Forex-කරන්න-හොදම-වේලාව

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    778
    465
    63
    උඩ තට්ටුවෙ
    Forex-කරන්න-හොදම-වේලාව

    Forex හි මුදල් යෙදවිය යුතු වේලාවන් සහ නොයෙදිය යුතු වේලාවන්
    fhour10.jpg

    Forex මාර්කට් එක පැය 24 Open,ඒ වගේම Weekend එකේ Close
    fx-trade-overlap.png

    ලෝකේ කලාප 4 ක තියෙන මාර්කට් වලින් තමයි Forex Tradings සිද්ද වෙන්නේ. මේ මාර්කට් අරින්නේ එක එක වෙලාවල් වලට. පහත වගුවෙන් පෙන්නනවා එක එක මාර්කට් එකේ Open Time එක සහ Close Time එක.
    trading+session.jpg

    (අපේ වේලාවට අනුව බලාගන්න පැය 5.30 ක් මේ වේලාවන් වලට එකතු කරන්න)
    දැනටමත් Trade කරන අය දන්නවා ඇති හැම Pair එකක්ම හැම වෙලාවේම Active නැහැ කියල. Pair එකක් Active වෙන්න සාධක කීපයක් තියෙනවා. එයින් වැදගත්ම 2 ක් තමයි
    Open මාර්කට් Sessions
    Correlation

    Open මාර්කට් Sessions

    මෙයින් අදහස් වෙන්නේ, Open කරලා තියෙන මාර්කට් එක අනුව ඒ රටට අදාල මුදල් වර්ගය Active වීමේ සම්භාවිතාවක් තියෙනවා කියන එක.

    උදා: 1.00 pm - 10.00 pm වෙලාවේදී NewYork මාර්කට් එක Open නිසා USD අගය ඉක්මනින් වෙනස් වෙන්න පුළුවන්.

    හරියට Session එක අදුනගෙන Trade කරනවානම් ගොඩක් වෙලා කාලය කන්න ඕන නැහැ. සමහර pairs වලට Trade කරලා පැය ගණක උන්නත් හොද Profit එකක් ගන්න බැරි අන්න එක නිසයි.
    ඒ වගේම තවත් අවස්ථාවන් තියෙනවා මාර්කට් Session 2 ක් Overlap වෙන. ඒ කියන්නේ එකම වෙලාවේ Sessions කීපයක් Open.

    උදා: 1.00 pm - 5.00 pm කාලයේදී London සහ NewYork session දෙකම Open. එක නිසා Eur/USD,
    GBP/USD වැනි pairs ගොඩක් Active.

    මේ Software ඒකෙන් මේ වෙලාවේ ඔයාගේ වෙලාවට අනුව Open Sessions බලාගන්න පුළුවන්.
    http://www.forexmarkethours.com/


    Correlation

    මේකෙන් අදහස් වෙන්නේ, සමහර Pairs වල Trend එක තවත් Pair එකක Trend එක අනුව වෙනස් වීමේ සම්භාවිතාව.

    උදා: Eur/USD pair එකේ Trend එකට අනුකුලව Eur/GBP, Eur/JPY, USD/CHF වගේ Trends විචලනය වෙනවා.

    Matrix-.jpg

    Table එකේ අගය + අගයක්නම් ඒකෙන කියන්නේ ඔයාල select කරපු Pair එකේ Trend එකේ Direction එකටමයි ඒ අදාල Pair එකෙත් චලනය වීමේ සම්භාවිතාව තියෙන්නේ. උපරිම + අගය 1. + අගය අඩු වෙන්න අඩු වෙන්න Trend එක එම දිශාවටම චලනය වීමේ සම්භාවිතාව අඩු වෙනවා.
    Table එක - අගයක්නම් ඒ කියන්නේ ඔයාල select කරපු Trend එකට විරුද්ධ පැත්තටයි ඒ අදාල Trend එක ගමන්
    කරන්නේ. උපරිම - අගය -1.
    අගය 0 නම් ඒ Pair දෙක අතර Relationship එකක් නැහැ.

    උදා:
    Untitled.png


    1 Week Time Frame එකට අනුව EUR/USD Pair එකත් එක්ක EUR/GBP Pair එකේ අගය 0.96 යි. ඒ කියන්නේ EUR/USD Pair එක Bull Trend වෙනකොට EUR/GBP Trend එකත් UP Trend එකක් වීමේ සම්භාවිතාව වැඩියි.(96%)
    නමුත් USD/CHF Pair එක -0.96 යි. ඒ කියන්නේ EUR/USD Trend එක UP වෙද්දී USD/CHF Pair එක Bear Trend එකක් වීමේ සම්භාවිතාව වැඩියි.(96%)
    (මෙවැනි අවස්ථාවක Pairs දෙකකට වැඩියෙන් Trade කිරිමෙදී සැලකිලිමත් වෙන්න. වෙනස් Trends පවතින Pairs වලට එකවර සමාන Trade කරන්න එපා. උදා: EUR/USD Up Trend එකක් තියෙන වෙලාවේදී EUR/USD වලට Buy Order එකක් දාල EUR/CHF වගේ එකම Trend එකක් තියෙන Pair එකකට Sell Order දාන්න එපා.)


    මිට අමතරව අගහරුවාද,බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවලදී සදුදා සහ සිකුරාදා දිනවලට වඩා හොද වෙළද පොලක් දැකගන්න පුළුවන්.


    Trade කිරීම සදහා හොදම වෙලාව තොර ගන්න. මෙම කරුණු එහිදී ඔබට වැදගත් වේවි. මෙම කරුණු වලට අනුව ඔබ තෝරාගන්න වෙලාව සුදුසු නොමැතිනම්, Trade කිරීමෙන් වලකින්න. නැතිනම් ඔබගේ මුදල් වලට තියෙන Risk එකද වැඩියි.


    why_traders_fail.png

    why-most-traders-fail-large.png



    Forex Guru W.A Nilanka Anuruddha
     
    Last edited: