ජපන් ෆුට් බයිසිකල් කට්ටක් තෝරගන්න හැටි..

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    UPDATED|ජපන් ෆුට් බයිසිකල් කටුවක් ගමු..

    Bicycle ගැන කිරියේ නූල් (thread) හරි අඩුයි. ඉතින් මං මේක දැම්මේ කිරියේ මචංලට මං දන්න දේවල් වලින් කොහොමද හොද bicycle එකක් තෝරගන්න හැටි කියන්න..:dull:
    සැ.යූ. bicycle ඔස්තාර් නෙවෙයි ඈ. හැමදාම වගේ bicycle පදින සාමාන්‍ය මනුස්සයෙක් :rofl:


    :frown: මුලින්ම කියන්න ඕනි Bicycle නං ජපන් Bicycle තමයි :frown:

    * ජපන් උනහම සැප පහසුයි
    * spare parts durable ඒ කිවේ Bicycle එකේ අනන් මනන් කෑලි හුගක් කල් පාවිච්චි කල හැකි
    * (good second hand market) ආපහු විකුණද්දි රෙද්දක් ඇදන් ගණන් ඉස්සුව හැකි :D
    * පෙනුම සුපිරි ඒ කිවේ ලුක් එක මරු.(ඉන්දියන් චීන ටකරං වගේ නෑ)


    ජපන් Bicycle එකක් තෝරමු.

    දැන් කොහොමද ජපන් Bicycle හොයන්නේ. Bicycle කඩ වල උන් ජපන් ජපන් ගාන්නේ හුගක් වෙලාවට Italian/ Japan/ USA/ Malaysia රටවල Bicycle වලටත් එක්ක. Italian/ USA/ Malaysia Bicycle උනත් අවුලක් නෑ. ඉන්දියන් චීන කටු නැතිව.(Chevrolet වගේ එව්වගෙත් ජපන් අකුරු sticker තියනවා/ ඒත් Chevrolet USA කියලනේ කියන්නේ මෙව්වා කොහෙ හදනවද මංදා එක එකා එක එක රටවල් කියති) Bicycle එක ජපන් නම් Bicycle එකේ තැන තැන ජපන් අකුරු තියන stickers තියේ පොඩි. Silver / Yellow/ Blue පාට වලින් තමා මං හුගක් දැකල තියෙන්නේ. වෙන පාටවලිනුත් ඇති. බලහන් ජපන් අකුරු තියෙද කියලා. මෙන්න මේ වගේ.
    bicycle_registration_stickers_in_japanese_by_jap.jpg
    CK5564.jpg
    2015_11_09_611.jpg
    IMG_0292.jpg


    Japan Bicycle brands ගොඩක් තියේ. (Google කරලා හොයාගනියව් :D රෙද්දෙ රෙවෙනව එච්චර ගොඩක් තියේ.)
    මං කියන්න යන්නේ 9,000-22,000 වගේ ගණන් Bicycle ගැන හරිය !
    Giant/GT/TREK ඔය වගේ එව්ව තියනවා බුදු ගණන් හැබැයි. 28,000 ඉදලා උඩහට තමා ඔව්වා.
    දෙලක්සෙ න් එහා යන එව්වත් තියේ මේ වගේ රේස් පදින එව්ව ගැන ඒ කීවේ.
    මේක නං GT එකක් 45,000/=

    aOiVtwt
    2015_11_09_608.jpg



    දැන් මේ ඇවිල්ලා සාමාන්‍යයෙන් නිතර දකින, කොල්ලො පදින Japan Bicycle ටිකක්..
    2015_11_09_633.jpg
    IMG_2233.jpg
    IMG_0990.jpg
    img56061515.jpg



    මේ ඉතින් සාමාන්‍ය full option bicycle එකකි ඉරකි තිතකි.
    18,000-22,000/= වගේ තමයි ගණන්. (ඇඩියාව දාල 20,000ට ගන්න හැකි ඉතින්.) :P
    කුරුණෑගල නං එහෙමයි කොලඹ ඔයිට වැඩී අනිවා.

    2015_11_09_625.jpg


    *
    පේනවනේ ඉස්සරහයි මැදයි Socket තියන (ඒ කීවේ double socket කියන එක.)
    * මැදින් දෙකට කඩන්න හැකි.
    * Rim size 28"
    (Rim size වැඩිම යන්නේ 28”. ඉදල හිටල 29" වගේ හම්බෙනවා.
    අන්තර්ජාතික කස්ටිය කියන්නේ 27.5" තමයි සුදුසුම ලු. ලංකාවේ අපිට ඉතින් 28" තමා )

    * Gear 18 (ඒ කිවේ ඉස්සරහ gear 3යි පස්සේ 6යි. 6*3=18 යි )


    දැන් මං කියන්නේ 9,000-11,000 ගණන් එව්වා. මේ තියන ජපන් බයිසිකල් දෙක ඒ ගණන්.
    ck0743.jpg
    CK5588.jpg

    Rim Size 24" (මීට වඩා පොඩි උනොත් පොඩි උන්ගේ Bicycle තමයි )/ socket මුකුත් නැත / දෙකට කැඩීම උගහටය හැබැයි පුටේ ඔය චයිනීස් ඉන්දියන් කටු වගේ නෑ. ගින්දර! මෙව්වා කෙල්ලොත් පදිනවා.ඒත් මැද පොල්ල ඇද පලියට කෙල්ලෝන්ගෙ bicycle නෙවෙ හරිය! :P:rofl:



    සමහර bicycle brand වල (Giant/ GT වගේ ඒවගේ මං දැකල නෑ) double socket / දෙකට කඩන එව්වා එන් නෑ. ඒ වගේම තව දෙයක්..

    * Disk Brake (Motor Bike වල brake වගේ disk)
    * රෝද පින් එකකින් ටුක් ගාල ගලවන්න හැකි නං
    * Aluminium frame නං එහෙම. බර අඩුයි. එක ඇගිල්ලෙන් උස්සන්න හැකි සමහර ඒවා. එහෙම නං තවත් ගණන් වෙයි. :nerd:


    Gear System එක..

    Shimano තියන එකක් ගන්න. බලන්න gear spare parts වල ගහල තියේ Shimano කියලා.මෙන්න මේ වගේ..

    images.png

    2015_11_09_618.jpg
    2015_11_09_589.jpg
    2015_11_09_632.jpg


    ඕකේ handle එකේ gear shift කරන කොටස මෙහෙම තියේ නං ලේසි gear මාරු කරන්න ගියහම. (මට ලේසි එහෙම :D) ඒකත් බලන්න. (පහල පොටෝ 2 බලන්න)
    IMG_0169.jpg
    DSC00995.jpg


    Used bicycle එකක් ගද්දි..

    මෙන්න මෙව්වා හරියටම බලන්න..මොකද මචං උඹ දාස් ගානක් දෙන්නේ හොද බඩුවක් ගන්න මිසක් ලදරමක් ගන්න නෙවේ..

    * හොදට check කරලා පැදලා බලලා ගන්න. පැදලා බැලුවම උබට සැටිස්/ සැපයි/ පහසුයි වගේ දැනෙන්නේ නැත්තන් වැඩක් නෑ!!

    * brake ගහලා gear මරු කර කර පොඩ්ඩක් පැදල බලන්න.Gear සේරම මාරු කර කර පැදල බලන්න වෙනවා. ඒ කීවේ gear 6ක් නං 1 ඉදලා 6 ත්, 6 ඉදලා 1ත් මාරු කර කර පැදල බලන්න ඕනි. හරියට gear මාරු වෙන්නේ නැත්තන් tune කර ගන්න ඕනි.(සමහර වෙලාවට වැඩිම හෝ අඩුම gear වලට දැම්මහම පනිනව chain එක/තව එක්කෝ gear මාරු කරහම චර චර ගගා මාරුවෙන්නේ නැතිව තටමනවා.. ඕව බලන්න)

    * brake cable check කරන්න පලුදු වෙලා / නැමිලා/ පැලිලා ඉරිතැලිලා/ මළකඩ කාලා නං මාරු කරල දෙන්න කියන්න.

    * chain එකේ පුරුක් නිකං ලූස්/ බුරුල් වගේ නං ගෙවිලා. මළකඩ කාල තිබුනට ඉතින් කමක් නෑ.

    * Freewheel / Cog wheel වල කට්ට උල් වෙලා නං ගෙවිලා. මේ තියෙන්නේ හොද Freewheel එකක්. හොදට බැලුවොත් කට්ට අගින් හොදට හතරැස්.
    ck1282.jpg
    40566.jpg


    මෙන්න මෙහෙම කට්ට උල් වෙලා නං ගෙවිලා. හතරැස් උනාට අගින් උල් වෙලා වගේ.. එහෙමනං මාරු කරල දෙන්න කියන්න..

    2015_10_07_501.jpg
    2015_10_07_498.jpg


    * Rim එකේ brake පලු වදින තැන් ගෙවිලද rim එක කැපිලද බලන්න. ගෙවිලා නං rim එක මාරු කරලා දෙන්න කියන්න. Rim දෙපැත්තේ දාරේ දිගේ සීරුවට ඇගිල්ල යවලා බලන්න. පතුරු ගැහිලා නං දැනෙනවා. මේ තියෙන්නේ ගෙවිච්ච ඇද ගහපු එව්වා. මෙහෙම දිව්වොත් brake පලු කඩලා යනවා.

    3426515661_88c2ff4cf9.jpg
    tires010.jpg
    rim.jpg


    * seat ඉරිලා නං මාරු කරගන්න. තියන seat එක කැතයි නං පුකට හොද සැප seat එකක් yard එකේ වෙන බයික් එකකකින් ගලවල දියන් මේක දාල දෙන්න කියලා!

    * තව වලවල් වලට දාල පැදලා බලන්න socket වැඩද කියලා.(සොකට් කියන්නේ සොකට් හරිය ! නැතුව ගල් සොකට් නෙවේ. වලට වැටුනම ගානට සොකට් වැඩ කරන්න ඔනි)

    * Bicycle එක ග්‍රීස් කරලද තියෙන්නේ අහන්න. නැත්තන් ග්‍රීස් කරලා දෙන්න කියන්න. පැයක් දෙකක් යාවී. ඕක check කරන්න හැකි paddle එකෙන් කරකවලා බලන්න චර බර /ටොක ටොක ගානවද කියලා, හරි නං smooth යන්න ඕනි.. paddle arm එක උබේ දිහාට ඇදල බලන්න සීරුවට හෙලවෙනවද කියලා, එහෙමනං ග්‍රීස් කරල නෑ (ඔක්කොම ගලෝලා රෝද දෙකත් ගලෝලා අර යකඩ බෝල මාරු කරලා ග්‍රීස් ගාලා brake cable / gear parts වලට තෙල් දාල/ gear tune කරලා ඔක්කොම වැඩ ටික කරනවට කියන්නේ ග්‍රීස් කරනවා කියලා)


    ජපං ගන්නවා නං brand new/used මොක උනත් අවුලක් නෑ අන් මනන් කෑලි ටික ඔක්කොම තියෙන්න ඕනි. paint එක හොදට තියේ නං ආපහු විකුණනකොට ලේසි. Second hand උනහම හුගක් වෙලාවට Paint එක 75%-90% වගේ තත්වෙක තමා ඉතින්. (පොඩ්ඩක් පොඩ්ඩක් හීරිලා එහෙම තිබ්බට අවුලක් නෑ) paint එක තියේ නං ආපහු විකුණනකොට ලේසි පෙනුම හොද නිසා ikman.lk එකේ දාල වික්ක හැකි. :D

    තව දෙයක් මචන්ලා..

    දැන් ඔය Chevrolet / Hummer Bicycle ගද්දි බලන්න ඕනි original ද කියලා. ඒව බලන්නේ මේ වගේ sticker වලින්..sticker කීවට ඒව නිකන් paint එකටම ගහපු print එකක් වගේ.ලාවට තමා අතට අහුවෙන්නේ. හුගක් වෙලාවට "GM" blue sticker එක තියේ නං බඩු genuine :yes: Chevrolet නං The Heartbeat of America කියල තියේ ..:love: ඔය Branded ගන්න අය ඔව්ව පොඩ්ඩක් බලන්න, බාල sticker ගහපුව විකුනන්න තියේ මුල ඉදලා paint ගහපුව එහෙම..:rolleyes:

    2015_11_09_596.jpg
    2015_11_14_656.jpg
    Chevy_13000_1.jpg
    43212477_9.jpg
    ed8.jpg


    මේන් තියනව සම්පූර්ණයෙන් paint එක අලුතෙන් ගහපු එකක්. එතකොට original paint එක අයින් කරලා..
    හනේ මන්ද එතකොට brand එක ලොවෙත් නෑ :D ආපහු විකුනද්දි වැඩි ගානකට දෙන්න අමාරුයි. :rolleyes:

    IMG_0989.jpg



    Used (second hand) හරි Brand New හරි Japan bicycle හොයන අයට..

    * කොළඹ MC එක හරියේ ඔය Lumala city හරියේ තිබ්බ දෙක තුනක්.

    * කුරුණෑගල නං තියේ bicycle yard කිහිපයක් මං දන්න. (මං මේ පාරවල් කියන්නේ කුරුණෑගල ඉදලා හරිය.)

    • කුරුණෑගල කොලඹ පාරේ බෝයගනේ හන්දියට පස්සේ Charmal Enterprises කියලා තියේ bicycle මාලිගාවක්. මුන්ගෙ බඩු හුගක් දවස් වලට ඉවරයි. ටක් ගාල බඩු විකිණෙනවා. පොඩ්ඩක් කතා කරලා බලන්න (dimo lanka/ මල්පිටිය හංදිය/ auto plaza වලට කලින් හරිද) එකෙ බැලුවම මචන්ට idea එකක් ගත හැකි. used/brand new ඕනි පු*ක් තියෙ.
    • කුරුණෑගල දඹුලු පාරේ රේල් පාර පහු කරලා උඩහට 400m යද්දි තියනවා කඩයක්. උදිත-0717074499

    • තව කුරුණෑගල කොලඹ පාරේ වැහැර හන්දියට කලින් Laugh Super Market එක හරියේ තියේ Pathirana කියලා bicycle කඩයක්.
    • තව එතනම පාරෙන් එහා පැත්තේ කුරුණෑගල පැත්තට වෙන්න තව පොඩි කඩයක් තියේ. Luxury Traders - 0718479673
    • තව තියනවා yard එකක් කුරුණෑගල පුත්තලම් පාරේ පුත්තලම් හන්දිය(කුරුණෑගල town) ට කිට්ටුව තියන petrol shed එක එහා පැත්තේ

      ** මේ ලගකදි දැක්ක මං HUMMER FOLDING BICYCLE වල offers එහෙම යනවා. ගන්නව නං පොඩ්ඩක් බලන්න ඒව සිරා Genuine ද කියලා හරිය ? හොර ඒවා හෙනට තියේලු ! මේ ඒ ගැන විස්තරයක්.. ඔබන්න
    yellowhummer.jpg

    Chinese brand new bike 12,500 ඉදන් තියේ. හැබැයි මෙලෝ රහක් නෑ. ගින්දර ජපන් කාරෙකකයි මරුති එකකයි වෙනස / සැප මං කියන්න යන් නෑ. පරණ උනත් ජපන් බඩු patta quality. අවුරුදු 20-30 පරණ උනත් ජපන් බඩු සැපයි බ්‍රෝ..:yes::yes:

    මට මග ඇරුන දේ තියේ නං එකතු කරන්න මචංලා.:)
    ඒ වගේම බයිසිකල් තියන කිරියො ටික තමන්ගේ වන්ඩියේ පොටෝ එකක් එහෙම දාන්න.. :D:D

    **ගන්නකොට ගණන් හිලව් අඩු කරලා ගන්න එක උඹලයේ දක්ශතාව ඕන්.. :nerd:

    සැ.යු. බයිසිකල් ගැන එකී මෙකී දේවල් කියල දීපු හදිසි අනතුරකින් අප අතරින් වියෝ වූ කුරුණෑගල 'චන්ඩි මල්ලි' වත් මතක් කරන්න ඕනි වගේම..
    කිරියේ IDG සහෝගෙ "ඒලකිරි බයිසිකල් club" නූල මෙ වෙලාවේ අමතක් කරන්න බෑ. සැලකියයුතු දැනුමක් ඒ නුල සම්පූර්ණයෙන් කියෙව්වම එනවා..:yes::yes:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    650B-mountain-bike-198.jpg


    මට ශිමානො කෑලි තියන ජපන් බයික් එකක් තිබ්බ බ්‍රෑන්ඩ් එක නම් මතක නෑ. 2003දි 5500ට ගත්තෙ. එක පාරක්වත් වැටිල නෑ. සුපිරිම බයික් එක. ඒක මම 3000ට විකුනුවා ඉස්කෝලෙ යාලුවෙක්ට ඒ ලෙවල් කාලෙ වගේ. :(
     
    • Like
    Reactions: chethana kalan

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    650B-mountain-bike-198.jpg


    මට ශිමානො කෑලි තියන ජපන් බයික් එකක් තිබ්බ බ්‍රෑන්ඩ් එක නම් මතක නෑ. 2003දි 5500ට ගත්තෙ. එක පාරක්වත් වැටිල නෑ. සුපිරිම බයික් එක. ඒක මම 3000ට විකුනුවා ඉස්කෝලෙ යාලුවෙක්ට ඒ ලෙවල් කාලෙ වගේ. :(

    අපරාදේ බං. ශිමානෝ කෑලි එන්නේ ජපන් බයික් වලට. මේ මට image sharing site එකක් කියහන්කො හොද ? එපා උනා images කෙරුවාව :D
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    තව දෙයක් මාත් එකතු කරන්නම්. ස්පෝක්ස් තනි ඉරට තියෙන ජපන් බයික් එකක් නම් හෝ cross එක ගොඩක් අඩු එකක් නම් වඩා හොදයි :yes:

    nwevyw.jpg
    2q8o9xc.jpg


    හැබැයි එහෙමයි කියලා ඉන්දියන් තනි ඉරට ඒවාගේ ගියොත් මරණ පරීක්ෂණේ වත් කර ගන්න බැරි වෙයි :P
    අනිත් දේ තමයි බර. ජපනෙක් උස්සල බලද්දි තේරෙයි බර සෑහෙන්න අඩුයි (ජපනෙක් කිවුවේ ජපන් බයිසිකල් බොල)
    මාත් ඉතිං ඔස්තාර් කෙනෙක් නම් නෙවෙයි ඒත් බයික් ගන්න ගියහම ගොඩක් අය ඔය වගේ දේවල් ගැන වැඩිය බලන්නේ නෑ :rolleyes:
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    තව දෙයක් මාත් එකතු කරන්නම්. ස්පෝක්ස් තනි ඉරට තියෙන ජපන් බයික් එකක් නම් හෝ cross එක ගොඩක් අඩු එකක් නම් වඩා හොදයි :yes:

    nwevyw.jpg
    2q8o9xc.jpg


    හැබැයි එහෙමයි කියලා ඉන්දියන් තනි ඉරට ඒවාගේ ගියොත් මරණ පරීක්ෂණේ වත් කර ගන්න බැරි වෙයි :P
    අනිත් දේ තමයි බර. ජපනෙක් උස්සල බලද්දි තේරෙයි බර සෑහෙන්න අඩුයි (ජපනෙක් කිවුවේ ජපන් බයිසිකල් බොල)
    මාත් ඉතිං ඔස්තාර් කෙනෙක් නම් නෙවෙයි ඒත් බයික් ගන්න ගියහම ගොඩක් අය ඔය වගේ දේවල් ගැන වැඩිය බලන්නේ නෑ :rolleyes:

    අඩෝ !! මං ඕය සීන් එක දැන් දන්නේ. කියුවට තෑන්ක්ස් බොල. තව දන්න මගුල් කියහන් දැනගන්න. තනි ඉර එව්ව අඩු ඇති නේ බං ? දැකල තියනව කියල මිටර් නෑ. දන්නෙත් අදනෙ ඉතින් මෙහෙම එකක් :D
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    මම 1997 Giant original එකක් ගත්තේ රුපියල් 2000. ජපානෙන් ගෙන්නපු බඩු.

    rep +
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ටහිකෙයි TREK ! වාසනාවන්.. :D IDG ගෙ නූල විතරයි නේද බං කිරියටම තියෙන්නෙ ?

    ඔව් මචන් දන්න විදිහට එක විතරයි තියන්නෙ.සැහෙන විස්තර ටිකක් තියනවා උබෙ ත්‍ර්ඩ් එකෙ පට්ට.උබත් බයික් කාපු එකෙක් වගෙ නේහ්:cool::cool:කලින් රෙප් දෙන්ඩ බැරි උනා +++
     
    • Like
    Reactions: chethana kalan