නාසීන්ගේ විශ්මිත නිමැවුම් - The Heavy Gustav

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    නාසීන්ගේ විශ්මිත නිමැවුම් - The Heavy Gustav

    vdoTu0I.jpg

    ඇඩොල්ෆ් හිට්ලර් යටතේ නාසීන් ලෝකයම පුදුමයට පත් කල නිර්මාණ රැසක් ලෝකයට දායාද කලහ.පසුකාලීනව වෙනත් ජාතීන් නාසීන්ගේ එම නිර්මාණ තම යුද ශක්තිය වැඩි කරගන්නට දායක කරගත්හ.නාසීන් නිර්මාණය කල විශ්මිත නිමැවුමක් වන්නේ Heavy Gustav නම් අවියයි.Heavy Gustav යනු ලොව මෙතෙක් නිපදවූ විශාලතම කාලතුක්කු අවිය වේ.ඉහත රූපයෙන් දැක්වෙන්නේ එම කාලතුක්කු අවිය හිට්ලර් සහ ඇල්බර්ට් ස්පීර්(පසුකාලීනව හිට්ලර්ගේ යුදායුධ පිලිබඳ ඇමතිවරයා විය.)ඉදිරියේ ප්‍රදර්ශනය කල අවස්ථාවකි.මෙම අවිය නිර්මාණය කිරීමේ කටයුතු 1940 වසරේ පසුභාගයේදී අවසන් කල අතර අවිය පරික්ෂා කිරීම 1941 වසරේ මුල් සමයේ රගන්වෙල්ඩ්(Rugenwalde) කාලතුක්කු පිටියේදී සිදුවිය.


    89tkkBc.jpg
    Heavy Gustav අවියේ ප්‍රමාණය සාමාන්‍යය මිනිසෙක් සහ OTR-21 Tochka මිසයිල නිකුත්කරණයක් සමග සංසන්දනය කල විට


    Gustav අවියේ බර ටොන් 1344ක් වූ බව කියවේ.එහි විශාලත්වය නිසා මහා මාර්ගයක ගෙනයාම පවා අසීරු නිසා අවිය තැනින් තැනට ගෙන යාමට සිදුවූයේ කැබලි ගලවා වන අතර ඒ සඳහා විශේෂයෙන් සැකසූ ද්විත්ව රේල් පාරක් පවා ඉදිකෙරිණි.කාලතුවක්කුව මීටර් 7ක්(අඩි 20ක්) පළල මීටර් 47ක්(අඩි 140ක්) දිග එකක් විය.Gustav අවිය භාරව සිටියේ මේජර් ජෙනරල්වරයෙක් වන අතර එහි සේවයට සෙබළුන් 500ක් පමණ යොදවා තිබිණි.අවිය සකසන්නට සහ වෙඩි තැබීම සඳහා සුදානම් කරන්නට සම්පුර්ණ දින තුනක් (පැය 54ක්) ගතවන බව සඳහන්ය.Gustav අවිය අංශක 48ක් දක්වා ඔසවා ටොන් 7ක් බර උණ්ඩ කිලෝ මීටර් 47ක් දුරට වෙඩි තැබිය හැකිය.අවියට සෑම මිනිත්තු 30-45 අතර එක් උණ්ඩයක් නිකුත් කල හැකිය.



    f6mArHy.jpg


    ප්‍රංශ-ජර්මන් සහ ප්‍රංශ-ඉතාලි දේශසීමා ඔස්සේ තිබූ ප්‍රංශ Maginot පෙරමුණ(Maginot line) කිලෝ මීටර් 1500ක් දිගු වූ යුද ටැංකි.කාලතුවක්කු සහ මැෂින් තුවක්කු ආදියෙන් සමන්විත ප්‍රබල ආරක්ෂක වැටකින් යුක්ත වූ අතර දෙවන ලෝක යුද්ධය ආරම්භයට පෙර ජර්මන් හමුදාවේ ඉහල බලාධිකාරයට මෙම බාධකය ඔස්සේ යා හැකි මගක අවශ්‍යතාවය පැන නැගිණි.නාසීන් මෙම පෙරමුණ හරහා බෙල්ජියම ඔස්සේ ලෙහෙසියන්ම ගමන් කිරීමට පෙර හිට්ලර් එය සම්පුර්ණයෙන්ම විනාශ කිරීමට වැඩසටහනක් සූදානම් කරන ලදි.මෙම විශේෂිත අවිය නිර්මාණය කරන්නට බලය පැවරුණේ වසර සියගණනක් පැරණි සහ අවි ආයුද සහ අනෙකුත් යුද්ධෝපකරණ නිෂ්පාදනය සම්බන්ධව විශාල දැනුමක් මෙන්ම එය ව්‍යාපාරයක් ලෙස කරගෙන ගිය Krupp නම් ජර්මන් පවුල වෙතයි.එහිදී ජර්මන් නායකත්වය මෙම අවියෙන් විශේෂයෙන්ම අපේක්ෂා කල අවශ්‍යතා වූයේ මීට පෙර නොඇසූවිරූ ඒවාය .එනම් අවියේ උණ්ඩයකට කිලෝ මීටර් 45ක් දුරින් වූ මිලි මීටර් 1000ක් ලෝහමය යුද සන්නාහයක් පසාරු කිරීමේ හැකියාව තිබීම,බල ගැන්වූ මීටර් 7ක් පළල කොන්ක්‍රීට් තට්ටුවක් සහ මීටර් 30 ක් ඝන පොළොව ඔස්සේ යෑමට හැකියාව තිබීම ආදියයි.මෙම පරාසය සතුරු කාලතුවක්කු අවිවල පරාසයෙන් අවිය දුරස්ව තැබීම වන්නට ඇති.අවිය ගෙන යාම රේල් පාරක් ඔස්සේ සිදුවිය.ප්‍රහාරක භූමිය තුලදී කැබලි කිරීම සහ එකලස් කිරීමේ හැකියාවද ඊට තිබිය යුතු බව අවධාරණය කර තිබේ.



    jRcUPlV.jpg


    Gustav අවිය ක්‍රියාවේ යෙදවූයේ සුලු කාලයක් පමණි.සෙවස්ටොපොල්(Sevastopol) වටලෑම එහි පළමු සංග්‍රාමික අත්හදා බැලීම විය.අවිය සූදානම් කිරීම ඇරඹෙන්නේ මැයි මස මුල් සමයේ වන අතර ජූනි මස 5 වනදා වන විට එය ප්‍රහාර එල්ල කිරීම සඳහා සැකසුම් කර අවසන් විය.එය සෙවාස්ටොපොල් ඉලක්ක කරගෙන උණ්ඩ 300ක් එල්ල කල අතර තවත් උණ්ඩ 30ක් වෝර්සෝ නැඟිටීම(Warsaw Uprising) මැඩලීමට 1944 වසරේ එල්ල කලේ එය මිත්‍ර පාර්ශ්වික හමුදා අතට පත්වීමට පෙරය.


    ඩොරා(Dora) යනු Heavy Gustav වර්ගයේ දෙවන අවිය විය.එය කෙටි කාලයක් ස්ටාලින්ග්‍රාඩ්(Stalingrad) සටන සඳහා යෙදවු අතර අවිය නගරයේ බටහිර පැත්තේ සිට කිලෝ මිටර් 15ක් දුරින් රඳවන ලද්දේ 1942 වසරේ අගෝස්තු මාසයේ මැද කාලයේය.එය ප්‍රහාර එල්ල කිරීම සඳහා සූදානම් තත්ත්වයට ගෙන ආවේ සැප්තැම්බර් මස 13 දාය.නමුත් සෝවියට් හමුදාවල වටලෑමට බියෙන් ඩොරා අවිය ඉවත් කරගන්නා ලදි.නාසි හමුදාවල දිගු පසු බැස්ම ආරම්භ වීමත් සමඟම ඔවුන් ඩොරා අවිය ඔවුන් සමගම ගෙන යන ලදි.ඩොරා අවිය දෙවන ලෝක යුදය අවසන් වීමට පෙර කැබලිවලට වෙන් කරන ලද අතර එය Heavy Gustav අවිය සොයා ගැනීමෙන් කෙටි කාලයකට පසුව ජර්මනියේ බටහිර දෙසින් ඇමෙරිකානු සෙබළුන්ට අනාවරණය කරගන්නට හැකිවිය.



    අනෙකුත් සිත්ගන්නාසුලු දෑ


    *මෙම අවියට ජර්මන් බසින් කියන්නේ Schwerer Gustav කියාය.එහි ඉංග්‍රීසි පරිවර්තනය Heavy Gustav හෝ Great Gustav නම් වේ.


    *Heavy Gustav අවිය නිර්මාණය කිරීම අතිවිශාල මුදලක් සහ කාලයක් අපතේ හැරීමක් ලෙස බොහෝ අවස්ථාවලදී විස්තර කෙරේ.ඒ කෙසේවෙතත් Maginot පෙරමුණ බිද දැමීම සහ ජිබ්‍රොල්ටාව ඉලක්කයක් ලෙස තිබියදී අවිය ජර්මන් සංග්‍රාමයේදී ප්‍රබල භූමිකාවක් නිරූපණය කරන්නට ඇති.අවියට එහි අතිවිශාල වෙඩි බලය සතුරු ඉලක්ක වෙත පෙන්වන්නට සහ ඔප්පු කරන්නට කවදාවත් අවස්ථාවක් නොලැබිණි.මිනිස් ශ්‍රමය සහ නඩත්තුව වෙනුවෙන් වැය වු අතිවිශාල බරපැන සාධාරණිකරණය නොකල හැකි තරම් විය.එසේ නමුත් අවිය විශාල ප්‍රක්ෂිප්ත පියාසර කරවීම සහ කාලතුවක්කු පිළිබඳ ශාස්ත්‍රයේ සහ ප්‍රාක්ෂේප විද්‍යාවේ ඉදිරි සංවර්ධනයන් සඳහා විශිෂ්ඨ වු පර්යේෂණාගාරයක් ලබාදෙන ලදි.එය ඉංජිනේරු විද්‍යාවේ අග්‍රගන්‍ය කෘතියකි.


    The+Heavy+Gustav,+Hitler+and+generals+inspecting+the+largest+caliber+rifled+weapon+ever+used+in+combat,+1941+++3.jpg
    මි.මී.800 විෂ්කම්භයක් සහිත Heavy Gustav අවියට යොදන උණ්ඩයක් සමග මිනිසෙක්


    *සෙවස්ටොපොල්(Sevastopol) හි සටන සඳහා අවිය භාවිතා කරන විට සතුරු ඉලක්කයේ පිහිටීම පෙන්වා දෙන්නට පිරික්සුම් යානයක් යොදාගන්නා ලදි.එහි පළමු ඉලක්කය වෙරළාසන්න කාලතුවක්කු පෙළක් වු අතර ප්‍රහාර 8කින් පසුව ඒවා විනාශ කරදමන්නට අවියට හැකිවිය.ප්‍රහාර 6ක් ස්ටාලින් කොටුව ඉලක්ක කරගෙන එල්ල කලේය.ප්‍රහාර 7ක් මොලොටොවා(Molotov) කොටුවට එල්ල කල අතර ඉන්පසු ප්‍රහාර 9ක් සවන්යා බොක්කට එල්ල කලේය.ඉන් එක් උණ්ඩයක් කොටුව තුල වූ වෙඩි උණ්ඩ ගබඩාවක් පසාරු කරගෙන ගොස් පිපිරී මුලු කොටුවම විනාශ කරන ලදි.මි.මි.800 යේ එක් උණ්ඩයක් පමණක් ඉලක්කය වැරදී සටන් පවතින ප්‍රදේශය හැරයාමට ප්‍රමාද වූ නෞකාවකට වැටුණු බව සඳහන් වේ.











    Source:Rarehistoricalphotos.com


    -HarshaLulzSec-
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    tfs bro :)

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again. :(
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    766
    113
    Patta machan. rep denna behelune You must spread some Reputation around before giving it to HarshaLulzSec again.