පුටීන්ගේ අපූරු වැඩ - Real Life Action Hero
1991 දී සෝවියට් දේශය නම් මහා බලකඳවුර කඩා වැටීමෙන් පසුව තනි ප්‍රබල රාජ්‍යයක් ලෙස ඉතිරි වූයේ එය ගොඩනංඟන්නට ප්‍රබලම දායකත්වය සැපයූ රුසියාව පමණි.අවාසනාවකට රුසියාවේ පාලනය ගෙන යන්නට පත්වූයේ බොරින් යෙල්ස්ටින්ය.ඔහු යටතේ අලුත් ගමනක් යෑමට සැරසුණු රුසියාව චෙච්නියාවේදී ඉස්ලාමීය බෙදුම්වාදීන්ට එරෙහිව ලැබූ පරාජයත් සමග යෙල්ස්ටීන්ගේ ජනප්‍රියත්වය ක්ෂය වී යන්නට පටන් ගත්තේය.1999දී ඔහු රුසියානු ජනපතිධූරයෙන් ඉල්ලා අස්වේ.යෙල්ස්ටින් තම අගමැතිවරයාව නව ජනපති ලෙස නම් කරනු ලැබේ.අඩි 5 අඟල් 7ක් උස මෙම කාර්යශූර්ය පුද්ගලයා ත්‍රස්ත ප්‍රහාර,යුද්ධ සහ ඛේදවාචකවලට මුහුණ දෙමින් ධූර කාල දෙකක් ලොව විශාලතම රාජ්‍යය පාලනය කලේය.ඒ පාලන කාලයන්හිදී රුසියාව,ඇමෙරිකා එක්සත් ජනපදය සමග කරටකර සිටින්නට හැකි අයුරින් ශක්තිමත් කරන්නට ඔහු දැඩි වෙහෙසක් දැරීය.තම මවුබිම පෙර පැවති සෝවියට් දේශය හා සමාන බලසම්පන්න රාජ්‍යයක් කිරීමේ සිහිනය ඇති මේ ධෛර්යයවන්ත මිනිසා 2012 දී යළිත් රුසියාවේ ජනපතිධූරයට පත්වේ.ඔහු අන්කවරෙක්වත් නොව සකලලෝකවාසීන්ගේ ගෞරවාදරයට පාත්රවූ විලැඩ්මී පුටීන්ය.
විලැඩ්මීර් පුටීන්ගේ පියා සහ මව - Vladimir Spiridonovich Putin, Maria Ivanovna Shelomova
1952 ඔක්තෝම්බර් මස 7 දා ශාන්ත පීටර්ස්බර්ග් හි උපන් විලැඩ්මීර් පුටීන්ගේ පියා නාවික හමුදා සෙබලෙක් වූ විලැඩ්මීර් ස්පිරිඩොනොවිච් පුටීන් වූ අතර මව කර්මාන්තශාලා සේවිකාවක් වූ මාරියා ඉවොනොවා ෂෙලොමොවාය.පාසල් කාලයේදී ක්‍රීඩාවලට දැඩි ඇල්මක් දැක්වූ මොහු ජූඩෝ සහ සම්බෝ යන ආත්මාරක්ෂක ක්‍රීඩා ප්‍රගුණ කලේය.ඔහුගේ උසස් පාසල් සමයේදී ජර්මන් භාෂාව උගත් නිසා ජර්මන් බස හොඳින් කතා කරයි.ඔහු නීතිය පිළිබඳ ලෙනින්ග්රාඩ් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ උපාධිදාරියෙකි.1975 දී රාජ්‍යය ආරක්ෂාව සඳහා වූ කොමිටුව හෙවත් වෙත සම්බන්ධ විය.ඔහු රහස් නියෝජිතයෙක් ලෙස නැගෙනහිර ජර්මනියේ සේවය කලේය.සමාජවාදී නැගෙනහිර ජර්මන් රජය බිඳ වැටීමෙන් පසුව ඔහුව සෝවියට් දේශයට කැඳවන ලදි.1991 දී ඔහු සමුදෙන විට ලුතිනන් කර්නල් තනතුරේ පසුවිය.1997 දී බොරිස් යෙස්ල්ටීන්ගේ ජනපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස පුටීන් පත් කෙරේ.ඉන්පසු නූතන රුසියාවේ ජනපති වීම දක්වා ඔහු වේගවත් ගමනක යෙදේ.
තවම අපි ලිපියට ආරම්භය ගත්තා විතරයි.KGB රහස් ඒජන්තවරයෙක් ලෙස කටයුතු කල පුටීන් සියල්ලෙහි දක්ෂයෙක් බව ඔහුගේ කරන කියන දෙයින් පෙනෙන්නට තිබේ.හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටවල එන වීරයා,සැබෑ ලෝකයේදී දැකගත නොහැකි වුවද එවැන්නෙකුගේ චරිතයට සැබෑ ලෝකයේදී පණ දෙන අයෙක් ලෙස ජනපති පුටීන්ව, ඔබට දිස්වන්නේ නම් එය පුදුමයට කරුණක් නොවේ.මන්ද ඔහු තරම් බහුවිධ හැකියාවන්ගෙන් සම්පුර්ණ රාජ්‍ය නායකයෙක් පසුගිය සමය තුල බිහිනොවූ නිසාය.හමුදා සේවයේ සිට දේශපාලනයට පැමිණි පසු බොහෝ නායකයන් තම වීරවික්රමාන්විත ජීවිතයට සමුදෙන විට පුටීන් කලේ එහි අනෙක් පැත්තයි.මෙම ලිපියෙන් ගෙන එන්නේ වැඩිදෙනෙක් නොදන්නා පුටීන්ගේ ජීවිතයේ වෙනත් පැත්තක් ගැනයි.
සැබැවින්ම ඔහු ගුවන් නියමුවෙක්ද?ඔහුගේ හැකියාවන් පෙන්වූ එක් අවස්ථාවක් වන්නේ 2010 වසරේදී රුසියාවේ රියසාන් ප්‍රාන්තයේ ඇතිවූ මහා ලැව් ගින්න නිවීමට ගුවනින් ජලය ඉසීමට ඔහු දැක්වූ දායකත්වයයි.මෙම ගින්න නිසා රුසියාවට ස්විස්ටර්ලන්තයට වඩා විශාලත්වයක් සහිත වන ගහනයක් අහිමිවූ බව කියවේ.පූටීන් ඇතුලු පිරිස දියගොඩ දෙකෙහිම සිට ගුවන්ගත කිරීම සහ ගොඩබෑම කල හැකි රුසියානු Beriev Be-200 යානයක ගමන් කල අතර පසුව එහි නියමු අසුනට පැමිණි පුටීන් එහි පාලනය භාරගත් අතර යානයේ ගෙන ආ ටොන් 24ක් පමණ බර ජලය ගිනිගෙන දැවෙන වනාන්තරයට හෙළන ලදි.
වරක් ඔහු ප්‍රහාරක ජෙට් යානයක් පැදවීය.2000 වසරේ මාර්තු මස 20 දා චෙච්නියාවේ යුද කලාපයට ඉහළින් රුසියානු Su-27 ජෙට් යානයක ඔහු ගමන් කලේ තවත් නියමුවෙක් සහිතවයි.Krasnodar නගරයෙන් පිටත්වූ ඔවුන් චෙච්නියාවේ Severny ගුවන් තොටුපොලට ගොඩ බසින ලදි.චෙච්නියාව යනු පුටීන් වැනි නායකයෙකුට ගොඩබිමින් තියා ගුවනින්වත් ගමන් කලයුතු ප්‍රදේශයක් නොවීය.වසර 2000 යනු දෙවන චෙච්නියා යුද්ධය පැවති සමයයි.චෙච්නියාවේ වෙනම ඉස්ලාමීය පාලනයක් ගොඩනැගීම උදෙසා ඉස්ලාමීය බෙදුම්වාදීන්(චෙච්නියා බෙදුම්වාදයට එක්සත් ජනපදයේ සම්බන්ධයක් තිබෙන බව කියවේ.)සටන් වැදුණු අතර පුටීන්ගේ පාලන කාලයේදී මෙම ත්රස්තවාදීන් ප්‍රබල ලෙස පසුබෑමට ලක්වූ අතර අවසානයේදී රුසියානු හමුදා සමග මුහුණට මුහුණ සටන් කල නොහැකි තරමට දුර්වල ගියේය.
2012 වසරේදී Yamalo-Nenets දිස්ත්‍රික්කයේ සංචාරය කල පුටීන් අවරපෙති සවිකල ග්ලයිඩරයක් පදවාගෙන ගියේය.එහිදී ඔහුගේ පැරණි ශාරීරික ආබාධයක් ඉස්මතුවූ බවක් මාධ්‍ය මගින් අනාවරණය කෙරිණි.
පුටීන් යනු නිර්භීත චරිතයකි.ඔහු අවදානම් සහගත ක්‍රියාවන් හි යෙදීමට බොහෝ ප්‍රියකරන බව පෙනෙන්නට තිබේ.2010 වසරේදී එනම් ඔහුට වයස අවුරුදු 58දී ෆෝමියුලා වන් තරඟ සඳහා යොදාගන්නා මෝටර් රථයක් පැය කිහිපයක් තිස්සේ පැයට කි.මී.150 පමණ වේගයෙන් ධාවනය කරන ලදි.ඒ වන විට ඔහු රුසියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.එය තමන්ගේ පළමු වතාව බවත් එය හොඳින් සිදුකල බවත් ඔහු කියා සිටියේය.
2015 වසරේදී පුටීන් තවත් අපූරු ක්‍රියාවක නිරතවනවා මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.රුසියාව තමන්ගේ පාලනයට ගත් යුක්රේනයේ ක්‍රිමියාවේ මුහුදු ප්‍රදේශයක කුඩා සබ්මැරීනයකින් රුසියානු ජනපතිවරයා යාත්‍රා කරන අයුරු එහිදී දැකගත හැකිවිය.මෙම කුඩා ප්‍රමාණයේ පර්යේෂණ සබ්මැරීනය මීටර් 83ක් ගැඹුරට කිමිදුණු බව කියවේ.මෙය කළු මුහුදේ පුරාවස්තු සෙවීම සඳහා යොදාගන්නා සබ්මැරීනයකි.
පුටීන් යනු කලින් කලට ලෝකයා පුදුම කරවන පුවත් මවන්නෙකි.අන්තර්ජාලය තුල ඔහු තරම් ජනප්‍රිය වෙනත් රාජ්‍ය නායකයෙක් නැති තරම්ය.වරක් ඔහු ලොව ගැඹුරුම විල වන රුසියාවේ බයිකාල් විල් පතුලට ගමන් කලේ සබ්මැරීනයක් ආධාරයෙනි.2009 වසරේදී මීර්-1 නම් කුඩා ප්‍රමාණයේ සබ්මැරීනය යොදාගෙන සිදුකල මෙම අපූරු ගමනට පැය හතරක පමණ කාලයක් ගතවිය.මාධ්‍ය වාර්තා කර තිබුණේ පුටීන් ඇතුලු පිරිස මීටර් 1400ක් පමණ ගැඹුරට කිමිදුණු බවයි.
ස්වභාවධර්මය සමග සිටීමට එහි සුවය විදීමට සහ අවදානම් සහගත ක්‍රියාවල යෙදීමට දරුණු සතුන් සමග ගනුදෙනු කිරීමට මෙම අපූරු පුද්ගලයා දැඩි කැමැත්තක් දක්වයි.වරක් පුටීන් ඇතුලු පිරිස Ussuri ජාතික වනෝද්‍යානයේ සංචාරයක ගියෝය.වන ජිවී විශේෂඥයින් පිරිසක් විසින් පර්යේෂණ කටයුත්තක් වෙනුවෙන් උගුලකට හසුකරගෙන සිටි අමූර් ව්‍යාඝ්‍රයෙක් හදිසියේම ඉන් මිදී රූපවාහිනී කැමරා කණ්ඩායමක් වෙත දිව යද්දී වහා ක්‍රියාත්මක වූ පුටීන් ව්‍යාඝ්‍රයාව නිර්වින්දන තුවක්කුවකින් වෙඩි තබා බිම හෙළා ඔවුන් පිරිස බේරාගෙන තිබේ.මේ සිද්ධිය සිදුවූයේ 2008 වසරේදීය.සිද්ධියෙන් පසුව නින්ද වැටී සිටි ව්යාඝ්රයාගේ චන්ද්‍රිකා ට්‍රාන්ස්මීටරයක් සවිකිරීමටද ඔහු පර්යේෂකයන්ට සහාය විය.
2010 වසරේදී පුටීන් රුසියාවේ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ රබර් බෝට්ටුවක දක්නට ලැබුණේ හරස් දුන්නක්ද සහිතවයි.කැමචැට්කා අර්ධද්වීපය ආසන්න මුහුදේ තල්මසුන් අධ්‍යයනයක නියැලුණු ජීව විද්‍යාඥයෙක්ද සමග පුටීන් සිටි අතර ඔහුට පැවරී තිබුණේ හරස් දුන්නෙන් විද තල්මසාගේ සමේ සාම්පලයක් ලබා ගැනීමයි.ඔහු සිය සිව්වන උත්සාහයෙන් ඉලක්කය සාර්ථක කරගෙන තිබිණි.පුටීන් යනු සතුන්ට ආදරය කරන්නෙක් මිස දඬයම්කරුවෙක් නොවන බව බොහෝ අවස්ථාවල පැහැදිලිව පෙනීගොස් තිබෙන කරුණකි.මෙම ඡායාරූප පෙල දුටුවිට ඔහු තල්මස් දඬයමේ යෙදෙනවා යන වැරදි වැටහීම කෙනෙක් තුල ඇතිවිය හැකිය.නමුත් මෙහිදී සිදුවූයේ තල්මස් සංගණන ව්‍යාපෘතියකට පුටීන්ද සහභාගී වීමයි.මෙහිදී භාවිතා කල ඊතල තල්මසුන්ගේ සමේ සාම්පල් ලබා ගැනීමට විශේෂයෙන් සැකසූවක් බව වාර්තාවේ.
පූටීන් එවර සංචාරය කලේ රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ කැම්චැට්කා අර්ධද්වීපය ආශ්රිත මුහුදු ප්රදේශයේය.
2010 වසරේ රුසියාවේ ආක්ටික් ප්‍රදේශයේ (Franz Josef Land දූපත්වල )සංචාරයක යෙදුණු පුටීන් හිම වලසෙක් සමග සිටින අයුරු මාධ්‍ය විසින් වාර්තා කරන ලදි.නිර්වින්දනය කල වලසා සමග සිටි විද්‍යාඥයින් චන්ද්‍රිකා සංඥා ඔස්සේ ඌ සැරිසර ප්‍රදේශය නිරීක්ෂණය කල හැකි කරපටියක් සවිකරන ලදි.වලසාගේ මිනුම් කටයුතු කිරීමට පුටීන් සහාය දුන්නේය.
Franz Josef Land දූපත්වල පිහිටීම
Franz Josef Land දූපත්
2007 වර්ෂයේදී දකුණු සයිබීරියාවේ ටුවා ප්‍රදේශයේ Khemchik නම් ගංගාව ආශ්‍රිතව සංචාරයේ යෙදුණු පුටීන්(August 15, 2007)
පුටීන් 2010 වසරේදී සොචී හි ජාතික වනෝද්‍යානයේ සංචාරයක යෙදිණි.දිවියෙක් දෙස බලා සිටින පුටීන්.
ඩිමිත්රි මෙඩ්වඩෙව් සහ විලැඩ්මීර් පුටීන් වොල්ගා නදියේ මාළු බාන අයුරු(2011 අගෝස්තු 16)
පුටීන් Tyva ප්‍රාන්තයේ වනගත ප්‍රදේශයක සංචාරයේ යෙදෙන අයුරු(2010 ඔක්තෝම්බර් 29)
2007 වසරේදී පුටීන් දකුණු සයිබීරියාවේ ප්‍රාන්තයේ වනගත ප්‍රදේශයක සැරිසරමින්
පුටීන් උඩුකය නිරුවතින් මාළු බාන අයුරු දැක්වෙන ඡායාරූප මාධ්‍යයේ දැඩි අවදානයට ලක්විය.
පූටීන් 2011 වසරේදී තවත් අපූරු ක්‍රියාවක නියළිනි.ඒ කළු මුහුදේ පුරාවස්තු ගවේෂණයකට එක් වීමයි.එවකට රුසියානු අගමැතිව සිටි පුටීන්,පුරාවිද්‍යාඥයින් විසින් සොයා ගත් පුරාණ ග්‍රීක මැටි බඳුන්වල කොටස් අතැතිව සිටින අයුරු ඡායාරූපවල දක්නට ලැබිණි.
පුටීන්ගේ ප්‍රියතම ක්‍රීඩාවක් වන්නේ ආත්මාරක්ෂක සටන් කලාවක් වන ජූඩෝය.පුටීන් වයස අවුරුදු 14 පටන් සෝවියට් දේශයෙන් ඇරඹුණු සැම්බෝ නම් සටන් කලාව හැදෑරුවේය.ඒ ජූඩෝ ක්‍රීඩාවට යොමුවීමට පෙරය.තම උපන් නගරය වන ශාන්ත පීටර්ස්බර්ග් හි ජූඩෝ තරඟාවලි කිහිපයක්ම ඔහු විසින් ජයග්‍රහණය කර තිබේ.සැම්බෝ සහ ජූඩෝ යන ක්‍රීඩා දෙක යටතේ මෙම ජයග්‍රහණ ලබා ගැනීමට ඔහු සමත්විය.ඔහු Judo: History, Theory, Practice (2004) නම් ජූඩෝ ක්‍රීඩාව ගැන ලියවූ ග්‍රන්ථයේ සමකතෘවරයෙක් ද වේ.
පුටීන් යනු ජූඩෝ ක්‍රීඩාව හැදෑරූ ලොව පළමු රාජ්‍ය නායකයා නොවුවද එහි ඉහළ ශ්‍රේණි දක්වා ගමන් කල පළමු නායකයා ඔහුය.මොහු ජූඩෝ ක්‍රීඩාවේ 6වන පන්තියේ කළු පටි ලාභියෙක් බව කියවේ.එසේම ඔහු 1975 දී ජූඩෝ ක්‍රීඩාවේද ,1973 දී සැම්බෝ ක්‍රීඩාවේද Master of Sports යන පදවි නාමයට හිමිකම් කියන්නට සමත්ව තිබේ.
වරක් ජපානයේ සංචාරය කල අවස්ථාවක Kodokan ආයතනයෙන් ඔහුට එහි පැමිණෙන ලෙස ආරාධනාවක් ලැබුණි.එහිදී ඔහු ජූඩෝ ක්‍රීඩාවේ වෙනස්ම ශිල්ප ක්‍රම ජපන් සිසුන් සහ බලධාරීන් ඉදිරියේ පෙන්වන ලදි.2014 නොවැම්බර් මාසයේදී කරාටේ ක්‍රීඩාවේ 8වන පන්තියේ කළු පටිධාරියෙක් වන්නට පුටීන් සමත් විය.
2013 වසරේදී පුටීන් විසින් GTO physical fitness program නම් පැරණි වැඩසටහන යළි රුසියාවට හඳුන්වාදෙන ලදි.(මෙය සෝවියට් දේශය පැවති සමයේ පාසල් සිසුන්ගේ ශාරිරික යෝග්‍යතාවය තබාගැනීම උදෙසා ජෝෂප් ස්ටාලින් විසින් හඳුන්වා දුන්නකි.සෝවියට් දේශය ඔලිම්පික් වැනි ක්‍රීඩා උළෙලවලදී විශිෂ්ඨ දස්කම් දැක්වීමට මෙම වැඩසටහන ඉවහල් වූ බව රහසක් නොවේ.)ඒ සඳහා ඔහු හොලිවුඩ් නළු ස්ටීවන් සීගල් රුසියාවට කැඳවන ලදි.
මොස්කව් හි අළුත් නිර්මාණය කල සැම්බෝ ක්‍රීඩා සංකීර්ණයට පැමිණි ස්ටීවන් සහ පුටීන්
ස්ටීවන් සීගෙල් ,ජනපති පුටීන්ගේ ප්‍රියතම නළුවෙක් ලෙසද සැලකේ.
Steven Seagal කියන්නේ මාත් කැමතිම සටන් නළුවෙක්.මේ තියෙන්නේ සිගෙල් ජපානයේදී තමන්ගේ දස්කම් ප්‍රදර්ශනය කරපු හැටි
පූටීන් ප්‍රියකරන අනෙක් ක්‍රීඩා වන්නේ හිමේ ලිස්සා යෑම,බැඩ්මින්ටන්,බයිසිකල් පැදීම,මාළු ඇල්ලීම ආදියයි.පසුගිය සමයේ ඔහු හිම මත ලිස්සායෑමට සහ අයිස් හොකී ක්‍රීඩාවලට වැඩි අවධානයක් යොමුකල බව පෙනෙන්නට තිබිණි.ඊට අමතරව ඔහු පාපන්දු ක්‍රීඩාව නැරඹීමට බොහෝ ප්‍රිය කරයි.තම උපන් නගරය නියෝජනය කරන FC Zenit Saint Petersburg පාපන්දු කණ්ඩායමට ඔහු සහාය පළකරයි.
වම්පස:හිම මත ලිස්සා යෑමෙහි යෙදෙන පුටීන් දකුණුපස:පුටීන් සහ මෙඩ්වඩෙව් බයිසිකල් ධාවනයේ යෙදෙන අයුරු
Source:Cracked.com
-HarshaLulzSec-

පුටීන් සිය මව සමග-1958දී

1975 සිට 1991 දක්වා පුටීන් KGB සංවිධානයේ සේවය කලේය
පුටීන් ලියුඩ්මිලා සමග විවාහ වන්නේ 1983 වසරේදීය
විලැඩ්මීර් පුටීන් විවාහ වන්නේ 1983 ජූලි මස 28 දා ලියුඩ්මිලා ශරෙබ්නෙවා සමගයි.ඔවුන් දෙදෙනාට දියණියන් දෙදෙනෙක් සිටියි.පුටීන් සහ ලියුඩ්මිලා 2013 වසරේදී දික්කසාද විය.
පුටීන් සිය දියණියන් දෙදෙනා සමග
පුටීන්ගේ දියණියන් දෙදෙනාගේ යැයි සැලකෙන ඡායාරූපයක්
පුටීන්,ඔහුගේ බිරිද සහ දියණියන් දෙදෙනා සමග සිටින දුර්ලභ ඡායාරූපයක්
පුටීන්ගේ දියණියන් වම්පස:Mariya Putina දකුණුපස:Yekaterina Putina
පුටීන්,බිරිද සහ දියණිය මාරියා
ලියුඩ්මිලා සහ පුටීන් ඔවුන්ගේ විවාහ ජීවිතය අවසන් කල බව 2013 වසරේදී නිවේදනය කලෝය
තවම අපි ලිපියට ආරම්භය ගත්තා විතරයි.KGB රහස් ඒජන්තවරයෙක් ලෙස කටයුතු කල පුටීන් සියල්ලෙහි දක්ෂයෙක් බව ඔහුගේ කරන කියන දෙයින් පෙනෙන්නට තිබේ.හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටවල එන වීරයා,සැබෑ ලෝකයේදී දැකගත නොහැකි වුවද එවැන්නෙකුගේ චරිතයට සැබෑ ලෝකයේදී පණ දෙන අයෙක් ලෙස ජනපති පුටීන්ව, ඔබට දිස්වන්නේ නම් එය පුදුමයට කරුණක් නොවේ.මන්ද ඔහු තරම් බහුවිධ හැකියාවන්ගෙන් සම්පුර්ණ රාජ්‍ය නායකයෙක් පසුගිය සමය තුල බිහිනොවූ නිසාය.හමුදා සේවයේ සිට දේශපාලනයට පැමිණි පසු බොහෝ නායකයන් තම වීරවික්රමාන්විත ජීවිතයට සමුදෙන විට පුටීන් කලේ එහි අනෙක් පැත්තයි.මෙම ලිපියෙන් ගෙන එන්නේ වැඩිදෙනෙක් නොදන්නා පුටීන්ගේ ජීවිතයේ වෙනත් පැත්තක් ගැනයි.
ගුවන් යානා,මෝටර් සයිකල්,රේසිං කාර්,සබ්මැරීන සහ පුටීන්
සැබැවින්ම ඔහු ගුවන් නියමුවෙක්ද?ඔහුගේ හැකියාවන් පෙන්වූ එක් අවස්ථාවක් වන්නේ 2010 වසරේදී රුසියාවේ රියසාන් ප්‍රාන්තයේ ඇතිවූ මහා ලැව් ගින්න නිවීමට ගුවනින් ජලය ඉසීමට ඔහු දැක්වූ දායකත්වයයි.මෙම ගින්න නිසා රුසියාවට ස්විස්ටර්ලන්තයට වඩා විශාලත්වයක් සහිත වන ගහනයක් අහිමිවූ බව කියවේ.පූටීන් ඇතුලු පිරිස දියගොඩ දෙකෙහිම සිට ගුවන්ගත කිරීම සහ ගොඩබෑම කල හැකි රුසියානු Beriev Be-200 යානයක ගමන් කල අතර පසුව එහි නියමු අසුනට පැමිණි පුටීන් එහි පාලනය භාරගත් අතර යානයේ ගෙන ආ ටොන් 24ක් පමණ බර ජලය ගිනිගෙන දැවෙන වනාන්තරයට හෙළන ලදි.
ගින්න ඇතිවුනේ රුසියාවේ Ryazan ප්රාන්තයේය.
පුටීන් පැදවූයේ Beriev Be-200 යානයකි.
පුටීන් ගුවන් යානය පදවාගෙන ගිය අයුරු
මෙම ගින්න නිසා රුසියාවට විශාල වන පෙදෙසක් අහිමි වූ අතර එක්සත් ජනපද ගිනි නිවන්නන්ගේ විශේෂඥ සහාය පවා ගින්න නිවීමට ලබා ගත්බව කියවේ
මෙම ගින්න නිසා රුසියාවට විශාල වන පෙදෙසක් අහිමි වූ අතර එක්සත් ජනපද ගිනි නිවන්නන්ගේ විශේෂඥ සහාය පවා ගින්න නිවීමට ලබා ගත්බව කියවේ
වරක් ඔහු ප්‍රහාරක ජෙට් යානයක් පැදවීය.2000 වසරේ මාර්තු මස 20 දා චෙච්නියාවේ යුද කලාපයට ඉහළින් රුසියානු Su-27 ජෙට් යානයක ඔහු ගමන් කලේ තවත් නියමුවෙක් සහිතවයි.Krasnodar නගරයෙන් පිටත්වූ ඔවුන් චෙච්නියාවේ Severny ගුවන් තොටුපොලට ගොඩ බසින ලදි.චෙච්නියාව යනු පුටීන් වැනි නායකයෙකුට ගොඩබිමින් තියා ගුවනින්වත් ගමන් කලයුතු ප්‍රදේශයක් නොවීය.වසර 2000 යනු දෙවන චෙච්නියා යුද්ධය පැවති සමයයි.චෙච්නියාවේ වෙනම ඉස්ලාමීය පාලනයක් ගොඩනැගීම උදෙසා ඉස්ලාමීය බෙදුම්වාදීන්(චෙච්නියා බෙදුම්වාදයට එක්සත් ජනපදයේ සම්බන්ධයක් තිබෙන බව කියවේ.)සටන් වැදුණු අතර පුටීන්ගේ පාලන කාලයේදී මෙම ත්රස්තවාදීන් ප්‍රබල ලෙස පසුබෑමට ලක්වූ අතර අවසානයේදී රුසියානු හමුදා සමග මුහුණට මුහුණ සටන් කල නොහැකි තරමට දුර්වල ගියේය.
Su-27 ප්‍රහාරක යානයක්
පුටීන් Su-27 යානයක නියමු අසුනේ සිටි අයුරු
2005 වසරේදී ඔහු Tu-160 වර්ගයේ සුපර්සොනික් බෝම්බ හෙළන යානයක්ද පැදවීය.ඒ 2005 පැවති MAKS ගුවන් ප්‍රදර්ශනයේදීය.
Tu-160 යානයක්
Tu-160 යානයක අනුරුවක් අතැතිව සිටින පුටීන්
පුටීන් Tu-160 යානය පාලනය කල අයුරු
2012 වසරේදී Yamalo-Nenets දිස්ත්‍රික්කයේ සංචාරය කල පුටීන් අවරපෙති සවිකල ග්ලයිඩරයක් පදවාගෙන ගියේය.එහිදී ඔහුගේ පැරණි ශාරීරික ආබාධයක් ඉස්මතුවූ බවක් මාධ්‍ය මගින් අනාවරණය කෙරිණි.
පුටීන් යනු නිර්භීත චරිතයකි.ඔහු අවදානම් සහගත ක්‍රියාවන් හි යෙදීමට බොහෝ ප්‍රියකරන බව පෙනෙන්නට තිබේ.2010 වසරේදී එනම් ඔහුට වයස අවුරුදු 58දී ෆෝමියුලා වන් තරඟ සඳහා යොදාගන්නා මෝටර් රථයක් පැය කිහිපයක් තිස්සේ පැයට කි.මී.150 පමණ වේගයෙන් ධාවනය කරන ලදි.ඒ වන විට ඔහු රුසියාවේ අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.එය තමන්ගේ පළමු වතාව බවත් එය හොඳින් සිදුකල බවත් ඔහු කියා සිටියේය.
2015 වසරේදී පුටීන් තවත් අපූරු ක්‍රියාවක නිරතවනවා මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.රුසියාව තමන්ගේ පාලනයට ගත් යුක්රේනයේ ක්‍රිමියාවේ මුහුදු ප්‍රදේශයක කුඩා සබ්මැරීනයකින් රුසියානු ජනපතිවරයා යාත්‍රා කරන අයුරු එහිදී දැකගත හැකිවිය.මෙම කුඩා ප්‍රමාණයේ පර්යේෂණ සබ්මැරීනය මීටර් 83ක් ගැඹුරට කිමිදුණු බව කියවේ.මෙය කළු මුහුදේ පුරාවස්තු සෙවීම සඳහා යොදාගන්නා සබ්මැරීනයකි.
පුටීන් යනු කලින් කලට ලෝකයා පුදුම කරවන පුවත් මවන්නෙකි.අන්තර්ජාලය තුල ඔහු තරම් ජනප්‍රිය වෙනත් රාජ්‍ය නායකයෙක් නැති තරම්ය.වරක් ඔහු ලොව ගැඹුරුම විල වන රුසියාවේ බයිකාල් විල් පතුලට ගමන් කලේ සබ්මැරීනයක් ආධාරයෙනි.2009 වසරේදී මීර්-1 නම් කුඩා ප්‍රමාණයේ සබ්මැරීනය යොදාගෙන සිදුකල මෙම අපූරු ගමනට පැය හතරක පමණ කාලයක් ගතවිය.මාධ්‍ය වාර්තා කර තිබුණේ පුටීන් ඇතුලු පිරිස මීටර් 1400ක් පමණ ගැඹුරට කිමිදුණු බවයි.
බයිකාල් විලේ පිහිටීම
පුටීන් සබ්මැරීනයේ සිටින අයුරු
පුටීන් නම් සංචාරකයා
ස්වභාවධර්මය සමග සිටීමට එහි සුවය විදීමට සහ අවදානම් සහගත ක්‍රියාවල යෙදීමට දරුණු සතුන් සමග ගනුදෙනු කිරීමට මෙම අපූරු පුද්ගලයා දැඩි කැමැත්තක් දක්වයි.වරක් පුටීන් ඇතුලු පිරිස Ussuri ජාතික වනෝද්‍යානයේ සංචාරයක ගියෝය.වන ජිවී විශේෂඥයින් පිරිසක් විසින් පර්යේෂණ කටයුත්තක් වෙනුවෙන් උගුලකට හසුකරගෙන සිටි අමූර් ව්‍යාඝ්‍රයෙක් හදිසියේම ඉන් මිදී රූපවාහිනී කැමරා කණ්ඩායමක් වෙත දිව යද්දී වහා ක්‍රියාත්මක වූ පුටීන් ව්‍යාඝ්‍රයාව නිර්වින්දන තුවක්කුවකින් වෙඩි තබා බිම හෙළා ඔවුන් පිරිස බේරාගෙන තිබේ.මේ සිද්ධිය සිදුවූයේ 2008 වසරේදීය.සිද්ධියෙන් පසුව නින්ද වැටී සිටි ව්යාඝ්රයාගේ චන්ද්‍රිකා ට්‍රාන්ස්මීටරයක් සවිකිරීමටද ඔහු පර්යේෂකයන්ට සහාය විය.
පුටීන් ඇතුලු පිරිස වනාත්තරය තුල සංචාරයක
පුටීන් විසින් නිර්වින්දන තුවක්කුවකින් වෙඩි තබා ව්‍යාඝ්‍රයා බිම හෙළා තිබේ.
සිහිසුන් වූ ව්‍යාඝ්‍රයා සමග සිටින පුටීන්
2010 වසරේදී පුටීන් රුසියාවේ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ රබර් බෝට්ටුවක දක්නට ලැබුණේ හරස් දුන්නක්ද සහිතවයි.කැමචැට්කා අර්ධද්වීපය ආසන්න මුහුදේ තල්මසුන් අධ්‍යයනයක නියැලුණු ජීව විද්‍යාඥයෙක්ද සමග පුටීන් සිටි අතර ඔහුට පැවරී තිබුණේ හරස් දුන්නෙන් විද තල්මසාගේ සමේ සාම්පලයක් ලබා ගැනීමයි.ඔහු සිය සිව්වන උත්සාහයෙන් ඉලක්කය සාර්ථක කරගෙන තිබිණි.පුටීන් යනු සතුන්ට ආදරය කරන්නෙක් මිස දඬයම්කරුවෙක් නොවන බව බොහෝ අවස්ථාවල පැහැදිලිව පෙනීගොස් තිබෙන කරුණකි.මෙම ඡායාරූප පෙල දුටුවිට ඔහු තල්මස් දඬයමේ යෙදෙනවා යන වැරදි වැටහීම කෙනෙක් තුල ඇතිවිය හැකිය.නමුත් මෙහිදී සිදුවූයේ තල්මස් සංගණන ව්‍යාපෘතියකට පුටීන්ද සහභාගී වීමයි.මෙහිදී භාවිතා කල ඊතල තල්මසුන්ගේ සමේ සාම්පල් ලබා ගැනීමට විශේෂයෙන් සැකසූවක් බව වාර්තාවේ.
පූටීන් එවර සංචාරය කලේ රුසියාවේ නැගෙනහිර ප්‍රදේශයේ කැම්චැට්කා අර්ධද්වීපය ආශ්රිත මුහුදු ප්රදේශයේය.
2010 වසරේ රුසියාවේ ආක්ටික් ප්‍රදේශයේ (Franz Josef Land දූපත්වල )සංචාරයක යෙදුණු පුටීන් හිම වලසෙක් සමග සිටින අයුරු මාධ්‍ය විසින් වාර්තා කරන ලදි.නිර්වින්දනය කල වලසා සමග සිටි විද්‍යාඥයින් චන්ද්‍රිකා සංඥා ඔස්සේ ඌ සැරිසර ප්‍රදේශය නිරීක්ෂණය කල හැකි කරපටියක් සවිකරන ලදි.වලසාගේ මිනුම් කටයුතු කිරීමට පුටීන් සහාය දුන්නේය.
Franz Josef Land දූපත්වල පිහිටීම
Franz Josef Land දූපත්
වලසාගේ දිග මැනීමට සැරසෙන පුටීන් සහ සත්ව විද්‍යාඥයෙක්
නිර්වින්දනය කල හිම වලසා අසල සිටින පුටීන්
නිර්වින්දනය කල හිම වලසා අසල සිටින පුටීන්
2007 වර්ෂයේදී දකුණු සයිබීරියාවේ ටුවා ප්‍රදේශයේ Khemchik නම් ගංගාව ආශ්‍රිතව සංචාරයේ යෙදුණු පුටීන්(August 15, 2007)
2009 වසරේ දකුණු සයිබීරියාවේ සිදු කල සංචාරය අතරතුර අශ්වයෙක් මත නැගී ගමන් කල පුටීන්
පුටීන් 2010 වසරේදී සොචී හි ජාතික වනෝද්‍යානයේ සංචාරයක යෙදිණි.දිවියෙක් දෙස බලා සිටින පුටීන්.
2009 වසරේ දකුණු සයිබීරියාවේ ටුවා ප්‍රදේශයේ සිදුකල සංචාරයකදී පුටීන් විලක පිහිනූ අයුරු
සයිබීරියාවේ Khakasiya ප්‍රදේශයේ අසුන් පිට නැගී ගමන් කරන පුටීන් ඇතුලු පිරිස(2010 පෙබරවරි 25)
ඩිමිත්රි මෙඩ්වඩෙව් සහ විලැඩ්මීර් පුටීන් වොල්ගා නදියේ මාළු බාන අයුරු(2011 අගෝස්තු 16)
පුටීන් Tyva ප්‍රාන්තයේ වනගත ප්‍රදේශයක සංචාරයේ යෙදෙන අයුරු(2010 ඔක්තෝම්බර් 29)
2007 වසරේදී පුටීන් දකුණු සයිබීරියාවේ ප්‍රාන්තයේ වනගත ප්‍රදේශයක සැරිසරමින්
පුටීන්ගේ ප්‍රියතම වනගත සංචාරක ප්‍රදේශය වන්නේ දකුණු සයිබීරියාවේ Tuva ප්‍රාන්තයයි.2013 වසරේදීද ඔහු එම ප්‍රදේශයේ සංචාරයක නිරත විය.
පුටීන් උඩුකය නිරුවතින් මාළු බාන අයුරු දැක්වෙන ඡායාරූප මාධ්‍යයේ දැඩි අවදානයට ලක්විය.
2007 වසරේ සංචාරයකදී
2007 වසරේ සංචාරයකදී
පුටීන් 2013 වසරේදී සිදුකල දකුණුදිග සයිබීරියාවේ සංචාරයේ ඡායාරූප
පූටීන් 2011 වසරේදී තවත් අපූරු ක්‍රියාවක නියළිනි.ඒ කළු මුහුදේ පුරාවස්තු ගවේෂණයකට එක් වීමයි.එවකට රුසියානු අගමැතිව සිටි පුටීන්,පුරාවිද්‍යාඥයින් විසින් සොයා ගත් පුරාණ ග්‍රීක මැටි බඳුන්වල කොටස් අතැතිව සිටින අයුරු ඡායාරූපවල දක්නට ලැබිණි.
කළු මුහුද
පුටීන් නම් සටන්කරුවා
පුටීන්ගේ ප්‍රියතම ක්‍රීඩාවක් වන්නේ ආත්මාරක්ෂක සටන් කලාවක් වන ජූඩෝය.පුටීන් වයස අවුරුදු 14 පටන් සෝවියට් දේශයෙන් ඇරඹුණු සැම්බෝ නම් සටන් කලාව හැදෑරුවේය.ඒ ජූඩෝ ක්‍රීඩාවට යොමුවීමට පෙරය.තම උපන් නගරය වන ශාන්ත පීටර්ස්බර්ග් හි ජූඩෝ තරඟාවලි කිහිපයක්ම ඔහු විසින් ජයග්‍රහණය කර තිබේ.සැම්බෝ සහ ජූඩෝ යන ක්‍රීඩා දෙක යටතේ මෙම ජයග්‍රහණ ලබා ගැනීමට ඔහු සමත්විය.ඔහු Judo: History, Theory, Practice (2004) නම් ජූඩෝ ක්‍රීඩාව ගැන ලියවූ ග්‍රන්ථයේ සමකතෘවරයෙක් ද වේ.
Judo: History, Theory, Practice (2004)
පුටීන් යනු ජූඩෝ ක්‍රීඩාව හැදෑරූ ලොව පළමු රාජ්‍ය නායකයා නොවුවද එහි ඉහළ ශ්‍රේණි දක්වා ගමන් කල පළමු නායකයා ඔහුය.මොහු ජූඩෝ ක්‍රීඩාවේ 6වන පන්තියේ කළු පටි ලාභියෙක් බව කියවේ.එසේම ඔහු 1975 දී ජූඩෝ ක්‍රීඩාවේද ,1973 දී සැම්බෝ ක්‍රීඩාවේද Master of Sports යන පදවි නාමයට හිමිකම් කියන්නට සමත්ව තිබේ.
වරක් ජපානයේ සංචාරය කල අවස්ථාවක Kodokan ආයතනයෙන් ඔහුට එහි පැමිණෙන ලෙස ආරාධනාවක් ලැබුණි.එහිදී ඔහු ජූඩෝ ක්‍රීඩාවේ වෙනස්ම ශිල්ප ක්‍රම ජපන් සිසුන් සහ බලධාරීන් ඉදිරියේ පෙන්වන ලදි.2014 නොවැම්බර් මාසයේදී කරාටේ ක්‍රීඩාවේ 8වන පන්තියේ කළු පටිධාරියෙක් වන්නට පුටීන් සමත් විය.
ළමුන්ට පුහුණුවීම් සිදුකරන පුටීන්
තරුණ ක්‍රීඩකයෙක් සමග සටනක්
සිතින් තරුණ සටන්කරුවා -පුටීන්
සටනක් අතරතුර
2013 වසරේදී පුටීන් විසින් GTO physical fitness program නම් පැරණි වැඩසටහන යළි රුසියාවට හඳුන්වාදෙන ලදි.(මෙය සෝවියට් දේශය පැවති සමයේ පාසල් සිසුන්ගේ ශාරිරික යෝග්‍යතාවය තබාගැනීම උදෙසා ජෝෂප් ස්ටාලින් විසින් හඳුන්වා දුන්නකි.සෝවියට් දේශය ඔලිම්පික් වැනි ක්‍රීඩා උළෙලවලදී විශිෂ්ඨ දස්කම් දැක්වීමට මෙම වැඩසටහන ඉවහල් වූ බව රහසක් නොවේ.)ඒ සඳහා ඔහු හොලිවුඩ් නළු ස්ටීවන් සීගල් රුසියාවට කැඳවන ලදි.
මොස්කව් හි අළුත් නිර්මාණය කල සැම්බෝ ක්‍රීඩා සංකීර්ණයට පැමිණි ස්ටීවන් සහ පුටීන්
ස්ටීවන් සීගෙල් යනු ආත්මාරක්ෂ සටන් කලාව ප්‍රගුණ කල අයෙකි.එසේම ඔහුගේ චිත්‍රපට බොහොමයක් රුසියාවේ ජනප්‍රියත්වයට පත්ව තිබේ.
ස්ටීවන් සීගෙල් ,ජනපති පුටීන්ගේ ප්‍රියතම නළුවෙක් ලෙසද සැලකේ.
Steven Seagal කියන්නේ මාත් කැමතිම සටන් නළුවෙක්.මේ තියෙන්නේ සිගෙල් ජපානයේදී තමන්ගේ දස්කම් ප්‍රදර්ශනය කරපු හැටි
පූටීන් ප්‍රියකරන අනෙක් ක්‍රීඩා වන්නේ හිමේ ලිස්සා යෑම,බැඩ්මින්ටන්,බයිසිකල් පැදීම,මාළු ඇල්ලීම ආදියයි.පසුගිය සමයේ ඔහු හිම මත ලිස්සායෑමට සහ අයිස් හොකී ක්‍රීඩාවලට වැඩි අවධානයක් යොමුකල බව පෙනෙන්නට තිබිණි.ඊට අමතරව ඔහු පාපන්දු ක්‍රීඩාව නැරඹීමට බොහෝ ප්‍රිය කරයි.තම උපන් නගරය නියෝජනය කරන FC Zenit Saint Petersburg පාපන්දු කණ්ඩායමට ඔහු සහාය පළකරයි.
වම්පස:හිම මත ලිස්සා යෑමෙහි යෙදෙන පුටීන් දකුණුපස:පුටීන් සහ මෙඩ්වඩෙව් බයිසිකල් ධාවනයේ යෙදෙන අයුරු
අගමැති මෙඩ්වඩෙව් හා බැඩ්මින්ටන් ක්‍රීඩා කරන පුටීන්
පසුගිය වසර කිහිපය තුල පුටීන්ගේ ප්‍රියතම ක්‍රීඩාව බවට පත්වූයේ අයිස් හොකීය.
මචං ෆයිනල් යන්න මේ මැච් එක අනිවා ගහන්න ඕනේ- මෙඩ්වඩෙව්
Source:Cracked.com
-HarshaLulzSec-
Last edited:

good post..