ජපනුන්ගේ මරණයේ විද්‍යාගාරය-2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ජපනුන්ගේ මරණයේ විද්‍යාගාරය-2

    H5tmZNd.jpg

    ඇමෙරිකා එක්සත් ජනපදයේ උවමනාව මත ඉතිහාසයෙන් මකා දමන ලද ජපානයේ කෲර මානව පර්යේෂණ ඒකකයක් වු Unit 731 සම්බන්ධව පළකරන ලිපියේ දෙවන කොටස ගෙන එන්නයි මේ සූදානම් වන්නේ.මෙම කොටසින් හෙළි කරන්නේ Unit 731හි මහ මොළකරුවා සහ තවත් සාමාජිකයින් කිහිපදෙනෙක්ගේ තොරතුරු,ඔවුන්ගේ පසුකාලීන සැලසුම්,ඇමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් Unit 731 ඒකකයේ අපරාධ වසන් කල අයුරු සහ දඬුවම් නොලබා Unit 731හි සාමාජිකයින් නිදහස් වූ ආකාරය පිළිබඳවයි.

    මෙම කෲර පර්යේෂවලට සහභාගී වූ සමහරක් ජපනුන් පසුකාලයේදී තමන් සිදුකල අපරාධ මාධ්‍ය ඔස්සේ අනාවරණය කලහ.Unit 731 හි සේවය කල වෛද්‍ය සහයකයෙක් 1995 වසරේදී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් තම ප්‍රථම මිනිස් විච්ඡේදනය ගැන මෙසේ පවසන ලදි.

    "ඔහු කාමරයට ගෙන ගොස් බැද දැමූවිට ඊට එරෙහිව සටන් කලේ නැත.නමුත් මම සැතක් අතට ගත්විට ඔහු කෑගසන්නට පටන් ගත්තා.මම ඔහුගේ පපුවෙන් පටන් ගෙන උදරය තෙක් කපා විවෘත කරන ලදි.එවිට ඔහු මහා හඬින් කෑගසන්නට විය.ඔහුගේ මුහුණෙන් මාරාන්තික වේදනාවක් දිස්විය.අවසානයේදී ඔහුගේ කෑගැසීම අවසන් විය.එය ශල්‍යවෛද්‍යවරුන්ගේ එක් දිනක කාර්යයක් විය.නමුත් එය මගේ පලමු මිනිස් විච්ඡේදනය විය"

    q4ubA6y.jpg


    1984 දී ටෝකියෝ හි කෙයෝ වෛද්‍ය විද්‍යාලයේ සිසුවෙකුට මානව පර්යේෂණ සම්බන්ධ වාර්තා සහිත ලිපිගොනු කිහිපයක් පොත් ගබඩාවකින් හමුවිය.ඒවාහි පිටගැස්ම එන්නත් ඉහළ මාත්‍රා වලින් සැපයීම නිසා ඇතිවන ප්‍රතිවිපාක ගැන සඳහන් කර තිබිණි.ඒවාහි තිබූ වගු වලින් කියවුනේ පර්යේෂණවලට ලක්වූවන් මියයාමට ගතවූ කාලයයි.එසේම ඔවුන්ගේ මාංශ පේශිවල ගැස්ම ගැනත් ඒවාහි වාර්තා කර තිබිණි.




    Unit 731හි ප්‍රධානීන් සහ වැදගත් චරිත


    ජෙනරල් ෂිරෝ ඉෂී

    aTGVlLp.jpg


    ක්ෂුද්‍ර විද්‍යාඥයෙක් වූ මොහු ජපානයේ කියෝටෝ අධිරාජ්‍ය විශ්ව විශ්ව විද්‍යාලයෙන් ඖෂධවේදය සම්බන්ධව ඉගෙනගෙන තිබේ.1920දී විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු නිමා කර ඔහු හමුදාවට සම්බන්ධවන්නේ වෛද්‍ය සෙබලෙක් ලෙසයි.1925 දී ජපානය රසායනික සහ ජීවවිද්‍යාත්මක අවි සංග්‍රාම සඳහා යොදා නොගන්නට සහ අත්හදා නොබලන බවට ජිනීවා ගිවිසුමෙන් බැදුණි.මේ සම්බන්ධව ඉෂී තුල කනස්සල්ලක් තිබිණි.මේ ගිවිසුම උල්ලංඝනය කරමින් ඔහු පසුකාලයේදී රහසිගතව රසායනික සහ ජීවවිද්‍යාත්මක අවි අත්හදා බලන ලදි.1928දී ඔහු ලොව පුරා සංචාරයක් අරඹන ලදි.එහි අරමුණ වූයේ පළමු ලෝක යුද සමයේ භාවිතා කල රසායනික අවි සම්බන්ධව තොරතුරු බටහිර රටවලින් රැස්කරගැනීමයි.වසර දෙකකට පසුව යළි සිය රට පැමිණි ඉෂී හට ටෝකියෝ හමුදා වෛද්‍ය පාසලේ ප්‍රතිශක්තිවේදය සම්බන්ධ මහාචාර්ය පදවියක් ලැබිණි.සඩෝ අරාකිගේ(ජපානයේ යුද අමාත්‍ය-1931) උපකාර මත අවසානයේදී ජපානය අලුතින් යටත් කරගත් චීනයේ මැන්චූරියාහි රහසිගත පර්යේෂණාගාර සහ විද්‍යාගාර සංකීර්ණයක් අරඹන්නට ඉෂී හට ඉඩ ලැබිණි.1945 දී මෙම Unit 731 ඒකකය පවත්වාගෙන ගිය ගොඩනැගිලි සංකීර්ණය විනාශ කිරීමට ජපනුන් පියවරගත්හ.ඔහු සැඟවෙන්නට උත්සාහ කරන බව දැනගත් ඇමෙරිකානුවන් වහාම ඔහුගෙන් ප්‍රශ්න කරන්නට පටන්ගත්හ.නමුත් මුලදී ඔහු ඇමෙරිකාවේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කල මුත්,තමන්ගෙන් ප්‍රශ්න කිරීමට සූදානම්ව සිටින රුසියානුවන්ට වඩා කාරුණිකව ඇමෙරිකානුවන් සළකන බව ඔහුට වැටහී ගියෙන් තමන් යුද අපරාධ චෝදනාවලින් නිදහස් කරන්නේ නම් පමණක් රහසිගත පර්යේෂණවල තොරතුරු හෙළිකරන බවට එකඟ විය.නමුත් ඔහු සැපයූ තොරතුරු ඇමෙරිකානුවන් සිතා සිටි තරම් ඔවුන්ව පුදුමයට පත් නොකල අතර ඉෂී සමග ඇතිකරගත් ගිවිසුමට අනුව ඔහුව යුද අපරාධ චෝදනාවලින් නිදහස් කරන්නට සිදුවිය.ඉන්පසු ඔහු යුද අපරාධ සම්බන්ධව කිසිදු ප්‍රශ්න කිරීමකට භාජනය නොකල අතර ඔහුට එරෙහිව කිසිදු අධිකරණ ක්‍රියාවලියක්ද සිදුනොවිණි.1959 දී ජෙනරාල් ඉෂී උගුරේ පිළිකාවකින් මියයද්දී වයස අවුරුදු 67ක් විය.




    මසජි කිටානෝ

    V7MP4BZ.jpg


    ජපාන හමුදාවේ ලුතිනන් ජෙනරල්වරයෙක් සහ ක්ෂුද්‍ර ජීවවිද්‍යාඥයෙක් වූ මොහු Unit 731 හි ෂිරෝ ඉෂීට පමණක් දෙවැනි වූ නිලධාරියෙකි.ඔහුද ටෝකියෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ඖෂධවේදය සම්බන්ධව හැදෑරූ අයෙකි.ඔහු වඩාත් උනන්දු වූයේ සොන්ගෝ නම් රෝගය සම්බන්ධවයි.




    ෂිරෝ කසාහරා

    Unit 731 හි සේවය කල මානව දයාවක් තිබූ එකම පුද්ගලයා මොහු යැයි කිව හැකිය.ඔහු දක්ෂ වෛරසවේදියෙකි.සෝවියට් දේශ සීමාවේ පැතිරගිය සොන්ගෝ නම් රෝගය ගැන මොහුද පර්යේෂණ පවත්වන ලදි.ඔහුව මැන්චූරියාවට එවන ලද්දේ තාක්ෂණිකවේදියෙක් ලෙසයි.ඒ විද්‍යාගාරවල සේවය කිරීමටයි.ඔහුගේ පළමු මාස 12ක කාලය තුල සෝවියට් චීන දේශසීමාවේ පැතිරගිය සොන්ගෝ නම් උණ රෝගයක් ගැන පරීක්ෂණ සිදුකර තිබේ.ඔහුට පැවරුණේ එම රෝගකාරක එන්නත් කල පුද්ගලයන්ගෙන් රුධිර සාම්පල ලබාගෙන ඒවා නිස්සරණය කිරීම අධීක්ෂණය කිරීමයි.එම සාම්පල් පසුව දෙවන පුද්ගලයෙකුට එන්නත් කරන ලදි(අත් අඩංගුවට පත් ඔත්තුකරුවන් මේ සඳහා යොදාගත් බව සඳහන් වේ).ඔහු දෙවනවර Unit 731 සමග සම්බන්ධවන්නේ 1942 දීය.ඒ ජපන් හමුදාව විසින් අල්ලාගත් ඔත්තුකරුවන් යොදාගෙන සිදුකල කෲර පරීක්ෂණ සඳහාය.අකැමැත්තෙන් වුවද ඔහුට ඉහළ නිලධාරීන්ගේ අණට කීකරු වී එම අපරාධවලට හවුල්වන්නට සිදුවිය.එහි ප්‍රථිපලයක් ලෙස වරක් එක් ඔත්තුකරුවෙක් මියගිය අතර ඔහු වෙනුවෙන් ඉෂී ඒකකයේ ප්‍රධාන ශාලාවේ සිහිවටනයක් පවත්වාගෙන යන්නට තරම් වෛද්‍ය ෂිරෝ කාරුණික විය.Unit 731හි එවැන්නක් කල එකම තැනැත්තාද ඔහුය.



    යොෂියෝ ෂිනොසුකා​

    vLEGAl1.jpg


    ෂිනොසුකා යනු ජපාන අධිරාජ්‍ය හමුදාවේ සිටි සෙබලෙකි.ඔහුද Unit 731 හි සාමාජිකයෙකි.ඔහු මිනිසුන් විච්ඡේදනය සහ වෙනත් පර්යේෂණ සඳහා යොදාගත් අංශයේ සේවය කර තිබේ.1997 වසරේදී Unit 731 හි සිදුකල අපරාධ සම්බන්ධව සාක්ෂි දැක්වීමක් ඔහු විසින් සිදු කරන ලදි."මම Unit 731 හි සාමාජිකයෙක්ව සිටියා,මනුෂ්‍යයෙකුට කිසිදා කල නොහැකි දේ මම එහිදී සිදුකලා" ෂිනොසුකා එසේ කියා සිටියේය.වරක් ෂිනොසුකා එක්සත් ජනපදයේ සාම සමුලුවකදී කතාවක් කිරීමට උත්සාහ කලද ඔහුට ඒ සඳහා අවස්ථාව නොලැබුණේ යුද අපරාධකරුවෙක් වූ නිසාය.





    එක්සත් ජනපදයට ජීවවිද්‍යාත්මක අවිවලින් පහරදීමේ සැලැස්ම

    දෙවන ලෝක යුද සමයේ ජපානය බැලුන්වල බෝම්බ රදවා ඒවා පැසිෆික් සාගරයට ඉහළින් හමා යන සුළං ප්‍රවාහයන් ඔස්සේ එක්සත් ජනපදයට පාවී යන්නට සලස්වන ලදි.එලෙස යවන ලද බැලූන් 200ක් පමණ එක්සත් ජනපදයේ බටහිර ප්‍රදේශවලට කඩා වැටිණි.එක් බැලූනයක වූ බෝම්බයක් පිපිරී ගොස් මොන්ටානා හි කාන්තාවක් මියගියාය.තවත් පිපිරීමකින් ඔරිගන් හි හයදෙනෙක් මරණයට පත්විය.

    0rtWWZB.jpg
    ජපානය විසින් 1944 වසරේ අවසන් භාගයේ සිට 1945 අප්‍රේල් මාසය වන තෙක් මෙම පිපිරී යන බැලූන යොදාගෙන එක්සත් ජනපදයේ ප්‍රධාන භූමියට ප්‍රහාර එල්ල කර තිබේ.රූපයේ දැක්වෙන්නේ බැලුන් දියත් කල ප්‍රදේශ(සුදු පැහැයෙන්) සහ බැලූන කඩා වැටුණු/දක්නට ලැබුණු ප්‍රදේශයි(රතු පැහැයෙන්)​


    y4Mtslk.jpg
    ජපානය භාවිතා කල බැලූනයක් සහ එක්සත් ජනපද භූමියට කඩා වැටුණු බැලූනයක්(දකුණුපස)​


    d3ZPDaB.jpg
    එක්සත් ජනපද භූමියට කඩා වැටුණු බැලූනයක්​


    මෙම සිද්ධිවලින් ශත වර්ෂ භාගයකට පමණ පසුව ජපනුන් ඊටත් වඩා දරුණු සැලැස්මක් සූදානම් කරගෙන සිටිබව හෙළිවිය.ජපාන ජෙනරාල්වරුන් මෙම බැලූන් සමග ජීවවිද්‍යාත්මක අවි එනම් මහාමාරිය හෝ ඇන්ත්‍රැක්ස් විෂබීජ එක්සත් ජනපදයට යැවීමට යෝජනා කර තිබිණි.අනෙකුත් හමුදා ඒකකවලට අවශ්‍ය වූයේ හෙවත් ගවයන් ආදී සතුන්ට ඇතිවන රෝගයකට හේතුවන වෛරසය එක්සත් ජනපදයට යවා ඔවුන්ගේ පශු සම්පත විනාශ කිරීමයි.නමුත් 1944 දී කැඳවූවා යැයි කියන වැදගත් රැස්වීමකදී එසමයේ ජපානයේ හමුදා අමාත්‍යවරයා වූයේ හිඩෙකි ටොජෝ(යුද අපරාධ චෝදනා යටතේ මොහුව එල්ලා මරණ ලදි.) විසින් එක්සත් ජනපදයට ජීවවිද්‍යාත්මක අවි ප්‍රහාරයක් එල්ල කිරීමේ යෝජනාව ප්‍රතික්ෂේප කලේ යැයි පසුකාලයේදී සොයාගත් ලිපිගොනුවලින් හෙළිවූ බව කියවේ.මෙම තීරණාත්මක හමුව සිදුවන විට ටොජෝව අගමැති ධූරයෙන් මෙන්ම යුද අමාත්‍යය තනතුරෙන්ද නෙරපා තිබුණු මුත් ඔහු සතුව මෙම භයානක යෝජනාව ප්‍රතික්ෂේප කරන්නට තරම් බලයක් ඉතිරිව තිබිණි.ඒ වන විටත් ජපානය ආසියා-පැසිෆික් යුද්ධයෙන් පරාජය ලබමින් සිටි අතර එවන් අවස්ථාවක එක්සත් ජනපදයට ජීව විද්‍යාත්මක අවිවලින් පහරදීමෙන් ඊට සමානම ප්‍රහාරයකට ජපානයටද මුහුණු දීමට සිදුවන බව ඔහු දත්තේය.

    i2W6rKH.jpg
    හිඩෙකි ටොජෝ​


    නමුත් එක්සත් ජනපදයට ජීවවිද්‍යාත්මක අවිවලින් පහරදීමේ ජපාන හමුදාවේ උවමනාව එලෙසම පැවතිණි.එක්සත් ජනපදය 1944 දී පැසිෆික් දූපතක්වූ සයිපැන් වෙත ප්‍රහාරයක් එල්ල කරන්නට සූදානම් වන විට ජපානය ජීවවිද්‍යාත්මක අවි සහිත සබ්මැරීනයක් යවන ලදි.නමුත් සබ්මැරීනය ගිලීගියේය.ඉන්පසුව මහාචාර්ය සුනෙයිෂි කියා සිටියේ ජපාන හමුදාවලට සාම්ප්‍රදායික අවි මත යැපෙන්නට සිදුවන බවයි.




    Cherry Blossoms at Night මෙහෙයුම

    3DEqHEd.jpg
    I-400-class වර්ගයේ සබ්මැරීනයක M6A1 Seiran ගුවන් යානයක් ගෙන යන අයුරු​


    1945 වසරේ දෙවන ලෝක යුද්ධය අවසන් වන කාල සමයේ හිරෝ ඉෂී තම Unit 731 කණ්ඩායම නිපදවූ ජීව විද්‍යාත්මක අවි එක්සත් ජනපදයට එරෙහිව යොදාගන්නට Cherry Blossoms at Night යන සංකේත නාමය යටතේ මෙහෙයුමක් සැලසුම් කරන ලදි.එහිදී සබ්මැරීන(I-400-class වර්ගයේ සබ්මැරීන) මගින් එක්සත් ජනපදයේ සැන් දියාගෝ(දකුණු කැලිෆෝනියාවේ) වෙතට ගෙන යන ගුවන් යානා(M6A1 Seiran) මගින් මෙම විෂබීජ එක්සත් ජනපදයේ විසුරවා හැරීමට සැලසුම් කර තිබිණි.නමුත් මෙම මෙහෙයුමට සහාය දීමට ජපන් නාවික හමුදාව කිසිදාක එකඟ නොවන බව ජපන් නාවික හමුදා විශේෂඥයෙක් කියා තිබේ.මන්ද මෙම ගමනට අවම වශයෙන් දිගු දුර සබ්මැරීන පහක්ද සෑම එකකටම ගුවන් යානා 2-3ක් වත් අවශ්‍යය.මෙහෙයුම සැලසුම් කල සමයේ එක්සත් ජනපදය පැසිෆික් සාගරයේ ප්‍රබලයා බවට පත්ව සිටියේය.ඔවුන්ට හසුනොවී එක්සත් ජනදයට ලගාවීම පහසු ක්‍රියාවක්ද නොවේ.කෙසේනමුත් 1945 වසරේ ශ්‍රීෂ්ම සෘතුව වන විට ජපානයට ඉතිරිව තිබුණේ තම මව්බිම පමණි.එම නිසා ඔවුන් එක්සත් ජනපදයට පහරදීම පසෙක තබා තම මවුබිම රැකගන්නට සුදානම් විය.1945 අගෝස්තු මස 9වනදා විසින් ඔවුන්ගේ Unit 731 පර්යේෂණාගාර සහ ජීව විද්‍යාත්මක අවි සම්බන්ධ සාක්ෂි විනාශ කරන්නට ඩයිනමයිට් යොදාගන්නා ලදි.

    ePKKQbN.png

    Unit 731 හි UJI bomb සැලැස්ම


    9cAuKSM.jpg
    ජපානයේ I-400-class වර්ගයේ සබ්මැරීනයක්​


    9fasrm1.jpg
    සබ්මැරීනයක සිට ගුවන්ගත කල හැකි M6A1 Seiran ගුවන් යානයක්​


    1945 අගෝස්තු මාසයේදී Unit 731හි ගොඩනැගිලි සංකීර්ණය තිබූ ප්‍රදේශයට රුසියානු හමුදා කඩා වැදිණි.එවිට පලාගිය Unit 731හි සාමාජිකයෝ මහාමාරිය ආසාදිත මීයන් ප්‍රදේශයට මුදා හැර තිබේ.1947 දී චීනයේ හාර්බින් හි පුද්ගලයන් 30,000කට පමණ මරුකැඳවු මහාමාරිය වසංගතයට ජපනුන්ගේ එම ක්‍රියාව හේතුවන්නට ඇති.යුද්ධය අවසන් වීමෙන් පසුව Unit 100,Unit 1644 යන ජපන් ඒකකවල සිටි හමුදා නායකයන් සහ විද්‍යාඥයින්ට එරෙහිව සෝවියට් දේශය යුද අපරාධ චෝදනා ගොනු කරන ලදි.පසුකාලයේදී සෝවියට් දේශයේ Sverdlovsk හි ජීවවිද්‍යාත්මක අවි නිපදවන්නට යොමුවුනේ Unit 731 ඒකකයෙන් අත්පත් කරගත් තොරතුරු ඇසුරෙන් යැයි කියවේ.




    ඇමෙරිකානු මැදිහත් වීම සහ යුද අපරාධකරුවන් නිදහස් වීම

    ඇමෙරිකානුවන් Unit 731 ඒකකය සම්බන්ධව තොරතුරු රැස් කර තිබෙන්නේ 1940 මුල් කාලයේ පටන්ය.ජපානය ජීව විද්‍යාත්මක අවි යොදාගන්නා බවට සාක්ෂි පළමුව සොයාගත්තේ බ්‍රිතාන්‍යය යැයි කියවේ.ජපාන ආක්‍රමණයට අණදුන් එක්සත් ජනපද ජෙනරල් ඩග්ලස් මැකාතර්ට Unit 731 හි විද්‍යාඥයින් සම්බන්ධව කටයුතු කරන්නට ඇමෙරිකානු හමුදාවෙන් අවසර හිමිවිය.ඔවුන්ගෙන් අවශ්‍ය තොරතුරු නොලැබුණ හොත් දරුණු ලෙස නොසලකා ඔවුන්ට යෝජනාවක් කර තොරතුරු ලබාගන්න කියා ඇමෙරිකානු බලධාරීන් ජෙනර්ල් මැකාතර්ට නියෝග කර තිබිණි.මෙම යෝජනාව නම් යුද අපරාධ චෝදනාවලින් මුදා හරින පොරොන්දුව පිට මානව පර්යේෂණවල තොරතුරු ලබාගැනීමයි.ගිවිසුමට අනුව Unit 731හි කිසිදු සාමාජිකයෙක් යුද අපරාධ චෝදනාවලට ලක් නොවිණි.1959 දී Unit 731හි ප්‍රධානියා පිළිකාවකින් මරණයට පත්වන අතර ඔහුගේ අනෙක් සගයන් පසුකාලයේදී ජපානයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැදගත් තනතුරු පවා හොබවන ලදි.Unit 731හි විච්ඡේදන අංශය බාරව සිටි යොෂිසුකේ මුරාටා කියෝටෝ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පාසලේ අධ්‍යක්ෂකවරයා බවට පත්විය.පසුව ඔහු කිනි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අධ්‍යක්ෂක ලෙස පත්විය.

    0guEUvu.jpg
    ජපානයේ යටත් වීමෙන් පසුව ජෙනරාල් ඩග්ලස් මැකාතර් ජපාන අධිරාජ්‍යයා වූ හිරෝහිතෝ හමුවූ අවස්ථාව​





    හාර්බින් කෞතුකාගාරය

    6nN1EJl.jpg
    හාර්බින් කෞතුකාගාරය​


    හාර්බින් නගරයේ දකුණු කෙළවර මෙම කෞතුකාගාරය පිහිටා ඇත.එය 1930 දශකයේදී Unit 731හි පර්යේෂණ වෙනුවෙන් නිර්මාණය කල වර්ග කිලෝ මීටර් 6ක භූමියක් පුරා විහිදුණු ගොඩනැගිලි 150කින් සමන්විතව තිබූ පර්යේෂණාගාර සංකීර්ණයේ කොටසකි.වර්තාමනයේ මෙම ගොඩනැගිල්ල තුල කෞතුකාගාරය පවත්වාගෙන යනු ලැබේ.ලොව තිබූ විශාලතම ජීවවිද්‍යාත්මක අවි නිෂ්පාදනාගාරය සහ පර්යේෂණාගාර සංකීර්ණයේ චීන ,කොරියානු සහ රුසියානු ජනයා ජපනුන්ගේ කෲර පර්යේෂණවල ගොදුරු බවට පත්වූ අයුරු මෙම කෞතුකාගාරයේ තිබෙන කළු සුදු ඡායාරූපවලින් පෙන්වා දෙයි.ජපානයේ යටත්වීමෙන් පසුව ඔවුන් චීනය තුල සිදුකල යුද අපරාධ චීන ජනතාවට අමතක වී යාමට චීන කොමියුනිස්ට් රජය ඉඩ නොතබන ලදි.


    Unit 731 විසින් සිදුකල අපරාධ කෞතුකාගාරය ඇතුලත නිරූපණය කර ඇති අයුරු

    68ihCPz.jpg


    jmU78eZ.jpg


    2H5mYao.jpg




    Unit 731 සහ ඒ යටතේ සිදුකල මානව පර්යේෂණ සම්බන්ධව ලියවුණු ග්‍රන්ථ කිහිපයක්


    Unit 731 Testimony

    ebTCZfK.jpg





    Unit 731: Japan's Secret Biological Warfare in World War II

    bte3Sfb.jpg





    Factories of Death: Japanese Biological Warfare, 1932-45 and the American Cover-Up

    OARWaZ2.jpg





    A Plague upon Humanity: The Hidden History of Japan's Biological Warfare Program

    bzOXESo.jpg





    THE DEVIL'S DOCTORS: Japanese Human Experiments on Allied Prisoners of War

    r2XHO8m.jpg




    Unit 731 සහ ජපන් යුද අපරාධ සම්බන්ධව නිර්මාණය කල වාර්තා වැඩසටහන් කිහිපයක්


    Unit 731 - Nightmare in Manchuria
    History Channel Documentary





    ZDF Documentary on Unit 731





    Unit 731: Japan's biological force




    731: Two Versions of Hell




    Unit 731 ආශ්‍රිත සිනමා නිර්මාණ කිහිපයක්


    Men Behind the Sun-1988

    oF2P6V0.jpg




    Philosophy of a Knife - 2008

    f78GGl8.jpg






    Source:jesus-is-savior.com
    toddlertime.com
    unit731.org
    mtholyoke.edu
    wikipedia.org


    -HarshaLulzSec-
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Men Behind the Sun-1988

    oF2P6V0.jpg














    -HarshaLulzSec-[/QUOTE]
    මන් මේ ෆිල්ම් එක බැලුව බන් ඇග හිරි වැටෙනවා ,එල පස්සේ සලකන්නම්
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    japanese done all of these inhumane things to other people and then in the end they get hit by a nuclear bomb.:rolleyes:

    and the then they have to work for the people how drop them the nuclear bomb.:rolleyes:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    japan eun ta one une anek jathinwa yatath karagana karagana japan jathiya ihalin inna okotoma wada ekai oya puluwan puluwan hama ratakma alla gaththe eka nissa thmai unta godak ma kela une WW2 eka kale eth anthimata untama wenath jathiyakata yatath wela kiyana de ahagana inna una.:dull:

    ඔව්, ඔය ඉන්නේ දැන් බැදලා දාපු බල්ලෙක් වගේ
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,638
    5,948
    113
    @ගෙදර
    Ane manda ban thread 2ka kiyewwta passe nam German ewun thawa hondai ki hithenawa (mata:rolleyes:)
    Dan oya puso wage indiyata wishawasa karannath amarui :eek:

    Good thread Machan :) Rep ithin dannawane :sorry:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සොහොන;19436330 said:
    කම්බොජියාව ඇමරිකාවෙ සිවිල් යුද්දය ගැන ඩාන්නෙ කවද්ද:)

    කම්බොජියාව!

    දැන් ඔය කිසිදෙයක් ගැන දාන්න හිතෙන්නේ නෑ බන්.මම මේකේ ඉන්නවටත් අකැමැති එවුන් ඉන්නේ.