නෙතු_අද්දර_හමුවන_තුරු...
පාට පාට විදුළි බුබුලු
ගෙනෙන එළිය හරිම හැඩයි.....
තාල පාද තබා රගන..
ඇගේ රුවට එය පැරදෙයි...
රෝසපාට දෙතොල් මතින්..
කොමල කථා මවන හැඩයි...
අනේ මටත් එයින් එකක්...
අහගන්නට හරි ආසයි.....
වේදිකාවෙ හතර දෙසින්
රගන ලදුන් හරිම අගෙයි...
නමුදු මගේ නෙතු රැදුනේ...
ඇගේ දෙනෙත් ලග පමණයි....
සිරියාවයි පින් පාටයි...
ඔබේ හිනා මා සනසයි....
තව පොඩියක් ආදරයෙන්...
බැලුවොත් ඔබ මගෙම තමයි....
ගෙල සැරසූ මුතු මාලෙට...
ඔයා තවත් හැඩ පාටයි...
කන සැරසූ තෝඩු දෙකෙන්...
මහ රැජිනත් ඇයට යටයි...
සාරිය සුදු බද දවටා...
හින්දි පුරය සිහි කරවයි...
කින්ද මන්ද දන්නෙ නැතත්...
සිතින් ඔයා මං ගාවයි.....
හද ගැහෙනා රිද්මයටම...
ඔය රූ මතකය පාරයි...
මේ වෙනකොට වෙනදට එන...
නින්දත් අද නැහැ වාගෙයි....
හිත ඉල්ලන ආදරයට...
ඔයා නැතුව බැරි ගානයි...
නෙතු අද්දර හමුවන තුරු...
මගේ දිවිය ඔබ ගාවයි.....
ගෙනෙන එළිය හරිම හැඩයි.....
තාල පාද තබා රගන..
ඇගේ රුවට එය පැරදෙයි...
රෝසපාට දෙතොල් මතින්..
කොමල කථා මවන හැඩයි...
අනේ මටත් එයින් එකක්...
අහගන්නට හරි ආසයි.....
වේදිකාවෙ හතර දෙසින්
රගන ලදුන් හරිම අගෙයි...
නමුදු මගේ නෙතු රැදුනේ...
ඇගේ දෙනෙත් ලග පමණයි....
සිරියාවයි පින් පාටයි...
ඔබේ හිනා මා සනසයි....
තව පොඩියක් ආදරයෙන්...
බැලුවොත් ඔබ මගෙම තමයි....
ගෙල සැරසූ මුතු මාලෙට...
ඔයා තවත් හැඩ පාටයි...
කන සැරසූ තෝඩු දෙකෙන්...
මහ රැජිනත් ඇයට යටයි...
සාරිය සුදු බද දවටා...
හින්දි පුරය සිහි කරවයි...
කින්ද මන්ද දන්නෙ නැතත්...
සිතින් ඔයා මං ගාවයි.....
හද ගැහෙනා රිද්මයටම...
ඔය රූ මතකය පාරයි...
මේ වෙනකොට වෙනදට එන...
නින්දත් අද නැහැ වාගෙයි....
හිත ඉල්ලන ආදරයට...
ඔයා නැතුව බැරි ගානයි...
නෙතු අද්දර හමුවන තුරු...
මගේ දිවිය ඔබ ගාවයි.....






ai itin sad ?



