කඩුවෙල වසන්ත මරා කඩුවෙලට රජ වූ කරාටේ ධම්ම&#353

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    කඩුවෙල වසන්ත මරා කඩුවෙලට රජ වූ කරාටේ ධම්ම&#353

    11535851_812400615533960_9079696195929160184_n.jpg


    කඩුවෙල වසන්ත මරා කඩුවෙලට රජ වූ කරාටේ ධම්මික.
    --------------------------------------------------------

    නවගමුව දේවාලය ආසන්නයේ ප්‍රජා ශාලාවක කරාටේ පන්ති පවත්වාගෙන යන බොහොම ක්‍රියාශීලී ජවසම්පන්න තරුණයෙකි. ඔහු නමින් ගල්හේනගේ ධම්මික ප්‍රදීප් පෙරේරා විය.

    හැඩිදැඩි සිරුරකට හිමිකම් කියූ මේ තරුණයා කරාටේ ක්‍රීඩාව ඉතාම භක්‌තියෙන් හැදැරූ අයෙකි. 90 දශකය මුල් කාල සීමාව වන විට නවගමුව ප්‍රදේශය පුරා කරාටේ ක්‍රීඩාව ඉතාම ජනප්‍රියව පැවතිණි. ප්‍රදේශයේ තරුණ තරුණියන් සෑහෙන පිරිසක්‌ ධම්මිකගේ කරාටේ පන්තියට සහභාගි වූහ.

    තම ගෝල බාලයන්ට කරාටේ ක්‍රීඩාව ක්‍රමානුකූලව ඉගැන්වීමට ඔහු හැම විටම උත්සාහ කළේය.

    කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ දුප්පත් පවුලක හැදී වැඩුණු ධම්මික බොහොම දුෂ්කරතා මධ්‍යයේ ජීවිතය ජය ගැනීමට කළේ විශාල සටනකි. වැඩිපුර මුදල් හරි හම්බ කිරීම ධම්මිකගේ එකම සිහිනය විය.

    ධම්මික කරාටේ ක්‍රීඩාවේ කළු පටි ශූරයෙකි. හත් අට දෙනකු සමග උවද එකවර සටන් කර ජය ගැනීමේ හැකියාවක්‌ ඔහුට තිබිණි. මේ හැකියාව නිසාම ඔහු කඩුවෙල ප්‍රදේශයේම ප්‍රසිද්ධ චරිතයක්‌ බවට පත්ව සිටියේය. ධම්මික ප්‍රදීප් පෙරේරා "කරාටේ ධම්මික" ලෙස කඩුවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත් වූයේ මේ කාල සීමාවේදීය.

    කඩුවෙල ප්‍රදේශයේ පාතාල ලෝකයේ කෙරුම්කාරයා බවට පත්ව සිටියේ වසන්තය. "කඩුවෙල වසන්ත" කියූ පමණින් පාතාල ලෝකයම හෙල්ලුම් කන චරිතයක්‌ බවට ඔහු පත්ව සිටියේය.

    මත්කුඩු ජාවාරම, කුලී මිනී මැරුම් ඇතුළු විවිධ අපරාධවල නිරත වෙමින් වසන්ත මහා පරිමාණයෙන් මුදල් ඉපයුවේය.

    කරාටේ ධම්මික කුඩා කල සිටම කඩුවෙල වසන්ත ඇසුරු කළේය. ධම්මික කරාටේ ශූරයකු වූ නිසා වසන්ත තුළද ඔහු කෙරෙහි තිබුණේ විශේෂත්වයකි.

    වසර ගණනක්‌ තිස්‌සේ කරාටේ පන්ති කළ ධම්මිකට ලැබුණේ ඉතාම සොච්චම් මුදලකි. මුදල් හම්බ කිරීමේ දැඩි ආශාවකින් සිටි ධම්මික කල කිරීමට පත්ව සිටියේය.

    "වසන්ත අයියා කරාටේ පන්ති කරලා ඔලුව උස්‌සන්න හම්බ වෙන්නෙ නැහැ. අතට ගාණක්‌ එන වැඩක්‌ කරන්න ඕනේ."

    ධම්මික සිය සමීපතම මිතුරා වූ වසන්තට කීවේය. ධම්මික බොහෝ අවස්‌ථාවලදී වියදමට මුදල් ඉල්ලා ගත්තේ කඩුවෙල වසන්තගෙන්ය.

    ප්‍රදර්ශනාත්මක කරාටේ තරගාවලි සඳහා ඉදිරිපත්වීම ධම්මික පුරුද්දක්‌ ලෙස කරගෙන ගියේය. ඒ සෑම තරගයකින්ම ජයග්‍රහණය කළේ ධම්මිකය. මේ කරාටේ තරගාවලි නැරඹීමට යැම කඩුවෙල වසන්ත කොයි මොහොතකවත් අමතක කළේ නැත.

    "ධම්මිකයා අපේ ගමේ කොල්ලා ඌට සපෝර්ට්‌ කරන්න ඕනේ."

    කඩුවෙල වසන්ත සිය ගෝලබාලයන්ද සමග ත්‍රිරෝද රථවල නැඟී ධම්මික සහභාගි වන තරගාවලි නැරඹීමට ගියහ.

    ධම්මිකගේ ඥති සොහොයුරියක සමග ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගිය කඩුවෙල වසන්ත පසුකලෙක ඇය විවාහ කර ගත්තේය. එය වසන්තගේ දෙවැනි කසාදය විය. ඥාති සොහොයුරිය විවාහ කර ගැනීමෙන් පසු ධම්මිකත් කඩුවෙල වසන්තත් තව තවත් සමීප වූහ.

    "උඹ මගෙත් එක්‌ක හිටපං. මම උඹව ගොඩදාලා දෙන්නම්. උඹට ඕනෙ ඉක්‌මනින් පොහොසතෙක්‌ වෙන්නනේ. අපි එකතුවෙලා වැඩ කරමු."

    කඩුවෙල වසන්ත කරාටේ ධම්මිකට කීවේය. ධම්මික කරාටේ ක්‍රීඩාවට මෙන්ම අවි ආයුධ පරිහරණයට ද දැක්‌වූයේ උපන් හපන්කමකි. ඕනෑම ගිනි අවියකින් ඉලක්‌කයට වෙඩි තැබීමේ හැකියාව ඔහු සතු විය.

    කරාටේ ධම්මික ඉක්‌මනින් මුදල් ඉපයීමේ මාර්ග සොයන්න වූයේය. කඩුවෙල වසන්ත සමීපව ඇසුරු කිරීම නිසා ඔහුට පාතාල ලෝකයේද කිසියම් තැනක්‌ ලැබී තිබිණි.

    තම සගයන් දෙදෙනකු සමග එක්‌ව අතුරුගිරියේදී සිගරැට්‌ වෑන් රථය කොල්ලකෑමට කරාටේ ධම්මික සැලසුම් කළේ හොර රහසේමය.

    මංකොල්ලකෑම් කිරීම කඩුවෙල වසන්ත තදින්ම ප්‍රතික්‌ෂේප කළේය. තම කණ්‌ඩායමේ කිසිවකුටත් මංකොල්ලකෑමට ඔහු ඉඩ දුන්නේ නැත. කරාටේ ධම්මිකද ඒ බව හොඳින් දැන සිටියේය. ඒ නිසාම මේ මංකොල්ලය හොර රහසේ සිදුකිරීමට ඔහු හැම උත්සාහයක්‌ම දැරුවේය.

    1992 වර්ෂයේ එක්‌තරා දිනෙක කරාටේ ධම්මික සිය සගයන් දෙදෙනකුද සමග යතුරුපැදියකින් ගොස්‌ අතුරුගිරිය නගරයේදී සිගරැට්‌ වෑන් රථය කොල්ලකෑවේය. මෙම සිද්ධිය වන විට අතුරුගිරිය පොලිසියේ කොස්‌තාපල් වරයකු වූ (994) අමරවංශ මහතා රාජකාරි කටයුත්තක්‌ නිමකර පොලිසිය වෙත යමින් සිටියේය.

    සන්නද්ධ පුද්ගලයන් තිදෙනකු සිගරැට්‌ වෑන් රථය කොල්ලකනු දුටු අමරවංශ රාළහාමි සිය ගිනි අවියෙන් කොල්ලකරුවන්ට වෙඩි තැබුවේය. අනපේක්‍ෂිත ප්‍රහාරයෙන් කරාටේ ධම්මික අන්දමන්ද වූයේය. කරාටේ ධම්මික සිය ගිනි අවියෙන් පොලිස්‌ නිලධාරියාට වෙඩි පිට වෙඩි ප්‍රහාර එල්ල කළේය.

    වෙඩි ප්‍රහාරවලින් කොස්‌තාපල් අමරවංශ මහතා මරුමුවට පත්විය. එහෙත් පොලිස්‌ නිලධාරියා එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් ධම්මික සමග සිටි සගයකුද බරපතළ තුවාල ලබා බිම වැටී සිටියේය.

    තුවාල ලබා සිටි සිය සගයා අතහැර යැමෙන් කොල්ලකෑම පිළිබඳව සුලමුල හෙළිවන බව ධම්මික සිතුවේය. ඔහු රැගෙන යැමටද හැකියාවක්‌ නැත. දෙවරක්‌ නොසිතා ධම්මික තමන් සමග එකට සිට වෙඩි කෑ සගයාට පිට පිට වෙඩි තැබුවේය. තමන් සමග එකට සිටි සගයා මරා දැමීමට තරම් ඔහු තිරිසනකු බවට පත්විය.

    රුපියල් ලක්‍ෂ ගණනක මුදල් කොල්ලකෑ ධම්මික යතුරුපැදියේ නැගී ඉගිල ගියේය. මේ මහා අපරාධය මුළු කඩුවෙල ප්‍රදේශය පුරාම ප්‍රචාරය වන්නට වැඩි වේලාවක්‌ ගතවුණේ නැත. මේ පිළිබඳව සැලවීමෙන් කඩුවෙල වසන්ත දැඩි ලෙස කෝප වූවේය.

    "යකෝ බලු වැඩ කරන්න එපා. මම උඹට හැමදාම කියනවා මංකොල්ලකන්න එපා කියලා. සල්ලි නැත්නම් මගෙන් ඉල්ලපන් ජරාවැඩ කරන්නෙ නැතිව."

    කඩුවෙල වසන්ත ධම්මිකට බැන වැදුණේය. ධම්මික නිහඬව සියලු ඇනුම් බැනුම් ඉවසා සිටියේය. කඩුවෙල වසන්තගේ අවවාද අනුශාසනා කිසිවක්‌ පිළිනොගත් ධම්මික තවත් මහා පරිමාණ මංකොල්ලයකට සැලසුම් සකස්‌ කළේය.

    කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා සුපිරි වෙළෙඳ සංකීර්ණයේ රන් ආභරණ වෙළෙඳසලක්‌ කොල්ලකෑමට කරාටේ ධම්මික ඇතුළු සගයන්ට හැකි විය.

    මෙම කොල්ලකෑම්වලින් රුපියල් ලක්‍ෂ ගණනක මුදලක්‌ කරාටේ ධම්මිකට උපයා ගැනීමට හැකිවිය. ධම්මිකගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව කඩුවෙල වසන්ත දැක්‌වූයේ දැඩි අප්‍රසාදයකි. වසන්ත කීපවරක්‌ම ධම්මිකට අනතුරු ඇඟවූයේය.

    "උඹ ඔය කරන වැඩේ නතර කරපං. එහෙම නොවුණොත් මම නරක මිනිහා කියන්න එපා. කඩුවෙල චණ්‌ඩි දෙන්නෙක්‌ ඉන්න බැහැ."

    කඩුවෙල වසන්ත දැඩි ලෙස කෝපාවිෂ්ඨව සිටියේය. වසන්තත් ධම්මිකත් අතර ඇතිවී තිබූ විරසක බව දෙගුණ තෙගුණ කිරීමට උත්සාහ කළ තවත් පුද්ගලයෙකි. ඔහු කඩුවෙල ගල් චන්දරේ නම් විය. මොවුන් දෙදෙනාගේ විරසක වීම මහා ගැටුමක්‌ දක්‌වා දුරදිග යැමට හේතු වූයේ ගල් චන්දරේගේ කේලාම් නිසාය.

    යුද හමුදා සහ පොලිස්‌ නිල ඇඳුම් වලින් සැරසී ගොස්‌ මහා පරිමාණ කොල්ලකෑම් සිදුකිරීම ධම්මික ඇතුළු කල්ලිය ක්‍රියා කළේ වසන්තගෙන් එල්ල වූ තර්ජන ගර්ජන කිසිවක්‌ ගණනකට නොගෙනය.

    ඒ වන විට කරාටේ ධම්මික වෙනම පාතාල කල්ලියක්‌ කඩුවෙල ප්‍රදේශයේ බිහිකරගෙන සිටියේය. ආමි රොෂාන් ධම්මිකගේ සමීපතම ගෝලයා විය. යුද හමුදාවෙන් පළා ආ සෙබළකු වූ ආමි රොෂාන් දක්‍ෂ වෙඩික්‌කරුවෙකි.

    "හැමදාම වසන්තයට බයේ ඉන්න බැහැ. ඌව ඉවරයක්‌ කරලා දාන්න ඕනේ."

    2002 වර්ෂය වන විට කඩුවෙල ප්‍රදේශයේ පාතාල කිරුළ සඳහා ද්වන්ධ සටනක්‌ හටගෙන තිබිණි. තම සෙවනේ හැදී වැඩුණු ධම්මික තමන්ට අභියෝගයක්‌ වීම ගැන වසන්ත සිටියේ දැඩි වෛරයකිනි. ධම්මික ප්‍රසිද්ධියේම කඩුවෙල වසන්තට අභියෝග කළේය.

    අධිකරණ නියෝගයක්‌ මත කඩුවෙල වසන්ත සෑම සතියකම ඉරිදා දිනයේ නවගමුව පොලිසියේ පෙනී සිටිය යුතුවිය. කරාටේ ධම්මිකගේ ගෝල බාලයන් වසන්ත පරලොව යෑවීමේ සැලසුම් සකස්‌ කරමින් සිටියහ. ඔවුන් වසන්තගේ ගමන් බිමන් පිළිබඳව හොර රහසේම සොයා බලන්නට වූහ.

    2002 වර්ෂයේ මැයි මස 26 වැනි වෙසක්‌ පොහොය දින කඩුවෙල වසන්ත පොලිසිය ඉදිරියේ පෙනී සිටින බව ධම්මිකගේ ගෝලයන් සොයා ගත්තේය.

    ඔවුන් ඒ බව කරාටේ ධම්මිකට කීහ. එදින කඩුවෙල වසන්ත පරලොව යෑවීමේ සැලසුම කරාටේ ධම්මික ප්‍රමුඛ ගෝලබාලයන් විසින් සකස්‌ කරන්නට වූහ.

    "වසන්තත් එක්‌ක හැම වෙලාවෙම හත් අට දෙනෙක්‌ ඉන්නවා. උන් ආයුධ අරගෙන යන්නේ. ඒ නිසා වසන්තයට වැඩක්‌ දෙන එක බොහොම පරිස්‌සමට කරන්න ඕනේ."

    වසන්තගේ තරම හොඳින් දන්නා කරාටේ ධම්මික සිය ගෝලයන්ට කීවේය. ආමි රොෂාන් මොහොතක්‌ කල්පනා කළේය. වසන්තව විනාශ කිරීමේ පහසුම මාර්ගය කුමක්‌දැයි ඔවුන් සියලු දෙනා සිතන්නට වූහ.

    "අපි ආමි යුනිෆෙම්වලින් ගිහින් වසන්තව අතරමගදී උස්‌සමු. මිනිහා ආමි එකටයි පොලිසියටයි ඔළුව නවනවා. එහෙම ගියොත් කලබලයක්‌ නැතිව අපිට වසන්තව ඉවරයක්‌ කරලා දාන්න පුළුවන්."

    ආමි රොෂාන් කීවේය. ඔහුගේ අදහසට කව්රුත් එකඟ වූහ.

    "වසන්තගේ ගෲප් එකේ කට්‌ටිය අඳුනන්නේ නැති ටීම් එකක්‌ මේ වැඩේට දාන්න ඕනේ. එහෙම නොවුණොත් වසන්තලා කලබල කරන්න පුළුවන්. කොහේදී ඉස්‌සුවත් වසන්තයව මගේ දෙපතුළ ළඟට ගෙනල්ලා මරන්න ඕනේ."

    කරාටේ ධම්මික කීවේ දැඩි ස්‌වරූපයකිනි. ආමි රොෂාන් කඩුවෙල ප්‍රදේශයට ආගන්තුකයකු නිසා මෙම මෙහෙයුමට නායකත්වය දීමේ කාර්ය ඔහුට පැවරිණි. යුද හමුදාවෙන් පලා ආ සෙබළුන් පස්‌ දෙනකු මෙම මෙහෙයුමට එක්‌ වූහ.

    කඩුවෙල වසන්ත පරලොව යෑවීමේ මෙහෙයුම සඳහා අවශ්‍ය ටී 56 ගිනි අවි, එස්‌. 84 වර්ගයේ අවි, පිස්‌තෝල ඇතුළු ස්‌වයංක්‍රීය ආයුධ රාශියක්‌ ලබා දීමට කරාටේ ධම්මික පියවර ගත්තේය.

    යුද හමුදා අංක තහඩු යෙදූ වෑන් රථයක්‌ද මේ සඳහා යොදා ගැනීමට සූදානම් කළේය. වෙසක්‌ පොහොය දින වසන්ත නවගමුව පොලිසිය හමුවේ පෙනී සිට ආපසු එද්දී අතරමගදී ඔහු පැහැර ගැනීමට සියලු සැලසුම් සකස්‌ කෙරිණි.

    පොලිසිය හමුවේ පෙනී සිටීමට යද්දී නිරායුධව යැම වසන්තගේ පුරුද්දක්‌ විය. 26 වැනිදා උදේවරුවේ වසන්ත සිය ගෝලබාලයන් කීප දෙනකු ද සමග නවගමුව පොලිසිය වෙත ගියේ හිතවතකුගේ බස්‌ රථයකින්ය.

    වෙසක්‌ පොහොය දින කඩුවෙල නගරයේ දන්සල් කීපයක්‌ වසන්තගේ අතින් විවෘත කිරීමට නියමිතව තිබිණි. ඒ සඳහා වසන්ත කල්වේලා ඇතිව පැමිණෙන අදහසින් පොලිසියෙන් පිටත් වූවේය.

    කරාටේ ධම්මික සහ ඔහුගේ සහචරයන් තමන් එනතුරු මග රැකගෙන සිටින බව කඩුවෙල වසන්ත දැන සිටියේ නැත.

    මෙහෙයුමට නායකත්වය දුන් ආමි රොෂාන් උප පොලිස්‌ පරීක්‍ෂකවරයකුගේ නිල ඇඳුමක්‌ ඇඳ සිටියේය. සෙසු සගයන් පස්‌ දෙනා යුද හමුදා ඇඳුම් ඇඟලාගෙන සිටියහ.

    කරාටේ ධම්මික වෙනත් වාහනයක නැගී නවගමුව බෝමිරිය ප්‍රදේශයේ එක්‌තරා ස්‌ථානයක රැකවල්ලාගෙන සිටියේ ආමි රොෂාන් ඇතුළු සගයන් කඩුවෙල වසන්ත තම දෙපාමුලට ඇදගෙන එනතුරුය.

    ආමි රොෂාන් ඇතුළු පිරිස නවගමුව පොලිසියෙන් බෝමිරිය හන්දියත් අතර ස්‌ථානයක මාර්ග බාධකයක්‌ යොදවාගෙන කඩුවෙල වසන්ත එනතුරු බලා සිටියහ. වසන්ත පිටත්වෙන වේලාවල් පිළිබඳව සෙවීමට යොදවා සිටි ඔත්තුකරුගෙන් ආමි රොෂාන්ට ඇමතුමක්‌ ලැබිණි.

    "වසන්තය බස්‌ එකක එනවා. අපි උන්ව අතර මගදී බස්‌සවලා වෑන් එකට දාගමු. ආමි රොෂාන් සගයන්ට කීවේය."

    කඩුවෙල වසන්ත ඇතුළු සගයන් පස්‌ දෙනකු රැගත් බස්‌ රථය හමුදා ඇඳුමින් සැරසී සිටි ධම්මිකගේ ගෝලබාලයන් පිරිස නතර කළහ.

    පොලිස්‌ නිල ඇඳුමින් සැරසී සිටි ආමි රොෂාන් බස්‌ රථයට ගොඩ වූවේය.

    "උඹලා ළඟ ආයුධ තියෙනවා කියලා ඉන්ෙµdමේෂන් එකක්‌ ආවා. අපිට චෙක්‌ කරන්න ඕනේ. බස්‌ එකෙන් බැහැපල්ලා."

    ආමි රොෂාන් කෑගැසුවේය.

    "අපි ළඟ ආයුධ නැහැ සර්. අපි නවගමුව පොලිසියට ගිහින් එනගමන් වසන්ත කීවේ ඇඟට පතට නොදැනෙන්නටය.

    "ඒකට කමක්‌ නැහැ උඹලා ආමි වෑන් එකට නැගපල්ලා. අපිට උඹලාගෙන් ප්‍රශ්න කරන්න තියෙනවා."

    ආමි රොෂාන් වසන්තට තර්ජනය කළේය. අණට කීකරු වූ වසන්ත ඇතුළු සගයන් පස්‌දෙනා හමුදා අංක තහඩු යෙදූ වෑන් රථයට ගොඩ වූහ.

    ඒ අතරතුර සිය ජංගම දුරකතන යෙන් කරාටේ ධම්මිකට ඇමතුමක්‌ ලබාගත් ආමි රොෂාන් වසන්ත ඇතුළු පිරිස රැගෙන එන බව කීවේය.

    "කලබල කරන්න දෙන්නෙ නැතිව වසන්තයව මගේ ළඟට ගේන්න. ඕකගේ ලොකුකම යන්න මගේ ඉස්‌සරහාපිටදීම පරලොව යවන්න ඕනේ." ධම්මික සිය සගයාට කීවේය.

    කඩුවෙල වසන්ත ඇතුළු පිරිස නංවාගත් වෑන් රථය පහළ බෝමිරිය දෙසට වේගයෙන් ධාවනය කරන්නට විය. හමුදා අංක යෙදූ වෑන් රථය පදවාගෙන ගියේ ධම්මිකගේ කිට්‌ටුවන්තම සගයෙකි. කඩුවෙල වසන්තගේ ගෝලයකු ධම්මිකගේ සගයා හඳුනාගත්තේය.

    "වසන්ත අයියා අපිට වැඩේ වැරදිලා වගෙයි. මුන් සේරම ධම්මිකයගෙ ගෝලයෝ. "තමන් පැහැරගෙන යන්නේ ධම්මිකගේ ගෝලබාලයන් බව දැනගත් කඩුවෙල වසන්ත කෝපාවිෂ්ඨ වූවේය. තොපිට පුළුවන්ද කඩුවෙලට ඇවිත් අපිට මේ වගේ දෙයක්‌ කරන්න. මම තොපිව ඉතුරු කරන්නේ නැහැ."

    කඩුවෙල වසන්ත ඇතුළු ගෝලබාලයන් ධම්මිකගේ සගයන් සමග පොර බදන්නට වූහ. සියලු සැලසුම් ව්‍යර්ථ වූ බව ආමි රොෂාන්ට පෙනී ගොස්‌ තිබිණි. තවදුරටත් වසන්ත ඇතුළු පිරිස වෑන් රථයේ රැගෙන යැම අවදානම් බව ඔහුට තේරුම් ගියේය.

    රොෂාන් එකවරම ටී 56 ගිනි අවිය කඩුවෙල වසන්ත ඇතුළු පිරිස වෙත එල්ල කරමින් පිට පිට වෙඩි ප්‍රහාර එල්ල කළේය.

    මුළු ප්‍රදේශයම දෙවනත් කරමින් එල්ලවූ වෙඩි ප්‍රහාරවලින් කඩුවෙල වසන්ත ඇතුළු සගයන් පස්‌ දෙනාම අවසන් ගමන් ගියහ. හතර අතට එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් වෑන් රථයේ ඉන්ධන ටැංකියටද හානි සිදුවී තිබිණි. පහළ බෝමිරිය මේධානන්ද මාවත ඔස්‌සේ වේගයෙන් ධාවනය වූ වෑන් රථය එකවරම අතරමග නතර විය. ඉන්ධන ටැංකියට හානි වී ඉන්ධන ගලා යැම නිසා වෑන් රථය ඉදිරියට රැගෙන යැම දුෂ්කර වී තිබිණි.

    "දැන් වෙන කරන්න දෙයක්‌ නැහැ. වාහනේ මග දාලා අපි පනිමු." ආමි රොෂාන් සිය සගයන්ද සමග වෑන් රථය මේධානන්ද මාවතේ නතර කර දමා ඉන් පැන ගියහ.

    "ධම්මික අයියා වැඩේ වැරදුණා. වසන්තයා අතරමගදී කලබල කරන්න ගත්තා. අපි ඌට වෙඩි තිබ්බා."

    රොෂාන් සිය ප්‍රධානියාට සියල්ල දැනුම් දුන්නේය. කෙසේ හෝ වසන්ත පරලොව යැම ගැන ධම්මික සතුටු වූවේය. තමන් ඉදිරිපිටදී වසන්ත මරා දැමීමට නොහැකි වීම ගැන ඔහු තුළ ඇතිවූයේ පසුතැවිල්ලකි.

    වසන්ත ඇතුළු පිරිස මහ දවල් අමුඅමුවේම මරා දැමූ ධම්මික ඇතුළු සගයන් කෙළින්ම ගියේ බේරුවල ජර්මන් සුනිල්ගේ හෝටලය වෙතය. ජර්මන් සුනිල් කරාටේ ධම්මිකගේ සමීපතම මිතුරකු විය. තමන් මෙවැනි අපරාධයක්‌ සිදුකර පැමිණි බව සුනිල්ට නොකීමට ධම්මික ඇතුළු සගයන් වගබලා ගත්හ.

    එවකට බස්‌නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයාව සිටියේ සිරිසේන හේරත් මහතාය. මෙම කෲර ඝාතනය කරාටේ ධම්මික ඇතුළු සගයන් විසින් සිදුකළ බව අනාවරණය කර ගැනීමට පොලිසියට වැඩි දවසක්‌ ගතවූයේ නැත.

    පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ ධම්මික ඇතුළු සගයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළහ..

    ජර්මන් හෝටලයේ සැඟවී සිටි කරාටේ ධම්මික ඇතුළු සගයන් සියලු දෙනා අවි ආයුධත් සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

    කරාටේ ධම්මික මුල්වරට බන්ධනාගාරගත වන්නේ මේ සිද්ධියෙන් පසුවය. මහා පරිමාණ මංකොල්ලකෑම්වලට ප්‍රසිද්ධියක්‌ ඉසිලූ කරාටේ ධම්මික පාතාල ලෝකයේ මහා කෙරම්කාරයකු ලෙස ප්‍රසිද්ධියට පත් වන්නේද කඩුවෙල වසන්ත පරලොව යෑවීමේ සිද්ධියත් සමඟය.

    වැලිකඩ බන්ධනාගාරයේදී කරාටේ ධම්මිකට ලැබෙන්නේ විශේෂ වරප්‍රසාදයකි. ඒ වන විට පාතාල ලෝකයේ කිරුළු නොපලන් රජකුව සිටි කඩුවෙල වසන්ත ඝාතනය කිරීම නිසා ධම්මිකට අපරාධ ලෝකයේ ඉහළම තැනක්‌ ලැබී තිබිණි.

    අවි ආයුධවලින් පමණක්‌ නොව අතින් පයින් පවා ඕනෑම පුද්ගලයකු සමග සටන් කිරීමේ හැකියාවක්‌ තිබීම නිසා බන්ධනාගාරයේ චණ්‌ඩින්ද ධම්මිකට අතක්‌ එසවීමට ආවේ නැත.

    බන්ධනාගාරයේ සිටියදී පවා ධම්මික දෛනිකව සිය ව්‍යාපාර කටයුතුවල නිරත වූවේය. දිනපතාම පැය කීපයක්‌ යෝගී ව්‍යායාම් කිරීමද ධම්මික පුරුද්දක්‌ ලෙස කළේය.

    වසරකට ආසන්න කාලයක්‌ කරාටේ ධම්මික වැලිකඩ බන්ධනාගාරයේ සිරබත් කෑවේය. ආමි රොෂාන් ඇතුළු සගයන්ද ඔහු සමග වූහ. පසුව ඇප මත මුදා හැරීමෙන් පසු කරාටේ ධම්මික කඩුවෙලට ආවේය.

    ධම්මික නැවත කඩුවෙලට එන්නේ පාතාල ලෝකයේ මහා කෙරුම්කාරයකු ලෙසය. කරාටේ ධම්මිකගේ නම කියූ පමණින් මුළු ප්‍රදේශයේම ජනතාව දැඩි ලෙස භීතියට පත්වූයේ මොහුගේ ඇති තිරිසන් ගති පැවතුම් නිසාය.

    සිත්පිත් නැති ආකාරයට මිනිසුන් මරා දැමීම ධම්මිකට බොහොම සුළු දෙයක්‌ බව කා අතරත් ප්‍රචලිතව තිබිණි. ඉන් උපරිම ප්‍රයෝජන ගත් කරාටේ ධම්මික කඩුවෙල, නවගමුව, බෝමිරිය, හංවැල්ල, පාදුක්‌ක ඇතුළු ප්‍රදේශ ගණනාවක ධනවත් ව්‍යාපාරිකයන්ට මරණ තර්ජන එල්ල කරමින් මාසිකව රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගත්තේය.

    කඩුවෙල නවගමුව ප්‍රදේශවල ගල් වළවල් වලින්ද ඔහු දෛනිකව කප්පම් මුදලක්‌ එකතු කළේය. ප්‍රදේශයේ පස්‌ කැපීමේ ව්‍යාපාරයද කරාටේ ධම්මික හරහා සිදුවිය.

    ඉඩමක්‌ විකුණන ඕනෑම පුද්ගලයකු ලැබෙන මුදලින් කොටසක්‌ කරාටේ ධම්මිකට ලබාදිය යුතුය. එසේ නොදුන්නොත් ඉඩම විකුණන පුද්ගලයාට සිදුවන්නේ ජීවිතයෙන් වන්දි ගෙවීමටය.

    බන්ධනාගාරයෙන් ඇපමත මුදා හැරීමෙන් පසු කඩුවෙලට පැමිණ ධම්මික අධිකරණයේ විභාග වූ නඩුවලට පෙනී සිටීමට කිසිදු දිනක ගියේ නැත. නඩුවලට ඉදිරිපත් නොවීම නිසා ධම්මිකට අධිකරණ වරෙන්තු නිකුත් කෙරිණි. එහෙත් කිසිම දිනක පොලිසියට ධම්මික අත්අඩංගුවට ගන්නවා තබා ඔහු පිළිබඳව කිසිදු හෝඩුවාවක්‌ හෝ සොයා ගැනීමට නොහැකි විය. ඒ තරමටම ඔහු රහසිගත ජීවිතයක්‌ ගත කළේය.

    ----------------------------------------
    කරාටේ ධම්මිකගේ ගමනක අවසානය..
    ----------------------------------------
    දශක දෙකක පමණ කාලයක්‌ පුරා පාතාලයේ වැජඹෙමින් ක්‍රමයන් මෙරට පාතාල ලෝකයේ කිරුල හිමි කරගෙන නිල නොලත් රජෙකු සේ සිටි කඩුවෙල "කරාටේ ධම්මිකගේ" ජීවිත නාටකයේ ජවනිකා සියල්ල දැන් අවසන්ව තිබේ.

    අති බිහිසුණු බවින් යුතුව මෙතෙක්‌ සමාජ කරලියේ රඟ දැක්‌වුණු කරාටේ ධම්මිකගේ ජීවිත නාටකයේ එකී ජවනිකා සෑම මොහොතකම ම්ලේච්ඡත්වය, කෲර බව සේම අමු තිරිසන් ක්‍රියාදාමයන්ගෙන් යුතු වූයේ මෙරට සමාජය තුළ පැහැදිලි තිගැස්‌මක්‌ ඇති කරමිනි.

    එහෙත් ඒ සියල්ලට දැන් තිත තැබී ඇති බව පෙනෙන්නට තිබේ. කරාටේ ධම්මිකට සිදු වූයේ කුමක්‌ද? ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජෙනරාල් භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනය කෙරෙමින් කොලොන්නාවේ ඇති වූ ගැටුම ඉකුත් පළාත් පාලන මැතිවරණයේ සිදු වූ අමිහිරිම සිදු වීම බව අවිවාදිත කරුණකි.

    මේ සිද්ධිය වන විට පාතාලයේ රජ වී නාවල නිහාල්ගෙන් පසු බිහි වූ මෙරට පාතාලයේ "ගෝඩ් ෆාදර්" ලෙස සුපිරි ජීවිතයකට හිමකම් කී ධම්මිකද කොලොන්නාව පාතාල සංස්‌කෘතිය තුළ සිය රාජධානිය ගොඩ නගාගෙන සිටියේය.

    එහිදී සැමදා ඉහඳ ගසන මෙරට වෙලාගෙන ඇති පාදඩ දේශපාලනයේ රැකවරණය කරාටේ ධම්මිකට නොඅඩුව ලැබී තිබුණ බව පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශවලට සේම තතු දත් සමාජයටද රහසක්‌ වී නොතිබිණි.

    එකී කුණු ගඳ ගසන දේශපාලනයේ රැකවලුන් සේ භාරත ලක්‍ෂමන් ඝාතනය දා කරාටේ ධම්මික සේම ඔහු වටා සිටි පාතාලයන් රැසක්‌ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ කුලී ඝාතකයන් සේ අවි දරා සිටි බව අද කියෑවෙමින් තිබෙන්නකි.

    එහෙත් භාරත ලක්‍ෂමන් ඝාතනයත් සමග ධම්මික ඔටුනු දරා සිටි කොලොන්නාව පාතාල රාජධානිය දෙදරා යන්නට වූයේ ධම්මික සමග එහි රැඳී සිටි ඔහුගේ සුවච කීකරු ගෝලබාලයන් වූ අවශේෂ පාතාලයන්ගේද ඉහමොළ රත්කෙරෙමින් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

    භාරත ලක්‍ෂමන් ඝාතනයත් සමග රටේ දේශපාලනයේ සිදු වූ බරපතල කැළඹීම සේම යළිත් පාතාලය මර්දනය කිරීමේ මෙහෙයුමක්‌ වෙත ආරක්‍ෂක අංශ ගමන් කිරීම ඊට Rජුවම බලපෑ එකම හේතු විය.

    මෙහිදී අවසානයට ධම්මික ඇතුළු සියලු පාතාල කෙරුමෙන් තෝරාගත් ක්‍රියාමාර්ගය වූයේ සියල්ල හැරදා සැඟවී පලා යැම විය.

    භාරත ඝාතනය දා ඊට Rජුවම සම්බන්ධ වූ බව කියන ධම්මිකගේ පාතාලයේ කෙරුමෙකු වූ දෙමටගොඩ කුඩු "චමින්ද" රටෙන් පැනයමින් සිටියදී රහස්‌ පොලිසියට කොටු වීමත් සමග කොලොන්නාව පාතාලයේ රජකළ ධම්මික ඇතුළු පිරිස එසේ පලා යන්නට වූයේ නතයෙන බේරීමෙ අදහසනිs.

    ධම්මික සේම ඔහු සමග එසේ පැන ගිය පාතාලයන් අතර රටේ නමගිය කුඩු රජවරුන් රැසක්‌ද වූ අතර ඒ සියල්ලන්ම පොලිසියට අවශ්‍ය කරන දරුණු අපරාධකරුවෝ ලෙස වාර්තා පොත්වලට එක්‌වී සිටියවුන්ද වූහ.

    මේ අතරේ දෙමටගොඩ රුවන්, ග්‍රෑන්ඩ්පාස්‌ රොෂාන්, තප්පර කට්‌ටා, නේවි රුවන් ආදී වශයෙන් වූ පාතාල කෙරුමන් හා කුඩු ජාවාරමුන් රැසක්‌ම වූ බව අද පොලිසියම කියන්නකි.

    මෙසේ පලා ගිය පාතාලයන් අතර සිටි පාතාලයේ "ගෝඩ් ෆාදර්" වූ ධම්මික අවසානයේ සිය නවාතැන කර ගත්තේ කෑගල්ල රඹුක්‌කන ප්‍රදේශයේ නිවසකි.

    ඒද නිකම්ම නොව සිය නම සහ වාසගම සමග වූ ජාතකයද වෙනස්‌ කර ගත් මිනිසකු ලෙසිනි. මෙම නිවස කරාටේ ධම්මිකගේ අනියම් බිරිඳක්‌ සිටි නිවසක්‌ ලෙස විටෙක සඳහන් වෙමින් තිබෙන අතර තවත් විටෙක කියෑවෙන්නේ එය ධම්මිකගේ සමීපතමයකුගේ නිවසක්‌ බවකි.

    පාතාලය යනු වරින් වර එකිනෙකා මරා ගනිමින් අනෙකා ඉස්‌මතු වීමේ නිරන්තර ක්‍රියාදාමයකින් යුතු ම්ලේච්ඡයන් රජයන සංස්‌කෘතියක්‌ ඇති තැනක්‌ම වේ.

    මරණය සිල්ලර වන පාතාලයේ එකී ක්‍රියාදාමය අනුව නොඅඩුව දේශපාලන රැකවරණ ලබමින් පාතාලයේ "ගෝඩ් ෆාදර්" ලෙස සිටියද සීතල මරණයේ භීතිය ම්මික වටාද කැරකැවෙමින් තිබුණා නොඅනුමානය.

    කරාටේ ධම්මික ඇතුළු සගයන් භාරත ඝාතනයත් සමග සියල්ල හැරදා මෙලෙස පලා යන්නේ එවන් භීෂණකාරී වටපිටාවක්‌ පාතාල සංස්‌කෘතියේ තිබියදී වීම විශේෂත්වයකි.

    නමුත් සියල්ල හැකිදා තමන්ට එරෙහිව පැවති භීෂණය, සැඟව යටපත්ව තිබුණද භාරත ලක්‍ෂමන් මහතාගේ ඝාතනයත් සමග දේශපාලන ශක්‌තියෙන් සේම තමන් වටා තිබූ බලයෙන්ද හීනව නන්නත්තාර වී පලා යන ධම්මික වෙතට මෙහිදී ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක ඇස යොමු වන්නේ පෙරකී මරණය සිල්ලර වන පාතාල සංස්‌කෘතියේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

    එහි අවසානය සටහන් වන්නේ ඉකුත් සිකුරාදා රාත්‍රි කරාටේ ධම්මික සැඟවී සිටි කෑගල්ලේ නිවසට කඩා වදින තවත් සන්නද්ධ පාතාල කල්ලියක්‌ පාතාලයේ ඔටුනු දරා සිටි ධම්මික පැහැරගෙන යැමත් සමගින්ය.

    කරාටේ ධම්මිකගේ මෙම පැහැරගැනීම තවමත් අභිරහසක්‌ව තිබෙන්නෙකි. මේ වන විට එය පොලිසියටද ගැටලුවක්‌ව ඇත්තේය. ධම්මිකලා රජ කළ පාතාලයෙන්ම අද ධම්මික අරබයා ඉරණම් විසඳුම ලැබී ඇත්තේ ධම්මිකලාටම හුරු පුරුදු එවන් අභිරහස්‌ වටපිටාවක්‌ද මවමිනි

    මෙසේ තවත් කල්ලියක්‌ විසින් පැහැරගෙන යනු ලැබූ කරාටේ ධම්මිකගේ පණ සුන් සිරුර මේ සටහන තබන මොහොත වන විට හෝ අද නැතිනම් හෙට ම්ලේච්ඡ අයුරින් ඝාතනය කර තිබියදී හමුවීමටද හැකිය.

    එසේත් නැතහොත් මෙතැන් පටන් කරාටේ ධිම්මික යනු මේ රටේ සදාතනිකව අතුරුදන් වූවන්ගේ ලැයිස්‌තුවට එකතු වූ තවත් එක්‌ චරිතයක්‌ ලෙස සටහන් වීමටද ඉඩ ඇත්තේය.

    කෙසේ වෙතත් දශක දෙකක්‌ පුරා මෙරට සමාජය තුළ පාතාලයේ භීෂණය වපුරවමින් මිනිස්‌ ඝාතන, භිහිසුණු කොල්ලකෑම්, ඇතුළු රට කැළඹූ අපරාධ රැසක්‌ සිදු කළ කඩුවෙල කොරතොට කරාටේ ධම්මිකගේ ඉරණම මේ මොහොත වන විට විසඳී ඇත්තේ එලෙසිනි.

    පාතාලයේ "ගෝඩ් ෆාදර්" වන තැන දක්‌වා නරුම ගමනක යෙදුණු මේ කරාටේ ධම්මික යනු කවරෙක්‌ද?
    මී දශක දෙකහාමාරකට පමණ ඉහතදී ඩකුවෙල කොරතොට ප්‍රදේශයේ පවුලක හැදී වැඩුණු තරුණයකු විය. හේ නමින් ධම්මික නම් වූවේය. මේ තරුණයාට තවත් සහෝදරයකු සේම සහෝදරියකද විය.

    කෙසේ වෙතත් මේ පවුලේ ජීවිත නිතර ගෙවී යන්නට වූයේ ආරවුල් සහිත පසුබිමක්‌ සහිතවය. පවුලේ දෙමව්පියන් අතරේ නිතර ඇතිවූ ගැටුම් ඊට හේතු වී තිබිණි.
    මේ අතරේ මඳින් මඳ හැදී වැඩුණු ධම්මික අපොස සාමාන්‍ය පෙළ දක්‌වා අධ්‍යාපනය හදාරා පසුව කරාටේ ක්‍රිඩාවට යොමු වූයේ ඒ සඳහා වූ උපන් හැකියාවක්‌ද සමගිනි.

    එතැන් පටන් කරාටේ ක්‍රීඩාවේ පරතෙර දක්‌වාම ගමන් කළ ධම්මික පසුව ප්‍රදේශයේ තරුණයන්ට කරාටේ උගන්වන කරාටේ ගුරුවරයකුද වූයේය. කොරොතොට හැදී වැඩුණු ධම්මික කරාටේ ධම්මික වන්නේ එලෙසිනි.

    මෙරට සිටින ධන කුවේරයකුගේ පුද්ගලික ආරක්‍ෂකයකු ලෙස ධම්මිකට රැකියාවක්‌ ලැබෙන්නේ එසේ ප්‍රදේශයේ තරුණයන්ට කරාටේ උගන්වමින් කරාටෙ ශූරයකුව සිටින අතරතුරු වේ.
    පොලිස්‌ පොත්වලට අනුව කොරතොට කරාටේ ධම්මික පාතාලයේ අත්පොත් තබමින් තවත් සගයන් දෙදෙනකු සමග එක්‌ව මෙරට නමගිය මුදල් කොල්ලයක්‌ වූ ලිබර්ටි ප්ලාසා මුදල් කොල්ලය සිදු කරනුයේ එසේ ප්‍රභූ ආරක්‍ෂකයකුව සිටියදීය.

     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,176
    17,087
    113
    හෙහ් මහලොකු චන්ඩි.අන්තිමට මීයෝ වගේ බයේ හැංගෙනවා..:rofl:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    දුමින්දය ඌව රටින් පැන්නුව බන්... ඌ දැන් වෙන රටක ආතල් එකේ ඉන්නවා ඇති..

    නැත්තන් ඉතින් පැහැරගත්ත කල්ලිය මූව මිනිය හොයාගන්න බැරි වෙන්න මරන්නේ කොහොමද?? එහෙම මරන්න හේතුව මොකද්ද?? ඒ කල්ලිය පොලිසියට හොයාගන්න බැරි ඇයි??
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ පැහැරගත්තයි කියන්නේ මේ ඊයෙ පෙරේදා වෙච්ච එකක්ද බං:eek:...

    මාත් ඔය පාතාල කතා අහන්න හෙන කැමතී:love: