'රණවිරු'_දීමනා නතර නොකරන්න - ආබාධිත සෙබළු

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,178
    17,103
    113
    'රණවිරු'_දීමනා නතර නොකරන්න - ආබාධිත සෙබළු

    'රණවිරු' දීමනා නතර නොකරන්න - ආබාධිත සෙබළු

    160323123552_lanka_disabled_soldiers_512x288_getty.jpg


    වයස අවුරුදු පනස් පහෙන් පසු විශ්‍රාම වැටුප පමණක් ලබා දීමට රජය පියවර ගැනීම හේතුවෙන් ආබාධිත සෙබළුන් දැඩි ආර්ථික අපහසුතාවකට ලක් වන බව සමස්ත ලංකා ආබාධිත රණවිරුවන්ගේ එකමුතුව පවසයි.
    ආබාධිත හමුදා සෙබළුන්ට හිමි වැටුප් හා දීමනා වයස අවුරුදු පනස් පහෙන් සීමා නොකොට මියයන තෙක් අඛණ්ඩව ලබා දෙන ලෙසයි සමස්ත ලංකා ආබාධිත රණවිරුවන්ගේ එකමුතුව ඉල්ලා සිටින්නේ.

    වයස අවුරුදු පනස් පහ ඉක්මවූ ආබාධිත සෙබළුන්ට රජයේ සේවකයන්ට ලබා දෙන විශ්‍රාම වැටුප පමණක් ලබා දීමට රජය ගෙන ඇති පියවර හේතුවෙන් දස දහසකට අධික ආබාධිත සෙබළුන් පිරිසක් දැඩි ආර්ථික අපහසුතාවකට පත් වන බව ආබාධිත රණවිරුවන්ගේ එකමුතුව පෙන්වා දෙයි.
    පවුල් නඩත්තුව

    සමස්ත ලංකා ආබාධිත රණවිරුවන්ගේ එකමුතුවේ ලේකම් ජයන්ත ජයසේකර කියා සිටියේ අඟහරුවාදා හම්බන්තොට පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ නව ක්‍රියාමාර්ග නිසා තමන්ට පමණක් නොව තම පවුලේ සාමාජිකයන්ටද අපහසුතාවලට මුහුණ දීමට සිදු වන බවයි.
    'අවුරුදු 55 පසුව වෙනත් රජයේ සේවකයින්ට වෙනත් රැකියාවක් කිරීමට හැකි වුනත් ආබාධිත රණවිරුවන්ට එසේ කිරීමට හැකියාවක් නැහැ.' ඔහු සඳහන් කළේය.

    තම තරුණ කාලය ක්‍රියාන්විත සේවය සඳහා කැප කොට ආබාධිත තත්වයට පත් සෙබළුන්ගෙන් වැඩි පිරිසක් නිසි වයස පසු වී විවාහ වී ඇති බව පවසන ජයන්ත ජයසේකර පනස් පස් වන වියේ සහ ඒ ආසන්න වයස් වල පසු වන එවැනි සෙබළුන්ගේ දරුවන් තවමත් අධ්‍යාපනය ලබන බවයි කියා සිටියේ.

    ආබාධිත ස්වාමිපුරුෂයා සහ දරුවන් රැක බලා ගැනීමට නිවසේ රැඳිය යුතු හෙයින් සෙබළුන්ගේ බිරින්දෑවරුන්ට රැකියාවක් කිරීමට නොහැකි බවත් සමස්ත ලංකා ආබාධිත රණවිරුවන්ගේ එකමුතුව පෙන්වා දෙයි.

    සිය සාමාජිකයන්ගෙන් බොහෝ දෙනකු නිවාස ණය ලබා ගෙන ඇති බව පවසන ආබාධිත රණවිරුවන්ගේ එකමුතුව එම ණය වාරික ගෙවීම සඳහා මූලික විශ්‍රාම වැටුප පමණක් ප්‍රමාණවත් නොවන බවයි කියා සිටින්නේ.
    රණවිරු සේවා අධිකාරිය

    'පසුගිය කාලය පුරාම ජනාධිපතිතුමා, අගමැති තුමා ප්‍රමුඛ මැති ඇමතිවරුන් මේ ගැන දැනුවත් කරලා තියෙනවා. නමුත් අපගේ ප්‍රශ්නය කෙරෙහි නිසි අවධානයක් යොමු කර නොමැති බවක් තමයි අපට පෙනෙන්නේ. කෙසේ නමුත් අපි තව දුරටත් රජයෙන් ඉල්ලන්නේ 55 පසු දිගටම වැටුප් හා දීමනා ගෙවන ලෙසයි' ආබාධිත සෙබළකු වන කේඒ ප්‍රියන්ත පවසයි.

    ඒ සම්බන්ධයෙන් සංදේශය කළ විමසීමකදී රණවිරු සේවා අධිකාරියේ උප සභාපතිනී උඳුලන්ගනී මාලගමුව කියා සිටියේ ආබාධිත සෙබළුන් විශ්‍රාම ගැන්වීම වයස හැට දක්වා දීර්ඝ කරන ලෙස රණවිරු සේවා අධිකාරිය රජයෙන් ඉල්ලා තිබෙන බවයි.



    bbc-blocks-dark.png
     
    • Like
    Reactions: error 404

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,103
    113
    මේ මිනිස්සු හිතනවා ඇති යුද්දෙදි මැරුණනම් මීට වඩා හොදයි කියලා..හිටං මේ ඔබේ අවධානය පිණිසයි.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    "ආනන්ද හාමුදුරුවනේ අපට වැරදුනා. අපි රැුවටුනා" - අපවත් වී වදාල කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි
     

    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    මේ මිනිස්සු හිතනවා ඇති යුද්දෙදි මැරුණනම් මීට වඩා හොදයි කියලා..හිටං මේ ඔබේ අවධානය පිණිසයි.

    :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "ආනන්ද හාමුදුරුවනේ අපට වැරදුනා. අපි රැුවටුනා" - අපවත් වී වදාල කෝට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි
    මම ඔය කතාව පලවෙනියට ට්ව් එකෙන් අහද්දි පපුව හිර උනා වගේ උනා බන්, පව් අපේ සොභිත හාමුදුරුවො, :(:(:(:(
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    මම ඔය කතාව පලවෙනියට ට්ව් එකෙන් අහද්දි පපුව හිර උනා වගේ උනා බන්, පව් අපේ සොභිත හාමුදුරුවො, :(:(:(:(

    Video link eka thiyenam diyanko
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    Wenasa patan gaththa witharayi.... Mata pudume munta thamath kade yana ewun tika denek ithuru wela innawane.
     

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    මුල මතක නැති අමනයෝ... මුන්ට තේරෙන්නෙ නෑ උන් අද පාරෙ බැහැලා යන්නෙ අපේ රණවිරුවො ජීවිත කැප කරලා මේ රට බේරලා දුන්න නිසා කියලා. රණවිරුවො හිරේ දාන කොටි එලියට දාන පො*** ආණ්ඩුවක් මේක.
    :angry::angry::angry: