X-Ray මැෂින් වලින් ලාභ මැනික් පාට කරන හැටි
අත්තනකඩවල, පොකුනුගල පිහිටි නාමල් අයියාගේ නිවෙසේ අපි කිසිම හේතුවක් හෝ විශේෂත්වයක් නොමැතිව රහමෙර වඩියක ඇලී ගැලී සිටියෙමු. එවිට ආගිය කතාද හොඳ හැටි ඇවිස්සී හමාරය. මොහු පැමිණියේ එවිටය. වෘත්තීයමය මැණික්කරුවෙක් වුවද ඔහු අත නැත්තේද මැණික්මය. ඒ වම් අතින් ගන්න දෑ දකුණු අතින් දීමට ඔහු නොමැළි නිසාය. ආදරය කරන්නට පමණක් නොව යමක් විවේචන කරන්නටද, ඉන් මත්තට හොඳ හැටි අඩියක් ගසන්නට ඔහු රුසියෙක් බව ඇගැයුම මඟින්ම තේරුම් ගත් මම හීන් සීරුවේ ඔහුගේ වෘත්තීය ජීවිතයට එබී බලන්නට වීමි.
පෞද්ගලික සහ වෘත්තීමය කියා ඒ හැටි ඉඩකඩක් නොමැති ජීවිතයක් දැක ගත හැකි වුණේ එහිදීය. සරලව පවසා සිටියෝතින් එදවස බකමූණ මැණික් පොළෙන් හරි හම්බ කර ගත් රුපියල් දසදහසකට නොවැඩි මුදල ඒ වන විටත් ඔහු අප වෙනුවෙන් වියපැහැදම් කර හමාරය. වෘත්තීයමය ජීවිතය එක්තරා දුරකට පෞද්ගලික ජීවිතයද, පෞද්ගලික ජීවිතය එක්තරා දුරකට වෘත්තීයමය ජීවිතයද පාලනය කරන නිසා, විය පැහැදම අවුලක් නොවේදැයි මම විමසා සිටියෙමි. අල්ලලා දාමු... හෙටත් දවසක්... මහ පොළොව මිනිස්සු වගේ නෙවෙයි... අපිට උදවු කරාවි... එයට පිළිවදනක් ගොනු වුණේ ඒ ආකාරයටය. වෘත්තීයමය - පෞද්ගලික ජීවිත, සංවරණය සහ තුලනය මඟින් පාලනය වන්නෙක් සමඟ කාබී සතුටු වීමට ලද අවස්ථාව මම තරයේ කැටිකොට අල්ලා ගතිමි.
අල්ලලා දාමු... හෙටත් දවසක්... යන කතාව කෙතරම් වාරයක් යළි යළි කියවුණාද යන්න නොදන්නා මුත්; අපූර්ව පරිණාමයක් ඇති ඒ පුද්ගල කණ්ඩායම තුළ ඔහුගේ තැන දැන් ස්ථාවරය. තව දුරටත් කියන්නේ නම් ඔහු දැන් විසිතුරු මිනිසෙකි. (දත ගලෝ ගත්තද? යාළුවෙක්, කපටි රැළකට අහුවෙලා - ගෙදර ගෑනි. වීරයා පිළිබඳ එවැනි අර්ථකථන, කථනය වන්නේ පසුවය.)
ඕනෑම රස්සාවක හැංගුණ කොටසක් තියෙනවා. ඒක තමයි ඉදිරි අරමුණ එක තැනකට ගේන්නේ. ඒක කවුරු වුණත් එළියට දාන පොයින්ට් එකක් නෙවෙයි. හැබැයි මෙයා එයාගේ රස්සාවේ එක පොයින්ට් එකක්වත් නැතුව ජීවත් වෙන කෙනෙක්. ඒකයි මොන තැනකදි වුණත් ආයේ දවසක් එහෙම නැත්නම් අපේක්‍ෂාවක් තියනවා කියල එයා විශ්වාස කරන්නේ. තම සහෝදරය පිළිබඳ එලෙස පවසන්නේ නාමල් අයියාය.
ඒ කියන්නේ මැණික් ගැන ඇසිය යුතු හැමදේම මෙයාගෙන් ඇහැව්වාට කමක් නෑ කියන එකද? මම නාමල් කරා පැන පිළිවදනක් හරවා ඇසුවෙමි.
ඒ කාලේ ඇළහැර, බකමූණ, පැතිවල මැණික් කියන්නේ විකුණ ගන්න බැරි ගල් කැට ගොඩකට. ලොකු වීදුරු බෝතල්වල මැණික් දාලා කඩවල ලස්සනට තියාගෙන හිටපු කාලයක් තිබිල තියෙනවා. පෙළක් මිනිස්සු එහෙම ගල් කැට එකතු කරල කරන්න දෙයක් නැති වුණාම ගෙවල් අස්සේ වළ දාල තියෙනවා. පස්සට පහු තමයි කළු ගඟේ - ඇළහැර, බකමූණ කොටසේ මැණික් ගරන්න ගත්තේ. ඒත් වෘත්තීයමය විදියට නෙවෙයි. දැන් නම් ගන්න දෙයක් නැහැ. පිට රස්සාව කරන්න මිනිස්සු සිට ඉඳලත් ඇවිත් ඉන්නවා. ඇළහැර - බකමූණ මැණික් ගොඩක් ගත්තේ රත්නපුරේ මුදලාලිල. මැණිකක් අරගෙ රත්නපුරේ ගියොත් අඩුම වාහනේ හයර් එක හරි රත්නපුරේ මුදලාලිල ඇළහැර - බකමූණ මැණික්කාරයන්ට දෙනවා. මොකද ඒ අය දන්නවා ඇළහැර - බකමූණ අය කවදාවත් මැණික් එක්ක හොර මගඩි කරන්නේ නැහැ කියල. මැණික් පුච්චල ඔප දාන්න ගත්ත දවසෙ ඉඳල ලංකාව වටේම ඉන්න මැණික් කාරයෝ පාට වෙනස් කරන ගේම ගැහැව්ව. ඒත් ඇළහැර - බකමූණ මැණික් එහෙම කළේ නැහැ.
කළු ගඟට ඇවිත් අලුත් සල්ලිකාරයෝ දේශපාලන හයිය අරගෙන පරණ රස්සාව කරපු මුදලාලිව වට්ටන්න හැදුවා. ඒත් මිනිස්සු ඉන්නේ පරණ මුදලාලිලා එක්ක. මැණික් කියන්නෙ ලස්සනයි - පාටටයි - ආසාවටයි කියන නමක්. ඒත් ඒවා ඇත්ත ජීවිතය ජීවත් කරවන්න අමාරුයි. පරණ මුදලාලිලා පතල්කාරයන්ට සීනි, පොල්ටික, ගෙවල් ෙදාරවල්වල මරණ, මඟුල්, ලෙඩ දුක් - අසනීප ඒවට ඉඳල බලනවා. අලුත් සල්ලිකාරයෝ හිතන්නේ ලස්සනයි - පාටයි - ආසාවයි කියන්නේ ජීවිතේ කියල.
'හැමදේම හරිම ගොරතරයි. හරිම ගණන් වැඩියි.' කන් අඩි රත්වීම කරණ කොට ගෙනද තැම්බෙන තෙතමනයෙන් ඔද්දල් වෙමින්ද මම සිතුවෙමි. (පොළොන්නරුව වැනි මැදි පළාතකට වහින්න ගත්තද දහවල තුළ තෙතමනය තැම්බෙන මුහුණුවරක් ගනී) බොහෝ විට සිතුවත් දකින්නට නොලැබී යැයි සිතූ මිනිසා ඒ අවුස්සේ තම කතාව මෙලෙස ඇරඹීය.
මැණික්වලට ගහන ගේම් ගොඩයි. තාක්‍ෂණිකව මුලින්ම කරන්න ගත්තේ මැණික් පුච්චල පාට වෙනස්කර ගන්න එක. ඒ ආකාරයට ගත්ත මැණික්වල නම් මම කියන්න යන්නේ නැහැ. චීන්නු ලංකාට ඇවිත් මුලින්ම කළේ ඒක. හැබැයි මැණික් ගලක් අඳුන ගත්තෙ පාටෙනුයි. සීතල නෙවෙයි. පාට වෙනස් කරල ගත්තත් සීතල වෙනස් කරන්න බැහැ. මැණික් පළිඟු - මුතු මේ හැම දෙයක්ම ස්වාභාවික නම් සීතලයි. ඒක තමයි මුලින්ම හරියට දැනගන්න ඕනෑ. දැන් කෙරෙන අලුත්ම වැඩේ තමයි එක්ස්රේ මැෂින්වලින් ගල් පුච්චන එක. එතකොට ගල්වල පාට වෙනස් කරන්න ලේසියි. මේ වැඩේ අල්ල ගන්න අමාරුයි. මොකද පවර් කරල එක්ස් රේ මැෂින් එකකින් ළඟ ඉඳල සුදුපාට ගලක් පිච්චුවාම ඒ ගල නිල්පාටට හැරෙනවා.
තව එක විදියකට ගල් පාට ගස්සනවා. තුවාලවලට දාන බෙහෙතක් තියෙනවා කහපාටට හුරු. ඒ බෙහෙත දාන්නේ කල් අල්ලපු තුවාලවලට. කල් අල්ලපු තුවාල කියන්නෙම ඇඟේ සීනි තියෙන කෙනෙක්ගේ තුවාලයක්.
ඒ බෙහෙතේ නම මම කියන්නේ නැහැ. බෙහෙත් වතුරට දිය කරල ඒ වතුර උණු කරල ඇල් මැරෙන්න යද්දි ගල් ටික ඒ වතුරට දාල ආයේ පාරක් එක පාරම රත් කරල නිවෙන්න ඇරියම ගල් පාට වෙනවා. ඒ විදියට පාට කරන ගල්වලින් ඩයි එක මැකිල යන්නේ ගොඩක් අව්වට ගල අහු වුණොත් විතරයි. අව්වට අහු වෙනව කියන්නේ එක දිගට ගොඩක් කාලයක් අව්වට අහුවෙනව කියන එක. එහෙම දෙයක් වෙන්නේ හරි අඩුවෙන් නිසා ගොඩක් වෙලාවට ඩයි ගලකට මම අහුවුණා කියල දැන ගන්න ඕන කෙනා ජීවිත කාලයම පුරා දැනගන්නේ නැහැ.
මිනිස්සු ගලක් පලඳින්නේ ඒ ගල එක්ක මොකක් හරි විශ්වාසයක් තියෙන හින්දා. උදාහරණයකට දිය තරිප්පු වලින් කොත් හදනවා. කණ්ණාඩි හදනවා. සඳකැන් ගල්වලින් මුදු හදනවා. පෙළක් වෙලාවට දිය තරිප්පු ගල් වලිනුත් මුදු හදනවා. සඳකැන් ගල් හදන අය කියන්නේ ඒ ගල් හරිම අසුබ ගලක් කියල. ඒ වගේ ගල් ගැන එක එක විශ්වාස මිනිසුන්ට තියෙන්නේ. මම කියන්නේ ඒ විශ්වාසයට අපි ගරු කරන්න ඕනෑ කියල. ඒ හින්දයි මම ගලක් පාට කරනවාට, ගලක් විකෘති කරනවාට විරුද්ධ. ඇත්තම මැණික් කියන්නේ පාටයි, ලස්සනයි, ආසාවටයි කියන නමක්.
කදිම ලෙස මැණිකක් අර්ථ ගැන්වූ මෙම පුද්ගලයා පිළිබඳ මට ඇතිව තිබුණේ උපේක්‍ෂණ අපක්‍ෂපාතීත්වයකි. ඒ ඔහු ඔහුට අපක්‍ෂපාතී වෙමින් සමාජයට පක්‍ෂපායී වන නිසාද විය හැකිය. කෙසේ වෙතත් මා දැනුදු සිතන්නේ මා හමුවීමට සිතූ ආකාරයේ අයෙක් නොසිතූ ලෙස හමුවූ බවය.

ඒක ඔරිජිනල් ගලකැයි සින්තටික් ගලකැයි අතර මැදි නිල්පාටක්. නොදන්නා අය ඒ ගල්වලට අහු වෙනවා. ඒ ගල් එක්ස්රේ මැෂින් වලින් පුච්චල, කාලයක් ඒ කියන්නේ අඩුම මාස 3 - 4ත් වතුරේ දාල තිබුණොත් තවත් පාට වැඩිවෙනවා. එකක් තියනවා, ඒක මෙහෙම දෙයක්. අපි හිතමු එක්ස් රේ මැෂින්වලට දාන ගල හොඳ ගලක් කියල. ඒක තමයි ඇත්ත. මොකද පලුද්දක් තියෙන ගලක් මැෂින් එකට දැම්මොත් ගල කුඩු වෙන්න තියන ඉඩ අඩුයි. දන්න අය කියන්නේ මැෂින් එකට දාල කිරණ අල්ලද්දි ගල කුඩු වෙනවා කියන එක නෙවෙයි. පස්සට පහු අර පලුද්ද එක්ක ගලේ ඉරි ගිහින් කුඩු වෙන්න පුළුවන් කියන එක. මේ කිසිදෙයක් කියන්නේ නැතිව අර ඔර්ජිනල් ගල හරියට කපල ඔප දාගන්න පුළුවන් වුණොත් හොර - බොරු නැති සතුටක් එක්ක ගාණක් හොයා ගන්න පුළුවන්.