම ඉන්නවා... අම්මත් එහෙමයි... ඇහුවම කියන්නේ ඔයාල දැකල නැති උනාට අපිට තව ඇඳුම් තියෙනවා මගේ පුතේ කියල... ඒත් අද අපි දන්නවා එයාල කන්න බොන්න තිබුන සල්ලි වල එහෙම අපි සතුටු කරලා තියෙන්නේ කියල....
ජිවිතේ ගලාගෙන යද්දී අපිට බයිසිකල් ඇඳුම් පන්ති ගාස්තු සේරම වගේම ඉල්ලන ඉල්ලන සේරම දේවල් ලැබෙනවා... කවදාවත් හිතුවද සල්ලි ඉබේ ලැබෙනවා කියල... අම්ම හරියකට කනවද කියල.. නැහැනේ.. කන්න මදි කියද්දී අම්මගේ පන්ගුවෙනුත් දෙනවා... තාත්තගේ තේ එක ඉතුරු කරලා දෙනවා අම්මට බොන්න... අම්ම අපිට එකෙනුත් දෙනවා... ඒ තමයි ඒ අම්මගෙයි තාත්තගෙයි ආදරේ...
ජීවිතේදී ආදරේ කරන හැටි අපිට කියල දෙන්නේ ඒ දෙන්න... ඒත් අන්තිමට කොහෙවත් ඉඳල හම්බ වෙච්ච කොල්ලෙක්/කෙල්ලක් නිසා ඇයි ඒ දෙන්නගේ හිත රිදවන්නේ කියල ටිකක් හිතල බැලුවද... අනේ මගේ කෙල්ල අමාරුවේ වැටේවිද... අනේ මගේ කොල්ලව මුන් මරාවිද... වගේ කොච්චර බයක් එයාලගේ හිතේ තියෙනවද කියල දන්නවද.... අතේ තියාගෙන හුරතල් කරලා අත පය නොකඩ හදල, ඔයාල ජිවිතේ වැරැද්ද ගත්තම රිදෙන්නේ එයාලට... ඇයි අපි අපේ ආදරේ කියල දුන්න එයාලව අපි විහින් නැති කරගන්නේ... අපි තරම් එයාල දෙන්න උගත් නොවෙන්න පුළුවන්... අපි තරම් ලස්සන නොවෙන්න පුළුවන්... ඒත් අපිව උගතුන් කරන්න, ලස්සන කරන්න වෙහෙසුනේ ඒ දෙන්න කියල අමතක කරන තරුණ පිරිසක් ලංකාවේ ඉන්නේ...
කෙල්ල තරහ උන කියල රණ්ඩු වෙන්නේ අම්ම එක්ක... කුණු හරුප කියල බනින්නේ මගේ සුදු පුතේ කියපු තාත්තට... අන්තිමට යාළුවො එක්ක තාත්තට මැන්ටලේ කියල කතා කරනවා... ඇයි අද මේ දේවල් මේ පිං බිමේ අපි අහන්න තරම් කාලකන්නි උනේ කියල දුක හිතෙනවා...
ඔයාලත් අම්ම/තාත්ත කෙනෙක් වෙයි... අජාසත් තාත්ත කෙනෙක් උනාම තමයි තේරුනේ පිය සෙනෙහස කියන්නේ මොකක්ද කියල... එතකොට පරක්කු වැඩියි... ඒ වගේ ඉන්නකං රණ්ඩු වෙලා බැනල, මැරුණම සති ගණන් පල් කර කර තියාගෙන මොකක්ද කරන සෝබන වැඩ... පහු ගිය දවසක සහෝ කෙනෙක් දාල තිබුන ත්‍රෙඩ් එකක අම්මට කුණුහරුපෙන් බැනල ස්ටියරින් වීල් එකට තුන් පාරක් වඳින පකාල ඉන්නේ කියල... මට ඒ වෙලාවේ මේ ටික කියන්න මතක් උනේ... අම්මල අපිට උගන්වන්නේ අපෙන් කන්න බොන්න බලාගෙන නෙවි... ඒත් කිරි වල නය ගෙවන්න මේ ආත්මභාවේදී අපිට බැරිවෙයි... තාත්ත අපි වෙනුවන් කරපු කැපකිරීම් වලට නය ගෙවන්නත් බැරි වෙයි... ඒත් අපිට කරන්න පුළුවන් දේ තමයි එයාලට කරන්න ඕන... අපිට පොඩි දවසේ ලැබුන ආදරේ කරුණාව ආදරේ බර වචන දැන් අවශ්‍ය එයාලට... අන්න ඒ දේ තරම් වටිනා දෙයක් එයාලට වෙන ඕනෑම නැහැ....
කොහෙවත් ඉන්න කෙල්ලෙක්/කොල්ලෙක් නිසා අහිංසක බලාපොරොත්තු බිඳින්න එපා.. පවු වලට කරගහන්න එපා... ජිවිත කාලෙම තනිකඩව හිටියත් අම්මට තාත්තට පිටුපාන්න එපා... පහු ගිය දවසක වැඩිහිටි නිවාසෙකට ගියාම පට්ට විදියට දුක හිතුනා... මම ගෙදර ඇවිත් අම්මව බදාගෙන ඇඩුව... දරුවෝ සලකනවා නම් වැඩිහිටි නිවාස මොකටද.... පවු ඒ අහිංසක මිනිස්සු... කොච්චර දුක් විඳලා අද මුනුපුරෝ මිනිපිරියෝ දකින්න ආසාව හිතේ හිරකරගෙන විඳවනවාද....
ඔයාල දකින්නෙත් මම දකින විදියටද... කොතක හරි මම වැරදි නම් නිවැරදි කරලා දෙන්න... බැන්දම ගෑනු/පිරිමි වෙනස් වෙනවා කියල කලින් දැනගන්න ක්‍රමයක් තියේනම් කොච්චර ශෝක්ද නේද...