watch ekak thoramu mens fashion

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අත් ඔරලෝසු

    omega-watches.jpg

    කාන්තාවන්ට නානාප්‍රකාර ආයිත්තම් තිබුනත් පිරිමින්ට අඳින්න තියන ආයිත්තම් ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. මේ අතර අත් ඔරලෝසු ඉදිරියෙන් ඉන්නවා. අපි බලමු ඔරලෝසුවක් තෝරනකොට දැනගන්න ඕනි කරුණු මොනවද කියල.

    ඔරලෝසු ප්‍රධාන වශයෙන් බ්‍රේස්ලට් වර්ගයේ ඔරලෝසු, පටි ආකාරයේ ඔරලෝසු සහ ක්‍රීඩා ඔරලෝසු ලෙස බෙදන්න පුළුවන්.

    ඔබට කාර්යාලයට යන්න, විවාහ උත්සවයකට යන්න "බ්‍රේස්ලට් වර්ගයේ ලෝහමය ඔරලෝසු" වඩාත් සුදුසුයි. මේ වර්ගයේ ඔරලෝසු වල මළ නොබැ‍ඳෙන වානේ වලින් හදපු පටි තියනව. ‍ඒ ලෝහමය පෙනුම business ඇඳුමකට හොඳින් ගැලපෙනවා. විශේෂයෙන්ම රිදී පැහැයෙන් යුත් ලෝහමය ඔරලෝසු හොඳ පෙනුමක් ලබා දෙනවා. ලෝහමය පටි සහිත ඔරලෝසු රන් පැහැයෙනුත් ලබාගන්න පුළුවන්. ඒත් රන් පැහැය සෑම ඇඳුමකටම ගැලපෙන්නෙ නැහැ. රන් පැහැයෙන් යුත් ඔරලෝසු විවාහ උත්සව වැනි අවස්ථා වලට වඩාත් සුදුසු යි. කල්පනාකාරීව තෝරගන්න. ලෝහමය ඔරලෝසු දීර්ඝ කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ;)

    රන් සහ රීදී පැහැයට අමතර වර්ණ වලට ගලපන්න නම් වඩාත් හරියන්නෙ "පටි සහිත ඔරලෝසු". මේවා විවිධ වර්ණ අනුව ලබාගන්න පුළුවන්. දුඹුරු, කළු, අළු සහ මෙරුන් මේ වර්ණ වලින් සමහරක්. සමහර පටි සහිත ඔරලෝසු වල පටි හදල තියෙන්නෙ සැබෑ සත්ව සම් වලින්. නවීන පෙනුමක් ගන්න ප්ලාස්ටික් පටි සහිත ‍ඔරලෝසු වලට පුළුවන්. සාමාන්‍ය casual ඇඳුමකට පටි ඔරලෝසුවකින් එන්නෙ අමුතුම පෙනුමක්.

    ඕනෑම පරිසර තත්වයකට සුදුසු ඔරලෝසු විදියට "ක්‍රීඩා ඔරලෝසු" හඳුන්වන්න පුළුවන්. විරාම ඝටිකා වගේ ක්‍රීඩා සඳහා වන අංග මේ ඔරලෝසුවල තියනවා. ක්‍රීඩා ඔරලෝසු ඇතුලට වතුර යන්නෙ නෑ. (water resistant) ඒ වගේම මේව පැළඳගෙන වතුරෙ කිමිදෙන්න පවා පුළුවන්. ඉතිං ඔබේ ඔරලෝසුව කොච්චර water resistant ද? :-/ ඒක බලන්නේ මෙන්න මෙහෙම. ගොඩක් වෙලාවට ඔරලෝසුව යටපැත්තෙ ATM කියල අගයක් ඇති. මේකෙන් මනින්නෙ කොච්චර water resistant ද කියල.

    3 atm (30 m or 100 ft): වැස්ස සහ සුළු ලෙස ජලය
    5 atm (50 m or 165 ft): පිහිනීම, වතුරට පැනීම (එහෙත් අධික ලෙස වතුරට පැනීම අහිතකර ය)
    10 atm (100 m or 330 ft): පිහිනුම් තටාක වල කිමිදීමට
    20 atm හෝ වැඩි ගැඹුරු ස්ථානවල කිමීදීමට

    source http://www.chealwatch.com/water.htm

    ඔය කොයි ඔරලෝසු වර්ගයක් ගැලපෙන්නෙ ඒ ඒ තැන් වලට විතරයි. උදාහරණයක් විදියට ක්‍රීඩා ඔරලෝසු කාර්යාලයට සුදුසු වෙන්නෙ නෑ. ඒ නිසා ඔබ තෝරගන්න ඔරලෝසුව ඔ‍බේ දෛනික ජීවිතයටත් ගැලපිය යුතුයි.

    ඔරලෝසුවේ මුහුණතේ ප්‍රමාණයත් ඉතා වැදගත්. ඔබ තෝරන ඔරලෝසුවේ මුහුණතේ ප්‍රමාණය ඔබේ අතේ ප්‍රමාණයට ගැලපිය යුතුයි. විශාල අතක් ඇති අයකුට කුඩා මුහුණතක් සහිත ඔරලෝසු හරියන්නෙ නැහැ. එතකොට පේන්නෙ කාන්තා ඔරලෝසුවක් වගේ. ඒ වගේම ඔරලෝසු මුහුණත විවිධ හැඩ තල වලිනුත් ලබාගන්න පුළුවන්.

    ඊ ළඟට වැදගත්ම දේ ඔරලෝසුව අතට කොච්චර තද වෙන්ව ඕනිද කියන එක. ඔරලෝසුව බුරුලට එල්ලෙන විදියට බඳින්න එපා. පහළ පින්තූරෙ බලන්න. නිවැරදිව ඔරලෝසුව බඳින්නෙ ඔහොම.


    78394927.jpg

    ඔරලෝසුව අතට තද වෙලා තියෙන්න ඕනි වගේම අත නිදහසේ නවන්න සහ චලනය කරන්න පුළුවන් වෙන්න ඕනි. කොටින්ම කිව්වොත් එදිනෙදා වැඩ වලදී ‍ඔරලෝසුව වදයක් වෙන්න ඕනි නෑ.

    සපත්තු ගද http://www.elakiri.com/forum/showthread.php?p=19898593&posted=1#post19898593

    බෙල්ට් ගැන
    http://www.elakiri.com/forum/showthread.php?t=1732830
     
    Last edited:
    • Like
    Reactions: ruwanjrc

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ගුඩ් ත්‍රෙඩ්. නමුත් මම නම් අත්ඔරලෝසුවක් පාවිච්චි කරන්නේ නැහැ. මුලික හෙත්ව තමයි සාමාන්‍යයෙන් ඔරලෝසුව පලදින්නේ වම අතේ එත් මම කුඩා කාලේ වෙච්ච අනතුරක් හින්ද වම අතේ මැණික් කටුව හරියෙන් කපල අතට ප්ලේට් එකක් දාල තියෙන්නේ. ඒ හින්ද දොස්තර නියමව හින්ද මට වම අතේ ඔරලෝසුවක් බදින්න අවසර නැහැ. දකුණු අතේ බදින්න පුළුවන් හැබැයි දකින දකින එකා අහන ප්‍රශ්න වලට උත්තර දෙනවට වඩා ඔරලෝසුවක් නොබද ඉන්න එක සැපයි
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ගුඩ් ත්‍රෙඩ්. නමුත් මම නම් අත්ඔරලෝසුවක් පාවිච්චි කරන්නේ නැහැ. මුලික හෙත්ව තමයි සාමාන්‍යයෙන් ඔරලෝසුව පලදින්නේ වම අතේ එත් මම කුඩා කාලේ වෙච්ච අනතුරක් හින්ද වම අතේ මැණික් කටුව හරියෙන් කපල අතට ප්ලේට් එකක් දාල තියෙන්නේ. ඒ හින්ද දොස්තර නියමව හින්ද මට වම අතේ ඔරලෝසුවක් බදින්න අවසර නැහැ. දකුණු අතේ බදින්න පුළුවන් හැබැයි දකින දකින එකා අහන ප්‍රශ්න වලට උත්තර දෙනවට වඩා ඔරලෝසුවක් නොබද ඉන්න එක සැපයි

    මටත් ඔය වගේමයි මුද්‍රණ අයියා . එක නිසා මමත් ඔරලෝසු බදින්නේ නැහැ. හරිම වැදගත් thread එකක්.