ආක්ටික් ආධිපත්‍ය උදෙසා රුසියානු සැලසුම්
යුක්‍රේන අර්බුදය දෙසට ලෝක අවදානය යොමුවී තිබෙන අවස්ථාවක මොස්කව් පාලකයෝ එරට උතුරුදිග ප්‍රදේශය වන ආක්ටික් කලාපයට සැලකිල්ලක් යොමුකර තිබෙන බව පෙනේ.අයිස් දියවීම ඔස්සේ මෙතෙක් කාලයක් ළඟාවිය නොහැකිව තිබූ තෙල් සහ ඛනිජ නිධි එළිදරවු වීම සහ අලුත් ගමන් මාර්ග විවෘත වීම ඊට හේතුවයි.මේවන විට ආක්ටික් කලාපයේ තමන්ට අයත් ප්‍රදේශය හමුදාවලින් සන්නද්ධ කිරීමේ සැලසුම් රුසියාව විසින් ක්‍රියාත්මක කර තිබේ.
පිටත ලෝකය සම්බන්ධ රුසියාවේ සාම්ප්‍රදායික දර්ශනය වර්ණගන්වන්නේ අනාරක්ෂීයභාවය සහ පීඩනෝන්මාදයයි.හොඳම උදාහරණය යුක්‍රෝනය සම්බන්ධ සිද්ධියයි.එහිදී ක්‍රෙම්ලිනය ක්‍රියා කලේ බටහිරට එරෙහිව සිය සාම්ප්‍රදායික භූගෝලීය ආරක්ෂක පවුර රැකගැනීමටයි.මේහා සමාන ආරක්ෂණවාදයක් ආක්ටික් ප්‍රදේශය සම්බන්ධවද ක්‍රියාත්මක කිරීමට මොස්කව් පාලනය කටයුතු කරනු ඇති.ආක්ටික් කවුන්සලය සිටින රටවල් 8 අතරින් 5ක් නේටෝ සාමාජිකයන් වේ.තමන්ට එරෙහිව හමුදා එක් රැස් කරාවි යන රුසියාවේ අවිශ්වාසයට තවත් වැඩි කිරීමට මෙය හේතුවක් වී තිබේ.එසේවුවද රුසියාවේ ආක්ටික් නැගීමට වඩා ,එරට යුක්‍රේනය සහ බටහිර සමග තිබෙන ගැටීම වඩාත් ඉස්මතුවී පෙනේ.රුසියාව ආක්ටික් ප්‍රදේශයේ සිදුකරන උපාය මාර්ගික ගොඩනැංවීම් වල දීර්ඝ කාලීන අභිලාෂය වන්නේ අනෙක් ආක්ටික් රටවල් විශේෂයෙන් නෝර්වේ රාජ්‍යය තුල සැක උපදවීමයි.
රුසියාව ආක්ටික් කලාපයට දක්වන ඇලුම්කමට හේතු කිහිපයකි.ස්වභාවික සම්පත් සහ භූදේශපාලනික වැදගත්කම ඉන් ප්‍රධාන වේ.ඇස්තමේන්තුවලට අනුව තවමත් සොයා නොගත් ස්වභාවික වායු සම්පත්වලින් 30%ක් සහ 13%ක් වන තවමත් සොයාගෙන නොමැති ඛනිජ තෙල් නිධි මෙම කලාපයේ සැඟවී තිබේ.මොස්කව් රජයට අනුව මෙම සම්පත් විදේශ ආයෝජන සඳහා වැදගත් මූලාශ්‍ර වෙනවා සේම රටේ ආර්ථික දියුණුවට තීරණාත්මක සාධකයකි.නැගෙනහිර ආසියාවේ සිට යුරෝපයට විහිදෙන උතුරුදිග මුහුදු මාර්ගය උතුරුදිග රුසියාවේ ආර්ථික දියුණුව උදෙසා වැදගත් වේ.
මෙම සම්පත් සහ ප්‍රවාහන මාර්ග අනෙකුත් රටවලද ආකර්ෂණය දිනාගන්නා නිසා මෙම කලාපය දේශපාලනික සටන් බිමක් බවට පෙරළීමට ඉඩතිබේ.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගිවිසුමකට(The Law of the Sea Convention) අනුව ගොඩබිමේ සිට නාවුක සැතපුම් 200ක් දුරින් මුහුදු කලාපය එනම් විශේෂිත ආර්ථික කලාප(Exclusive economic zones) එක් එක් රටට අයත් වේ.මිනිස් වාසයට සුදුසු නොවීම නිසා මෙම සීමා මායිම් සම්බන්ධව පෙරදී ගැටුම් තිබුණේ නැත.මේ නිසා ආක්ටික් අයිස් තට්ටුවේ ඇතුලු ප්‍රදේශ සම්බන්ධව අයිතිවාසිකම් කීමට, අරගල කිරීමට විවෘතව පවතියි.අනෙක් රටවල් තමන්ගේ ඇලුම්කම් ප්‍රකාශ කිරීමත් සමග රුසියාව ආක්ටික් කලාපයේ හමුදාමය තෙරපුම තම සීමා නිර්ණය කිරීමට යොදා ගනු ඇත.
ක්‍රිමියාව සහ ක්ලීන්ග්‍රෑඩ් යන ප්‍රදේශවල ප්‍රධාන සහ සහයක හමුදා නවීකරණය එක් පැත්තකින් සිදුකරද්දී 2015 වසරේදී ආක්ටික් කලාපය හමුදාකරණය කිරීමද සමගාමීව සිදු කෙරිණි.නේටෝව ආක්ටික් කලාපය සම්බන්ධ දක්වන ලැදියාව අළුත් කිරීමත් සමග සෝවියට් යුගයේ එම ප්‍රදේශයේ පිහිටුවා තිබූ කඳවුරු යළි සක්‍රීය කිරීමට තීරණය කල බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කියා තිබේ.නොවායා ශම්ල්යා දූපත් සමූහයේ පිහිටා තිබෙන ගුවන් යානා ධාවන පථය ඊළඟ පරම්පරාවේ ප්‍රහාරක යානා සහ S400 ගුවන් ආරක්ෂක පද්ධතියට සරිලන ලෙස අලුත්වැඩියා කරනු ලැබේ.ආක්ටික් කලාපයේ මෙහෙයුම් සිදුකිරීමේ පහසුව තකා රුසියානු උතුරුදිග නාවික ඇණියේ කොටසක් මෙම දූපත්වල පිහිටුවීමේ සූදානමක් තිබේ.උතුරුදිග නාවික ඇණිය රුසියානු නාවික හමුදාවෙන් 2/3ක් නියෝජනය කරයි.න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක අයිස්කඩන නෞකා සහිත ලොව එකම නාවික හමුදාව මෙයයි.සෙබලුන් 6000න් සමන්විත නව හමුදා කණ්ඩායමක්,පාබල හමුදා සේනාංක දෙකක් පිහිටුවා තිබෙන මුර්මන්ස්ක් සහ ස්වයංපාලන ප්‍රදේශයක් වන යමල්-නෙනෙට්ස් වෙත යැවීමට මොස්කව් පාලනය තීරණය කර තිබිණි.රේඩාර් සහ ගොඩබිම් මාර්ගෝපදේශක පද්ධති ෆ්‍රාන්ස් ජොසෙෆ් ලෑන්ඩ්(නොවායා ශෙම්ලියා හි කොටසක්), රේන්ජෙල් දූපත සහ ස්මිඩ්ත් තුඩුවේ පිහිටුවීමේ සැලැසුම් සකස් කර තිබේ.ෆෙඩරල් ආරක්ෂක සේවාව රුසියාවේ උතුරුදිග මායිමේ දේශසීමා ආරක්ෂකයන් ගණන වැඩිකිරීමටද සැලසුම් කර තිබේ.
2014 වසරේ පැවති 'වොස්ටොක්' මහා පරිමාණ හමුදා අභ්‍යාසය ,සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව සිදුකල විශාලතම හමුදා අභ්‍යාසයයි.එය ආක්ටික් කලාපය ගැන රුසියානු අභිප්‍රාය හෙළිකරයි.රුසියානු යුද හමුදාව,නාවිකයන් සහ ගුවන් හමුදාව මෙම කලාපයේ හමුදා පුහුණු අභ්‍යාසවල යෙදෙන අතරේ Pantsir-S නම් ගුවන් ආරක්ෂක පද්ධතිය සහ Iskander-M නම් බැලස්ටික් මිසයිල ආදී අවි පද්ධතිද ලෝකයට පෙනෙන ලෙස භාවිතා කලහ.මෙවැනි ක්‍රියා සීතල යුද්ධය සමාන වටපිටාවක් මවා පෙන්වනවා මෙන්ම එක්සත් ජනපද සහ නේටෝ අවදානයද ලබාගනියි.ඊට අමතර 2015 වසර පුරා තමන් ආක්ටික් ප්‍රදේශයේ පුහුණු වීම් කරන බව රුසියාවේ උතුරුදිග නාවික ඇණිය නිවේදනය කර තිබිණි.
ආක්ටික් කලාපය සම්බන්ධ තමන්ගේ දේශපාලනික සහ ආර්ථික ඇලුම්කම ආරක්ෂා කිරීමට 2020 දක්වාම සන්නද්ධ හමුදා යොදවන බව ක්‍රෙම්ලිනය නැවත නැවතත් කියා සිටියි.ඇස්තමේන්තුවලට අනුව 2015 වසරේදී පමණක් රුසියානු හමුදා ,යුද ගුවන් යානා 56ක් සහ හෙලිකොප්ටර් 122ක් ආක්ටික් කලාපයේ යොදවා තිබිණි.2015 වසර අවසන් වන විට රුසියාවට අයත් ආක්ටික් ප්‍රදේශයේ මුහුදුබඩව ගුවන් පථ සහිත හමුදා කඳවුරු 14ක් ස්ථාපිත කරන බව රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු විසින් පවසා තිබිණි.එසේම ආක්ටික් කලාපයේ සේවය පිණිස නවීකරණය කල MiG-31BM යානා 50 පමණ 2019 වසර වන විට යෙදවීමේ සූදානමක් තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබේ.රුසියාවට තිබෙන ආර්ථික අමාරුකම් නිසා අනෙක් අමාත්‍යාංශවල මූල්‍ය ප්‍රතිපාදන කපා හරිද්දී ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් කරන වියදම 20% කින් වැඩි කිරීමට ක්‍රෙම්ලිනය පියවර ගෙන තිබේ.
2014 වසර අවසන් වන විට රුසියාව ඒකාබද්ධ උපාය මාර්ගික පාලන පර්යන්තයක් උතුරු දිග නාවික ඇණිය තිබෙන ප්‍රදේශයේ පිහිටුවන ලදි.මෙය රුසියාවේ උතුරුදිග දූපත් වෙත ලඟා විය හැකි සීමාවේ තිබේ.ඒ ඔස්සේ චීනයේ සිට නෝර්වේ වෙත වැටී තිබෙන වෙළඳ නෞකා ගමන් මාර්ගය හොඳින් දකින්නත් ,පාලනය කරන්නත් හැකියාව ලැබේ.ඊට අමතරව මෙය ප්‍රදේශයේ වෙනත් රාජ්‍යයන්ගේ හෝ එක්සත් ජනපදයේ හමුදාමය සංචලනයන් නිරීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසද වැදගත් වේ.
බෝල්ටික් රාජ්‍යයන් සහ ඒවාහි තදාසන්න ප්‍රදේශ සේම,බැරන්ට් මුහුදද රුසියානු ප්‍රහාරක යානාවල මුරකිරීමට නිතරම ලක්වේ.භූදේශපාලනික වශයෙන් රුසියාව අවශ්‍යයෙන්ම කලයුතු දේවල් වන්නේ කළු මුහුද දෙසට බලය යෙදීම සහ ආක්ටික් ප්‍රදේශයේ ආධිපත්‍ය තහවුරු කිරීමයි.
එසේ වුවත් රුසියාව ආක්ටික් කලාපය තුල බලය ප්‍රසාරණය කිරීමේ ක්‍රියාවලිය අනෙක් රටවලට ආක්‍රමණශීලී ස්වභාවයකින් පෙනෙනු ඇති.නමුත් ආක්ටික් බල ව්‍යාප්තියේදී බටහිර බලවතුන් හා සන්නද්ධ ගැටුමකට යෑමේ අභිලාෂයක් ක්‍රෙම්ලිනයේ හමුදා නායකයන් තුල නැත.නේටෝ සංවිධානයේ 5වන කොන්දේසිය වන නේටෝ සාමාජිකයෙකුට වෙනත් රටකින් ප්‍රහාරයක් එල්ල වුවහොත් එය සංවිධානයට එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකා සාමූහික ප්‍රතිචාරයක් දක්වනවා යන්න ගැන රුසියාව පරීක්ෂාවෙන් කටයුතු කරයි.කෙසේ වෙතත් රුසියාව ආක්ටික් කලාපයේ හමුදාමය ප්‍රසාරණය ඉහල දැමීමෙන් අසල්වැසි රටවල් ,විශේෂයෙන්ම නෝර්වේ රාජ්‍යය කලබලයට පත් වේවි.
රුසියාව යුක්‍රේන සිදුකරන මැදිහත්වීමත් සමග ආක්ටික් කලාපය හමුදාකරණය කිරීම හමුවේ රුසියාවට අනතුරු ඇඟවීමට නෝර්වේ රාජ්‍යයට බල කෙරිණි.නෝර්වේ රාජ්‍යයද බටහිර රටවල් රුසියාට එරෙහිව පැනවූ සම්බාධක වලට සහාය පළ කල අතර රුසියාව යනු ආක්ටික් කලාපය තුල නෝර්වේ රාජ්‍යයට තිබෙන තර්ජනයක් ලෙස ඔවුන් දකියි.ආක්ටික් කලාපයේ නේටෝවේ භූමිකාවේදී නෝර්වේ රාජ්‍යය එහි නායකයා ලෙස පෙනීසිටියි.ඔවුන්ට එම තත්ත්වය ලැබී තිබෙන්නේ ආක්ටික් වෘත්තයට ඉහළින් ස්ථිර හමුදා මූලස්ථාන තිබෙන එකම රට එය වීම නිසාය.එසේම ඔවුන් ඉරාකයේ සිටින බහුජාතික හමුදාවට,ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් 500ක් පිරිසක්ද වශයෙන්ද දායක වී තිබේ.ලිබියානු අර්බුදයේදී ගුවන් ප්‍රහාර එල්ල කර නේටෝ රටවල් හතෙන් එකක්ද වන්නේ නෝර්වේ රාජ්‍යයයි.නෝර්වීජියානුවන්ද ආක්ටික් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් මුදල් යොදවන මුත් රුසියාව සමග සසදන විට ඔවුන් අඟුටුමිට්ටෙකි.මේ නිසාම ආක්ටික් කලාපය තුල නේටෝව විශාල භූමිකාවක් නිරූපණය කල යුතුබවයි නෝර්වීජියානු බලධාරීන්ගේ අදහස.
රුසියාව සහ නෝර්වේ රාජ්‍යය අතර හමුදාමය සහයෝගීතාවය ඉතා අඩුය.සෝවියට් පාලන සමයේදී පවා ඔස්ලෝව සෝවියට් දේශසීමා අසල යුද අභ්‍යාස සිදුකර නොමැත.නමුත් සෝවියට් දේශය බිද වැටුණු පසු පළමුවරට මහා පරිමාණ යුද අභ්‍යාසයක් රුසියා-නෝර්වේ දේශසීමාව අසල Finnmark හි පවත්වන්නට නෝර්වේ රාජ්‍යය පියවර ගත්තේ 2015 වසරේදීය.මෙම යුද අභ්‍යාසය(Joint Viking) 2015 වසරේ මාර්තු මාසයේදී ප්‍රදේශයේ පැවැත්වුනේ සෙබලුන් 5000ක් සහ යුද රථ 400කගේ සහභාගීත්වයෙනි.නෝර්වේ රාජ්‍යය මෙතරම් විශාල යුද අභ්‍යාසයක් සිදුකලේ 1967 වසරෙන් පසුව බවයි කියවෙන්නේ.මෙම සිද්ධිය රුසියාවේ ආක්ටික් නැගීමට සිදුකල නේටෝවේ අනතුරු ඇඟවීමක් ලෙස පිළිගත හැකිය.ආක්ටික් කලාපයේ රුසියානු බලය ප්‍රසාරණයේදී නෝර්වේ රාජ්‍යය නේටෝවට වැදගත් සාධකයක් වනු ඇති.
ආක්ටික් කලාපය සම්බන්ධ රුසියාවේ මෙම උනන්දුව ඉදිරි කාලයේදී කලාපීය බලතුලනය වෙනස් කිරීමට හේතුවේවි.රුසියාවේ ආක්ටික් ක්‍රියාකාරකම් අත්ලාන්තික් සාගරය ඔස්සේ දිවෙන වෙළද මාර්ග වලටත්,රුසියා-උතුරු යුරෝපා රටවල සබදතාවයන්ට සහ රුසියා-චීන සබදතාවලටද බලපාවි.අඩ සියවසක් තිස්සේ ආක්ටික් කලාපය ඇමෙරික-සෝවියට් ගැටුම්වලට හේතුවූ අතර එහිදී ඇතිවූ සමහර සිද්ධීන් ලෙහෙසියෙන්ම යුද්ධ තත්ත්වයන් දක්වා දුරදිග යෑමේ හැකියාවක් තිබිණි.සුපිරි බලවතුන් ආක්ටික් කලාපය වෙනුවෙන් තරඟ වැදී තිබෙන් අතරේ චීනය සහ ඉන්දියාව යන රටවල්ද මෙම කලාපය සම්බන්ධ තම ලැදියාව ප්‍රකාශ කරයි.
එසේ වුවත් රුසියාව මුහුණ දෙන අභ්‍යන්තර සහ බාහිර ප්‍රශ්න වන පීඩනයට ලක්වූ ආර්ථිකය,යුක්‍රේන ප්‍රශ්නය සහ අන්තර්ජාතිකව එල්ලවන පීඩනය ආදියට අමතරව ආක්ටික් බල ව්‍යාප්තියද ඇතුල් කරගැනීමේ උවමනාවක් ක්‍රෙම්ලිනය අවශ්‍ය නොවේ.නමුත් ආක්ටික් කලාපය සම්බන්ධ රුසියානු උනන්දුව වැඩිවීම ඔස්සේ කලාපයේ අනෙක් රටවලටද තම යුදමය හැකියාව තක්සේරු කරගන්නට සංඥාවක් ලබා දී තිබේ.මේ නිසා ආක්ටික් කලාපය සම්බන්ධව නේටෝවේ අවධානය වැඩිපුර යොමුකර වීමට නෝර්වේ රාජ්‍යය ක්‍රියා කරාවි.කෙසේවෙතත් මෙය යුද්ධ තත්ත්වයක් තෙක් වර්ධනය නොකරගෙන තම අවශ්‍යතා ඉටුකරගන්නට රුසියාව පරිස්සම් වේවි.
Source:Stratfor.com
-HarshaLulzSec-
අන්තර්ගතය
සාරාංශය
විග්‍රහය
1.රුසියාවේ ආක්ටික් නැඟීම
2.නෝර්වීජියානු ප්‍රතිචාරය
3.ආක්ටික් කලාපය සම්බන්ධව රුසියානු දැක්ම

ආක්ටික් කවුසිලයේ සාමාජික රටවල් තද නිල් පැහැයෙන් පෙන්වා තිබේ.1996 දී පිහිටුවන ලද මෙම කවුසිලය සාමාජිකයන් 8 දෙනෙකුගෙන් සමන්විතය.
රුසියාව ආක්ටික් කලාපයට දක්වන ඇලුම්කමට හේතු කිහිපයකි.ස්වභාවික සම්පත් සහ භූදේශපාලනික වැදගත්කම ඉන් ප්‍රධාන වේ.ඇස්තමේන්තුවලට අනුව තවමත් සොයා නොගත් ස්වභාවික වායු සම්පත්වලින් 30%ක් සහ 13%ක් වන තවමත් සොයාගෙන නොමැති ඛනිජ තෙල් නිධි මෙම කලාපයේ සැඟවී තිබේ.මොස්කව් රජයට අනුව මෙම සම්පත් විදේශ ආයෝජන සඳහා වැදගත් මූලාශ්‍ර වෙනවා සේම රටේ ආර්ථික දියුණුවට තීරණාත්මක සාධකයකි.නැගෙනහිර ආසියාවේ සිට යුරෝපයට විහිදෙන උතුරුදිග මුහුදු මාර්ගය උතුරුදිග රුසියාවේ ආර්ථික දියුණුව උදෙසා වැදගත් වේ.
ආක්ටික් සාගරය ඔස්සේ නැව් මාර්ග වැටී ඇති අයුරු
තවමත් අනාවරණය කර නොගත් තෙල්/ගෑස් නිධි තිබෙනවා යැයි සැලකෙන ප්‍රදේශ කළු පැහැයෙන් පෙන්වා තිබේ
මෙම සම්පත් සහ ප්‍රවාහන මාර්ග අනෙකුත් රටවලද ආකර්ෂණය දිනාගන්නා නිසා මෙම කලාපය දේශපාලනික සටන් බිමක් බවට පෙරළීමට ඉඩතිබේ.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගිවිසුමකට(The Law of the Sea Convention) අනුව ගොඩබිමේ සිට නාවුක සැතපුම් 200ක් දුරින් මුහුදු කලාපය එනම් විශේෂිත ආර්ථික කලාප(Exclusive economic zones) එක් එක් රටට අයත් වේ.මිනිස් වාසයට සුදුසු නොවීම නිසා මෙම සීමා මායිම් සම්බන්ධව පෙරදී ගැටුම් තිබුණේ නැත.මේ නිසා ආක්ටික් අයිස් තට්ටුවේ ඇතුලු ප්‍රදේශ සම්බන්ධව අයිතිවාසිකම් කීමට, අරගල කිරීමට විවෘතව පවතියි.අනෙක් රටවල් තමන්ගේ ඇලුම්කම් ප්‍රකාශ කිරීමත් සමග රුසියාව ආක්ටික් කලාපයේ හමුදාමය තෙරපුම තම සීමා නිර්ණය කිරීමට යොදා ගනු ඇත.
ආක්ටික් කලාපය රටවල් අතර බෙදාගෙන තිබෙන අයුරු
රුසියාවේ ආක්ටික් නැඟීම
ක්‍රිමියාව සහ ක්ලීන්ග්‍රෑඩ් යන ප්‍රදේශවල ප්‍රධාන සහ සහයක හමුදා නවීකරණය එක් පැත්තකින් සිදුකරද්දී 2015 වසරේදී ආක්ටික් කලාපය හමුදාකරණය කිරීමද සමගාමීව සිදු කෙරිණි.නේටෝව ආක්ටික් කලාපය සම්බන්ධ දක්වන ලැදියාව අළුත් කිරීමත් සමග සෝවියට් යුගයේ එම ප්‍රදේශයේ පිහිටුවා තිබූ කඳවුරු යළි සක්‍රීය කිරීමට තීරණය කල බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කියා තිබේ.නොවායා ශම්ල්යා දූපත් සමූහයේ පිහිටා තිබෙන ගුවන් යානා ධාවන පථය ඊළඟ පරම්පරාවේ ප්‍රහාරක යානා සහ S400 ගුවන් ආරක්ෂක පද්ධතියට සරිලන ලෙස අලුත්වැඩියා කරනු ලැබේ.ආක්ටික් කලාපයේ මෙහෙයුම් සිදුකිරීමේ පහසුව තකා රුසියානු උතුරුදිග නාවික ඇණියේ කොටසක් මෙම දූපත්වල පිහිටුවීමේ සූදානමක් තිබේ.උතුරුදිග නාවික ඇණිය රුසියානු නාවික හමුදාවෙන් 2/3ක් නියෝජනය කරයි.න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක අයිස්කඩන නෞකා සහිත ලොව එකම නාවික හමුදාව මෙයයි.සෙබලුන් 6000න් සමන්විත නව හමුදා කණ්ඩායමක්,පාබල හමුදා සේනාංක දෙකක් පිහිටුවා තිබෙන මුර්මන්ස්ක් සහ ස්වයංපාලන ප්‍රදේශයක් වන යමල්-නෙනෙට්ස් වෙත යැවීමට මොස්කව් පාලනය තීරණය කර තිබිණි.රේඩාර් සහ ගොඩබිම් මාර්ගෝපදේශක පද්ධති ෆ්‍රාන්ස් ජොසෙෆ් ලෑන්ඩ්(නොවායා ශෙම්ලියා හි කොටසක්), රේන්ජෙල් දූපත සහ ස්මිඩ්ත් තුඩුවේ පිහිටුවීමේ සැලැසුම් සකස් කර තිබේ.ෆෙඩරල් ආරක්ෂක සේවාව රුසියාවේ උතුරුදිග මායිමේ දේශසීමා ආරක්ෂකයන් ගණන වැඩිකිරීමටද සැලසුම් කර තිබේ.
Franz Josef Land ,Wrangel Island and Cape Schmidt.
Wrangel දූපතේ සහ Cape Schmidtහි ස්ථානගත කර තිබෙන රේඩාර් පද්ධති
ආක්ටික් හි රුසියානු හමුදා කඳවුරු
2014 වසරේ පැවති 'වොස්ටොක්' මහා පරිමාණ හමුදා අභ්‍යාසය ,සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව සිදුකල විශාලතම හමුදා අභ්‍යාසයයි.එය ආක්ටික් කලාපය ගැන රුසියානු අභිප්‍රාය හෙළිකරයි.රුසියානු යුද හමුදාව,නාවිකයන් සහ ගුවන් හමුදාව මෙම කලාපයේ හමුදා පුහුණු අභ්‍යාසවල යෙදෙන අතරේ Pantsir-S නම් ගුවන් ආරක්ෂක පද්ධතිය සහ Iskander-M නම් බැලස්ටික් මිසයිල ආදී අවි පද්ධතිද ලෝකයට පෙනෙන ලෙස භාවිතා කලහ.මෙවැනි ක්‍රියා සීතල යුද්ධය සමාන වටපිටාවක් මවා පෙන්වනවා මෙන්ම එක්සත් ජනපද සහ නේටෝ අවදානයද ලබාගනියි.ඊට අමතර 2015 වසර පුරා තමන් ආක්ටික් ප්‍රදේශයේ පුහුණු වීම් කරන බව රුසියාවේ උතුරුදිග නාවික ඇණිය නිවේදනය කර තිබිණි.
Russian nuclear icebreaker - YAMAL
ආක්ටික් කලාපය සම්බන්ධ තමන්ගේ දේශපාලනික සහ ආර්ථික ඇලුම්කම ආරක්ෂා කිරීමට 2020 දක්වාම සන්නද්ධ හමුදා යොදවන බව ක්‍රෙම්ලිනය නැවත නැවතත් කියා සිටියි.ඇස්තමේන්තුවලට අනුව 2015 වසරේදී පමණක් රුසියානු හමුදා ,යුද ගුවන් යානා 56ක් සහ හෙලිකොප්ටර් 122ක් ආක්ටික් කලාපයේ යොදවා තිබිණි.2015 වසර අවසන් වන විට රුසියාවට අයත් ආක්ටික් ප්‍රදේශයේ මුහුදුබඩව ගුවන් පථ සහිත හමුදා කඳවුරු 14ක් ස්ථාපිත කරන බව රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු විසින් පවසා තිබිණි.එසේම ආක්ටික් කලාපයේ සේවය පිණිස නවීකරණය කල MiG-31BM යානා 50 පමණ 2019 වසර වන විට යෙදවීමේ සූදානමක් තිබෙන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබේ.රුසියාවට තිබෙන ආර්ථික අමාරුකම් නිසා අනෙක් අමාත්‍යාංශවල මූල්‍ය ප්‍රතිපාදන කපා හරිද්දී ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් කරන වියදම 20% කින් වැඩි කිරීමට ක්‍රෙම්ලිනය පියවර ගෙන තිබේ.
MiG-31BM
2014 වසර අවසන් වන විට රුසියාව ඒකාබද්ධ උපාය මාර්ගික පාලන පර්යන්තයක් උතුරු දිග නාවික ඇණිය තිබෙන ප්‍රදේශයේ පිහිටුවන ලදි.මෙය රුසියාවේ උතුරුදිග දූපත් වෙත ලඟා විය හැකි සීමාවේ තිබේ.ඒ ඔස්සේ චීනයේ සිට නෝර්වේ වෙත වැටී තිබෙන වෙළඳ නෞකා ගමන් මාර්ගය හොඳින් දකින්නත් ,පාලනය කරන්නත් හැකියාව ලැබේ.ඊට අමතරව මෙය ප්‍රදේශයේ වෙනත් රාජ්‍යයන්ගේ හෝ එක්සත් ජනපදයේ හමුදාමය සංචලනයන් නිරීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසද වැදගත් වේ.
Unified Strategic Command (USC)
බෝල්ටික් රාජ්‍යයන් සහ ඒවාහි තදාසන්න ප්‍රදේශ සේම,බැරන්ට් මුහුදද රුසියානු ප්‍රහාරක යානාවල මුරකිරීමට නිතරම ලක්වේ.භූදේශපාලනික වශයෙන් රුසියාව අවශ්‍යයෙන්ම කලයුතු දේවල් වන්නේ කළු මුහුද දෙසට බලය යෙදීම සහ ආක්ටික් ප්‍රදේශයේ ආධිපත්‍ය තහවුරු කිරීමයි.
නෝර්වීජියානු ප්‍රතිචාරය
එසේ වුවත් රුසියාව ආක්ටික් කලාපය තුල බලය ප්‍රසාරණය කිරීමේ ක්‍රියාවලිය අනෙක් රටවලට ආක්‍රමණශීලී ස්වභාවයකින් පෙනෙනු ඇති.නමුත් ආක්ටික් බල ව්‍යාප්තියේදී බටහිර බලවතුන් හා සන්නද්ධ ගැටුමකට යෑමේ අභිලාෂයක් ක්‍රෙම්ලිනයේ හමුදා නායකයන් තුල නැත.නේටෝ සංවිධානයේ 5වන කොන්දේසිය වන නේටෝ සාමාජිකයෙකුට වෙනත් රටකින් ප්‍රහාරයක් එල්ල වුවහොත් එය සංවිධානයට එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකා සාමූහික ප්‍රතිචාරයක් දක්වනවා යන්න ගැන රුසියාව පරීක්ෂාවෙන් කටයුතු කරයි.කෙසේ වෙතත් රුසියාව ආක්ටික් කලාපයේ හමුදාමය ප්‍රසාරණය ඉහල දැමීමෙන් අසල්වැසි රටවල් ,විශේෂයෙන්ම නෝර්වේ රාජ්‍යය කලබලයට පත් වේවි.
උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානයේ සාමාජික රටවල්
රුසියාව යුක්‍රේන සිදුකරන මැදිහත්වීමත් සමග ආක්ටික් කලාපය හමුදාකරණය කිරීම හමුවේ රුසියාවට අනතුරු ඇඟවීමට නෝර්වේ රාජ්‍යයට බල කෙරිණි.නෝර්වේ රාජ්‍යයද බටහිර රටවල් රුසියාට එරෙහිව පැනවූ සම්බාධක වලට සහාය පළ කල අතර රුසියාව යනු ආක්ටික් කලාපය තුල නෝර්වේ රාජ්‍යයට තිබෙන තර්ජනයක් ලෙස ඔවුන් දකියි.ආක්ටික් කලාපයේ නේටෝවේ භූමිකාවේදී නෝර්වේ රාජ්‍යය එහි නායකයා ලෙස පෙනීසිටියි.ඔවුන්ට එම තත්ත්වය ලැබී තිබෙන්නේ ආක්ටික් වෘත්තයට ඉහළින් ස්ථිර හමුදා මූලස්ථාන තිබෙන එකම රට එය වීම නිසාය.එසේම ඔවුන් ඉරාකයේ සිටින බහුජාතික හමුදාවට,ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් 500ක් පිරිසක්ද වශයෙන්ද දායක වී තිබේ.ලිබියානු අර්බුදයේදී ගුවන් ප්‍රහාර එල්ල කර නේටෝ රටවල් හතෙන් එකක්ද වන්නේ නෝර්වේ රාජ්‍යයයි.නෝර්වීජියානුවන්ද ආක්ටික් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් මුදල් යොදවන මුත් රුසියාව සමග සසදන විට ඔවුන් අඟුටුමිට්ටෙකි.මේ නිසාම ආක්ටික් කලාපය තුල නේටෝව විශාල භූමිකාවක් නිරූපණය කල යුතුබවයි නෝර්වීජියානු බලධාරීන්ගේ අදහස.
Joint Viking යුද අභ්‍යාසය පැවැත්වූ ප්‍රදේශය - Finnmark
Joint Viking
රුසියාව සහ නෝර්වේ රාජ්‍යය අතර හමුදාමය සහයෝගීතාවය ඉතා අඩුය.සෝවියට් පාලන සමයේදී පවා ඔස්ලෝව සෝවියට් දේශසීමා අසල යුද අභ්‍යාස සිදුකර නොමැත.නමුත් සෝවියට් දේශය බිද වැටුණු පසු පළමුවරට මහා පරිමාණ යුද අභ්‍යාසයක් රුසියා-නෝර්වේ දේශසීමාව අසල Finnmark හි පවත්වන්නට නෝර්වේ රාජ්‍යය පියවර ගත්තේ 2015 වසරේදීය.මෙම යුද අභ්‍යාසය(Joint Viking) 2015 වසරේ මාර්තු මාසයේදී ප්‍රදේශයේ පැවැත්වුනේ සෙබලුන් 5000ක් සහ යුද රථ 400කගේ සහභාගීත්වයෙනි.නෝර්වේ රාජ්‍යය මෙතරම් විශාල යුද අභ්‍යාසයක් සිදුකලේ 1967 වසරෙන් පසුව බවයි කියවෙන්නේ.මෙම සිද්ධිය රුසියාවේ ආක්ටික් නැගීමට සිදුකල නේටෝවේ අනතුරු ඇඟවීමක් ලෙස පිළිගත හැකිය.ආක්ටික් කලාපයේ රුසියානු බලය ප්‍රසාරණයේදී නෝර්වේ රාජ්‍යය නේටෝවට වැදගත් සාධකයක් වනු ඇති.
ආක්ටික් කලාපය සම්බන්ධව රුසියානු දැක්ම
ආක්ටික් කලාපය සම්බන්ධ රුසියාවේ මෙම උනන්දුව ඉදිරි කාලයේදී කලාපීය බලතුලනය වෙනස් කිරීමට හේතුවේවි.රුසියාවේ ආක්ටික් ක්‍රියාකාරකම් අත්ලාන්තික් සාගරය ඔස්සේ දිවෙන වෙළද මාර්ග වලටත්,රුසියා-උතුරු යුරෝපා රටවල සබදතාවයන්ට සහ රුසියා-චීන සබදතාවලටද බලපාවි.අඩ සියවසක් තිස්සේ ආක්ටික් කලාපය ඇමෙරික-සෝවියට් ගැටුම්වලට හේතුවූ අතර එහිදී ඇතිවූ සමහර සිද්ධීන් ලෙහෙසියෙන්ම යුද්ධ තත්ත්වයන් දක්වා දුරදිග යෑමේ හැකියාවක් තිබිණි.සුපිරි බලවතුන් ආක්ටික් කලාපය වෙනුවෙන් තරඟ වැදී තිබෙන් අතරේ චීනය සහ ඉන්දියාව යන රටවල්ද මෙම කලාපය සම්බන්ධ තම ලැදියාව ප්‍රකාශ කරයි.
උතුරු මුහුදු නෞකා මාර්ගය භාවිතා කිරීමේ වාසිය
එසේ වුවත් රුසියාව මුහුණ දෙන අභ්‍යන්තර සහ බාහිර ප්‍රශ්න වන පීඩනයට ලක්වූ ආර්ථිකය,යුක්‍රේන ප්‍රශ්නය සහ අන්තර්ජාතිකව එල්ලවන පීඩනය ආදියට අමතරව ආක්ටික් බල ව්‍යාප්තියද ඇතුල් කරගැනීමේ උවමනාවක් ක්‍රෙම්ලිනය අවශ්‍ය නොවේ.නමුත් ආක්ටික් කලාපය සම්බන්ධ රුසියානු උනන්දුව වැඩිවීම ඔස්සේ කලාපයේ අනෙක් රටවලටද තම යුදමය හැකියාව තක්සේරු කරගන්නට සංඥාවක් ලබා දී තිබේ.මේ නිසා ආක්ටික් කලාපය සම්බන්ධව නේටෝවේ අවධානය වැඩිපුර යොමුකර වීමට නෝර්වේ රාජ්‍යය ක්‍රියා කරාවි.කෙසේවෙතත් මෙය යුද්ධ තත්ත්වයක් තෙක් වර්ධනය නොකරගෙන තම අවශ්‍යතා ඉටුකරගන්නට රුසියාව පරිස්සම් වේවි.
ආක්ටික් කලාපය රටවල් අතර බෙදීගොස් තිබෙන අයුරු සහ අයිතිවාසිකම් කියන රටවල්
Source:Stratfor.com
-HarshaLulzSec-
Last edited: