කඩන්න අමාරු ක්‍රිකට් වාර්ථා...

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කඩන්න අමාරු ක්‍රිකට් වාර්ථා...

    රාහුල් ඩ්‍රාවිඩ් ටෙස්ට් තරඟ වලදී මුහුන දුන් පන්දු ගණන

    dravid1.jpg


    රාහුල් ඩ්‍රාවිඩ් තමන්ගේ ටෙස්ට් දිවිය තුල පන්දු 31258 කට මුහුණ දී තිබෙනවා.. අද පවතින ටෙස්ට් තරඟ ගනනත් එක්ක බැලුවම මේ වාර්ථාව බිඳින්නට අපහසු වෙයි කියලයි හිතෙන්නේ..

    SectionBreak.png


    ජිමී ලේකර් ටෙස්ට් තරඟයක ගත්ත කඩුලු 19

    laker.jpg


    එංගලන්ත පා දඟ පන්දුයවන ක්‍රීඩක ජිමී ලේකර් ඕස්ට්‍රේලියාවට එරෙහිව සමස්ත තරඟයේදීම කඩුලු 19ක් දවා ගත්තා

    SectionBreak.png


    සංගා සහ මහේලගේ සම්බන්ධතාවය

    sanga-mahela_3112getty_630.jpg


    2006 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව තෙවනි කඩුල්ල වෙනුවෙන් සංගක්කාර සහ මහේල රැස් කල ලකුණු 624

    SectionBreak.png


    ග්‍රැහැම් ස්මිත්ගේ නායකත්වය

    article-1041989-0226733C00000578-340_468x328.jpg


    ලාබාල වියේදීම දකුණු අප්‍රිකාව මෙහෙයවීමට වරම් ලද ග්‍රැහැම් ස්මිත් නායකත්වය දරන ලද ටෙස්ට් තරඟ ගණන 109ක්

    SectionBreak.png


    මුරලිගේ ටෙස්ට් කඩුළු ගනන

    muralitharan.jpg


    මුරලි විසින් දවාගෙන ඇති ටෙස්ට් කඩුළු ගනන 800ක්.. අද වෙද්දි නම් මේ වාර්ථාව අසලට එන්න පුළුවන් කියලා හිතෙන පන්දු යවන්නෙක්වත් නැහැ..

    SectionBreak.png


    ඇලන් බෝඩර්ගේ ටෙස්ට් සහභාගීත්වය

    Allan-Border.jpg


    ඇලන් බෝඩර් තමන්ගේ ටෙස්ට් ජීවිතේදි ටෙස්ට් තරඟ 153 කට එක දිගට සහභාගි වෙලා තියෙනවා..

    SectionBreak.png


    ශ්‍රී ලංකාවේ වැඩිම කණ්ඩායම් ලකුණු වාර්ථාව

    scoreboard.jpg


    ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව රැස් කල ලකුණු 952..
    මෙය නම් බිඳ හෙලන්න ගොඩාක් අපහසු වාර්ථාවක්.. මේ දින වල 700+ ලකුණු පවා දකින්න ඉතා අමාරුයි..

    SectionBreak.png


    ග්‍රැහැම් ගුච්ගේ තරඟ ලකුණු

    Graham-Gooch-295813.jpg


    ඉන්දියාවට එරෙහිව එංගලන්තයේ ග්‍රැහැම් ගුච් රැස් කල ලකුණු 456..
    එය පලමු ඉනිමේදි ලකුණු 333ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 123ක් වශයෙන්..

    SectionBreak.png


    සචින්ගේ තරඟ ගනන

    sachin-tendulkar.jpg



    සචින් ටෙන්ඩුල්කාර් තමාගේ ටෙස්ට් ජීවිතය තුලදී ටෙස්ට් තරඟ 200කට සහභාගී වී තිබෙනවා...

    SectionBreak.png


    අසාමාන්‍ය බ්‍රැඩ්මන්ගේ සාමාන්‍යය

    bradman.jpg


    විශිෂ්ට පිතිකරුවෙකු ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාකු ක්‍රීඩක ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය 99.94ක්.. ඔහු ඔහුගේ අවසාන ටෙස්ට් තරඟයේ අවසන් ඉනිම්දී ලකුණු 0කට දැවී ගියා.. ඔහු තවත් ලකුණු 4ක් ලබාගත්තා නම් ඔහුගේ සාමාන්‍යය 100ක් වෙනවා..

    SectionBreak.png


    මේක කොහෙන්වත් උස්සලා දාපු එකක් නෙමෙයි.. මම කරුණු හොයලා ලියපු එකක්.. ඕන කෙනෙක් උස්සලා ඕන බ්ලොග් එකක දාගත්තට මට අවුලක් නැහැ.. තව කෙනෙකුට බලන්න බම්ප් එකක් දාගෙන යන්න..

    මට හිතෙන දෙයක් කියන්නම්.. මේවට අමතරව ඔයාලට හිතෙන ඒවා තියෙනම් කියන්න.. ඒකට බනින්න එපා උඹ දන්න මගුල කියලා.. මට හිතෙනවා මාලිංගගේ විකට් 4 සහ සංගාගේ පිට පිට ගහපු 100 ඒවා 4ත් කඩන් ගොඩක් අමාරු වෙයි කියලා..

    එහෙනම් ගිහිල්ලා එන්නම්..

    ජය

    bye-122.png


     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැදගත් තොරතුරු ටිකක් මචං.. අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි 29+