ඇගේ මයිල් කෙලින් උනා......

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඇගේ මයිල් කෙලින් උනා......

    බයෙන් භීරාන්ත වීමී. :shocked::shocked:

    යාළුවනේ මට ඊයේ මාර සීන් එකක් උනානේ :sorry::sorry: ඒ ගැන දැන් මතක් වෙද්දිත් ඇගේ මවිල් කෙලින් වෙනවා. :eek::eek:
    ඊයේ මගේ යාළුවෙක් එක්ක මන් ගියා දන්න කියන කෙනෙක්ගේ මළගෙදරක. ටිකක් දුර දුෂ්කර පැත්තක්. මහ පාරේ ඉදන් කිලෝමීටර් 10ක් විතර ඇතුලට යන්නත් ඕනේ.
    පාර හොදයි. කාපට් එක දිගටම තියනවා.
    අපි ගියේ මගේ කාර් එකේ. මමම තමා ඩ්‍රයිවින් කරගෙන ගියේ...
    මළගෙදර ගිහිල්ලා අපි පැයක් දෙකක් ඉදලා ආපහු එන්න හදනකොට වෙලාව රෑ 11.00 පහු උනා විතරයි..
    අපි ආපහු එන්න ඕන පාර ඒ වෙනකොට හොදටම පාළුයි. වාහන වැඩිය යන එන වෙලාවකුත් නෙමෙයිනේ.
    මගේ හිතේ කිසිම බයක් තිබ්බෙත් නෑ. ඒ වගේම මගේ යාළුවත් කිසි දේකට බයවෙන පොරකුත් නෙමෙයි. :no::no:
    අපි දෙන්නා බර කතාවකුත් දාගෙන ආපහු එන්න ගත්තා...
    වාහනේ හෙඩ් ලයිට් එකෙන් එන එළිය ඇරෙන්න වෙන කිසිම එළියක් පාරේ නෑ.:no::no:
    ගෙවල් උනත් තිබ්බේ අතරින් පතර, ඒවත් පාරෙන් ඇතුලට වෙන්න තිබ්බේ.
    අපි ඒ පාරේ කිලෝමීටර් 6ක් විතර ආවා. එතකොට වෙලාව රෑ 11.20ට විතර ඇති. වම් පැත්තේ වැවක් තිබ්බා. වැව පහු වෙනවත් එක්කම පාළමක් තිබ්බා.
    මමත් මගේ යාළුවත් මේ වෙලාවේ අපේ අනාගත ප්‍රියම්බිකාවන් ගැන කතා කර කර කූල් එකේ ආවේ. :cool::cool:
    .
    .
    .
    .
    එකපාරටම ගෑණු කෙනෙක් යටිගිරියෙන් කෑගහන හඩක් ඇහුනා.. :growl::growl:
    කන් බිහිරි කරන් යන ඒ හඩ ඇහෙනවාත් එක්කම යම්කිසි පුද්ගලයෙක් (ඒ මනුස්සයෙක්ද ජායාවක්ද කියන්න මට තේරෙන්නේ නෑ) ඇවිත් කාර් එක ඉස්සරහට පැන්නා.... :shocked::shocked::shocked::shocked:
    කිලිපොලා ගියපු ඇගේ මවිල් කෙලින් උනා.. :sorry::sorry:
    මම එහෙමම වාහනේ නතර කරලා බහින්න හදන්කොටම මගේ යාළුවා ඇහුවා ඇයි බහින්න හදන්නේ කියලා.
    මම කීවා ඇයි අර වාහනේට පැන්න මනුස්සයා යට උනාද දන්නෑ බලන්න ඕන කියලා.
    එතකොට මගේ යාළුව අහනවා මොන මනුස්සයද කියලා.. :oo:
    ඇයි බන් උබ දැක්කේ නැද්ද මේ කාරෙක ඉස්සරහට එකෙක් පැන්නා කියලා.
    ඇත්තම කීවොත් ඒ වෙලාවේ නම් මම විතරක් නෙමෙයි මගේ යාළුවත් බයෙන් භීරාන්තව ගියා...
    පිස්සු නැතිව යමන් යකෝ යන්න.. මොකෙක්වත් පැන්නේ නෑ කාරෙකට. මගේ යාළුවා කීවත් මට බැහැලා බලන්නමයි හිතුනේ.
    ඒත් හිතේ තිබ්බ බය නිසා අපි කෙලින්ම ආවා. එතකොට තමා දැක්කේ එතනම දකුණු අත පැත්තේ කණත්තක් තියන විත්තිය. :shocked::shocked:
    .
    .
    .
    .
    "මචන් මම නම් දැක්කේ නෑ මොකෙක්වත් කාරේකට පනිනවා. ඒත් කන් බීරී වෙන තරමට යටිගිරියෙන් හූ කියන හඩක් නම් ආවා.."
    අපි ප්‍රධාන පාරට වැටිලා ටවුන් එක කිට්ටු වෙනකොට මගේ යාළුවා කීවා.. :baffled::baffled:
    ඇත්තටම ඊට පස්සේ නම් මට ගොඩාක් බය හිතුනා..
    මගේ යාළුවා අපේ ගෙදර ඉදන් මීටර් 200ක් විතර දුරකින් ඉන්නේ. ඌව දාලා මට තනියම කාර් එක ඩ්‍රයිව් කරන් එන්න පවා බය හිතුනා. කොහොමහරි ගෙදර ඇවිත් පන්සිල් අරන් පිරිත් පොතත් ලග තියගෙන තමා නිදාගත්තේ....
    උදේ නැගිටලා අම්මටයි තාත්තටයි විස්තර කීවාම හිතේ බය ටිකක් ඇරිලා ගියා...

    අද උදේ මම අර මළගෙදර ලග මගේ යාළුවෙක්ට කෝල් කරලා කතාව කීවම තමා දැනගත්තේ, ඒ සිද්දිය උන තැන ලමයෙක් ලැබෙන්න ගිහින් මැරුණ ගෑණු කෙනෙක් හොල්මන් කරනවා කියලා..
    ඒත් මචන් මට විතරක් ඒ හොල්මන පෙනිලා, මටත් මගේ යාළුවටත් ඒ බයංකර හඩ ඇහෙන හේතුව මොකක්ද කියලා නම් තේරෙන්නේම නෑ.... :no::no:

    මට මීට කලිනුත් මේ වගේම සීන් එකක් උනා. ඒ ගැන පස්සේ දාන්නම්. දැන් හොදටම බය වෙලා ඉන්නේ.....:(:(

     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හ්ම්.. බය වෙන්න එපා කියන්න බෑ.... මොකද සිද්ධියට මුහුණදුන්නේ උඹ නේ......

    පොඩ්ඩක් පන්සල පැත්තෙ ගිහින් හිත සන්සුන් කරගන්න මචං
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,086
    4,190
    113
    Sri Lanka
    අම්මට සිරි කිව්වලු.... අඩෝ මට නම් කුණු ගඳ ඇවිත් තියෙනව සොහොනක් ලඟින් පයින් ඇවිදගෙන ගියපු දවසක. හරියටම සොහොනෙ මායිම ඉවර වෙද්දිම ඒ ගඳ නැතුව ගියා කියහංකො. හරියටම දශමෙට ගඟ නැතුව ගියේ...

    පෙරේතයො ඉන්නව බන්... උන්ගෙන් කරදරයක් වෙන්නෙ නෑ හොඳට තෙරුවන් සරණ ගිහින් හිටියොත්..
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හ්ම්.. බය වෙන්න එපා කියන්න බෑ.... මොකද සිද්ධියට මුහුණදුන්නේ උඹ නේ......

    පොඩ්ඩක් පන්සල පැත්තෙ ගිහින් හිත සන්සුන් කරගන්න මචං
    ඒක තමයි බන් අම්මලත් එක්ක හවස පංසල් හිහින් බෝධි පූජාවක් තියල එන්නයි හිතන් ඉන්නේ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මේකේ ඉන්නවා මචන් ඔස්තාර් ල ටිකක්...පොඩ්ඩක් ඉඩහන් උන් දැන් එයි...උන්ට අනුව අමනුෂ්‍ය ආත්ම කියල එකක් නැහැ...උන් කනත්තවල් වල කරක් ගහපු පොරවල්...උබ බයවෙන්නෙපා...

    ඕක උබෙයි යාලුවගෙයි මනසේ ඇති වෙච්ච දෙයක් විතරයි :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අමනුෂ්‍ය ආත්ම කියල එකක් නැහැ...මම කනත්තවල් වල කරක් ගහපු පොරක්...උබ බයවෙන්නෙපා...

    ඕක උබෙයි යාලුවගෙයි මනසේ ඇති වෙච්ච දෙයක් විතරයි :yes::yes:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මේකේ ඉන්නවා මචන් ඔස්තාර් ල ටිකක්...පොඩ්ඩක් ඉඩහන් උන් දැන් එයි...උන්ට අනුව අමනුෂ්‍ය ආත්ම කියල එකක් නැහැ...උන් කනත්තවල් වල කරක් ගහපු පොරවල්...උබ බයවෙන්නෙපා...

    ඕක උබෙයි යාලුවගෙයි මනසේ ඇති වෙච්ච දෙයක් විතරයි :baffled:
    මට විතරක් පෙනිල මට විතරක් ඇහුනා නම් ඒක මගේ හිතේ ඇතිවුන මනස්ගාතයක් කීවෑකී. ඒත් ඒක මගේ යාළුවටත් ඇහුනනේ. ඒ ලග අහල පහලක තියා කිලෝමීටරයක් දුරකින්වත් ගෙයක් තිබ්බේ නෑ කියල sure මචන්.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අමනුෂ්‍ය ආත්ම කියල එකක් නැහැ...මම කනත්තවල් වල කරක් ගහපු පොරක්...උබ බයවෙන්නෙපා...

    ඕක උබෙයි යාලුවගෙයි මනසේ ඇති වෙච්ච දෙයක් විතරයි :yes::yes:

    :baffled::baffled::baffled: කනත්තවල් කියල එකක් නැහැ...මම අමනුෂ්‍ය ආත්ම වල කරක් ගහපු පොරක්...උබ බයවෙන්නෙපා... :baffled:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මට විතරක් පෙනිල මට විතරක් ඇහුනා නම් ඒක මගේ හිතේ ඇතිවුන මනස්ගාතයක් කීවෑකී. ඒත් ඒක මගේ යාළුවටත් ඇහුනනේ. ඒ ලග අහල පහලක තියා කිලෝමීටරයක් දුරකින්වත් ගෙයක් තිබ්බේ නෑ කියල sure මචන්.

    එහෙම දේවල් වෙන්න පුළුවන් මචන්..මම පත්තරේක කියෙව්වා සත්‍ය සිද්දියක් කියල ආපු එකක්..ඔහොම සිද්දි වුනු තැන් වල හොල්මන් ඉන්නවා..එක අහන්න දෙයක් නැහැ..

    මේකේ ඉන්න ඔස්තාර්ලව එළකිරි අනුග්‍රහයෙන් හරි ඔහොම කනත්තකට ගෙනිහින් එක රැයක් තියල බලන්න ඕනේ..උන් කියන්නේ නම් කනත්තවල් ගෙදර වගේ කියල :lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට විතරක් පෙනිල මට විතරක් ඇහුනා නම් ඒක මගේ හිතේ ඇතිවුන මනස්ගාතයක් කීවෑකී. ඒත් ඒක මගේ යාළුවටත් ඇහුනනේ. ඒ ලග අහල පහලක තියා කිලෝමීටරයක් දුරකින්වත් ගෙයක් තිබ්බේ නෑ කියල sure මචන්.

    ඕකට කියන්නේ mass hysteria කියල බන්....
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේකේ ඉන්නවා මචන් ඔස්තාර් ල ටිකක්...පොඩ්ඩක් ඉඩහන් උන් දැන් එයි...උන්ට අනුව අමනුෂ්‍ය ආත්ම කියල එකක් නැහැ...උන් කනත්තවල් වල කරක් ගහපු පොරවල්...උබ බයවෙන්නෙපා...

    ඕක උබෙයි යාලුවගෙයි මනසේ ඇති වෙච්ච දෙයක් විතරයි :baffled:
    :eek::shocked::lol:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    supernatural කියල TV series එකක් තියනවා. ඒක බලපන් වෙලාවක් තියේ නම්. :lol:

    අපි බය උනොත් තමයි බන් උන්ට බලපෑම් කරන්න පුලුවන් වෙන්නේ. සෝ බය නොවී ඔහොම වෙලාවට කුණුහබ්බයක් කියන් හිටහන්.