බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඔබ කියන්නෙ දැන් මේ දිගවල් මනින ක්‍රමත් වෙනස් කරලද කුමන්ත්‍රණකාරයො? තාම තේරෙන්නෙ නැද්ද පූජාවලිය සාක්ෂියක් විදිහට ගත්ත එක වැරදියි කියල?

    ඔයාගෙ ගනං මිනුං වැරදුනයි කියල අනිත් දේවල් වැරදි වෙන්නෙ කොහොමද ?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    දැන් ඔයාගෙ තියරිය හරියන්න යොදුනයි ගව්වයි වෙනස් කරන්න වෙනවා

    සප්ත සූර්යෝද්ගමන සූත්‍රය ආරම්භයේදීම බුදුහාමුදුරුවෝ මහාමේරු පර්වතයේ විශාලත්වය විස්තර කර තිබෙන්නේ මේ විදියටයි.

    “මහණෙනි, සුනේර පර්වතය, දිගින් අසූහාර දහසක් යොදුන් ය. පළලින් යොදුන් සාර දහසකි. අසූහාර දහසක් යොදුන් මහ සයුරෙහි ගිළී තිබේ. ඒසා යොදුන් මහ සමුදුරින් උඩට මතු වී පවතී.”

    (සප්ත සූර්යෝද්ගමන සූත්‍රය )

    ත්‍රිපිටකයෙ මේ වගේ විස්තර තියෙන තැන් තියෙනව. එතකොට ඔයා තර්ක කරන විදිහට ත්‍රිපිටකයත් බොරු වෙන්න ඕනෙ නේද ?

    ඔය උනන්දුවෙන්ම ඉන්දියාවෙ තියෙන තැන් ගැනත් හොයල බැලල භෞතික සාධක ටිකක් පෙන්නුවොත් නේද හොඳ ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    හැමෝම පිලිගත්ත මතයක් වැරදියි කියල කියන්නෙ ඔබනෙ. ඒ නිසා ඔබට සිද්ධ වෙනවා ඔබේ මතය හරි කියල ඔප්පු කරන්න. මම බුදුන් ඉන්දියාවෙ ඉපදුනා කියල සාක්ෂි හොයන්න ඕනෙ නැහැ. හේතුව මම කියන්නෙ නැහැ බුදුන් ඉන්දියාවෙ ඉපදුනා කියල හරි නැත කියල හරි. ඔබ ඔප්පු කරනවා නම් මම පිලිගන්න සූදානම්.

    දැන් ඔබ සප්ත සූර්යෝද්ගමන සූත්‍රය ගෙනහැර දැක්වූවාට මහාමේරු පර්වතයක් තියෙන්නෙ කොහෙද? කවුරුත් දන්නවද ඒක මේ ලෝකෙ තියෙන එකක්ද කියල? ඒත් ශ්‍රීමහා බෝධියේ ඉඳල ගව් හයසියයක් මනින්න පුලුවන් වෙන්න ඕනෙනෙ ලංකාවෙ තියෙන තැනක් නම්.

    ඔබ පැහැදිලිව කියන්න ගව්වක් මීටර් කීයක් උනොත් පූජාවලියේ කතාව ඔබේ කතාවට ගැලපෙනවද කියල? පූජාවලිය කියන්නෙ අතිශයෝක්තිවලින් පිරුණ ධර්ම ග්‍රන්ථයක් විතරයි, ඒක ඉතිහාසය හදාරන්න හොඳ පොතක් නොවෙයි කියලයි මගේ මතය. ඒත් ඔබේ ඉතිහාසය ඔප්පු කරන්න පූජාවලිය ගත්ත නිසා අපි ඒකෙ කියවෙන කාරණා හරිද කියල බලමු. ඊට පස්සෙ එක්කො පූජාවලිය බොරු කියල අතාරිමු නැත්නම් ගව්ව හදමු ඔබේ කතාවට ගැලපෙන්න. හැබැයි එතකොට පූජාවලියෙ කියවෙන ඔක්කොම දුරවල් ආසන්න වශයෙන් හරි ගැලපෙන්න ඕනෙ නව ගව්වට.
     
    ඒ කියන්නෙ රටවල් දෙකේම සාක්ශි ඔප්පු කරන්න බැරිඋනොත් බුදුහාමුදුරුවො කියල කෙනෙක් හිටියෙ නෑ කියලද කියන්නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කියන්නෙ රටවල් දෙකේම සාක්ශි ඔප්පු කරන්න බැරිඋනොත් බුදුහාමුදුරුවො කියල කෙනෙක් හිටියෙ නෑ කියලද කියන්නෙ.

    හරි වැඩේ. මට දැන් බුදුහාමුදුරුවො ඉන්දියාවෙ ඉපදුනා කියල ඔප්පු කරන්නද කියන්නෙ? (මට මොකුත් සාක්ෂි දෙන්න බැහැ ඉන්දියාවෙ උපන්න කියල.)
    එහෙම බැරි උනොත් ඉබේම ලංකාවෙ උපන්න කියල ඔප්පු වෙනවද?
     
    ඉන්දියාවෙ නෙමෙයි. වෙන ඕනෙමතැනක ඉපදුනා කියල පෙන්නන්න පුලුවන්නම් සාක්ශි සහිතව පෙන්වන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉන්දියාවෙ නෙමෙයි. වෙන ඕනෙමතැනක ඉපදුනා කියල පෙන්නන්න පුලුවන්නම් සාක්ශි සහිතව පෙන්වන්න
    http://news.nationalgeographic.com/...archaeology-science-lumbini-religion-history/

    කියවල බලන්න....
    මායාදේවී විහාරයේ මහාචාරය් රොබින් කෝනින්ග්හැම් කරපු කැනීමේ ප්‍රතිපල.....

    මම දෙන්නේ ඔබ වගේ විකිපීඩියා කරුණු නොවන බව හිසිතබා ගන්න......
     
    • Like
    Reactions: topkollek

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    http://news.nationalgeographic.com/...archaeology-science-lumbini-religion-history/

    කියවල බලන්න....
    මායාදේවී විහාරයේ මහාචාරය් රොබින් කෝනින්ග්හැම් කරපු කැනීමේ ප්‍රතිපල.....

    මම දෙන්නේ ඔබ වගේ විකිපීඩියා කරුණු නොවන බව හිසිතබා ගන්න......

    :yes::yes:
    ඵට්ටම සෝස් එකක් අයියේ ,,බොහොම පින් :yes:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    http://news.nationalgeographic.com/...archaeology-science-lumbini-religion-history/

    කියවල බලන්න....
    මායාදේවී විහාරයේ මහාචාරය් රොබින් කෝනින්ග්හැම් කරපු කැනීමේ ප්‍රතිපල.....

    මම දෙන්නේ ඔබ වගේ විකිපීඩියා කරුණු නොවන බව හිසිතබා ගන්න......

    මගෙ මේ ත්‍රේඩ් එකත් සම්පූර්ණයෙන් කියවල බලන්න කියල ඔබ සැමට ආරාධනා කරනව
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    http://news.nationalgeographic.com/...archaeology-science-lumbini-religion-history/

    කියවල බලන්න....
    මායාදේවී විහාරයේ මහාචාරය් රොබින් කෝනින්ග්හැම් කරපු කැනීමේ ප්‍රතිපල.....

    මම දෙන්නේ ඔබ වගේ විකිපීඩියා කරුණු නොවන බව හිසිතබා ගන්න......

    මේක මායා නම් දෙවඟනක් පිදීමට සැදූ දේවස්තානයක් මිස බුදුන් උපන්නාය කියන්න නිශ්චිත සාක්ශියක් නෙමෙයි ඔය කවුරු කිව්වත්. පැරණි ලීයෙන් කල පදනමක් හමු වුනා කියල ඒක අවුරුදු දෙදාස් ගානක් පරණයි කියල නිශ්චිතවම කොහොමද කියන්නෙ බුදුන් උපන් තැන මේක කියල.මෙතන ඉස්සරලම හොයාගත්ත ජර්මන් ජාතිකය කරපු වන්චාව ගැන ඔයාල දන්නැතුව ඇති.මේව බලන්න.

    http://hmherath.blogspot.com/2012/07/blog-post_13.html

    http://hmherath.blogspot.com/2012/07/blog-post_07.html

    http://www.amazon.com/Buddha-Dr-Fuhrer-Archaeological-Scandal/dp/B0078XZKKM
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ශ්‍රද්ධාව හා භක්තිය

    ශ්‍රද්ධාව හා භක්තිය යන වචන දෙකෙන් ප‍්‍රකාශ කරන දේ එකක්ම නොවේ. භක්තිය යනු පෘථග්ජන සිතක බිහිවන මෝහ සහ ලෝභ සහගත චිත්ත ශක්තියයි. තම ලෞකික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමේ බලාපොරොත්තුව නිසාම සිතක ශක්තියක් උපදී. තමාට පිහිටක්, උපකාරයක්, අනුකම්පාවක් ලබා ගැනීමේ චේතනාව, භක්තියත් සමඟම එකටම උපදී. එය ලෞකික දෙයකි. තම ලෝකය සුඛිත මුදිත කර දෙන ලෙස තවත් කෙනෙකුගෙන් ඉල්ලා යදින්නේ බලාපොරොත්තු සහගත භක්තියෙනි. එය ඉතාම තාවකාලික අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමට උපකාර සෙවීමකි.

    ශ‍්‍රද්ධාව මෙයට වඩා හාත්පසින්ම වෙනස්ය. එය යථාවබෝධයෙන්ම ලැබිය යුතු නුවණකි. පින් හා කුසල් කිරීමෙන්ම ලබන පුණ්‍ය ශක්තියත් සමඟ ශ‍්‍රද්ධාව උපදී. අනන්ත අප‍්‍රමාණ දුක් විඳින ලෝක සත්ත්වයාට ධර්මය දේශණා කිරීමෙන්, සතර බ‍්‍රහ්ම විහරණයෙහි යෙදීමෙන් බුදුපියාණන්වහන්සේලා මෙන්ම මහා සංඝරත්නය ද ලෝකයාට නිවන් මඟට උපනිශ‍්‍රය ලබා දීම පිළිබඳව මෙනෙහි කරන විට ශ‍්‍රද්ධාව සිතක උපදී. බුදුපියාණන්වහන්සේලා මේ ධර්මය උත්සාහයෙන්, මහන්සියෙන් සොයා දැන අවබෝධ කරගෙන දේශණා කළේ, දුක් විඳින අනන්ත අප‍්‍රමාණ සත්ත්වයින් දුකින් මුදවා ගැනීම සඳහාම බව අවබෝධ කරගෙන, එවැනි යහපත් සිතිවිල්ලක් සිතක මතුවී, සිත පහන්කර ගැනීම, පැහැදීම ශ‍්‍රද්ධාවයි. ශ‍්‍රද්ධාවද එක්තරා ආකාරයක විශ්වාසයකි. ඒ බුදුපියාණන්වහන්සේලා දේශණා කර පෙන්වා වදාළ සත්‍යය අවබෝධ කර ගැනීම,තමාවත් දුකින් මිදීමට උපකාර වන බව, සරණ වන බව දැක ඒ ධර්මය ගැන ඇති වන විශ්වාසයයි. පෙන්වා දුන් ධර්ම මාර්ගය ගැන ඇතිවන විශ්වාසයයි. උන්වහන්සේලා අනන්ත අප‍්‍රමාණ සංසාරයේ පෙරුම් පුරා, උත්සාහ ගෙන මේ සියල්ල කළේ දුක්විඳින සත්ත්වයා වෙනුවෙන්ම නේද? යන ගෞරවාන්විත සිතුවිල්ල ශ‍්‍රද්ධාවයි. මේ නිසාම ශ‍්‍රද්ධාව යනු ගෞරව සම්ප‍්‍රයුක්ත විශ්වාසයකි. සත්‍යය අවබෝධ වීමකි. භක්තියද විශ්වාසයක් මතම ගොඩනැඟුනු එකකි. තමන්ටම දුකක්, අපහසුවක්, මදිපාඩුවක් ඇති වූ විට එය නැති කර ගැනීමට තාවකාලික ප‍්‍රතිකර්මයක් කර ගැනීමේ අවශ්‍යතාවය සපුරාගත හැකි වේය යන විශ්වාසයයි. ”මට මේ කරදරයෙන් මිදීමට දෙවියන්, බුදුන්, ධර්මය, පිහිට වේ, පිළිසරණ වේ” යන විශ්වාසය, භක්තිය නිසාම හට ගත් එකකි.

    ශ‍්‍රද්ධාවෙන් ඇතිවන විශ්වාසය මීට වඩා දහස් ගුණයකින් බලවත්ය. බුදුපියාණන් වහන්සේගේ රූපකාය දැකීමෙන්, අරහතුන්වහන්සේලාගේ රූපකාය දැකීමෙන්, මනසට දැනෙන තෘප්තිය, භක්තියකි. උන්වහන්සේලා දේශණා කරන ලද ධර්මයෙහි ධර්ම රසය තුළින් සත්‍ය අවබෝධ වීමෙන් සිත ආලෝකමත් වීම, සසර අඳුරින් මිදීමට මඟ දැකීම ශ‍්‍රද්ධාවයි. දහම් රසය විඳිය හැක්කේ ශ‍්‍රද්ධාවෙන්මය. භක්තියෙන් දහම් රසය විඳිය නොහැකිය.

    ශ‍්‍රද්ධාව නිසා ආත්ම ශක්තියත් ආත්ම විශ්වාසයත් ගොඩනැගේ. තමන්ට උපකාර කර ගත හැකි, සරණකර ගත හැකි ශක්තියක් තමන් තුළම ගොඩනගා ගැනීම, උපද්දවා ගැනීම ශ‍්‍රද්ධාවයි. තමාට තමාම පිහිට වන බව දැකීම එහි අර්ථයයි. භක්තිය නිසා ආත්ම ශක්තියක් ඇති නොවේ. වෙනත් බාහිර බලවේගයක්, දෙවි කෙනෙකු, විශ්මකර්මයෙකු, බුදුපියාණන්වහන්සේ හෝ නොපෙනෙන බලවේගයක් කෙරෙහි විශ්වාසය තබා, ඒ බලවේගයට පුද පූජා පැවැත්වීමෙන් සියල්ලම ලැබේ, ඒ බලවේගය අපට සියල්ල ලබාදේ, යන අන්ධ විශ්වාසය භක්තියයි. මෙහිදී තම ආත්ම ශක්තිය, චිත්ත ශක්තිය බලවේගයකට පාවා දෙයි. තමන් මොනවා කළත් මොනවා නොකළත් අර නොපෙනෙන බලවේගය සියල්ල තීරණය කරනු ඇත, යන දැඩි විශ්වාසය නිසා සත්‍යය මෝහයෙන් වැසී යයි. මේ නිසාම පෙනෙන හෝ නොපෙනෙන බලවේගයන් විශ්වාස කර පැතුම් පැතීම, පුද පූජා කිරීම, යැදීම තමන් කළ යුතුය යන නිගමනයට බැසීම භක්තියයි. මේ අනුව භක්තිය නිසා පින් සිදු කර ගැනීමට හැකිය. නමුත් භක්තියෙන් කුසල් සිදුකර ගැනීමට නොහැකිය. කුසල් සිදු කරගත හැක්කේ ශ‍්‍රද්ධාවෙන් පමණි.

    අභ්‍යන්තර චිත්ත පාරිශුද්ධතාවය තමා තුළ ඇති වන්නේ ශ‍්‍රද්ධාව මුල්කොට ගෙනමය. යථාවබෝධය ලැබීම, සත්‍ය සමඟ සම්බන්ධ වීම භක්තියෙන් කළ නොහැකිය. ලෝකයේ පවතින සියලුම ආගම් වල, මිනිසාට ඉහළින් පවතින යම් කිසි බලවේගයකින් මිනිසා පාලනය කරන බව අදහස් කරන නිසා,ඒ සියලු ආගම් භක්තියෙන්ම ඇදහිය යුතු ආගම්ය. යම් හෙයකින් මේ බලවේගය පිළිබඳව ඇති විශ්වාසය පළුදු වුවහොත්, භක්තියද නැති වෙයි.

    බුදුපියාණන්වහන්සේ දේශණා කළ සිරි සද්ධර්මය පෙන්වා දුන්නේ කිසිම බාහිර බලවේගයක් හෝ බාහිර පුද්ගලයෙකු පිළිබඳව හෝ නොවේ. තමා, තමා ගැනම විශ්වාස කිරීමයි. සියලු සත්ත්වයින් සම තත්ත්වයක ලා සැළකූ නිසා කිසි දෙවියෙකු, බ‍්‍රහ්මයෙකු හෝ බුදුපියාණන්වහන්සේ කෙනෙකු වුවද තවත් කෙනෙකුට විමුක්තිය ලබා දීමට හෝ නිවන් දැක්කවීමට හෝ සමත් නොවේ. තමාම ඒ කටයුත්ත කර ගත යුතුය. බුදු දහම යනු ඇත්ත වශයෙන්ම මේ අනුව බලන කළ ආගමක් නොවේ. භක්තියෙන් පුද පූජා පැවැත්වීමෙන්, බලවේගයක් ඇදහීමෙන්, අදෘශ්‍යමාන ශක්තියක් කෙරෙහි විශ්වාසය තැබීමෙන්, නිවන් දැකිය හැකි බවක් බුදුපියාණන්වහන්සේ දේශණා කළ ධර්මයෙහි කිසි තැනක සඳහන්ව නැත. හේතුඵල ධර්මතාවය බුදු දහමේ උගන්වන මූළිකම කරුණයි. එය ශ‍්‍රද්ධාවෙන්, ප‍්‍රඥාවෙන් යථාවබෝධයක් ලැබිය යුතු, තමන්ම භාවිතා කළ යුතු ධර්මයකි. ලොව පවතින එකම ශක්ති ප‍්‍රභවය චිත්ත ශක්තියයි. තමාගේම චිත්ත ශක්තියයි. ඒ පිළිබඳව සත්‍යාවබෝධය ලැබීම ශ‍්‍රද්ධාව පහළ වීමයි. භක්තිය යනු බැඳීමකි. යම් බලාපොරොත්තුවකට, විශ්වාසයකට බැඳීමකි. බැමි වලින් නිදහස් වී ලබන විමුක්තිය ශ‍්‍රද්ධාවයි.

    බෞද්ධයෙකුට නිවන් දැකීමට ”ඛණ සම්පත්තිය” ලැබීමට උපකාර වන්නේ ශ‍්‍රද්ධාවයි. මල් පූජා කිරීමෙන්, පහන් දැල්වීමෙන්, සුවඳකූරු දැල්වීමෙන්, තෙරුවන් නැමැදීමෙන් වැනි පුද පූජා ක‍්‍රම වලින් බුදුපියාණන්වහන්සේ බලාපොරොත්තු වූයේ අනිච්ච, දුක්ඛ, අනත්ථ තත්ත්වය අවබෝධ කර ගැනීම මිස, භක්තිය වඩා ගැනීමට මල්පූජා කළ යුතු බවක් කොතනක හෝ පෙන්වා දී නැත. පයට පෑගෙන්නට මල් දැමිය යුතු බව මිසක, මල් කරේ පැළඳ වීමක්, හිසේ පැළදවීමක් හෝ හිස සැරසීම සඳහා හෝ පාචිච්චි කළ යුතු බවක් බුද්ධ භාෂිතයෙහි කොතනකවත් සඳහන් කර නැත. මල් යනු මැරෙන දේ යන තේරුමයි. ඒ මැරෙන දේ පයට පෑගෙන්නට දමා, එහි අනිච්ච බව දැකිය යුතුය. අද මල් පූජා කරන්නේ භක්තියෙන් මිස ශ‍්‍රද්ධාවෙන් නොවේ. හින්දු හා ශිව වැනි ආගම් වල බලපෑම් නිසා, භක්තිය ඉස්මතු වී ශ‍්‍රද්ධාව යටපත්ව නිවන් මඟ වැසී ඇත. මේ නිසා ශ‍්‍රද්ධාව හා භක්තිය නිවැරදිව වෙන් කොට හඳුනාගැනීම නිවන් දැකීමට උපකාර වේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ශ්‍රද්ධාව හා භක්තිය
    ...අන්ධ විශ්වාසය භක්තියයි. මෙහිදී තම ආත්ම ශක්තිය, චිත්ත ශක්තිය බලවේගයකට පාවා දෙයි. තමන් මොනවා කළත් මොනවා නොකළත් අර නොපෙනෙන බලවේගය සියල්ල තීරණය කරනු ඇත, යන දැඩි විශ්වාසය නිසා සත්‍යය මෝහයෙන් වැසී යයි. මේ නිසාම පෙනෙන හෝ නොපෙනෙන බලවේගයන් විශ්වාස කර පැතුම් පැතීම, ...
    ...
    හේතුඵල ධර්මතාවය බුදු දහමේ උගන්වන මූළිකම කරුණයි. එය ශ‍්‍රද්ධාවෙන්, ප‍්‍රඥාවෙන් යථාවබෝධයක් ලැබිය යුතු, තමන්ම භාවිතා කළ යුතු ධර්මයකි.

    දැන් ඔබට ඔය කියන භක්තිය, ශ්‍රද්ධාව, ප්‍රඥාව වගේ දේවල් ගැන හොඳ අවබෝධයක් තිබෙනව වගෙ.

    එහෙනම් ඇයි පූජාවලියෙන් ඉදිරිපත් කරපු තර්කය බිඳුන කියල පිලිගන්න බැරි? පූජාවලිය කියන්නෙ ඓතිහාසික මූලාශ්‍රයක් නොවෙන බව පිලිගන්න අකමැතිවීම භක්තියක්
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    http://news.nationalgeographic.com/...archaeology-science-lumbini-religion-history/

    කියවල බලන්න....
    මායාදේවී විහාරයේ මහාචාරය් රොබින් කෝනින්ග්හැම් කරපු කැනීමේ ප්‍රතිපල.....

    මම දෙන්නේ ඔබ වගේ විකිපීඩියා කරුණු නොවන බව හිසිතබා ගන්න......

    මේ රටවල් බුදුන් ගැන මෙපමන උනන්දු වන්නෙ බෞද්ධයන් වන අපට ඇති ආදරයක් කරුණාවක් නිසාද ? නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ගෞරවය නිසාද ? අති බහුතර හින්දු ජනගහනයක් වෙසෙන මෙවැනි රටවල වලට බුදුන් ගැන මෙතරම් සාක්ශි සාධක සොයමින් ලෝකයට ඉදිරිපත් කිරීමට ඇති සැබෑ උවන්මනාව කුමක්ද යන්න විමසිල්ලෙන් බැලිය යුතු කරුණකි.

    ඒ කුමක්ද යන්න සිතා ගැනීම එතරම් අපහසුයැයි නොසිතමි. ශ්‍රී ලන්කාවෙන් මෙන්ම ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් වාර්ශිකව ලක්ශ සංඛ්‍යාත සංචාරක පිරිසක් මේ ස්තාන දැක බලා ගැනීමට රටවල් කරා ඇදී එයි. එමගින් ඔවුගේ ආර්ථිකයට ලැබෙන දායකත්වය සුලුපටු නොවේ.එම අතිවිශාල ආදායම අහිමි කරගැනීමට ඔවුන් කිසිසේත්ම සූදානම් නැත. ඒ නිසා කුමන දෙයක් හෝ පෙන්වාමින් ඔවුන් උත්සාහ කරන්නේ කෙසේ හෝ මෙම ස්තාන තහවුරු කර පෙන්වීමටයි.හමුවන කුමන දෙයක් හෝ බුදුන් හා සම්බන්ධ කර ලෝකයා ඉදිරියේ පෙන්වීමට ඔවුන් සමත් වේ.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    දැන් ඔබට ඔය කියන භක්තිය, ශ්‍රද්ධාව, ප්‍රඥාව වගේ දේවල් ගැන හොඳ අවබෝධයක් තිබෙනව වගෙ.

    එහෙනම් ඇයි පූජාවලියෙන් ඉදිරිපත් කරපු තර්කය බිඳුන කියල පිලිගන්න බැරි? පූජාවලිය කියන්නෙ ඓතිහාසික මූලාශ්‍රයක් නොවෙන බව පිලිගන්න අකමැතිවීම භක්තියක්

    ඔබ මේ දේවල් බොරුයි කියල කියන්න පෙර ඇත්ත මොකක්ද කියල පෙන්වන්න.පූජාවලිය වැනි ග්‍රන්ත වල ඇත්තේ වෙනත් රටක ඉතිහාසයක් නොවන බව දැනගන්න. ඔබගේ තර්කයන්ට අනුව බුදුන් ජීවත් වූ තැනක් පෙන්වීමට නොහැකිවුවහොත් ඔබ බුද්ධ ධර්මයද ප්‍රතික්ශේප කරන කෙනෙක් නේද ?
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඒ කියන්නෙ රටවල් දෙකේම සාක්ශි ඔප්පු කරන්න බැරිඋනොත් බුදුහාමුදුරුවො කියල කෙනෙක් හිටියෙ නෑ කියලද කියන්නෙ.

    z_p06-Mahavira.jpg

    යකෝ ඉන්දියාවෙත් බුදුපිලිම තියනකොට කොහොමද බුදුකෙනෙක් ඉන්දියාවෙ හිටියෙ නෑ කියල කියන්නෙ.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    z_p06-Mahavira.jpg

    යකෝ ඉන්දියාවෙත් බුදුපිලිම තියනකොට කොහොමද බුදුකෙනෙක් ඉන්දියාවෙ හිටියෙ නෑ කියල කියන්නෙ.

    බුදුපිලිම තිබූ පමනින් බුදුරජාණන් වහන්සේ උත්පත්තිය ලැබූ රට කියල කොහොමද කියන්නෙ.බුදු පිලිම වල ඉතිහාසය හොයල බලන්න
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    z_p06-Mahavira.jpg

    යකෝ ඉන්දියාවෙත් බුදුපිලිම තියනකොට කොහොමද බුදුකෙනෙක් ඉන්දියාවෙ හිටියෙ නෑ කියල කියන්නෙ.

    මේ ජයින මහාවීරගෙ පිලිමයක්නෙ.පපුව බුරිය එහෙම හොඳට පේන්න තියෙන්නෙ. මේ වෙනස අඳුරගන්න බැරිව තමයි සුද්දන්ටත් ගොඩක් දේවල් පැටලිල තියෙන්නෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔබ මේ දේවල් බොරුයි කියල කියන්න පෙර ඇත්ත මොකක්ද කියල පෙන්වන්න.පූජාවලිය වැනි ග්‍රන්ත වල ඇත්තේ වෙනත් රටක ඉතිහාසයක් නොවන බව දැනගන්න. ඔබගේ තර්කයන්ට අනුව බුදුන් ජීවත් වූ තැනක් පෙන්වීමට නොහැකිවුවහොත් ඔබ බුද්ධ ධර්මයද ප්‍රතික්ශේප කරන කෙනෙක් නේද ?

    පූජාවලියේ කිසිම රටක ඉතිහාසයක් ගැන හරි විස්තරයක් නෑ. ඒක යොදාගෙන කිසිම නිගමනයකට එන්න බැහැ. බුදුන් ජීවත්වූ තැන හෝ ජිවත් උනාද කියල හොයන එක මගේ විශ්වාසයන් වලට බලපෑමක් වෙන්නෙ නැහැ. මම ඉන්නෙ 21 වෙනි සියවසේ.

    මම කියන්නේ බහුතරයක් මිනිස්සු පිලිගත් දෙයක් වෙනස් කරනවා නම් ඔබ ඒකට පිලිගත හැකි හේතු දක්වන්න වෙනවා. අයින්ස්ටයින් මිනිස්සුන්ට කිව්වෙ නැහැ නිව්ටන් හරි කියල ඔප්පු කරන්න කියල, තමන් හරි කියල තමන් ඔප්පු කලා.

    A: "හඳේ හාවෙක් ඉන්නව"
    B: "ඔප්පු කරන්න"
    A: "හා පුලුවන් නම් හාවෙක් නෑ කියල ඔප්පු කරන්න"

    සාධාරණද?