මොහොමඩ්ට අමුතු සැලකිල්ලක්

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මොහොමඩ්ට අමුතු සැලකිල්ලක්

    මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මොහොමඩ්ට බන්ධනාගාර නිලධාරීන්ගෙන් අමුතු සැලකිල්ලක්

    අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් සිද්දික් නැමැත්තාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් සිරමැදිරියේදී බන්ධනාගාර නිලධාරීන් විශේෂ පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් නීතිඥවරයෙකු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටියට පැමිණිලි කර තිබෙනවා. සැකකරු පසුගිය මාර්තු 18 වනදා පොලිසිය පාකිස්තානයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින වෙලේ සුදා හෙළි කළ තොරතුරුවලට අනුවයි.

    අනතුරුව ඔහුව මෙරටට රැගෙන ආ අතර මාස 06 ක කාලයක් රහස් පොලිසිය භාරයේ සිටි සැකකරු ඊයේ අධිකරණයට රහස් පොලිස් නිලධාරීන් ඉදිරිපත් කරනු ලැබුවේ මුල්වරටයි. එහිදී මොහොමඞ් සිද්දික් නැමැත්තා ලබන මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළ අතර, බන්ධනාගාරයට රැගෙන යාමට පෙර අධිකරණ සිරමැදිරියේදී ඔහුට බන්ධනාගාර නිලධාරීන්ගෙන් විශේෂ පහසුකම් හිමිවුණා. සැකකරුව හමුවීමට මුස්ලිම් ජාතිකයෙකු සිරමැදිරිය ආසන්නයේ රැඳී සිටි අතර, ඔහුට සිරමැදිරිය තුළට ගොස් මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මොහොමඞ් සිද්දික් හමුවීමට බන්ධනාගාර නිලධාරීන් අවස්ථාව ලබාදුන්නා.

    මෙම සිද්ධිය හිරු මාධ්‍යවේදීයා රූගත කළ අතර, ඒ බව දැනගත් බන්ධනාගාර නිලධාරීන් මොහොමඩ් සිද්දික් එම පරිශ‍්‍රයේම පිහිටි වෙනත් සිරමැදිරියකට යොමුකළ අතර, ඔහුව බැලීමට පැමිණි පුද්ගලයාද විලංගු දමා එම සිරමැදිරියට රැගෙන ගියා. නමුත් එලෙස සිරගත කෙරුණු එම පුද්ගලයා පසුව නිදහසේ අධිකරණ භූමියෙන් පිටතට පැමිණියා. මෙම සිද්ධිය අධිකරණ භූමියේ සිටි නීතිඥවරයෙකු වන තුෂාර එන්. දස්කොන්ද දැක ඇති අතර, තමන් මේ පිළිබඳව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට පැමිණිලි කළ බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

    සැකකාර මොහොමඞ් සිද්දික් නැමැත්තා ඊයේ අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී රහස් පොලිසිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේ සැකකරු කලක් ඉන්දියාවේ රැඳී සිටිමින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් එකතු කිරීමේ ක්‍රියාවලියේද නිරත වී ඇති බවයි. එසේම මොහු එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ අවි ජාවාරමේ යෙදුණු ගුණසීලන් හෙවත් කිඹුලාඇලේ ගුණා සමඟද සබඳතා පවත්වා ඇති බවට කරුණු හෙළි වී තිබෙනවා. සැකකරුගේ බිරිඳට අයත් මෙරට බැංකුවක සේප්පුවක තිබී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයාගත් රත්‍රං කිලෝග්‍රෑම් 1 යි ග‍්‍රෑම් 800 ක් සොයාගත් බවද රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කුඩුවලින් රටවල් ස්වයංපෝෂිත කරලා ඊළඟ පරම්පරාව එලොවටත් මෙලොවටත් වැඩක් නැති එවුන් කරන එකත් උන්ගේ රටවල් අල්ලන වැඩසටහනේ එක අදියරයක්.අපේ එකාලත් සල්ලි දැක්කාම ඒවාට පැනලා උදව් කරනවා.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    654
    113
    Classified
    ඔය වගේ දෙයක් උනාම ඕනම ලොක්කෙක් කියන්නේ "මං දන්නේ නැ", "මං ඒ ගැන දැනුවත් නැ", "මට කිව්වේ නැ", "මං දැක්කේ නැ", එහෙනම් අහවල් එකටද ලොකු පුටුවකට වෙලා ඉන්නේ, උන් දන්නේ නැතුව හෙන සිද්දි වෙනවා, උන්ගේ ගෙවල් වලත් මෙහෙමද? අපේ මාධ්‍යත් දෙන උත්තරේ දැන දැන ගිහින් අහනවා උන්ගෙන්ම, හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ...:lol:
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    ඔය වගේ දෙයක් උනාම ඕනම ලොක්කෙක් කියන්නේ "මං දන්නේ නැ", "මං ඒ ගැන දැනුවත් නැ", "මට කිව්වේ නැ", "මං දැක්කේ නැ", එහෙනම් අහවල් එකටද ලොකු පුටුවකට වෙලා ඉන්නේ, උන් දන්නේ නැතුව හෙන සිද්දි වෙනවා, උන්ගේ ගෙවල් වලත් මෙහෙමද? අපේ මාධ්‍යත් දෙන උත්තරේ දැන දැන ගිහින් අහනවා උන්ගෙන්ම, හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ...:lol:

    true
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔය වගේ දෙයක් උනාම ඕනම ලොක්කෙක් කියන්නේ "මං දන්නේ නැ", "මං ඒ ගැන දැනුවත් නැ", "මට කිව්වේ නැ", "මං දැක්කේ නැ", එහෙනම් අහවල් එකටද ලොකු පුටුවකට වෙලා ඉන්නේ, උන් දන්නේ නැතුව හෙන සිද්දි වෙනවා, උන්ගේ ගෙවල් වලත් මෙහෙමද? අපේ මාධ්‍යත් දෙන උත්තරේ දැන දැන ගිහින් අහනවා උන්ගෙන්ම, හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ...:lol:

    :lol::lol::lol: සිරා ..උන්ගේ ගෙවල් වලත් ඔහොම දේවල් වෙනවා ඇති නොදැනුවත් ව :rofl::sorry:
     
    Similar threads