පාතාලේ උපත-රටටම විස බෙදන සර්ප පැටවු.

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    පාතාලේ උපත-රටටම විස බෙදන සර්ප පැටවු.

    15614_812400132200675_3097809304869084072_n.jpg


    අතීතයේ කසිප්පු ටිකක්‌ බීගෙන කඩු, ටියුබ් ලයිට්‌, යකඩ පොලු ගෙන ගමේ රජකළ ආරිලා, පාලලා, ඇලෝසියස්‌ලා සහ උක්‌කුවලා වැනි ගං චණ්‌ඩින්ගේ යුගය මෙරට පාදඩ සංස්‌කෘතියේ ආරම්භය ලෙස අද ඉතිහාසයට එක්‌ව තිබෙන්නකි.

    එම ඉතිහාසයේදී මෙකී ගං චණ්‌ඩින් කළේ කසිප්පු හෝ ගංජා ටිකක්‌ විකුණමින් තමන්ගේ ආදායම සරි කර ගන්නා අතරේ තමන්ට එරෙහිව ගමේ කිසිවකු හෝ නැගී සිටියහොත් ඔහුට අතපය කැඩෙන්නට ප්‍රහාරයක්‌ එල්ල කර චණ්‌ඩි කමින් ගම වැනසීම විය.

    එහිදී එම පාදඩයන්ගේ ශාපය බලපෑවේ ගං චණ්‌ඩියා ජීවත් වූ ගමට පමණකි. නමුත් නින්දිත ලෙස සිදු කෙරුණු මිනිස්‌ ඝාතන, ස්‌ත්‍රී දූෂණ කොල්ල කෑම් ආදී නරුම දේ මගින් එකී යුගයේදී ගම හෝ සමාජය ඔත්පල නොවීය.

    එහෙත් කාලයත් සමග ගමේ රජ කළ මෙකී ගං චණ්‌ඩින්ගේ යුගය නිමාවට පත්කරමින් පසුකලෙක කරලියට ආවෝ නගරන්කාරයෝ වූහ.

    මෙසේ නගරන්කාරයන් කරලියට පැමිණීමත් සමග ගං චණ්‌ඩින්ගෙන් සිදු වූවාට වඩා වැඩි පීඩනයක්‌ මෙරට සාමාන්‍ය ජන සමාජය වෙත දැනෙන්නට වූයේ නගරන්කාරයන් කළ කී දැ ගමේ චණ්‌ඩින්ගේ වැඩවලට වඩා ඉදිරියෙන් තිබූ බැවිනි.

    මීට දශක තුන හතරක ඉතිහාසයට අයත් චීනා, චොප්පේ, දිගා පියදාස, හාබර් මාටින්, අග්ගොන චන්දරේලා ආදීනA මෙරට පාදඩ සංස්‌කෘතියේ ඔටුනු දරා සිටි යුගය දෙස විමසා බැලීමේදී එය මැනවින් පැහැදිලි වන්නකි.

    ගමේ චණ්‌ඩියා අත වූ කඩුව සහ පොල්ල වෙනුවට ගල්කටස්‌ එක, ඩප්පිය මාමයිට්‌ කුප්පිය නගරන්කාරයෝ අත වූහ. ඔවුහු එකී අවි මගින් ගං චණ්‌ඩියාට එහා ගිය සමාජ විරෝධී නරුම දේ බොහෝ කළහ. මිනිසුන් උපයා ගත් දේ කොල්ල කෑවේය. එහිදී ඉඳ හිට මිනිස්‌ ඝාතනද සිදු කරන්නට විය.

    අතීතයේ මෙසේ ගං චණ්‌ඩින්ගෙන් ඇරඹී දෙවන අධියරේදී නගරන්කාරයන් ඔස්‌සේ ඔඩු දුවමින් මෙරට සාමාන්‍ය ජනසමාජයට වින කළා වූ මෙකී පාදඩ සංස්‌කෘතිය අද වන විට නතර වී තිබෙන මානය කුමක්‌ද?

    ගෝනවල සුනිල්ලාගේ සිට තුන්වන පරම්පරාවක්‌ ඔස්‌සේ පැමිණ සොත්ති උපාලි, තුම්මුල්ලේ පද්මේ, කොම්පඤ්ඤවීදියේ ඩේලු, නාවල නිහාල්, නොයෙල් අමරසිංහ වැන්නන් තුළින් අධිපෝෂණය වූ එය අද ඇත්තේ කුප්‍රකට පාතාල ලෝකය නමින් සියල්ල වනසන මහා ගිනි කන්දක්‌ සේ මෙරට ජනසමාජය තුළ නිධන්ගතවය.

    මෙසේ අතීත පාදඩ සංස්‌කෘතිය පාතාලය ලෙස වැඩි වර්ධනය වීමේ කතාවේදී අනිවාර්යයෙන්ම පිළිකුලෙන් යුතුව සිහිපත් කළ යුතු පාර්ශ්ව කිහිපයක්‌ද වේ.

    ඉන් පළමු වැන්න වන්නේ තිස්‌ වසරක්‌ පුරාවට මේ බිම වනසා අභාවයට ගිය ප්‍රභාකරන්ගේ එල්ටීටීඊය ය. ඊළඟට ඇඟිල්ල දිගු කිරීමට සිදු වන්නේ 1977 බලයට පැමිණ ලාම්පු-කළගෙඩි හරහා අසීමිත බලයක්‌ ගෙන 17 වසරක්‌ මේ රට කරවූ එක්‌සත් ජාතික පක්‍ෂයේ ඡේ.ආර්. ජයවර්ධන සහ ප්‍රේමදාස රජයන් වෙතය.

    එසේ කීමට සිදුව ඇත්තේ සියල්ල මර්දනයෙන් යටපත් කිරීමේ කලාව තුළ හිඳමින් බයිසිකල් ෙච්න් එකේ සිට නවීන ගිනි අවි දක්‌වා අතට ගෙන සිටි නරුමයන් වටකරගෙන ජයවර්ධන සහ ප්‍රේමදාස රජයන් සිය ගමන ගිය සර්පයන්ට කිරි පෙවීමේ න්‍යාය පිළිබඳ අතීතය සාක්‍ෂි දරන බැවිනි.

    එම කෙටි අතීතයේ ජයවර්ධන සහ ප්‍රේමදාස රජයන්හි මර්දනයට පිළියම් ලෙස නිස්‌සාර ගමනක්‌ යමින් රටට නාඳුනන තුවක්‌කු සංස්‌කෘතිය හඳුන්වා දුන්නා වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ප්‍රධාන ජනතා විමුක්‌ති පෙරමුණටද අපේ පිළිකුල් සහගත සිහි කිරීමෙන් ගැලවී යා නොහැකිය.

    ඡේ. ආර් ජයවර්ධන රජයෙන් රටට දායාද කෙරුණු විධායක ජනපති ක්‍රමයත් සමග සියල්ල උඩු යටිකුරු කරමින් ජනපති පොදු සමාවක්‌ (සුනිල් සමාව) මත හිරෙන් නිදහස්‌ව යන ගෝනවල සුනිල්ගේ සිට සොත්ති උපාලිලා, තුම්මුල්ලේ පද්මෙලා, නාවල නිහාල්ලා ඔටුනු දැරූ නින්දිත පාතාලය රට තුළ දරුණු ලෙස හිස ඔසවන්නේ 1987-88 සමයේ ජනතා විමුක්‌ති පෙරමුණ ගිය නිස්‌සාර ගමනේ ප්‍රතිඵලයක්‌ ලෙසින් බව මෙහිදී අමුතුවෙන් කිව යුතු නැත.

    මේ සමගම සිදුවූ තවත් සුවිශේෂී දෙයක්‌ද විය. ඒ අතීතයේ කසිප්පු වඩිය ජීවිකාව කරගත් ගමේ චණ්‌ඩියාගේ භූමිකාව පාතාලයා දක්‌වා වර්ධනය වීමත් සමග පාතාලයා කසිප්පු වඩිය වෙනුවට රට වනසන මත්කුඩු ජාවාරම සිය ජීවිකාව කර ගැනීමය.

    ඉනුත් නොනැවතුන මෙකී නරුමයන් අතැති අවිබලය සමග කුලී මිනිස්‌ ඝාතන, කප්පම් ගැනීම, මහා පරිමාණ කොල්ලකෑම් ආදිය අවශේෂ ව්‍යාපාරයන් කර ගන්නා අතරේ ගණිකා ව්‍යාපාරය ආදියටද නැඹුරු වෙමින් ස්‌ත්‍රී දූෂණවලද යෙදුනේ ගත කරන ෆන් ජීවිතයට අතුරුපස සොයන්නාක්‌ මෙනි.

    ජයවර්ධන රජය වක්‌කඩ කැඩුවා සේ විවෘත කරනු ලැබූ රටේ ආර්ථිකයත් සමග මේ බිමට ළඟා වූ අනේක විධ දහ ජරාව සමග හෙරොයින් මාරයාද රටට ඇතුළුවීම එහිදී පාතාලයනට මහා කප්රුකක්‌ම වූහ. එතැන් පටන් මත්කුඩු ජාවාරමත් පාතාලයත් යනු දෙකක්‌ නොව එකක්‌ම විය.

    රටටත් සමස්‌ත සමාජයටත් පිළිලයක්‌ වෙමින් මෙසේ බිහි වූ නරුම පාතාලය තුළ පසුගිය කාලයේ සිදු වූ දේද බොහෝ වේ. ඉන් ප්‍රබලම සිදුවීම වූයේ පාතාල ඔටුන්න සොයා යමින් ධන උල්පතක්‌ වූ මත්කුඩු ව්‍යාපාරයේ "තනි අලියා" වන්නට පාතාලයන් අතර ඇතිවූ එකිනෙකා මරා ගැනීමේ සටන වේ.

    මෙකී සටනේදී පාතාල භාෂාවෙන් කියතොත් යකඩ කෑල්ලට (ගිනි අවියට) හෝ මන්නා ප්‍රහාරයකට ගොදුරු වී ඇඩ්ඩ්‍රස්‌ නැති ලෙස "මල්වඩම් අනවශ්‍යයි මන්නා දෙකක්‌ අවශ්‍යයි" යන න්‍යායෙන් පරලොව ගියෝ කවරහුද? ඒ පාතාලයේ ඔටුනු සොයා ගිය පාතාලයෝම වූහ.

    නමුත් පාතාලයන් එසේ පරලොව ගියද එකී සටන් හමුවේ සමස්‌ත සාමකාමී ජනතාවට සිදුවූ ව්‍යසනය නම් සුළුපටු නොවිනි. එය මෙරට ජනසමාජය භීතියෙන් සලිත කරවන්නක්‌ම වී තිබිණ.

    ගෝනවල සුනිල්ගේ සිට සොත්ති උපාලි, නාවල නිහාල්, තුම්මුල්ලේ පද්මේ, කොම්පඤ්ඤවීදියේ ඩේලු, චින්තක අමරසිංහ, ධම්මික අමරසිංහ, බැද්දගානේ සංජීව, කලු අජිත්, මොරටු සමන්, තොප්පි චමින්ද, මාලිගාවත්තේ ෆාජි, අයුබ් ඛාන්, මැගසින් පාරේ ඕල්කොට්‌, දෙමටගොඩ කමල්, කඩුවෙල වසන්ත ආදී වශයෙන් වූ පාතාලයන් රැසක්‌ම මේ වන විට පරලොව ගොස්‌ ඇත්තේ එකී සටනේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

    මෙහිදී ආරක්‍ෂක අංශවල ප්‍රහාර හමුවේ පරලොව ගිය කිහිප දෙනකුද ඉහත ලැයිස්‌තුවේ සිටින අතර නම් සඳහන් නොවූ තවත් කප්පරක්‌ පාතාලයන් එයට අයත් වන බවද කිවයුතුව තිබේ.

    පාතාලයේ රජ වී සිටි බොහෝ පාතාලයන්ගේ ඉරණම එසේ විසඳී යද්දී කරාටේ ධම්මික යනු මෑත යුගයේ මෙරට පාතාලයේ ගෝඩ් ෆාදර් කිරුල දරමින් සිටි ප්‍රබල තවත් චරිතයකි.

    එහෙත් ගෙවුණු පළාත් පාලන මැතිවරණයත් සමග ඇතිවූ මුල්ලේරියා සටනින් පසු පලා ගොස්‌ සැඟව සිටි කරාටේ ධම්මික ඉකුත් කාලයේ කිසියම් ප්‍රතිවිරුද්ධ කල්ලියක්‌ විසින් පැහැරගෙන යනු ලැබුවේ කරාටේ ධම්මිකගේ පාතාල භූමිකාවද අවසන් කරවමිනි.

    පැහැර ගනු ලැබූ කරාටේ ධම්මික පිළිබඳ මෙතෙක්‌ කිසිදු තොරතුරක්‌ නොවන බැවින් අපි එය එසේ සටහන් කරන්නෙමු. නමුත් ධම්මිකගේ සිද්ධියෙන් පසුව හෝ මෙරට පාතාලයේ කෙරුම් අවසන් වන්නේ යෑයි වූ විශ්වාසයක්‌ තබාගෙන සැනසුම් සුසුම් හෙළීමේ අවස්‌ථාවක්‌ අද මේ නරුම සංස්‌කෘතියෙන් බැට කෑ රටේ ජනතාවට හිමිවී තිබේද?

    එය මේ වන විට සමාජය ඉදිරියේ ප්‍රබල ලෙස ඉස්‌මතුව තිබෙන ගැටලුවකි. එහෙත් පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ රටේ ජනතාවට එවන් සැනසීමක්‌ හිමි නොවන තැනට වටපිටාව සැකසෙමින් තිබෙන බවකි.

    එසේ සිදුව ඇත්තේ ඇයි? ඊට හේතුව වී තිබෙන්නේ වැනසුණු පාතාලයන් කොතෙක්‌ වුවද ඒ තැන ගන්නට මේ වන විට තවත් පිරිසක්‌ ඉස්‌මතු වෙමින් සිටින බවට වූ පැහැදිලි තොරතුරු වාර්තා වෙමින් තිබෙන බැවිනි.

    අකාලයේ වැනසීම අනිවාර්යය බව දැන දැනත් මෙකී පාතාල මොටෙයියන් මතු වෙමින් තිබෙන්නේ ඇයි?ඒ කෙසේද? කොහේද?

    ඊට දියහැකි පැහැදිලිම පිළිතුර වන්නේ ධන උල්පතක්‌ වූ මත්කුඩු ව්‍යාපාරයට ලොබ බඳිමින් රට පුරාම නන්නත්තාර වූ එවන් නරුම පිරිසක්‌ විවිධ වේෂයන්ගෙන් බිහි වී සහ බිහි වෙමින් සිටින බව පමණකි.

    අද අද මොරටුව ප්‍රදේශයේ එසේ රජ වෙන්නට සැරසෙන්නේ මොරටු සමන් හා ලසන්ත නමින් වූ සොයුරන් දෙදෙනෙකි. පරලොව ගිය මොරටු සමන්ගේ සගයන් දෙදෙනකු බවද කියන මොවුන් මේ වන විටත් ගංජා ජාවාරමට යටින් කෙරෙන මත්කුඩු ජාවාරමකින් මොරටුවම වනසමින් සිටින බවද පැවසේ.

    රත්මලාන ප්‍රදේශයෙන් කුඩු රාජා ඉස්‌මතු වෙමින් සිටින අතර බඩෝවිට සුදා ගල්කිස්‌සට රජ වෙද්දී මහරගම කුඩු රාජු සමග කලු තුෂාර මහරගමට වගකියමින් සිටින බවද අනාවරණය වෙමින් තිබේ.

    බොරැල්ල මැගසින් පාරේ ඔල්කොට්‌ගේ තැන ගනිමින් පෙරට එමින් සිටින්නේ කිතුල්වත්තේ කුඩු නිලංග සහ කුඩු හාමු සමග ගජබා පාරේ අම්මාන් වෙති.

    ජනාධිපති වාත්තීය සමිති අධ්‍යක්‍ෂ ජෙනරාල්ව සිටි භාරත ලක්‍ෂමන් මහතාගේ ඝාතනයත් සමග උණුසුම් වූ වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් තවත් කල්ලියක තොරතුරු ලැබෙමින් තිබෙන්නේ ඇරුම පුදුම අයුරිනි.

    කුඩු ධනුෂ්ක, නොණ්‌ඩි අජිත්, කුඩු ගැමුණු, පාන් අනුර, මංජු මාලක, තිලංක සහ කුඩු සංජීව ඒ අතර වෙති.

    වැල්ලම්පිටියේ හැරිසන් මෙසේ ඉදිරියට එන තවත් චරිතයක්‌ වන අතර මොවුන් කරාටේ ධම්මිකගේ සුපිරි ගෝලයන් බවද වාර්තා වෙමින් තිබේ. මින් හැරිසන් නමැත්තා තවත් පාතාලයකු වූ බස්‌ චූටි නමැත්තාගේ ගෝලයෙක්‌ද කියති.

    කරාටේ මිකට සමීපව සිටි ඔහුගේ මත්කුඩු බෙදාහැරීමේ ජාලයේ මහ මොලකරු කියන දිනහේවා නැමැත්තෙකුද මේ අතර සිටින බවට පොලිසියට මේ වන විට තොරතුරු ලැබී ඇත. ..පුර කලූද මේ අතර සිටින තවෙකෙකි.

    කලක සිටම පාතාලයේ රජ කරන මාලිගාවත්තේ මාමාස්‌මී ඒ ප්‍රදේශය කුඩුවලින් පෝෂණය කරමින් සිටින අතර මාමාස්‌මිටත් හොරා ජලාශ පාරේ චිප්පේද වැඩේට සෙට්‌ වී සිටී. මේ චිප්පේ ප්‍රබල ගිනි අවි ජාවාරම්කරුවකු බවද කියති. මේ වන විට කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙන් මැක්‌සි නමැත්තෙකු මතුවෙමින් සිටින බවද පොලිස්‌ වාර්තා සඳහන් කරයි.

    සුමිත්, ගල් සම්පත්, අමිත සහ නුවන් , සංජීව නමැත්තන් මට්‌ටක්‌කුලිය ප්‍රදේශයෙන් ඉස්‌මතු වන බවට පොලිස්‌ වාර්තා මගින් කියෑවෙන අතර මේ වන විට බන්ධනාගාර ගතව සිටින බ්ලූමෙන්ඩල් සංජීව සහ සංඛද එවන්ම වූ චරිත දෙකක්‌ වේ.

    අංගොඩ ප්‍රදේශයෙන් සසංක හෙවත් දාබරේ සමග නුවන් එස්‌.එµa සරත් සහ බිත්තර චමින්ද එක්‌වී සිටින අතර සිංහපුර දිප්තිද මෙසේ පාතාලයේ පෙරට එන තවත් එක්‌ චරිතයකි.

    කොළඹ නගරයේ කේන්ද්‍රස්‌ථානය වූ පිටකොටුව, ගුණසිංහපුර සහ කෙසෙල්වත්ත ප්‍රදේශයේද මේ වන විට නිර්මාණය වී ඇත්තේ බරපතල තත්ත්වයකි.

    ගුණසිංහපුර දිනුක සමග කුඩු ලලිත්, වැලිමඩ චින්තක, ඉර්ෂාඩ්, තරිඳු, ධනේෂ්, නලින්, සම්පත් සහ ශානක එසේ පිටකොටුවෙන් මතුවෙමින් සිටින අතර මින් කිහිප දෙනකු මේ වන විට මිනිස්‌ ඝාතන ඇතුළු අපරාධ කිහිපයක්‌ හේතුවෙන් බන්ධනාගාරගතව සිටින බවද කියති.

    මේ අතර භාරත ලක්‍ෂමන් මහතා ඝාතන සැකකරුවකුද වන දෙමටගොඩ චමින්ද සමග දෙමටගොඩ රුවන්, කරපිංච රුවන් සහ මෝල චමින්ද අද දෙමටගොඩ ප්‍රදේශයේ රජකරන බවද පොලිස්‌ වාර්තාවල සඳහන් වේ.

    පෑලියගොඩට කුඩු මර්වින් සමග කැලණිය නාගහමුල ප්‍රදේශයෙන් බබා නමැත්තකුද රජවෙමින් සිටී.

    මේ සටහන් වූයේ වර්තමානයේ කොළඹ ප්‍රධාන අවට ප්‍රදේශයන්හි අලුත් මුහුණුද සමගින් පාතාලය ඉස්‌මතු වෙමින් තිබීමේ තොරතුරු කිහිපයකි.

    මොවුන් සියලු දෙනාම මත්කුඩු ජාවාරමේ යෙදෙන්නන් වන අතර සැලකිය යුතු පිරිසක්‌ මත්කුඩු ජාවාරම සමග කුලී මිනිස්‌ ඝාතන, කප්පම් ගැනීම්, ගිනි අවි භාවිතය වැනි දරුණු අපරාධවලට සම්බන්ධව සිටින්නන් බවද පොලිස්‌ වාර්තා මගින් සනාථ වන්නකි.

    ඉදින් මෙවන් තත්ත්වයක්‌ තුළ ජනතාවට මෙකී නරුම වටපිටාවකින් තොර රටක නිදහසේ ජීවත් වෙමින් බියෙන් සැකෙන් තොරව හුස්‌මක්‌ ගැනීමට හැකිවන්නේ කෙසේද?

    එසේම මොවුන් එක්‌වී මත්කුඩින් මේ බිම ස්‌වයංපෝෂිත කරද්දී රජයේ මතට තිතට සිදු වන්නේ කුමක්‌ද? ඒ මත්කුඩුවලින් ජීවිත වනසා ගන්නා රටේ අනාගත පරපුරට ඉදිරියටත් අත්වන ඉරණම කෙසේ විය හැකිද?

    තව අලුත් පාතාලේ කතාවකින් හෙට මම ඔබ හමුවට .....
     
    Last edited:

    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    ප්‍රේම දස යා තම ලොකුම පාතාලේ කෙරුමා
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් කෙරුමෝ තමා මහබැංකු රවී නොහොත් සතොස කන්න ,දුමින්ද ,සජින් වාස් ( ටෝයියන්ට අනුව උන් දැන් හොද වෙලාලු:lol: )මිස්ටර් වියග්‍රා නොහොත් පේමන්ට් කන්නා

    මගපෙන්වීම සහ අතහිත jr පප්පගේ සොන්න සේන
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    පැරදුන එකාට ගුටි දේශපාලන සංස්කෘතියෙ පියා JR
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔනම මනුස්සයෙක්, තමුන්ගේ ධනය බලය හැටියට නැති එකාට ගේම දෙන්න කුක්කො ඇති කරනවා.. පස්සේ කාලෙක කුක්කො බලු වෙනවා. බල්ලො පාතාලෙට බහිනවා
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,103
    113
    ප්‍රේම දස යා තම ලොකුම පාතාලේ කෙරුමා

    හැම මිනිහෙක්ගෙම ඇතුලේ යකෙක් ඉන්නවා..ඒ යකාව එලියට දාන්න ඕන බලේ විතරයි.උබ,මම උනත් බලේ තිබ්බනම් කරන්නේ ඕකමයි.:D
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මරුසිරා;20039042 said:
    දැන් කෙරුමෝ තමා මහබැංකු රවී නොහොත් සතොස කන්න ,දුමින්ද ,සජින් වාස් ( ටෝයියන්ට අනුව උන් දැන් හොද වෙලාලු:lol: )මිස්ටර් වියග්‍රා නොහොත් පේමන්ට් කන්නා

    මගපෙන්වීම සහ අතහිත jr පප්පගේ සොන්න සේන

    :yes::yes::yes:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    ඔනම මනුස්සයෙක්, තමුන්ගේ ධනය බලය හැටියට නැති එකාට ගේම දෙන්න කුක්කො ඇති කරනවා.. පස්සේ කාලෙක කුක්කො බලු වෙනවා. බල්ලො පාතාලෙට බහිනවා
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔතන දැම්මෙ ප්‍රධාන නගර වල සෙට් එක.තව ඈත් පලාත් වලින් නම් නොගිය උන් ගොඩක් බිහි වෙලා තියනව.උන් ගම්වල අහින්සක මිනිස්සු බය කරගෙන කොල්ලොන්ට කුඩු පුරුදු කරගෙන ඉන්නෙ.උන්වත් නවත්තන්න ඕන .