ඉතිහාසය සහ සිනමාව - 300(2006)- දෙවන කොටස
ඔව්.ඔවුන් සර්සිස් රජුගේ පෞද්ගලික ශරීරාක්ෂයන්(මොවුන් සංග්‍රාම භූමියේ සක්‍රීය හමුදාවක් ලෙස කටයුතු කර තිබේ) ලෙස හඳුන්වයි.ඔවුන් දක්ෂ සටන්කරුවන් බවයි කියවෙන්නේ.චිත්‍රපටයේ නම් මෙම සෙබලුන් නිරූපණය කර තිබෙන්නේ දිලිසෙන වෙස්මුහුණු පැළඳ ගත් බිය උපදවන පෙනුමක් සහිත පිරිසක් ලෙසයි.ෆ්‍රෑන්ක් මිලර් සිය චිත්‍රකතාවේදී ඉමෝර්ටල්වරුන් නිරූපණය කර තිබෙන්නේ එලෙසයි.නමුත් සැබෑ අමරණීයයන් කබායක් වැනි ඇඳුමක් ඇද සිටි රැවුලක් සහිත සාමාන්‍යය මිනිසුන් පිරිසකි.ස්පාටන් සෙබලුන් සමග සසදන විට මෙම පර්සියානු හමුදා කණ්ඩායම සැහැල්ලු යුද සන්නාහයක් දැරීය.ඔවුන්ගේ පළිහ නිමවා තිබුණේ වේවැල් වලින් නිසා ස්පාටන්වරුන්ගේ අවිවලට ප්‍රහාර වළක්වන්නට ඒවා ප්‍රමාණවත් නොවීය.මොවුන්ට අමරණීයන් යන නම භාවිතා කරන්නේ ඔවුන් සැම විටම තම පිරිස් බලය 10,000ක් ලෙස තබාගන්නා නිසාය.සටනේදී එක් ඉමෝර්ටල් සෙබලෙක් මියගිය හොත් හෝ තුවාල ලැබුව හොත් ඒ වෙනුවට වහාම තවත් සෙබලෙක් එක් කෙරේ.ඒ නිසා ඔවුන්ගේ පිරිස් බලය සැමවිට නියතව පවතියි.
300(2006)චිත්‍රපටයේ එන පර්සියානු ඉමෝටර්ල්වරු හෙවත් සක්සීස් රජුගේ පෞද්ගලික ආරක්ෂකයන්
ඉමෝර්ටල්ස් යන නම මෙම පර්සියානු සෙබලුන්ට භාවිතා කර තිබෙන්නෙ හෙරොඩොටස් විසිනි.ඔහුට අනුව ඉමෝර්ටල්ස් සෙබලුන් හොඳින් සන්නද්ධ වූ,සටන් ක්‍රමවලින් අගතැන්පත් පිරිසක් විය.ඔවුන් සතුව අවි ලෙස තිබුණේ වේවැල් පළිහක්,කෙටි හෙල්ලයක්,කඩුවක්,දුන්නක් සහ ඊතල ආදියයි.ඔවුන් මුහුණ ආවරණය කරගෙන සිටියේ දූවිල්ලෙන් ආරක්ෂා වීමටයි.ග්‍රීක සෙබලුන්ට සාපේක්ෂව මොවුන් හොඳින් සන්නද්ධ වුවද සන්නාහය අතින් දුර්වල විය.ඉමෝර්ටල් සෙබලෙක් වීමට ලැබීම ගෞරවයක් ලෙස සලකා තිබේ.මෙම විශේෂිත සෙබලුන් කණ්ඩායම පර්සියාව සිදුකල ආක්‍රමණ කිහිපයකටම සහභාගී වී තිබේ.ක්‍රි.පූ.539 සිදුවූ පර්සියානු රජු සයිරස්ගේ බැබිලෝනියානු ආක්‍රමණය,ක්‍රි.පූ. 525 දී සිදුවූ දෙවන කැම්බයිසිස් රජුගේ ඊජිප්තු ආක්‍රමණය ,ක්‍රි.පූ.520 දී සහ ක්‍රි.පූ.513 දී සිදුවූ පළමු ඩරියස් රජුගේ බටහිර පන්ජාබ්,සින්ධි යන ප්‍රදේශ ආක්‍රමණය මෙන්ම ක්‍රි.පු. 480දී සිදුවූ තමොපයිලේ සටනේදී පවා ඉමෝර්ටල්වරුන්ගේ සහාය ලබාගෙන තිබේ.පටු මාර්ගය තුල රැදී සිටිමින් පර්සියානුවන්ට දැඩි හානියක් කල ග්‍රීක හමුදාවලට පිටුපසින් විත් පහරදුන්නේ ඉමෝර්ටල්වරුන් බවයි කියවෙන්නේ.
වම්පස:ස්පාටන්/ග්‍රීක සෙබලෙකුගේ සන්නාහය ,ඇඳුම් සහ අවි දකුණුපස:පර්සියානු හමුදා සෙබලෙක්ගේ ඇඳුම් සහ අවි
මෙම පර්සියානු විශේෂ බලකාය සම්බන්ධව තොරතුරු ඉතා අල්ප වන අතර ග්‍රීක ඉතිහාසඥ හෙරොඩොටස්ගේ හෙළිකිරීමත් පමණක් පදනම්ව ඒ සම්බන්ධව කතා කෙරේ.ඒනිසා මේ සම්බන්ධව එන තොරතුරු සනාථ කිරීම අසීරු වී තිබේ.ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ඉතිහාසඥයින් විසින් Apple Bearers නමින් හඳුන්වන හමුදා කණ්ඩායමක් ගැන සඳහන් කර තිබේ.ඊට හේතුව ඔවුන්ගේ හෙල්ලයේ කෙළවරක ඇපල් ගෙඩිය හැඩයක් සහිත කොටසක් තිබීමයි.සමහර විට ඔවුන් ඉමෝර්ටල්වරුන් විය හැකිය.
වෘත්තීය මල්ලව පොර ක්‍රීඩකයෙක් වන Robert Maillet විසින් නිරූපණය කරන Über-Immortal නම් චරිතය ෆ්‍රෑන්ක් මිලර්ගේ චිත්‍රකතාවේ අඩංගු මනංකල්පිත චරිතයකි.සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා උසින්,ශරීර ප්‍රමාණයෙන් වැඩි සහ ශක්තිසම්පන්න අයෙක් වන මොහු මරාදැමීම පවා ලෙහෙසි නැත.
මෙවැනි මනංකල්පිත චරිත ඔස්සේ ඉරානය සම්බන්ධව පිළිකුල් සහගත චිත්‍රයක් ලෝකය ඉදිරියට ගෙන යන බව ඉරාන පාලනාධිකාරයේ අදහසයි.පර්සියානු රජු කෲර පුද්ගලයෙක් ලෙස හුවාදැක්වීම,පර්සියානු සෙබලුන්(ඇඳුම් විලාසිතා) නිරූපණය කර තිබෙන ආකාරය සේම හෙරොඩොටස් වැනි පුද්ගලයෙක්ගේ අතිශෝක්තියෙන් යුතුව ලියූ ප්‍රබන්ධාකාර ලියවිලි මත පදනම්ව චිත්‍රපටය නිර්මාණය කිරීම ආදිය ඉරානයේ නොසතුටට හේතුවී තිබේ(පර්සියානු රජුගේ පෞද්ගලික ආරක්ෂකයන් අමනුෂ්‍යයන් ලෙස පෙන්වීම,ඔවුන් නාසින් වැනි සමූල ඝාතකයන් ලෙස නිරූපණය කිරීම ආදියට ඉරානයේ දෝෂදර්ශනයට ලක්ව තිබේ)කෙසේවෙතත් මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබෙන්නේ චිත්‍රකතාවක් ඇසුරෙනි.ෆ්‍රෑන්ක් මිලර් යනු කවරෙක්දැයි හඳුනන අයෙක් ඔහුගේ චිත්‍රකතාවක් ඇසුරෙන් නිර්මාණය කල චිත්‍රපටයක ඓතිහාසික නිරවද්‍යතාව සම්බන්ධව ප්‍රශ්න කිරීමට යෑම ඵලක් නැති දෙයකි.ඔහු සිය 300 චිත්‍රකතාව හෝ සැක් ස්නයිඩර් ඒ ඇසුරෙන් නිර්මාණය කල චිත්‍රපටය 100% සත්‍ය කතාව මත පදනම්ව ගොඩ නැගුවේ නම් ඒවා මේ මොහොතවන විට ලබාගෙන තිබෙන පාඨක සහ ප්‍රේක්ෂක අවදානය නොලබන්නට බොහෝ සෙයින් ඉඩ තිබිණි යන්න මගේ පෞද්ගලික අදහස.
ඔව්.චිත්‍රපටයේදී ගොර්ගෝ රැජිණගේ චරිතය ශක්තිමත් එකක් ලෙස නිරූපණය කර තිබේ.ඇය දේශපාලනික සහ යුදමය ගැටළුවලදී පවා තම සැමියාට අනුශාසනා කල හැකි තරම් බලවත් බව පෙන්වා දෙයි.එක් තැනකදී පර්සියානු පණිවුඩකරුවා ,ඔහු සහ ලියොනයිඩස් රජු අතර සිදුවන කතාබහට රැජිණි සිය අදහස් එකතු කිරීම සම්බන්ධව ඇයට අවමන් කරයි.පර්සියානුවන්ගේ අදහස රැජිණ(එසේත් නැත්නම් කාන්තාවක්) එවැනි ප්‍රශ්නවලට මැදිහත් නොවිය යුතු බවයි.ස්නයිඩර්ගේ සිනමා කෘතිය ඔස්සේ ස්පාටන් කාන්තාවගේ චරිතය ඔසවා තැබීමේ උත්සාහයක් ගෙන තිබෙන බව පෙනෙන්නට තිබේ.ඇත්ත වශයෙන්ම ස්පාටා රාජ්‍යය යනු අනෙකුත් ග්‍රීක රාජ්‍යයන් හා සංසන්දනය කරද්දී ගැහැණුන්ට නූතනයේ බටහිර රටවල තිබෙන හා සමාන බලයක් සහ අයිතිවාසිකම් තිබූ රාජ්‍යයකි.ස්පාටා හි ගැහැණියට ලැබී තිබූ අසීමිත නිදහස ඔවුන්ගේ අසල්වැසි ඇතැන්ස් කාන්තාවට නොතිබූ බව කියවේ.ස්පාටා සමාජය පාලනය කලේ(රාජ්‍ය පාලනය නොවේ)ගැහැණියයි.ඊට හේතුව වූයේ ස්පාටන්වරුන් තම අවධානය යොමු කලේ යුද්ධය වෙනුවෙන් නිසාය.ස්පාටන් පිරිමින් නිතරම යුද්ධයට සූදානමින් සිටි අතර ඔවුන් වැඩිකාලයක් ගත කලේ තම නිවසෙන් බැහැරවයි.පිරිමින්ට වයස අවුරුදු 30 පිරෙන තෙක් තම බිරිද සමග ලිංගික එක්වීම පවා තහනම්ව තිබූ බව කියවේ.ස්පාටන් පිරිමියා යුද බිමේ සිට නිවසට පැමිණි පසු නිවසේ කටයුතු සිදුවන අයුරු පවා සොයා නොබැලුවේය.ඒ සියල්ල පැවරී තිබුණේ ඔවුන්ගේ භාර්යාවටයි(ස්පාටා හි පිරිමියා යනු ගැහැණුන්ගේ පාලනය යටතේ සිටි පිරිසක් වැනිය ).ගැහැණුන්ට අවශ්‍ය නම් දික් කසාද වීමේ අයිතිය හිමිව තිබිණි.තවද ස්පාටා හි ගැහැණුන්ට ,පිරිමියාට සමාන අයුරින් උරුමයට අයිතිවාසිකම් තිබී ඇත.විවාහයේදී කාන්තාවක් පිරිමියාට දෑවැද්දක් දීම අවශ්‍ය නොවීය.ගැහැණියක් අවශ්‍ය වූයේ ඔවුන්ගේ බෝවීම පවත්වාගෙන යාම සහ යුද්ධයට සරිලන ශක්තිමත් පිරිමින් බිහිකරගැනීමටය.කාන්තාවන්ට අවශ්‍ය නම් ඔවුන්ගේ ඔවුන්ගේ කලවා සහ දෙපා නිරාවරණය වන පරිදි ඇඳුම් ඇදීමට නිදහස තිබිණි.
ස්පාටා රාජ්‍යය තුල බහුපුරුෂ සේවනය පැවත තිබේ.පිරිමින් කිහිපදෙනෙක් අතරේ එක් කාන්තාවක් හුවමාරු කිරීම සිදුව තිබේ.තනිකඩ පිරිමියෙකුට අවශ්‍ය නම් දරුවෙක් ලබාගැනීමට විවාහක පිරිමියෙක්ගේ අවසරට ඇතිව ඔහුගේ භාර්යාව සමග එකතුවීමට අවසර තිබිණි.
නැත.මෙය ස්පාටා හි රැජිණගේ චරිතය ඔසවා තැබීමට චිත්‍රපටකරුවා එක්කල සිද්ධියකි.චිත්‍රකතාවේ රචක ෆ්‍රෑන්ක් මිලර් මෙම සිද්ධිය ඇතුලත් කිරීම සම්බන්ධව සිය අකැමැත්ත ප්‍රකාශ කර තිබිණි.ඔහුගේම වචන වලින් කියන්නේ නම් "මෙය පිරිමි ළමුන්ගේ චිත්‍රපටයකි.එයට එසේ වන්නට ඉඩ හරින්න".ඉතිහාසයට අනුව ඇය මෙම කතාවට මෙතරම් විශාල සම්බන්ධයක් නොමැත.ගොර්ගෝ රැජිණගේ ස්වාමිපුරුෂයා යනු ඇගේ බාප්පා කෙනෙකි.ලියොනයිඩස් සහ ගොර්ගෝ රැජිණගේ පියා වූ ක්ලෝමනීස් යනු සහෝදරයන්ය.
ඔව්.ඇය හිටපු ස්පාටා රජුගේ(ක්ලෝමනීස්) දියණියක් බවත් ස්පාටා හි කාන්තාවට සැලකිය යුතු බලයක්ද තිබූ බවත් සිහිපත් කරගත යුතුය.ග්‍රීක ඉතිහාසඥ හෙරොඩොටස් විසින් සිය ලිවීම්වල කිහිපවරක්ම ගොර්ගෝ රැජිණ ගැන සඳහන් කර තිබේ.ඇය වයස අවුරුදු 8-9 දී තම පියාට කියා සිටියේ ඇරිස්ටගොරස්(ක්‍රි.පූ.6 සියවසේ අවසන් සමය සහ ක්‍රි.පූ.5 සියවසේ මුල් කාලය තුල පර්සියානු අධිරාජ්‍යයට එරෙහිව කැරලි ගැසූ නායකයන්ගෙන් එක් අයෙක්)විශ්වාස නොකරන ලෙසයි."තාත්තේ,ඔබ ඉවත්ව යෑම සුදුසුය.නැත්නම් ආගන්තුකයා ඔබව නරක් කරාවි." ක්ලියොමෙනිස් රජු ඇගේ අවවාදය පිළිගෙන තිබේ.දෙවන වරට ඇය සම්බන්ධව හෙරොඩොටස් සඳහන් කරන්නේ ඩිමරටස්ගේ(ක්‍රි.පූ.515-491 අතර කාලයේ ස්පාටා හි සිටි රජෙක්.පර්සියානුවන්ගේ දෙවන ග්‍රීක ආක්‍රමණයේදී පර්සියානුවන්ගේ පක්ෂය ගත් අයෙකි.)පණිවුඩයක් ස්පාටා රාජ්‍යයට ලගා වූ පසුවයි."පණිවුඩය එහි ගමනාන්තයට ලගා වූ පසු එහි සැඟවී තිබෙන දේ අනුමාන කිරීමට කිසිවෙකුට හැකි නොවිය.ගොර්ගෝ රැජිණ දිවැසින් මෙන් දැක්කා මෙන් කියා සිටියේ එහි තිබූ ඉටි සූරා දැමූවිට ලියා තිබෙන දෙයක් ඔවුන්ට සොයාගත හැකි වෙතැයි කියාය.ඇය කී පරිදි ඉටි ස්ථරය ඉවත් කල විට ඔවුන්ට එහි ලියා තිබූ දෙය කියවා ගත හැකිවූ අතර එය අනෙකුත් ග්‍රීකයන් අතරේද විසුරුවා හරින ලදි."
තමොපයිලේ සටන සඳහා ස්පාටා වලින් පිටත්වන අවස්ථාවේදී ලියොනයිඩස් හට ඇය කියා සිටින්නේ ස්පාටා හි වටිනාකම සටනේදී පෙන්වන ලෙසයි.එසේම තමන් කලයුතු දෙයක් තිබේද ඇය අසන විට ලියොනයිඩස් රජු කියා සිටින්නේ "හොඳ පුරුෂයෙක්(ශක්තිමත්) පිරිමියෙක් විවාහ කරගෙන නිරෝගී ශක්තිමත් දරුවන් බිහිකරන ලෙසයි."
ඔව්.චිත්‍රපටය වෙනුවෙන් යොදාගෙන තිබෙන උද්දෘත පාඨ ලබාගෙන තිබෙන්නේ ග්‍රීක ඉතිහාසඥ හෙරොඩොටස්,ප්ලූටාච් සහ අනෙකුත් මූලාශ්‍රවලිනි.එහි එන එක් පාඨයක් වන්නේ සටනේ පළමු දිනයේදී ග්‍රීක සේනාවට යටත්වන ලෙස සක්සීස් විසින් කල ඉල්ලීමට ලියොනයිඩස් විසින් "වරෙල්ලා අරගනිල්ලා " යනුවෙන් ප්‍රතිචාර දක්වා තිබේ.
ඔව්.ස්පාටා වැසියන් යනු යුද්ධ කිරීමට උපන්,යුද්ධය වෙනුවෙන් මනා සූදානමකින් පසුවූ පිරිසකි.ඔවුන්ගේ දරුවන්ට ලබාදෙන දරුණු ගණයේ යුද පුහුණුවම ඔවුන් වෙනස්ම පිරිසක් කිරීමට හොඳටම ප්‍රමාණවත්ය.චිත්‍රපටයේ එක් දර්ශනයකදී ලියොනයිඩස් රජු ඔවුන්ට එක්වන්නට එන අකේඩියන් සෙබලුන්ගෙන් අසන්නේ ඔවුන්ගේ වෘත්තිය කුමක්ද කියාය.ඉන්පසු ඔහු ස්පාටන් සෙබලුන් වෙත හැරී "ඔබේ වෘත්තිය කුමක්ද මිනිසුනේ" කියා ඇසූ විට ඔවුන් එක හඬින් මොරදෙයි.එහි අර්ථය ඔවුන් සියලුදෙනාම යුද සෙබලුන් බවයි.
චිත්‍රකතාවේ රචක ෆ්‍රෑන්ක් මිලර් වරක් සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ "ඉතා ආසන්න සංසන්දනයකදී රතු කබාය සහිත ස්පාටන් සෙබලුන්ට අපගේ හමුදාවේ විශේෂ බලකායන් සමාන කල හැකිය.විවාදයකින් තොරව ඔවුන් ග්‍රීසියේ සිටි හොඳම සටන්කරුවන් යැයි කිව හැකිය."නමුත් ස්පාටන් සෙබලුන් තම හමුදා පුහුණුව සඳහා පිටත් කරන්නේ වයස අවුරුදු 7 තරම් කුඩා කාලයේදීය.ඔවුන්ගේ පාඨමාලාව සම්පුර්ණ කරන්නේ වයස අවුරුදු 18 දීය.ඒ අනුව ඔවුන් අවුරුදු 10කට වැඩි කාලයක් තම දෙමාපියන්ගෙන්,නිවසෙන් බැහැරව අතිශය දුෂ්කර ජීවිතියක් ගෙවා දමයි.ඒ අනුව ඔවුන් සමග නූතන විශේෂ බලකායක් සංසන්දනය කිරීම එතරම් සාර්ථක නැතිබවයි මගේ අදහස.
මෙම චිත්‍රපටය ඔස්සේ නිරූපණය කරන්නේ ඉරානයේ අතිවිශාල වහල් හමුදාවකට එරෙහිව සටන වදින යුරෝපයේ කුඩා හමුදාවක් ගැනයි.සමහරුන් එය නූතන අර්බුද හා සංසන්දනය කිරීමට උත්සාහ කරනවා විය හැකිය.වරක් පුද්ගලයෙක් සැක් ස්නයිඩර්ගෙන් මෙසේ අසා තිබේ."ජෝර්ජ් බුෂ් යනු ලියොනයිඩස් ද සක්සිස් ද." එවිට ඔහු කියාසිටියේ "එය අපූරු ප්‍රශ්නයක් බවයි."තමා උත්සාහ කලේ ෆ්‍රෑන්ක් මිලර්ගේ චිත්‍රකතාව සිනමාවට ගෙන ඒම පමණක් බවයි අධ්‍යක්ෂකවරයා පවසන්නේ.
2007 මාර්තු මස 11 වෙනිදා එනම් චිත්‍රපටය එක්සත් ජනපදයේ නිකුත් කර දින දෙකකට පසුව ඉරානයේ Fars පුවත් ඒජන්සිය වාර්තා කලේ ඔවුන්ගේ සංස්කෘතිය චිත්‍රපටය ඔස්සේ විස්තර කර තිබෙන ආකාරය ගැන ඉරාන රජය සතුටු නොවන බවයි.ජනපති මොහමුඩ් අහමඩිනෙජාඩ්ගේ කලා උපදේශක ජාවාඩ් ෂම්කඩ්‍රි චෝදනා කර සිටියේ "මෙය ඉරාන සංස්කෘතියට එරෙහිව එක්සත් ජනපදය ගෙන යන මනෝවිද්‍යාත්මක යුද්ධයේ කොටසක් බවයි."
අධ්‍යක්ෂකවරයා ඊට හේතු දක්වා සිටියේ "මට අවශ්‍ය වූයේ ෆ්‍රෑන්ක් මිලර්ගේ චිත්‍රකතාව හැකිතාක් දුරට තාත්ත්විකව නිරූපණය කිරීමයි.එළිමහනේ රූගත කිරීම් කලේ නම් කාලගුණය අහසේ හැසිරීම,විදුලිකෙටීම ආදිය මට අවශ්‍ය පරිදි පාලනය කිරීම සිදුකල නොහැකිය.එසේම චිත්‍රකතාවේ එන භූ දර්ශන සැබෑ ලෝකයට වඩා වෙනස් වේ.ඒවා සොයා ගැනීම පවා කලනොහැකි අතර ඒ සියල්ල ෆ්‍රෑන්ක් මිලර්ගේ පරිකල්පනයක් පමණි."
ඔවුන් මේ දෙපිරිස ගැන මෙතරම් හොඳින් දන්නේ ග්‍රීක ඉතිහාසඥ හෙරොඩොටස්ගේ මුලාශ්‍ර මත පදනම්වයි.ඔහු ක්‍රි.පූ. 484-425 කාලයේ ජීවත් වූ අයෙකි.ඔහු පර්සියානුවන් සිදුකල ග්‍රීක ආක්‍රමණ ගැන තොරතුරු රැස්කර තිබේ.හෙරොඩොටස්ගේ ලිවීම්වල නිරවද්‍යතාවය වෙනත් මූලාශ්‍ර ආශ්‍රයෙන්ද පරීක්ෂා කර බලා තිබේ.ඔහුගේ ලිවීම්වල අඩුපාඩු කෙසේවෙතත් ඔහුව ඉතිහාසයේ පියා " යන නමින් හඳුන්වයි.මෙම ඉතිහාසඥයාගේ ලිවීම්වලට අමතරව පුරාවිද්‍යාත්මක කැණීම්වලින් සොයාගත් තොරතුරු සහ අනෙකුත් ඓතිහාසික ලියවිලි ඔස්සේද ඉතිහාසඥයින් ස්පාටා සහ පර්සියා සම්බන්ධව හැදෑරීම් කර තිබේ.
Source:Historyvshollywood.com
-HarshaLulzSec-
අමරණීයන් හෙවත් ඉමෝර්ටල්ස් යනු පර්සියාවේ සිටි සැබෑ හමුදා කණ්ඩායමක්ද?

ඉමෝර්ටල්වරුන්ගේ යැයි සැලකෙන කැටයමක්
මෙම පර්සියානු විශේෂ බලකාය සම්බන්ධව තොරතුරු ඉතා අල්ප වන අතර ග්‍රීක ඉතිහාසඥ හෙරොඩොටස්ගේ හෙළිකිරීමත් පමණක් පදනම්ව ඒ සම්බන්ධව කතා කෙරේ.ඒනිසා මේ සම්බන්ධව එන තොරතුරු සනාථ කිරීම අසීරු වී තිබේ.ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ඉතිහාසඥයින් විසින් Apple Bearers නමින් හඳුන්වන හමුදා කණ්ඩායමක් ගැන සඳහන් කර තිබේ.ඊට හේතුව ඔවුන්ගේ හෙල්ලයේ කෙළවරක ඇපල් ගෙඩිය හැඩයක් සහිත කොටසක් තිබීමයි.සමහර විට ඔවුන් ඉමෝර්ටල්වරුන් විය හැකිය.
කැටයමේ සිටින සෙබලුන් සතුව ඇති හෙල්ලයක පහළ කෙළවර
චිත්‍රපටයේ එන අනෙකුත් මනංකල්පිත චරිත මොනවාද?
වෘත්තීය මල්ලව පොර ක්‍රීඩකයෙක් වන Robert Maillet විසින් නිරූපණය කරන Über-Immortal නම් චරිතය ෆ්‍රෑන්ක් මිලර්ගේ චිත්‍රකතාවේ අඩංගු මනංකල්පිත චරිතයකි.සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා උසින්,ශරීර ප්‍රමාණයෙන් වැඩි සහ ශක්තිසම්පන්න අයෙක් වන මොහු මරාදැමීම පවා ලෙහෙසි නැත.
වම්පස:300(2006)චිත්‍රපටයේ එන Uber Immortal දකුණුපස:Uber Immortal චරිතයට පණපොවන Robert Maillet.
300 චිත්‍රපටයේ එන තවත් අපූරු චරිතයක් වන්නේ සක්සීස් රජුගේ ගහලයාය.ඔහු තට්ට හිසක් සහිත ස්ථුල විකෘති පෙනුමක් සහිත පුද්ගලයෙකි.හිස ගසා දැමීමට අවශ්‍ය මුවහත් තල ඔහුගේ දෑත්වල ගැටගසා තිබේ.
චිත්‍රපටයේ එන පර්සියානු ගහලයා
මෙවැනි මනංකල්පිත චරිත ඔස්සේ ඉරානය සම්බන්ධව පිළිකුල් සහගත චිත්‍රයක් ලෝකය ඉදිරියට ගෙන යන බව ඉරාන පාලනාධිකාරයේ අදහසයි.පර්සියානු රජු කෲර පුද්ගලයෙක් ලෙස හුවාදැක්වීම,පර්සියානු සෙබලුන්(ඇඳුම් විලාසිතා) නිරූපණය කර තිබෙන ආකාරය සේම හෙරොඩොටස් වැනි පුද්ගලයෙක්ගේ අතිශෝක්තියෙන් යුතුව ලියූ ප්‍රබන්ධාකාර ලියවිලි මත පදනම්ව චිත්‍රපටය නිර්මාණය කිරීම ආදිය ඉරානයේ නොසතුටට හේතුවී තිබේ(පර්සියානු රජුගේ පෞද්ගලික ආරක්ෂකයන් අමනුෂ්‍යයන් ලෙස පෙන්වීම,ඔවුන් නාසින් වැනි සමූල ඝාතකයන් ලෙස නිරූපණය කිරීම ආදියට ඉරානයේ දෝෂදර්ශනයට ලක්ව තිබේ)කෙසේවෙතත් මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබෙන්නේ චිත්‍රකතාවක් ඇසුරෙනි.ෆ්‍රෑන්ක් මිලර් යනු කවරෙක්දැයි හඳුනන අයෙක් ඔහුගේ චිත්‍රකතාවක් ඇසුරෙන් නිර්මාණය කල චිත්‍රපටයක ඓතිහාසික නිරවද්‍යතාව සම්බන්ධව ප්‍රශ්න කිරීමට යෑම ඵලක් නැති දෙයකි.ඔහු සිය 300 චිත්‍රකතාව හෝ සැක් ස්නයිඩර් ඒ ඇසුරෙන් නිර්මාණය කල චිත්‍රපටය 100% සත්‍ය කතාව මත පදනම්ව ගොඩ නැගුවේ නම් ඒවා මේ මොහොතවන විට ලබාගෙන තිබෙන පාඨක සහ ප්‍රේක්ෂක අවදානය නොලබන්නට බොහෝ සෙයින් ඉඩ තිබිණි යන්න මගේ පෞද්ගලික අදහස.
පර්සියානු රජු සක්සීස්ගේ යැයි සැලකෙන කැටයමක්
Immortals
300 චිත්‍රපටය ඔස්සේ ස්පාටන් කාන්තාවන් නිවැරදිව නිරූපණය කර තිබේද?
ඔව්.චිත්‍රපටයේදී ගොර්ගෝ රැජිණගේ චරිතය ශක්තිමත් එකක් ලෙස නිරූපණය කර තිබේ.ඇය දේශපාලනික සහ යුදමය ගැටළුවලදී පවා තම සැමියාට අනුශාසනා කල හැකි තරම් බලවත් බව පෙන්වා දෙයි.එක් තැනකදී පර්සියානු පණිවුඩකරුවා ,ඔහු සහ ලියොනයිඩස් රජු අතර සිදුවන කතාබහට රැජිණි සිය අදහස් එකතු කිරීම සම්බන්ධව ඇයට අවමන් කරයි.පර්සියානුවන්ගේ අදහස රැජිණ(එසේත් නැත්නම් කාන්තාවක්) එවැනි ප්‍රශ්නවලට මැදිහත් නොවිය යුතු බවයි.ස්නයිඩර්ගේ සිනමා කෘතිය ඔස්සේ ස්පාටන් කාන්තාවගේ චරිතය ඔසවා තැබීමේ උත්සාහයක් ගෙන තිබෙන බව පෙනෙන්නට තිබේ.ඇත්ත වශයෙන්ම ස්පාටා රාජ්‍යය යනු අනෙකුත් ග්‍රීක රාජ්‍යයන් හා සංසන්දනය කරද්දී ගැහැණුන්ට නූතනයේ බටහිර රටවල තිබෙන හා සමාන බලයක් සහ අයිතිවාසිකම් තිබූ රාජ්‍යයකි.ස්පාටා හි ගැහැණියට ලැබී තිබූ අසීමිත නිදහස ඔවුන්ගේ අසල්වැසි ඇතැන්ස් කාන්තාවට නොතිබූ බව කියවේ.ස්පාටා සමාජය පාලනය කලේ(රාජ්‍ය පාලනය නොවේ)ගැහැණියයි.ඊට හේතුව වූයේ ස්පාටන්වරුන් තම අවධානය යොමු කලේ යුද්ධය වෙනුවෙන් නිසාය.ස්පාටන් පිරිමින් නිතරම යුද්ධයට සූදානමින් සිටි අතර ඔවුන් වැඩිකාලයක් ගත කලේ තම නිවසෙන් බැහැරවයි.පිරිමින්ට වයස අවුරුදු 30 පිරෙන තෙක් තම බිරිද සමග ලිංගික එක්වීම පවා තහනම්ව තිබූ බව කියවේ.ස්පාටන් පිරිමියා යුද බිමේ සිට නිවසට පැමිණි පසු නිවසේ කටයුතු සිදුවන අයුරු පවා සොයා නොබැලුවේය.ඒ සියල්ල පැවරී තිබුණේ ඔවුන්ගේ භාර්යාවටයි(ස්පාටා හි පිරිමියා යනු ගැහැණුන්ගේ පාලනය යටතේ සිටි පිරිසක් වැනිය ).ගැහැණුන්ට අවශ්‍ය නම් දික් කසාද වීමේ අයිතිය හිමිව තිබිණි.තවද ස්පාටා හි ගැහැණුන්ට ,පිරිමියාට සමාන අයුරින් උරුමයට අයිතිවාසිකම් තිබී ඇත.විවාහයේදී කාන්තාවක් පිරිමියාට දෑවැද්දක් දීම අවශ්‍ය නොවීය.ගැහැණියක් අවශ්‍ය වූයේ ඔවුන්ගේ බෝවීම පවත්වාගෙන යාම සහ යුද්ධයට සරිලන ශක්තිමත් පිරිමින් බිහිකරගැනීමටය.කාන්තාවන්ට අවශ්‍ය නම් ඔවුන්ගේ ඔවුන්ගේ කලවා සහ දෙපා නිරාවරණය වන පරිදි ඇඳුම් ඇදීමට නිදහස තිබිණි.
ස්පාටන් කාන්තාව නිරූපණය කරන ප්‍රතිමා
ස්පාටා රාජ්‍යය තුල බහුපුරුෂ සේවනය පැවත තිබේ.පිරිමින් කිහිපදෙනෙක් අතරේ එක් කාන්තාවක් හුවමාරු කිරීම සිදුව තිබේ.තනිකඩ පිරිමියෙකුට අවශ්‍ය නම් දරුවෙක් ලබාගැනීමට විවාහක පිරිමියෙක්ගේ අවසරට ඇතිව ඔහුගේ භාර්යාව සමග එකතුවීමට අවසර තිබිණි.
ග්‍රීක කාන්තාවගේ ඇඳුම නිරූපණය කරන ඇතීනා දෙවඟනගේ පිළිරුවක්
ගොර්ගො රැජිණ මන්ත්‍රණ සභා සාමාජික තෙරෝන්ව සැබැවින්ම ඝාතනය කලේද?
නැත.මෙය ස්පාටා හි රැජිණගේ චරිතය ඔසවා තැබීමට චිත්‍රපටකරුවා එක්කල සිද්ධියකි.චිත්‍රකතාවේ රචක ෆ්‍රෑන්ක් මිලර් මෙම සිද්ධිය ඇතුලත් කිරීම සම්බන්ධව සිය අකැමැත්ත ප්‍රකාශ කර තිබිණි.ඔහුගේම වචන වලින් කියන්නේ නම් "මෙය පිරිමි ළමුන්ගේ චිත්‍රපටයකි.එයට එසේ වන්නට ඉඩ හරින්න".ඉතිහාසයට අනුව ඇය මෙම කතාවට මෙතරම් විශාල සම්බන්ධයක් නොමැත.ගොර්ගෝ රැජිණගේ ස්වාමිපුරුෂයා යනු ඇගේ බාප්පා කෙනෙකි.ලියොනයිඩස් සහ ගොර්ගෝ රැජිණගේ පියා වූ ක්ලෝමනීස් යනු සහෝදරයන්ය.
ගොර්ගෝ රැජිණ විසින් මන්ත්‍රණ සභා සාමාජික තෙරෝන් ඝාතනය කරන අවස්ථාව(300 චිත්‍රපටයෙන්)
ගොර්ගෝ රැජිණ ස්පාටා හි දේශපාලනයේ ක්‍රියාකාරී චරිතයක් වූවේද?
ඔව්.ඇය හිටපු ස්පාටා රජුගේ(ක්ලෝමනීස්) දියණියක් බවත් ස්පාටා හි කාන්තාවට සැලකිය යුතු බලයක්ද තිබූ බවත් සිහිපත් කරගත යුතුය.ග්‍රීක ඉතිහාසඥ හෙරොඩොටස් විසින් සිය ලිවීම්වල කිහිපවරක්ම ගොර්ගෝ රැජිණ ගැන සඳහන් කර තිබේ.ඇය වයස අවුරුදු 8-9 දී තම පියාට කියා සිටියේ ඇරිස්ටගොරස්(ක්‍රි.පූ.6 සියවසේ අවසන් සමය සහ ක්‍රි.පූ.5 සියවසේ මුල් කාලය තුල පර්සියානු අධිරාජ්‍යයට එරෙහිව කැරලි ගැසූ නායකයන්ගෙන් එක් අයෙක්)විශ්වාස නොකරන ලෙසයි."තාත්තේ,ඔබ ඉවත්ව යෑම සුදුසුය.නැත්නම් ආගන්තුකයා ඔබව නරක් කරාවි." ක්ලියොමෙනිස් රජු ඇගේ අවවාදය පිළිගෙන තිබේ.දෙවන වරට ඇය සම්බන්ධව හෙරොඩොටස් සඳහන් කරන්නේ ඩිමරටස්ගේ(ක්‍රි.පූ.515-491 අතර කාලයේ ස්පාටා හි සිටි රජෙක්.පර්සියානුවන්ගේ දෙවන ග්‍රීක ආක්‍රමණයේදී පර්සියානුවන්ගේ පක්ෂය ගත් අයෙකි.)පණිවුඩයක් ස්පාටා රාජ්‍යයට ලගා වූ පසුවයි."පණිවුඩය එහි ගමනාන්තයට ලගා වූ පසු එහි සැඟවී තිබෙන දේ අනුමාන කිරීමට කිසිවෙකුට හැකි නොවිය.ගොර්ගෝ රැජිණ දිවැසින් මෙන් දැක්කා මෙන් කියා සිටියේ එහි තිබූ ඉටි සූරා දැමූවිට ලියා තිබෙන දෙයක් ඔවුන්ට සොයාගත හැකි වෙතැයි කියාය.ඇය කී පරිදි ඉටි ස්ථරය ඉවත් කල විට ඔවුන්ට එහි ලියා තිබූ දෙය කියවා ගත හැකිවූ අතර එය අනෙකුත් ග්‍රීකයන් අතරේද විසුරුවා හරින ලදි."
දකුණුපස:300(2006)චිත්‍රපටයේ ගොර්ගෝ රැජිණගේ චරිතයට පණපොවන ලීනා හෙයිඩි වම්පස:ගොර්ගෝ රැජිණගේ යැයි සැලකෙන මූර්තියක්
ගොර්ගෝ රැජිණගේ වඩාත් කැපී පෙනෙන කියමනක් චිත්‍රපටයේ සඳහන් වේ.එය ග්‍රීක ඉතිහාසඥ ප්ලූටාර්ච්ගේ ලිවීම්වල අඩංගු වේ.
"ස්පාටා ගැහැණු යනු පිරිමින් පාලනය කල හැකි එකම කාන්තාවන් පිරිස වන්නේ ඇයි?"
"මන්ද පිරිමින්ට උපත ලබාදෙන එකම පිරිස වන්නේ අප නිසාය"
"ස්පාටා ගැහැණු යනු පිරිමින් පාලනය කල හැකි එකම කාන්තාවන් පිරිස වන්නේ ඇයි?"
"මන්ද පිරිමින්ට උපත ලබාදෙන එකම පිරිස වන්නේ අප නිසාය"
තමොපයිලේ සටන සඳහා ස්පාටා වලින් පිටත්වන අවස්ථාවේදී ලියොනයිඩස් හට ඇය කියා සිටින්නේ ස්පාටා හි වටිනාකම සටනේදී පෙන්වන ලෙසයි.එසේම තමන් කලයුතු දෙයක් තිබේද ඇය අසන විට ලියොනයිඩස් රජු කියා සිටින්නේ "හොඳ පුරුෂයෙක්(ශක්තිමත්) පිරිමියෙක් විවාහ කරගෙන නිරෝගී ශක්තිමත් දරුවන් බිහිකරන ලෙසයි."
ලියොනයිඩස් රජු සටන සඳහා පිටත්ව යන මොහොත
සැබැවින්ම ලියොනයිඩස් රජු "අපි අද රාත්‍රියේ කෑම කන්නේ අපායේ" යනුවෙන් පවසා තිබේද?
ඔව්.චිත්‍රපටය වෙනුවෙන් යොදාගෙන තිබෙන උද්දෘත පාඨ ලබාගෙන තිබෙන්නේ ග්‍රීක ඉතිහාසඥ හෙරොඩොටස්,ප්ලූටාච් සහ අනෙකුත් මූලාශ්‍රවලිනි.එහි එන එක් පාඨයක් වන්නේ සටනේ පළමු දිනයේදී ග්‍රීක සේනාවට යටත්වන ලෙස සක්සීස් විසින් කල ඉල්ලීමට ලියොනයිඩස් විසින් "වරෙල්ලා අරගනිල්ලා " යනුවෙන් ප්‍රතිචාර දක්වා තිබේ.
ස්පාටන්වරුන් ග්‍රීසියේ අනෙක් ජනයාට වඩා බොහෝ වෙනස්ද?
ඔව්.ස්පාටා වැසියන් යනු යුද්ධ කිරීමට උපන්,යුද්ධය වෙනුවෙන් මනා සූදානමකින් පසුවූ පිරිසකි.ඔවුන්ගේ දරුවන්ට ලබාදෙන දරුණු ගණයේ යුද පුහුණුවම ඔවුන් වෙනස්ම පිරිසක් කිරීමට හොඳටම ප්‍රමාණවත්ය.චිත්‍රපටයේ එක් දර්ශනයකදී ලියොනයිඩස් රජු ඔවුන්ට එක්වන්නට එන අකේඩියන් සෙබලුන්ගෙන් අසන්නේ ඔවුන්ගේ වෘත්තිය කුමක්ද කියාය.ඉන්පසු ඔහු ස්පාටන් සෙබලුන් වෙත හැරී "ඔබේ වෘත්තිය කුමක්ද මිනිසුනේ" කියා ඇසූ විට ඔවුන් එක හඬින් මොරදෙයි.එහි අර්ථය ඔවුන් සියලුදෙනාම යුද සෙබලුන් බවයි.
ෆ්‍රෑන්ක් මිලර් ,ස්පාටන් සෙබලුන්ගේ තත්ත්වයට වර්තමානයේදී සමාන කර සිටින්නේ කවරහුද?
චිත්‍රකතාවේ රචක ෆ්‍රෑන්ක් මිලර් වරක් සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ "ඉතා ආසන්න සංසන්දනයකදී රතු කබාය සහිත ස්පාටන් සෙබලුන්ට අපගේ හමුදාවේ විශේෂ බලකායන් සමාන කල හැකිය.විවාදයකින් තොරව ඔවුන් ග්‍රීසියේ සිටි හොඳම සටන්කරුවන් යැයි කිව හැකිය."නමුත් ස්පාටන් සෙබලුන් තම හමුදා පුහුණුව සඳහා පිටත් කරන්නේ වයස අවුරුදු 7 තරම් කුඩා කාලයේදීය.ඔවුන්ගේ පාඨමාලාව සම්පුර්ණ කරන්නේ වයස අවුරුදු 18 දීය.ඒ අනුව ඔවුන් අවුරුදු 10කට වැඩි කාලයක් තම දෙමාපියන්ගෙන්,නිවසෙන් බැහැරව අතිශය දුෂ්කර ජීවිතියක් ගෙවා දමයි.ඒ අනුව ඔවුන් සමග නූතන විශේෂ බලකායක් සංසන්දනය කිරීම එතරම් සාර්ථක නැතිබවයි මගේ අදහස.
300 චිත්‍රපටයේ අධ්‍යක්ෂක සැක් ස්නයිඩර් ඒ ඔස්සේ දේශපාලනික පණිවුඩයක් ලබාදීමට උත්සාහ කරන්නේද?
මෙම චිත්‍රපටය ඔස්සේ නිරූපණය කරන්නේ ඉරානයේ අතිවිශාල වහල් හමුදාවකට එරෙහිව සටන වදින යුරෝපයේ කුඩා හමුදාවක් ගැනයි.සමහරුන් එය නූතන අර්බුද හා සංසන්දනය කිරීමට උත්සාහ කරනවා විය හැකිය.වරක් පුද්ගලයෙක් සැක් ස්නයිඩර්ගෙන් මෙසේ අසා තිබේ."ජෝර්ජ් බුෂ් යනු ලියොනයිඩස් ද සක්සිස් ද." එවිට ඔහු කියාසිටියේ "එය අපූරු ප්‍රශ්නයක් බවයි."තමා උත්සාහ කලේ ෆ්‍රෑන්ක් මිලර්ගේ චිත්‍රකතාව සිනමාවට ගෙන ඒම පමණක් බවයි අධ්‍යක්ෂකවරයා පවසන්නේ.
Zack Snyder
ඉරානය චිත්‍රපටය සම්බන්ධව අසතුටු වූයේ ඇයි?
2007 මාර්තු මස 11 වෙනිදා එනම් චිත්‍රපටය එක්සත් ජනපදයේ නිකුත් කර දින දෙකකට පසුව ඉරානයේ Fars පුවත් ඒජන්සිය වාර්තා කලේ ඔවුන්ගේ සංස්කෘතිය චිත්‍රපටය ඔස්සේ විස්තර කර තිබෙන ආකාරය ගැන ඉරාන රජය සතුටු නොවන බවයි.ජනපති මොහමුඩ් අහමඩිනෙජාඩ්ගේ කලා උපදේශක ජාවාඩ් ෂම්කඩ්‍රි චෝදනා කර සිටියේ "මෙය ඉරාන සංස්කෘතියට එරෙහිව එක්සත් ජනපදය ගෙන යන මනෝවිද්‍යාත්මක යුද්ධයේ කොටසක් බවයි."
300(2006)චිත්‍රපටයට විරෝධය පළකර එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ පැවැත්වූ විරෝධතාවයක්

සම්පුර්ණ චිත්‍රපටයම ගෘහස්ථව රූගත කර තිබෙන්නේ ඇයි?
අධ්‍යක්ෂකවරයා ඊට හේතු දක්වා සිටියේ "මට අවශ්‍ය වූයේ ෆ්‍රෑන්ක් මිලර්ගේ චිත්‍රකතාව හැකිතාක් දුරට තාත්ත්විකව නිරූපණය කිරීමයි.එළිමහනේ රූගත කිරීම් කලේ නම් කාලගුණය අහසේ හැසිරීම,විදුලිකෙටීම ආදිය මට අවශ්‍ය පරිදි පාලනය කිරීම සිදුකල නොහැකිය.එසේම චිත්‍රකතාවේ එන භූ දර්ශන සැබෑ ලෝකයට වඩා වෙනස් වේ.ඒවා සොයා ගැනීම පවා කලනොහැකි අතර ඒ සියල්ල ෆ්‍රෑන්ක් මිලර්ගේ පරිකල්පනයක් පමණි."
රූගත කිරීම් සිදුකෙරුණු අයුරු
චිත්‍රපට අධ්‍යක්ෂ සැක් ස්නයිඩර්ගේ පුත්‍රයා චිත්‍රපටයේ චරිතයක් නිරූපණය කලේද?
ඔව්.එලි ස්නයිඩර් හෙවත් සැක් ස්නයිඩර්ගේ පුත්‍රයා ලාබාළ ලියොනයිඩස්ගේ චරිතයට පණපොවයි.මුෂ්ටි ප්‍රහාර එල්ල කරගන්නා දර්ශනයේ සිටින්නේ ඔහුය.
එලි ස්නයිඩර්
ඉතිහාසඥයින් පර්සියානුවන් සහ ස්පාටාවරුන් ගැන මෙතරම් කරුණු දන්නේ කෙසේද?
ඔවුන් මේ දෙපිරිස ගැන මෙතරම් හොඳින් දන්නේ ග්‍රීක ඉතිහාසඥ හෙරොඩොටස්ගේ මුලාශ්‍ර මත පදනම්වයි.ඔහු ක්‍රි.පූ. 484-425 කාලයේ ජීවත් වූ අයෙකි.ඔහු පර්සියානුවන් සිදුකල ග්‍රීක ආක්‍රමණ ගැන තොරතුරු රැස්කර තිබේ.හෙරොඩොටස්ගේ ලිවීම්වල නිරවද්‍යතාවය වෙනත් මූලාශ්‍ර ආශ්‍රයෙන්ද පරීක්ෂා කර බලා තිබේ.ඔහුගේ ලිවීම්වල අඩුපාඩු කෙසේවෙතත් ඔහුව ඉතිහාසයේ පියා " යන නමින් හඳුන්වයි.මෙම ඉතිහාසඥයාගේ ලිවීම්වලට අමතරව පුරාවිද්‍යාත්මක කැණීම්වලින් සොයාගත් තොරතුරු සහ අනෙකුත් ඓතිහාසික ලියවිලි ඔස්සේද ඉතිහාසඥයින් ස්පාටා සහ පර්සියා සම්බන්ධව හැදෑරීම් කර තිබේ.
300 - A Graphic Novel by Frank Miller, Lynn Varley
Gates of Fire: An Epic Novel of the Battle of Thermopylae
by Steven Pressfield
by Steven Pressfield
The 300 Spartans (1962)
300 Movie Trailer
Source:Historyvshollywood.com
-HarshaLulzSec-
Last edited: