~ ~ ජාතික ගිය දෙමලෙන් මාක්ස්වාදී ඇසකින් ~ ~

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ~ ~ ජාතික ගිය දෙමලෙන් මාක්ස්වාදී ඇසකින් ~ ~

    ජාතික ගිය දෙමල බසින් ගයනා කිරීම සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුව විසින් පිඩිත දෙමල ජනතාව මුලාකිරීමට අටවන ලද අමු ප්‍රෝඩාවකට වඩා වැඩි දෙයක් නොවේ සත්‍ය නම් තිස් වසරක සිංහල දෙමල වර්ගවාදී යුද්ධයෙන් පිඩාවට පත් දෙමල ජනතාව ගේ ප්‍රජාතාන්ත්‍රික කර්ත්වයන් කිසිවක් මෙරට පාලක පන්තිය සහ එහි හවුල් කරුවන් වූ දෙමල ජාතික සන්ධානය විසින් ඉටුකර නොමැත යුද්දයට එරෙහි වූ කම්කරු පීඩිතයන් දේශපාලන සිරකරුවන් යන ලේබලයටත් වඩා කොටි ලේබලය අලවා තවමත් සිරගෙවල් වල වාසය කරයි

    කදුකරයේ වතුකම්කරු ජනතාවගේ නිවාස ප්‍රශ්න වැටුප් ප්‍රශ්න කිසිවක් තවමත් විසදා නොමැත.සැබවින් ම ඔවුනට මේවා ඉටු කිරීමටද නොහැක.මාක්ස්වාදීන් වන අපටනම් සැබෑ නිදහස යනු ලොව පුරා කම්කරුවන් එකසත් වී ලෝකයම වෙලාගෙන ලාභ ගරන කම්කරුවන්ගේ ශ්‍රමය උරාබොන ධනපති ක්‍රමය පෙරලා දමා ජාත්‍යන්තර සමාජවාදී රතු ධජය මත ලෝක සමාජවාදී සමුහාණ්ඩු සංගමයක් මත එක්සත් වන දා මිස අධිරාජ්‍යක යටත් විජිතයකින් නිදහස් ලැබුවා කියමින් සත්‍යය වසන් කර ධනපති ක්‍රමයට රහසේ යටත් විජිතයක් වූ දිනයක් නොවේ.



    Sri-Lanka-people-jaffna.jpg
     
    Last edited: