ලංකාවටම කරන්ට් එක ගියේ කොහොමද?

December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    ලංකාවටම කරන්ට් එක ගියේ කොහොමද?

    එළකිරි එකේ නූල් කීපයක්ම දැක්කා මුලු ලංකාවටම කරන්ට එක ගියේ කොහොමද කියලා කතා වෙන. ඒ නිසා අලුතින් නූලක් දාන්න හිතුනා වෙච්ච සිද්ධිය පැහැදිලි කරන්න..

    ඊට කලින් අපි විදුලි බල පද්ධතියේ මූලික කරුණු කීපයක් බලලා ඉමු.

    ලංකාවෙ මුලු විදුලි බල පද්ධතියම එක පද්ධතියක් හැටියට තමා ක්‍රියාත්මක වෙන්නෙ.. ඒ කියන්නෙ සියලුම විදුලි බලාගාර සහ පාරිභෝගිකයින් එකට සම්බන්ධ වෙලා ඉන්නෙ...

    ඉතිං මේ පද්ධතියේ ක්‍රියාකාරීත්වය පාලනය කරන්නේ විදුලි බල මණ්ඩලයේ System Control Center එකෙන්.

    ලංකාව ඇතුලු ගොඩක් රටවල විදුලි බල පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ 50 Hz සංඛ්‍යාතයේ...පරාසයක් හැටියට සංඛ්‍යාතය 1% වෙනස් වෙන්න පුලුවන්. ඒ කියන්නේ 49.5 Hz සහ 50.5 Hz අතර අගයක මේක පවත්වා ගන්න ඕන.

    System Control Center එකට තියෙන ප්‍රධානම රාජකාරියක් තමයි සංඛ්‍යාතය මේ පරාසය තුල පවත්වා ගැනීම.

    යම් මොහොතක මුලු ලංකාවේම විදුලි ඉල්ලුම 1200 MW නම් හරියටම 1200 MW විදුලි බලාගාර වලින් ලබා දෙන්න ඕනි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ සැපයුම හැම වෙලේම විචලනය වෙන එක.

    ඒත් මේක එච්චරම ගේමක් නෙවි. ගොඩක් වෙලාවට කරන්නේ විදුලි බලාගාර කීපයකට නියමිත අගයන් වලින් විදුලි බලය සපයන්න නියම කරලා තියෙනවා... අපි හිතමු මේ විදියට බලාගාර කීපයකින් 1150 MW විදුලි බලයක් පද්ධතියට සැපයෙනවා කියලා... එතකොට ඉතිරි 50 MW ලබාගන්නවා සංඛ්‍යාතය 50 Hz වල පවත්වා ගැනීමේ හැකියාවක් තියෙන විදුලි බලාගාරයකින්.. සංඛ්‍යාතය 50 Hz වල පවත්වාගැනීමේ හැකියාවක් තියෙන බලාගාරක් කියලා කිව්වෙ, මේ බලාගාරයේ පාලන පද්ධතියෙන් විදුලි බල පද්ධතියේ සංඛ්‍යාතය 50 Hz වල පවතින ආකාරයට ඉල්ලුමට අනුව සැපයුම වෙනස් කරනවා... උදාහරණයක් හැටියට ඉල්ලුම 1202 MW වුනාම ඉතිරි බලාගාරවලින් 1150 MW සැපයෙනවා.. මදිපාඩු 52 MW මේ බලාගාරය මගින් සැපයෙනවා..

    ලංකාවෙ විදුලි බලාගාර වලින් වික්ටෝරියා, කොත්මලේ, ලක්ෂපාන සහ සමනලවැව බලාගාර වලට මේ Frequency Controlling හැකියාව තියෙනවා...

    ඉතිං සරලව කිව්වම ඔය විදියට තමයි අපේ විදුලි බල පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ...

    ලංකාවටම විදුලිය ඇන හිටිය දවසේ බලාපොරොත්තු නොවුන විදියට සැපයුම අඩුවෙලා තියෙනවා කෙටි වෙලාවක් ඇතුලත... මේ වගේ වෙලාවකට තාප විදුලි බලාගාර වල සැපයුම ක්ෂණිකව අඩු කරන්න අමාරුයි.. Frequency Controlling සඳහා ඒ මොහොතේ පවත්වා ගෙන ඉඳලා තියෙන්නේ කොත්මලේ විදුලි බලාගාරය.

    කොත්මලේ බලාගාරය සැපයුම අඩු කරගෙන බලාගාරයට පුලුවන් උපරිම සීමාවටම ගිහින් තියෙනවා...

    ඉතිං මේ ප්‍රශ්න අතරේ නොරෙච්චොලේ තාප විදුලි බලාගාරය Protection Trip වෙලා තියෙනවා... මේ විදියට Protection Operate වෙන්නේ පද්ධතියට හානි වෙන එක වලක්වන්න. ඒ එක්කම කොත්මලේ බලාගාරයත් පද්ධතියෙන් ඉවත් වෙලා...

    රාත්‍රී කාලයට සම්ප්‍රේෂණ රුහැන් වල Capacitance නිසා වොල්ටීයතාව ඉහල නැගීමකුත් සිදුවෙනවා... මේ හේතුව නිසාත් සමහර Transformers එහෙම පද්ධතියෙන් ඉවත් වෙලා තියෙනවා...

    ඉතිං මෙන්න මෙහෙම තමයි මුලු ලංකාවටම කරන්ට් නැති වෙලා තියෙන්නේ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    රාත්‍රී කාලයට සම්ප්‍රේෂණ රුහැන් වල Capacitance නිසා වොල්ටීයතාව ඉහල නැගීමකුත් සිදුවෙනවා... මේ හේතුව නිසාත් සමහර Transformers එහෙම පද්ධතියෙන් ඉවත් වෙලා තියෙනවා...

    මේක ගැන තව ටිකක් කියන්ඩ
    රෙප් මචං 7+