සැඟවුණු මරුවා 01
පසුගිය අවුරුදු තිහක විතර කාලයේ නම් ඔබ නිතර අහන්න ඇති නාඳුනන තුවක්කු කරුවන් පිළිබඳව. දැනුත් අහන්න නොලැබෙනවා නොවේ. මේ ඊයේ පෙරේදාත් එවැනි තුවක්කු කරුවන්ගේ ප්‍රහාර මගින් සාමාන්‍ය පුද්ගලයන් කීප දෙනෙකුගේ ජීවිත නැතිවී තිබුනා. ඒ වගේ පහත් වැඩකරන එවුන් සැඟවුණ තුවක්කු කරුවන් නොවේ. හදිසියේ කඩා පැන, එහෙම නැත්නම් මග රැකසිට, අහිංසක මිනිසකුට වෙඩි තබා පැනයන්නා, බියගුල්ලකු මිස, සැඟවුණ තුවක්කු කරුවකු නොවේ. සැඟවුණු තුවක්කු කරුවකු 100% ක් ම ඉලක්ක කරගන්නේ, තම පාර්ශවයට විරුද්ධ ක්‍රියාකරන, වෙනත් සන්නද්ධ පාර්ශ්වයක සාමාජිකයකු මිස, අහිංසකයකු නොවේ.
ස්නයිපර් Sniper කියන වචනය සෑදී තිබෙන්නේ Snipe කියන වචනය ආශ්‍රිතවයි. පින්තුරය බලපුගමන් තේරෙනවනේ ඒ මොකද කියලා. කැස්වටුවා හෙවත් ‘ස්නයිප්’ කියන්නේ නිතර එලිපහලියට නොඑන ක්ෂණයකින් ඉගිලී නොපෙනී යන කුරුල්ලෙක්. ඌට වෙඩි තැබීම ඉතා අපහසු කාර්යයක්. දෙවැනි ලෝක යුද සමයේදී ඉන්දියාවේ සේවය කල බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන්ගේ එක් විනෝදාංශයක් වූයේ කැස්වටුවන් වෙඩි තැබීමයි. එය දක්ෂ වෙඩික්කරුවන්ට පමණක් කළහැකි දෙයක් වුනා. මන්ද කැස්වටුවාට වෙඩි තැබීමට නම්, ඉතා ඉවසීමෙන් හා සන්සුන්ව, කිසිදු ශබ්දයක් නොකර, ඌට ලං විය යුතුයි. එසේම නිතර එහාට මෙහාට පනින මේ කුරුල්ලා, ඉලක්ක කරගැනීමත් එතරම් පහසු නැහැ. ඉතින් මේ කුරුල්ලාට වෙඩි තැබීම ඔස්සේ කල්පනා කර, එය හමුදා කටයුතු වලට යොදවා ගැනීම නිසා, ස්නයිපර්ලා බිහිවුණා.
ස්නයිපර් කෙනෙක් කියන්නේ විශේෂ පුහුණු සොල්දාදුවෙක්. සාමාන්‍ය සොල්දාදුවකු ලබා තිබෙන්නේ වෙඩි තැබීම පිලිබඳ සම්ප්‍රදායික පුහුණුව පමණයි. එමෙන්ම සාමාන්‍ය සොල්දාදුවා පාවිච්චි කරන්නේ පොදුවේ පාබල හමුදා වලට නිකුත් කරන අවියක්. එසේම ඔහු එම අවිය පාවිච්චි කරන සෑම අවස්ථාවකම සැඟවී සිටින්නට ඉඩ ලැබෙන්නේ නැහැ. යුද්ධ භූමියේදී තුවක්කුවකින් වෙඩි තැබු විට, ඒ තුවක්කුව තිබෙන්නේ කුමන ඉසව්වේද යන්න, සාමාන්‍ය සොල්දාදුවකුට තම පුහුණුවෙන් ලද දැනුම හා යුද බිමේ අත්දැකීම් වලින් සොයාගත හැකියි. වෙඩි හඬ පැමිණි දිශාව, තුවක්කු කටෙන් එන සියුම් දුම, වෙඩි තබන්නා සිටින තැන පඳුරුවල කොළ සෙලවීම හෝ කැඩී ඉදිරියට විසිවීම, රාත්‍රී කාලයේදී නම් තුවක්කු කටෙන් පිටවන ගිනි එලිය, ආදී කරුණු ඒ සඳහා ආධාර වෙනවා. ඉතින් මෙවැනි අනතුරුදායක තත්වයක සිටයි, සාමාන්‍ය සොල්දාදුවා යුද්ධ කරන්නේ. සාමාන්‍ය සොල්දාදුවන් මාස දෙක තුනකින් ආධුනික පුහුණුව නිම කර, යුද පිටියට එවිය හැකියි. නමුත් ස්නයිපර් සොල්දාදුවකු හදන්න ඇත්තටම බැලුවොත් අවුරුද්දකට වඩා කල් යනවා. ඒ නිසා සාමාන්‍ය සොල්දාදුවන් සිටින පෙරමුණේම සිට ස්නයිපර් වරයකු සටන් කරන්න ගියොත් (එහෙම කරන අවස්ථා තියනවා) ඔහු ජීවිතක්ෂයට පත්වීමට ඇති ඉඩකඩ බොහොම වැඩියි. ඒ නිසා ස්නයිපර්ස් ලා බොහෝ විට වෙනමම ක්රමයකටයි යොදවන්නේ.
ස්නයිපර් තුවක්කුකරු තම මවු ඒකකයෙන් වෙන්වූ පුද්ගලයෙක්. එසේ වන්නේ ඔහු ස්නයිපර් පුහුණුව සඳහා තෝරාගත් පසු නැවත මවු ඒකකයට යාමට අවස්ථාව නොලැබෙන බැවින් සහ යුද බිමේ යොදවන්නේද ඒ ප්‍රදේශය තුල සිටින හමුදා වලට අනුයුක්තව මිස, සෑම විටම තම මවු ඒකකය සමග නොවන බැවින්. එක අතකට හමුදාව තුල අනාථයෙක්. ඔහුට යුද භූමියේ සටන් කරන හමුදා වලින් එතරම් විශාල සහයෝගයක් ලැබෙන්නේ නැහැ. එවැනි සහයෝගයක් දෙන්නට යුද බිමේ සටන් කරන සෙබළුන්ට අවකාශ ලැබෙන්නෙත් බොහොම අඩුවෙන්. මේ නිසා තනියම දිවි රැකගැනීම ගැනත් ස්නයිපර්ලාට විශේෂ පුහුණුවක් ලැබෙනවා. ඒ සියල්ලට වඩා වැදගත්ම දෙය වන්නේ ස්නයිපර් කෙනෙකු පාවිච්චි කරන තුවක්කුවයි. එය ස්නයිපර් කාර්යය සඳහාම විශේෂයෙන් නිපදවන ලද, ඉතා වටිනා, අතිශයින් සියුම් ක්‍රියාකාරිත්වයකින් යුත්, අවියක් වන අතර, එක් එක් ස්නයිපර් වරයා තම තුවක්කුවේ තමන්ටම ආවේනික වෙනස්කම්ද සකස්කර ගන්නා නිසා එහි වටිනාකම කියන්නට බැරි තරම්.
එමෙන්ම වැදගත්වන තවත් දෙයක් වන්නේ ස්නයිපර් වරුන්ට සපයන පණිවිඩ හුවමාරු යන්ත්‍රයි. ඒවාද ඉතා සියුම් ක්‍රියාකාරීත්වයෙන් යුත්, ඉතා මිළ අධික යන්ත්‍ර වන අතර, ඔත්තු බලන සංඥා යන්ත්‍ර වලට හසු නොවන ක්‍රමවේදයන් අනුව සකස් කරන ලද ඒවා. එයින් යුද බිමේ සිටින තමන්ගේ වර්ගයේ සගයන්ට තමන් නිරීක්ෂණය කරන ඉලක්ක හා ඒ ඉලක්ක වල වැදගත් තොරතුරු ඉක්මනින් ලබාදීමේ හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් පණිවිඩ හුවමාරු යන්ත්‍රයක මයික්‍රෆෝනය තමන්ගේ කට අසලට ගෙන කතා කලයුතු බව ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. නමුත් ස්නයිපර්ලා පාවිච්චි කරන පණිවිඩ හුවමාරු යන්ත්‍රවල මයික්‍රෆෝනය තිබෙන්නේ ස්නයිපර්ගේ උගුරු දණ්ඩට හේත්තුවී සිටින පරිදියි. එයට ප්‍රධාන හේතුව ස්නයිපර්ට තම දෑත සෑම විටම නිදහස්ව තබාගැනීමට අවශ්‍ය නිසාත්, සාමාන්‍ය මයික්රෆොනයකට මෙන් හඬ නගා කතාකිරීම නිසා, සතුරන්ගේ අවධානයට ලක්වී, ඔහුගේ ජීවිතය අවදානමට පත් වන්නට ඉඩ ඇති නිසාත්. ඒ මයික්‍රෆෝනය උගුරෙන් පිටවන සියුම් ශබ්දය පවා ලබාගෙන පණිවිඩ හුවමාරු යන්ත්‍රයට ලබාදෙන නිසා හයියෙන් කතා කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. හෙමින් කොඳුරා කියන වචන පවා පැහැදිලිව ඇසෙනවා. (මේ ක්රමයේ මයික්‍රෆෝන, විශේෂ ක්‍රියාන්විත වල යෙදෙන, කමාන්ඩෝ, විශේෂ බලකාය, වැනි ඒකකද පාවිච්චි කරනවා)
සැඟවුණු තුවක්කුකරු හෙවත් ස්නයිපර් ගේ කාර්යභාරය වන්නේ, භූමියේ තමන් සිටින ස්ථානය, සතුරාට නිරීක්ෂනය වීමට ඇති ඉඩකඩ අසුරාලමින්, සතුරා සහ තමන් සිටින ස්ථානය අතර සෑමවිටම හැකි උපරිම දුරක් තබාගනිමින්, හැකිතරම් වෙස්වලාගනිමින් හා සැඟවී සිටිමින් (Camouflage and Concealment) සතුරු ඉලක්ක නිරීක්ෂනය කොට, සතුරාගේ චිත්ත ධෛර්යය බිඳ වැටෙන අකාරයේ ඉලක්ක වලට, එනම්, උසස් හමුදා නිලධාරීන්, හමුදා කණ්ඩායම් වලට අණ දෙන්නන්, පණිවිඩ හුවමාරු යන්ත්‍ර ක්‍රියා කරවන්නන්, බර මැෂින් තුවක්කු, මෝටාර්, යුද ටැංකි නාශක සැහැල්ලු අවි ක්‍රියා කරවන්නන්, (Light AntiTank Weapons = LAW) ගුවන් යානා නාශක අවි, (Anti Aircraft Guns = Ack Ack Guns) ක්‍රියා කරවන්නන්, වැනි ඉලක්ක වලට පහරදීමයි.
සෑම විටම ඉලක්ක කරගන්නේ පුද්ගලයන්. බඩුබාහිරාදිය හෝ උපකරණ නොවෙයි. (ඉතා වටිනා උපකරණ වලට හානි කල හැකිනම් එසේ කරන අවස්ථාත් තිබෙනවා. නමුත් ප්‍රමුඛස්ථානය දෙන්නේ පුද්ගලයන්ටයි. උපකරණයක් ඉක්මනින් නැවත සපයා ගත හැකියි. විශේෂඥ පුහුණු සොල්දාදුවකු ඉක්මනින් සපයාගත නොහැකියි) ඉහත සඳහන් ආකාරයේ ඉලක්ක වලට පහර වැදුනාම, ඒ හමුදා කණ්ඩායම් බරපතල වික්ෂිප්ත භාවයට හා අවුලට පත්වන අතර ඔවුන්ගේ චිත්ත ධෛර්යය පහත වැටෙනවා. එයින්ම ඔවුන්ගේ ක්‍රියාන්විත ශක්තිය (Operation Capability) අඩාළ වෙනවා. ඒ අනුව, යුද සෙබළුන් රාශියක් යොදවා අත්පත් කරගත යුතු ජයග්රනනයක්, ස්නයිපර් වරු දෙතුන් දෙනෙක් යොදවා කරගත හැකි අවස්ථා ද තිබෙනවා.
ස්නයිපර් තුවක්කුකරුවන්, යුධ භූමියේ සැඟවී ගමන් කිරීම, ආහාර හෝ ජලය රහිතව විකල්ප ක්‍රම මගින් දිවි රැකගැනීම, අපහසුතා දීර්ඝ කාලක් දරා සිටීම, නිරීක්ෂනය සහ ඔත්තු බැලීම ගැනද, විශේෂඥ පුහුණුවක් ලබා සිටිනවා. එමෙන්ම ඔවුන් කැලෑවේ සැඟවී වෙඩි තැබීමටත්, නාගරික පරිසරයක ගොඩනැගිලි අතර සැඟවී වෙඩි තැබීමටත්, එකසේ විශේෂ පුහුණුවක් ලබා සිටිනවා. ඉතින්, මේ අය ගැන තවත් විස්තර මීළඟ කොටසේදී කතා කරමු.

ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව ඊලග එක පල කරනවා
https://jangun.wordpress.com/2012/09/11/සැඟවුණු-මරුවා-පළමුවැනි-ක/
Sniper ගැන පළමු ලිපිය
මේ ලිපිය ලියන්නේ ලෝකයේම යුද හමුදා විසින්, අද කාලයේ යොදා ගන්නා, සැඟවුණු වෙඩික්කරුවන් හෙවත් ‘ස්නයිපර්ස්’ ලා (Military Snipers) ගැන කියන්නයි.

ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව ඊලග එක පල කරනවාhttps://jangun.wordpress.com/2012/09/11/සැඟවුණු-මරුවා-පළමුවැනි-ක/

balala na 